මෙයා කොහොමද?

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මෙයා අලුතෙන් ඉල්ලන කෙනෙක්නෙ
    සිරසේ දාලා තිබ්බා මේක.

    චෝදනාවලට ලක් වූ පුද්ගලයින්ටම යළි තනතුරු දෙන්නේ ඇයි?



    මූල්‍ය අපරාධ චෝදනා එල්ල වී ඇප මත මුදා හැර සිටින ආචාර්ය නාලක ගොඩහේවා මහතා රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරයට පත් කිරීම පිළිබඳව අපි ඊයේත් ප්‍රශ්න කළෙමු.ඔහු ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළ සමයේ ඇතැම් සමාගම්වල කොටස් මිල සැක සහිත ලෙස සීඝ්‍රයෙන් ඉහළ යාම හා ඒ හා බැඳුණු පම්පින් ඇන්ඩ් ඩම්පින් ලෙස හැඳින්වුණ කුප්‍රකට කොටස් වෙළෙඳපොළ වංචා සිදු වූ බව කවුරුත් දන්නා කරුණකි.

    2012 අගෝස්තු 27 වන දා ඩේලි මිරර් පුවත්පත වාර්තා කළ කරුණුවලට අනුව කොටස් වෙළෙඳපොළ අයථා ගනුදෙනු සම්බන්ධයෙන් පසුව චෝදනා එල්ල වූ සිට්රස් ලෙෂර් සමාගමට අනුබද්ධ වස්කඩුව බීච් රෙසෝට් සමාගමේ 10 වන හා 16 වන විශාලතම කොටස්කරු ලෙස ගොඩහේවා මහතා කටයුතු කර තිබේ.ඔහු තවත් ප්‍රශ්නගත සමාගමක් වූ කලම්බු ලෑන්ඩ් ඇන්ඩ් ඩිවලොප්මන්ට් සමාගමේ ද 7 වන විශාලතම කොටස්කරුවායි.

    දිලිත් ජයවීර සහ වරුණි අමුණගම යන මහත්ම මහත්මීන් සම්බන්ධ දිවැස ෆයිනෑන්ස් සමාගමේ ද සභාපතිවරයා ලෙස ආචාර්ය නාලක ගොඩහේවා මහතා කටයුතු කර ඇතැයි ඩේලි මිරර් වාර්තාවේ සඳහන් විය.කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුවට සම්බන්ධ වෙමින් රාජපක්ෂ පවුලේ සමාජිකයෙකුට විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමේ අතරමැදියෙකු වීම පිළිබඳව ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.

    පසුගිය කාලයේ අනාවරණය වූයේ, ලංකා හොස්පිටල්ස් සමාගමේ කොටස්වලින් 29% ක් විකුණා දැමීමේ ප්‍රශ්න ගත ගනුදෙනුවට ද ඔහු සම්බන්ධ බව ය.

    ආර්ටිකල් එක සයිට් එකේ තියෙනව.
    https://www.newsfirst.lk/sinhala/2018/11/22/චෝදනාවලට-ලක්-වූ-පුද්ගලයි/
     
    • Like
    Reactions: AnuradhaRa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ඔයා යකා හිරෙත් ගියා ගිය ආන්ඩුව කාලේ 😂
    පත්වෙලා ආවම බලපන් කෝ කොරන අටමගුලවක් නැ කටට ඉබ්බෝ දානව මහින්ද පුට්වේ තියලා ඉදන් ඉදපන් කියයි එච්චරයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    ඒක තමා මූ කතා කරපු විදියත් මට එච්චර ඇල්ලුවෙ නෑ
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ඒක තමා මූ කතා කරපු විදියත් මට එච්චර ඇල්ලුවෙ නෑ
    අනුරාධ දැන් මේ පාර කාටද චන්දෙ දෙන්න හිතං ඉන්නේ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    මාලිමාවේ ඉන්න වුනුත් වැඩක් නෑ..ඒ උනට වුන් විපක්ශයක් විදිහට රනිල්ටයි,සජිත්ටයි වඩා හොදයි කියලා හිතෙනවා