මෙහෙමත් ප්‍රශ්න

randikaprabha

Junior member
  • Dec 8, 2013
    90
    27
    18
    Ambalangoda
    මෙහෙමත් ප්‍රශ්න

    ඔන්න සුපිරි ප්‍රශ්න සෙට් එකකට උත්තර සෙට් එකක්ම දුන්නා.. :baffled:

    original-1f85f919d45e612e6c8659504c68c442.jpg


    1. ටාසන්ට රැවුලක් නැත්තේ උගේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය අඩු නිසා. :rofl:ඒක අඩු නිසා ෆුල් රැවුලක් නැතිවුණාට දැළි රැවුලක් තියෙනවා. ඒත් ටාසන් කැළේ රජා නිසා එයාට අනික් ගෝරිල්ලන්ගේ මට්ටමට වැටෙන්න ඕනෙ නැති නිසා (උන්ගේ ඇඟපුරා මයිල් නෙ.) උන්ගෙන් වෙනස්ව කැපී පේන්නයි ඒකත් සුද්ද කරන්නෙ. ටාසන් ගාව හදාගත් උල් භාණ්ඩ තියෙන බව කට්ටිය දන්නවනෙ. :P

    2. බෑ, වතුර යටදි අඬන්න බෑ. හේතු 2ක් නිසා. එක තමයි අපි අඬනකොට අපේ උගුරේ පේශිවල යම් ක්‍රියාවක් සිද්ධවෙන බව ඔයාලට දැනිලා ඇති. මේක වතුරයටදි සිද්ධවුණොත් හුස්ම අල්ලන් ඉන්න බැරුව සෙත්තපෝච්චි වන නිසා ස්වාභධර්මය විසින්ම වතුරයටදී ඇඩීමේ හැකියාව නැති කරලා තියෙනවා. අපි අඬනවා කියලා කියන්නෙ කඳුලු පිටවෙන එකටනෙ. දෙක තමයි අපි මොනව හරි සෙල්ලමක් දාලා ඇඬුවත් කඳුලු ග්‍රන්ථියෙන් කඳුලුවලට පිටවෙන්න බෑ ජලය යටදි බාහිර පීඩනය වැඩි නිසා.

    3. මාළුන්ට වතුරෙ ඉන්නකොට නම් වතුර තිබහ හැදෙන්නෙ නෑ. හැබැයි ගොඩට ගත්තොත් නම් සෑහෙන තිබහක් හැදෙයි. :rofl::rofl: තිබහ කියන්නෙ අපේ ශරීරයේ තිබිය යුතු ජල ප්‍රමාණය අඩුයි කියලා මොළේට දැනුනම ඒ පණිවිඩය අපිට දන්වන හැටි. ඒතකොටයි අපි වතුර පානය කරන්නෙ. ඒත් මාළු වතුරෙම ඉන්න නිසා දිගටම ජලය ශරීරයට ලැබෙනවා. පිපාසයක් දැනෙන්නෙ නෑ. මිරිදිය මාළුනම් සමෙන් හා කරමල්වලදී ජලය ලබාගන්නවා. කරදිය මාළුනම් වතුර බොනවා. උන්ගේ කරමල්වලින් ලුණු ඉවත්වෙලා ජලය ලැබෙනවා.

    4. මෙහෙමනෙ. ඕකට වගකියන්න ඕනෙ ලංකාවෙ අපි. ඉස්සර සුද්දො ගොඩනැගිල්ලට building නෙවෙයි වෙන නමක් කියලා තියෙන්නෙ. ඒත් මුන් ලංකාව ආක්‍රමණය කරලා යටත් කොරගත්තනෙ. එතකොට මුන් අපි කරන ඒවත් බලන් හිටියා. උන්ගෙන් එකෙක් දැක්කා අපේ සෙට් එකක් ගෙයක් ෆුල් ෆවුන්ඩේෂන් දාලා කාමරයයි කුස්සියයි විතරක් ගහලා ගෙට ගෙවදිනවා. උන්ට හිතාගන්න බෑ. ඇයි ඉතින් මේවා 'ඔන්ලි ඉන් සිලෝන්' නෙ. :sorry: උන් ඇවිත් ඇහුවා "ඕයි මෑන්, වට් ද හෙල් ඉස් දිස්? දිස් ඉස් ඉස්ටිල් බිල්ඩින්" කීල. ඉතින් අපේ එකාට ඉංගිරිසි බෑ නෙව. මූ කීව "යස් සර්. බිල්ඩිං බිල්ඩිං" කීල. මූ හිතුවා මේකට කියන්නෙ බිල්ඩින් කීලා තමා කියලා. මූ ඒපාර හැම එකාටම ඔය වචනෙ පුරුදු කරා. අන්තිමේ සුද්දත් හදලා ඉවරකරපු ගොඩනැගිල්ලටත් බිල්ඩිං කියන්න ගත්තා. සොරි තමා.

