මෙරට චීන තානාපති කාර්යාලයේ ඇතුළු වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්
කිසියම් කණ්ඩායමක් විසින් අදාළ වෙබ් අඩිවවල දත්ත විකෘතිකිරීම සඳහා මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේය.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට, රජරට විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියට, විදුලිබල අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සහ මෙරට චීන තානාපති කාර්යාල වෙබ් අඩවියට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී තිබේ.
කෙසේවෙතත් මෙම වෙබ් අඩවි 4 න් 3ක් මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇති බව ද එම සංසදය සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ මීට පෙර අවස්ථා කිහිපයකදී සෑම වසරකම මැයි මස 8 වනදා මෙරට වෙබ් අඩවි කිහිපයකටම සයිබර් ප්‍රහාර එල්ල වී ඇති බවය.
අවසන් වරට පසුගිය වසරේ මැයි 18 වනදා වෙබ් අඩවි 7කට සයිබර් ප්‍රහාර එල්ල වී තිබුණි.
මෙම සයිබර් ප්‍රහාර එල්ලවීම් වළක්වා ගැනීමට මේ වනවිටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රවිදු මීගස්මුල්ල මහතා සඳහන් කළේය.

