මෙව්වනේ බන් ප්‍රශ්න 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    මානසික පීඩා රැසක සිට මෙම ලියමන ලියමි.
    පසු ගිය දිනෙක මම වංචාවකට හසුව රු 650,000/- ක මුදලක් අහිමි කර ගතිමි. මගේ විවාහයව ලඟ ලඟ එයි. මා විවාහය සදහා වෙන් කර ගත් මුදල මෙලෙස මට අහිමි විය. දැනට මේ පිළිබඳ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් කර ඇතත් එම මුදල නැවත කවදා කෙලෙස ලැබෙනු ඇතිද යන්න පිළිබඳ විශ්වාසයක් නැත.
    මේ හේතුව නිසා මම සහ පෙම්වතිය අතර ප්‍රශ්න පැන නගිමින් තිබේ. ඇය ඉතා දුප්පත් පවුලක එකම ගැහැනු දරුවා වෙයි. මව සහ පියා ඇය කුඩා කල සිටම රණ්ඩු සරුවල් වෙයි. මේ ගති ඇයටද පිහිටා තිබේ. පියා බීමත් තැනැත්තකු වන අතර මවද කලහකාරි ගති ඇත්තියකි. ඔවුන් ජීවත් වන්නේද අනුන්ට අයත් ඉඩමකය. විවාහය සදහා ඇගේ පැත්තෙන් කළ යුතු වියදම් ද අපගේ දෙමව්පියන්ට රහසින් කිරිමට සිටියේ මමය. මුදල් වංචාවට හසු වූයේ මගේම වරදින් බව පිළිගනිමි. මසකින් ගෙවීමේ පොරොන්දුව පිට ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් ඉහත මුදල් ආයෝජනය කළෙමි. එහෙත් ඔවුන්ගේ කිසිම තොරතුරක් දැන් සොයා ගැනීමට නොහැක.
    පෙම්වතිය සිටි නිවහන කපරාරු නොකළ එකක් වූ අතර කුස්සියක් (kitchen) පවා නොතිබිණි. මා සතුව විශාල වශයෙන් මුදල් නොවූයෙන් මගේ මුදලින් හා ශ්‍රමයෙන් මමම කුස්සියක් තනා නිවස කපරාරු කර ජනෙල් රෙදි දමා තීන්ත ගා නිවස පිළිවෙළක් කළෙමි. එසේ කළේ අපගේ නිවසින් පෙම්වතියගේ නිවසට ගොස් විවාහ කටයුතු පිළිබඳ කතා කළ යුතුව තිබූ බැවිනි.
    මම ඉතා මධ්‍යස්ත ගති ඇති අයෙකු වුවත් අපගේ දෙමව්පියන් නීතිගරුක හා විනයගරුක ලෙස කටයුතු කරන අතර සමාජ ගරුත්වය ඉහළින්ම බලාපොරොත්තු වෙයි. එබැවින් ඇගේ සැබෑ තත්ත්වය ගෙදරට වසන් කිරීමට මට සිදු වූ බව සදහන් කරමි.
    දැන් දැන් ඇය මා සමඟ කතා කිරීම සීමා කර ඇති බව මට හොදින්ම වැටහේ. ප්‍රශ්නයක මා මැදිව සිටින මොහොතේ ඇය මා සැනසවීම වෙනුවට නිහඩව සිටිමින් මා දවාලයි. අපට දැන් මුදල් නැතත් විවාහයට සියලු කටයුතු සුදානම් කර විවාහය සඳහා ඥාතීන්ට ආරාධනා කරද අවසන් ය.
    අපගේ ප්‍රේම කතාවට වසර 8කි. මුල පටන්ම ඇගේ බොහෝ ගති මට සම නොවන බව වැටහුනත් වංචාවක් කිරීම මගේ ප්‍රේමය විෂයෙහි අකමැති වීමි. ඇය වහා කිපෙයි. මට යෙහෙලියක හා කතා කිරීමට ඇය ඉඩ නොදෙයි. ඉතා කුඩා දේට පවා මා හා කතා නොකර සිටියි. මෙම දිනවල ඔවුන්ගේ නිවසේ කෑමට පවා දෙයක් නැත. මටද ඈ වෙනුවෙන් කිරීමට යමක් නැත. කෙසේ හෝ මේ සියල්ල දරා ගෙන මේ මොහොත දක්වාත් ඇය වෙනුවෙන් මම පෙනී සිටිමි. විවාහයෙන් පසු වාසනාවන්ත සැමියෙකු වීම හෝ අවාසනාවන්ත සැමියෙකු වීම පිළිබඳ මට බියක් ඇතත් කෙසේ හෝ මම ඇය විවාහ කර ගැනීමට තීන්දු කර අවසන් ය. තවද මට සියදිවි නසා ගැනීම පිළිබඳ අදහසක් නැතත් කළ යුත්තේ කුමක්ද යන්න සිතමින් දවස ගෙවමි. මට සිදු වූ දේ නිවසට කීමට මට ශක්තියක් නැත. ඉතා අසරණව සිටිමි. එබැවින් ඔබෙන් අදහසක් අයදිමි.