    5. ඕකටත් ඉස්සර කාසිවලින් ගනුදෙනු කරන කාලෙ ශාකා තිබ්බෙ නෑ. මේ සල්ලි කොළවල මුද්‍රණය කරන්න ගත්තට පස්සෙ තමා ශාඛා ආවෙ, ඇයි ඉතින් බැංකුවල සල්ලි වැඩිවෙනවනෙ, ඉතින් කොළ වැඩිවෙනවා. වැඩි කොළ ගානක් තියාගන්න ශාඛා ගොඩක් ඕනෙ. සිම්පල් කේස් එකක්නෙ. :yes::yes:

    6. ඔයාලට ඉස්සරින්ම කතාවක් කියන්න ඕනෙ. දන්නවද pizza කියන වචනෙ හැදුනෙ කොහොමද කියලා. ඔය රොටියෙ පරිමාව අරන් තමයි ඔය නම හැදිලා තියෙන්නෙ. pi කියන්නෙ අර පොඩි කාලෙ ඉඳන් එන ෆයි නොහොත් 22/7. z තමයි ඔය රොටියෙ අරය. a කියන්නෙ උස නොහොත් ඝනකම. පහතින් බලාගන්නකො.

    original-45f19cbecc71c87f9be2257cfacda67b.jpg


    දැන් දෙන්නම් උත්තරේ. රවුම් පීසා එක හතරැස් පෙට්ටියක එන්නෙ මේකයි. අපි දෙයක් දානකොට දාන්නෙ ගොඩක්වෙලාවට පෙට්ටියකනෙ. සිලින්ඩරයක නෙවෙයි නෙ, පීසා එක දාන එක රවුම් හැඩේට හැදුවොත් ඒක පෙට්ටියක් නෙවි, සිලින්ඩරයක් වෙනවා. පෙට්ටියකම දාන්න ඕනෙ නිසා දානවා. ඉතින් පෙට්ටිය හතරැස් එකට කරන්න දෙයක් නෑ. ;) අනික පීසා එක කියලා හිතලා පෙට්ටිය පිටින් කන්න බැරි නෑනෙ අපේ බුවාලා.

    7. ගම් දාල තියෙන බෝතලේ නොඇලෙන්න හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට ගම්වලට ඇලවෙන්න වාතය අවශ්‍යයි. මොකද ගම් එක්ක එකට දියකරලා තියෙනවා තරමක් වාශ්පශීලී සංයෝගයක්. ඒක වාශ්පවෙනකල් ගම් එක ඇලවෙන්නෙ නෑ. මේක වාශ්පවෙන්න වාතය සංසරණය වෙන්නත් ඕනෙ මොකද ගම් බෝතලය ඇතුළෙ තියෙන සීමිත වාතය ඒ වාශ්පයෙන් ඉක්මනට සංතෘප්ත වෙන නිසා. හැබැයි ගම් අඩුවෙන් තියෙන බෝතලයක් ඇරලා තිබ්බොත් ඇලවෙන්නත් පුළුවන්. තවත් සමහර ගම්වලට ඇලවෙන්න වෙනත් රසායනික සංයෝගයක් තියෙන්නම ඕනෙ. අර මික්ස් කරලා අලවන ඒවා. ඉතින් ඒවා ඇලවෙන්නෙත් නෑ බෝතලේ.:yes::yes:

    8. ඕක කියපු පුද්ගලයව ඊළඟට හම්බුණාම ආදරේ කරනවද, වාරියපොළ කුමාරිහාමිගෙන් කෑවා වගේ කන්නවෙනවද, ආයෙ මූණවත් බලන්නෙ නැද්ද කියලා දැනගන්න තියෙන අධික අවශ්‍යතාවය නිසා තමයි පිළිතුරක් බලාපොරොත්තු වෙන්නෙ. (ශැකේ මං ඕක කියලා කවදාවත් උත්තරයක් බලාපොරොත්තු වෙලා නෑනෙ. ට්‍රයි කරන්නෝනෙ :sorry::sorry: )

    9. පොඩි උන් හෝදනකොට ගන්න වතුර එකතු කරලා කරලා ඒවගෙන් වතුර අයින් කරලා ඝනත්ව ක්‍රමයෙන් එකතුකරගන්න බබාලගේ ඇඟේ තියෙන තෙල් තෙල් තමා බේබි ඔයිල් කියන්නෙ :shocked::shocked:

    10. උත්තරයක් දෙන්න පුළුවන්, හ්ම්ම් දෙමු ඔන්න ඔහේ. කුරුල්ලන්ගෙ කකුල්වල ඉස්සරහට ඇඟිලි 3ක් හා පස්සට එකක් තියෙනවා. ඒකෙන් අත්ත බදලා අල්ලගන්නවා. උන්ගෙ දණහිස නැවෙන්නෙ පිටිපස්සටනෙ. එතකොට උන් නිදාගන්නකොට ඉන්නෙ කකුල දෙකට නවන් ඒකෙ බැලන්ස් එකෙන්. උන්ට නින්ද ගියාම දණහිසේ මොකද්ද ලොක් එකක් වැටෙනවලු මළාට ගැලවෙන්නෙ නැති. අන්න ඒකයි උන් වැටෙන්නෙ නැත්තෙ. හැබැයි පුතෝ උඹලා ඉඳලා හිටලා ඇදෙන් බිමට වැටෙනවා වගේ උනුත් වැටෙනවා ගහෙන් හරිද? :nerd::nerd::nerd::lol::lol:
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    නිවුෆොල්ඩර්:rofl:

    :rofl::rofl::rofl::rofl::rofl: අපෝ නෑ බං. මගෙ පරන එකවුන්ට් එකක් තියෙනව :sorry::sorry:. ඒකෙ පාස්වර්ඩ් මතක නෑ. පරන එකට හෙන ගහපුදෙන් කියල මේක හදන් ආවෙ කාලෙකට කලින්. :P
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl::rofl::rofl::rofl::rofl: අපෝ නෑ බං. මගෙ පරන එකවුන්ට් එකක් තියෙනව :sorry::sorry:. ඒකෙ පාස්වර්ඩ් මතක නෑ. පරන එකට හෙන ගහපුදෙන් කියල මේක හදන් ආවෙ කාලෙකට කලින්. :P
    11.gif

    බැලැකා නම් නෙමෙ කවුද පුතෙ රහසින් කියපන්:love: