මෙන්න Coca Cola මූඩියෙන් Call ගන්න විදිය !

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    මෙන්න Coca Cola මූඩියෙන් Call ගන්න විදිය !

    මැද පෙරදිග රටවල රැකියාවල නියුතු කම්කරුවන් පිරිසක් කොකා කෝලා මූඩ් යොදාගනිමින් සිය නෑදැ හිතමිතුරන්ට දුරකථන ඇමතුම් ලබාගන්නා වීඩියෝ පටයක් කොකාකෝලා සමාගම විසින් නිකුත් කර තිබෙනවා.



    Hello-Happiness.jpg


    BnS9ob5CMAANYzM.jpg


    coca-cola-hello-happiness.jpg


    Hello Happiness ලෙසින් හැඳින්වෙන මේ වෙළඳ දැන්වීමේ දැක්වෙන්නේ කම්කරුවන් වාසය කරන නිවාස අසල තබා ඇති දුරකථන කුටියකින් කාසි වෙනුවට කොකා කෝලා මූඩි යොදා විදෙස් රටවල සිය නිවෙස් වලට ඇමතුම් ලබාගන්නා කම්කරුවන් පිරිසකගේ කතාවයි.

    සාමාන්‍යයෙන් දිනක ආදායම $6ක් (රු 800ක්) පමණ වන මේ කම්කරුවන්ට එක් මිනිත්තුවක විදේස් ඇමතුමක් සඳහා $0.91ක් (රු 120ක්) පමණ මුදලක් වැය කරන්නට සිදු වේ. මේ නිසාවෙන් සිය නිවෙස් වලට ඇමතුම් ලබාගැනීම ඔවුනට සැලකිය යුතු ගැටළුවකි. නමුත් මේ නව දුරකථන කුටියට එක් කොකා කෝලා මූඩියක් දැමීමෙන් මිනිත්තු 3ක කාලයක විදේශ ඇමතුම් ලබාගත හැක.

    මෙවැනි දුරකථන කුටි 5ක් ස්ථාපිත කර ඇති අතර දිනකට පැය 10 පුරා විවෘතයි. මේ දුරකථන හරහා පසුගිය මාසයක කාලය තුලදී මිනිත්තු 134,484 ක දුරකථන ඇමතුම් ලබාගෙන ඇති බව පැවසේ.
    නමුත් මෙය හුදෙක් වෙළඳ ප්‍රචාරණ උපායමාර්ගයක් පමණක්ද නැතිනම් සමාජ සත්කාර්යයක්ද යන්න පිළිබඳව විවිධ මත පළවෙමින් පවතී.

     
    • Like
    Reactions: SHANUXLK

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ශා...!උඹ සුපිරි දාන ත්‍රෙඩ් ඔක්කම සුපිරි:D වැදගත් යමක්..:Dදිගටම කරගෙන යන්න.:yes:

    එක අතකට කොකා කොලා මරකට් කරගන්න ක්‍රමයක්...අනේ අතින් බැලුවහම ඉතින් කම්කරුවන්ට හොඳයි.......:D එක අතකට හොඳ වැඩක්.විනාඩි 3ක් කියන්නේ අවුලක් නැහැනේ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හොද වැඩක් හැබැයි ඔය අරාබි රටවල ආණ්ඩු ඕව වැඩිදුර ගෙනියන්න දෙන්නේ නැහැ .ඕකෙන් උන්ට පාඩු නිසා