    ස්තූතියි.


    මගේ ප්‍රශ්නයක් නෙමෙයි මේකෙන් ගත්තේ https://www.facebook.com/groups/onlinehelpz/permalink/3453497208046835/
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    උබට ලක්ශ 6.5 කෙලවල දෙයියෝ අන්තිම අවස්ථාවත් දුන්නා මාරු වෙන්න . උබ තවත් ඕක පස්සේ යනවනම් වඩක් නෑ ආයෙ. මේක් පේජ් එකේ පෝස්ට් කරන්න
    හැමෝම ඕක කියල තියෙන්නේ බන්
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    අපි ප්‍රශ්න කියල හිතන් ඉන්න දේ මොනවද කියල හිතුනා මේක දැක්කම.

    කරන්න තියෙන හොඳම දේ මේකයි. අතීතය සේරම හොඳ විදිහට අමතක කරලා අලුතින් ගොඩනැගෙන්න. ඒ ගමනෙදි පෙම්වතිය ඔබව ප්‍රතික්ෂේප කරනව නං ඇයට වෛර නොකර ඇයවත් ඇගේ පවුලත් අතහරින්න. කියන විදහට මේ පවුල නිසා ඔබට ලොකු ප්‍රශ්න ඇති වෙන ලකුණු තිබේ. පෙම්වතියට කරුණු වටහා දෙන්න. ⁣ඇය තේරුම් නොගන්නවානම් ඇය ඔබට හොඳ සහකරුවෙකු නොවන බව ඔබ වටහා ගන්න. මහන්සියෙන් නැවත උපයන්න. ඉතිරි කරන්න. අනවශ්‍ය සියලු වියදම් ඉතිරියට නැඹුරු කරන්න. කිසිවිටක දුන් කිසිවක් ඉල්ලන්න එපා. මට නොතේරෙන එකම දෙය, ඇයි ඔබ වගේ කෙනෙක් මේ වගේ නොගැලපෙන පවුලකට සම්බන්ධ වුනේ කියලා. දැන් ඉතින් යන යකාට කොරහ බිඳගෙන යනවනම් ඉඩදෙන්න. ජීවිතේ අලුතින් පටන් ගන්න. වැරදි වැරදියි මිනිස්සු නැගිටින්නේ. ඔය උණ දේ ඇත්තටම ඔයාගෙ හොඳටයි වෙන්න ඇත්තේ. මොකද වෙන හැම දේම වෙන්නෙ ඔයාගෙ හොඳට. ඔයා හොඳ යහපත් කෙනෙක් නං කර්මය අන්ත ලෙස නරක් වෙලා හරි ඔයාව හොඳ තැනකට අරං යනවා. ඒකට බාධා නොකර ඉන්න එකයි සුදසුම.

