මානසික පීඩා රැසක සිට මෙම ලියමන ලියමි.
පසු ගිය දිනෙක මම වංචාවකට හසුව රු 650,000/- ක මුදලක් අහිමි කර ගතිමි. මගේ විවාහයව ලඟ ලඟ එයි. මා විවාහය සදහා වෙන් කර ගත් මුදල මෙලෙස මට අහිමි විය. දැනට මේ පිළිබඳ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් කර ඇතත් එම මුදල නැවත කවදා කෙලෙස ලැබෙනු ඇතිද යන්න පිළිබඳ විශ්වාසයක් නැත.
මේ හේතුව නිසා මම සහ පෙම්වතිය අතර ප්‍රශ්න පැන නගිමින් තිබේ. ඇය ඉතා දුප්පත් පවුලක එකම ගැහැනු දරුවා වෙයි. මව සහ පියා ඇය කුඩා කල සිටම රණ්ඩු සරුවල් වෙයි. මේ ගති ඇයටද පිහිටා තිබේ. පියා බීමත් තැනැත්තකු වන අතර මවද කලහකාරි ගති ඇත්තියකි. ඔවුන් ජීවත් වන්නේද අනුන්ට අයත් ඉඩමකය. විවාහය සදහා ඇගේ පැත්තෙන් කළ යුතු වියදම් ද අපගේ දෙමව්පියන්ට රහසින් කිරිමට සිටියේ මමය. මුදල් වංචාවට හසු වූයේ මගේම වරදින් බව පිළිගනිමි. මසකින් ගෙවීමේ පොරොන්දුව පිට ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් ඉහත මුදල් ආයෝජනය කළෙමි. එහෙත් ඔවුන්ගේ කිසිම තොරතුරක් දැන් සොයා ගැනීමට නොහැක.
පෙම්වතිය සිටි නිවහන කපරාරු නොකළ එකක් වූ අතර කුස්සියක් (kitchen) පවා නොතිබිණි. මා සතුව විශාල වශයෙන් මුදල් නොවූයෙන් මගේ මුදලින් හා ශ්‍රමයෙන් මමම කුස්සියක් තනා නිවස කපරාරු කර ජනෙල් රෙදි දමා තීන්ත ගා නිවස පිළිවෙළක් කළෙමි. එසේ කළේ අපගේ නිවසින් පෙම්වතියගේ නිවසට ගොස් විවාහ කටයුතු පිළිබඳ කතා කළ යුතුව තිබූ බැවිනි.
මම ඉතා මධ්‍යස්ත ගති ඇති අයෙකු වුවත් අපගේ දෙමව්පියන් නීතිගරුක හා විනයගරුක ලෙස කටයුතු කරන අතර සමාජ ගරුත්වය ඉහළින්ම බලාපොරොත්තු වෙයි. එබැවින් ඇගේ සැබෑ තත්ත්වය ගෙදරට වසන් කිරීමට මට සිදු වූ බව සදහන් කරමි.
දැන් දැන් ඇය මා සමඟ කතා කිරීම සීමා කර ඇති බව මට හොදින්ම වැටහේ. ප්‍රශ්නයක මා මැදිව සිටින මොහොතේ ඇය මා සැනසවීම වෙනුවට නිහඩව සිටිමින් මා දවාලයි. අපට දැන් මුදල් නැතත් විවාහයට සියලු කටයුතු සුදානම් කර විවාහය සඳහා ඥාතීන්ට ආරාධනා කරද අවසන් ය.
අපගේ ප්‍රේම කතාවට වසර 8කි. මුල පටන්ම ඇගේ බොහෝ ගති මට සම නොවන බව වැටහුනත් වංචාවක් කිරීම මගේ ප්‍රේමය විෂයෙහි අකමැති වීමි. ඇය වහා කිපෙයි. මට යෙහෙලියක හා කතා කිරීමට ඇය ඉඩ නොදෙයි. ඉතා කුඩා දේට පවා මා හා කතා නොකර සිටියි. මෙම දිනවල ඔවුන්ගේ නිවසේ කෑමට පවා දෙයක් නැත. මටද ඈ වෙනුවෙන් කිරීමට යමක් නැත. කෙසේ හෝ මේ සියල්ල දරා ගෙන මේ මොහොත දක්වාත් ඇය වෙනුවෙන් මම පෙනී සිටිමි. විවාහයෙන් පසු වාසනාවන්ත සැමියෙකු වීම හෝ අවාසනාවන්ත සැමියෙකු වීම පිළිබඳ මට බියක් ඇතත් කෙසේ හෝ මම ඇය විවාහ කර ගැනීමට තීන්දු කර අවසන් ය. තවද මට සියදිවි නසා ගැනීම පිළිබඳ අදහසක් නැතත් කළ යුත්තේ කුමක්ද යන්න සිතමින් දවස ගෙවමි. මට සිදු වූ දේ නිවසට කීමට මට ශක්තියක් නැත. ඉතා අසරණව සිටිමි. එබැවින් ඔබෙන් අදහසක් අයදිමි.
ස්තූතියි.
මගේ ප්‍රශ්නයක් නෙමෙයි මේකෙන් ගත්තේ https://www.facebook.com/groups/onlinehelpz/permalink/3453497208046835/