ප්රවේශම් වන්න.. රටම අන්දන Missed Call වංචාවක්..

ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
ශ්රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට විදේශ රටවල දුරකථන අංක වලින් එක වරක් පමනක් දුරකථනය නාදවන ආකාරයට දුරකථන ඇමතුම් (Missed call) ලැබීමේ ප්රවනතාවයක් මේ දිනවල ඇතිවී ඇත.
මේ සම්බන්ධයෙන් අප ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට වාර්තාවීම් කිහිපයක් ලැබී ඇති අතර විශේෂයෙන්ම මැදපෙරදිග රටවල් වල සහ ඉන්දියාවේ දුරකථන අංක වලින් මෙසේ එක් වරක් නාදවන ආකාරයට දුරකථන ඇමතුම් (Missed call) වැඩි වශයෙන් ලැබි ඇති බවට වාර්තා වේ.
මෙම සිද්ධියට මුහුණ දුන් බොහෝ ශ්රී ලාංකික දුරකථන පරිශීලකයන් මෙම විදේශ දුරකථන අංක වලට නැවත දුරකථන ඇමතුම් ලබාගැනීමට ගොස් තමන්ගේ ජංගම දුරකතනයේ තමන් ඇමතුම ලබාගන්නා සිම් පතට අදාල ගිණුම් ශේෂයන් සියල්ලම අවසන් කරගෙන ඇත.
මේ නිසා නාදුනන සැකසහිත දුරකථන ඇමතුම් වලට (+94 / 0094 නොවන) (+24 /+91 /+96 /+22 /+90 /+97 /+33 /+92 /041/ +92 /+81 /+21/+25 /+60 /+25 වන) නැවත දුරකථන ඇමතුම් ලබාගැනීමෙන් වලකින ලෙස අප ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
lanka C news

මටත් numbers තුන හතරකින් ආවා.මම ඔක්කොම true caller spam listඑකට add කරා