    ප.ලි - පුළුවන් නං නිර්නාමිකව මේක අදාල ගෘපයේ පලකරන්න. නම් දාන්න එපා. මොනවහරිම යමක් තේරුම්ගනියි කියල හිතනවා.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    "දැන් දැන් ඇය මා සමඟ කතා කිරීම සීමා කර ඇති බව මට හොදින්ම වැටහේ. ප්‍රශ්නයක මා මැදිව සිටින මොහොතේ ඇය මා සැනසවීම වෙනුවට නිහඩව සිටිමින් මා දවාලයි" මේකෙන් පෙන්නේ බදින්න ගියකෙනාට දෙයියෝ බලල පෙන්නලා වාගේ .මොකද තමන්ට කරදරයක් හරි ප්‍රශ්නයක් උනහම එයාව මග අරින කෙනෙක්නම් ඒ විවාහයෙන් වැඩක් නෑ .මේ වෙලාවට ඕන කරන්නේ තමන්වත් motivate කරලා හැම දේම balance කරන්න පුළුවන් කෙනෙක්.මේ ප්‍රශ්නයේදී පේනවා මේ lady ට මේ ප්‍රශ්නයට enroll වෙලා ප්‍රශ්නය විසදගන්න පුළුවන්කම තියෙද්දී තමයි මගහරින්නේ කියල (මුදල් ප්‍රශ්නයක්නම් එයාටත් පුළුවන් part time job එකක් කරන්න etc ......තව ගොඩක් තියේ ) මේ විවාහය නොකරන තරමට හොදයි කියල මට හිතෙන්නේ.මොකද සමහර පවුල් තියෙනවා අපි කොච්චර balance කරගෙන යන්න පුළුවන් කියල හිතුවට එහෙමෙ බැරි ඔකුන්ගේ බලු ගති එලියට එනවා කොයි වෙලාවක හරි (ජාන ප්‍රශ්න)
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    This Content Isn't Available Right Now

    ඩිලීට් කරල වගේ නේහ් බං.
    ඇත්තටම මෙතැන මූට තියෙන ලොකුම ප්‍රශ්නෙ කෙල්ලද? සල්ලිද?
     
    • Sad
    Reactions: Heshan Daminda

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    "දැන් දැන් ඇය මා සමඟ කතා කිරීම සීමා කර ඇති බව මට හොදින්ම වැටහේ. ප්‍රශ්නයක මා මැදිව සිටින මොහොතේ ඇය මා සැනසවීම වෙනුවට නිහඩව සිටිමින් මා දවාලයි" මේකෙන් පෙන්නේ බදින්න ගියකෙනාට දෙයියෝ බලල පෙන්නලා වාගේ .මොකද තමන්ට කරදරයක් හරි ප්‍රශ්නයක් උනහම එයාව මග අරින කෙනෙක්නම් ඒ විවාහයෙන් වැඩක් නෑ .මේ වෙලාවට ඕන කරන්නේ තමන්වත් motivate කරලා හැම දේම balance කරන්න පුළුවන් කෙනෙක්.මේ ප්‍රශ්නයේදී පේනවා මේ lady ට මේ ප්‍රශ්නයට enroll වෙලා ප්‍රශ්නය විසදගන්න පුළුවන්කම තියෙද්දී තමයි මගහරින්නේ කියල (මුදල් ප්‍රශ්නයක්නම් එයාටත් පුළුවන් part time job එකක් කරන්න etc ......තව ගොඩක් තියේ ) මේ විවාහය නොකරන තරමට හොදයි කියල මට හිතෙන්නේ.මොකද සමහර පවුල් තියෙනවා අපි කොච්චර balance කරගෙන යන්න පුළුවන් කියල හිතුවට එහෙමෙ බැරි ඔකුන්ගේ බලු ගති එලියට එනවා කොයි වෙලාවක හරි (ජාන ප්‍රශ්න)
    sira kathawa. janawala thina ewa makanna amarui
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ඌට මොනව නැතත් හොදක් වෙලා තියෙන්නේ . chance එක පාවිච්චි කරන්න දන්නේ නැති එකෙක්. ඔය වගේ chance එකක් ලක්ෂ 6.5 කට ගන්න බෑ .
     
    • Love
    Reactions: Heshan Daminda