මෙන්න_මුන්ගේ_කටවල්_ඇරිලා
දෙමළ සන්ධානය ඉල්ලන්නේ බලය බෙදීමක් නොව බලය පැවරීමක්
- සුමන්තිරන් දිවයිනට කියයි
එරික් ගාමිණි ජිනප්‍රිය සහ ජයසූරිය උඩුකුඹුර
දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ බලය බෙදීමක් නොව බලය පැවරීමක් බව එම පක්ෂයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. එස්. සුමන්තිරන් මහතා "දිවයින"ට කීවේය.
බලය බෙදීමේදී ලබා දුන් බලය ආපසු පවරා ගන්න රජයට පුළුවන්. නමුත් අපි ඉල්ලා සිටින්නේ රජයට ආපසු පවරා ගන්න බැරි ස්ථාවර බලය පැවරීමක් යෑයි ද ඔහු සඳහන් කළේය.
ජාතික ආණ්ඩුවකට තමන්ට විශේෂ ආරාධනාවක් ලැබී නැති බවත් රජයේ අමාත්‍ය ධුර ලබා ගැනීමට තම පක්ෂයේ කිසිදු අපේක්ෂාවක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. තමන් විපක්ෂයේ සිටිමින් තම අයිතීන් දිනාගෙන ඉදිරියට යැමට අපේක්ෂාවෙන් සිටින බව ද සුමන්තිරන් මහතා අවධාරණය කළේය.
සුමන්තිරන් මහතා සමඟ "දිවයින" කළ සම්පූර්ණ සාකච්ඡාව ඉරිදා (30 දා) දිවයින පත්‍රයේ පළ කෙරේ.
http://www.divaina.com/2015/08/28/news03.html