මෙහෙමත් බ්‍රේක් ගැහිල්ලක්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මෙහෙමත් බ්‍රේක් ගැහිල්ලක්

හමුදා යුද ටැංකියක හදිසි තිරිංග පද්ධතියේ නිරවද්‍යතාව පරීක්ෂා කරන ඇඟ කිලිපෙලා යන වීඩියෝවක් සහ ඡායාරූප කිහිපයක් යූටියුබ් අඩවියේ සහ විදෙස් මාධ්‍යවල පළ වුනේ මේ ආකාරයෙනුයි.

නෙදර්ලන්තයේදී සිදුකෙරුණු මේ තිරිංග පරීක්ෂාවට හමුදා සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගි වුණාග ඔවුන් සියල්ලන්ම මීට සම්බන්ධ වීමට පැමිණ සිටියේ සම්පූර්ණ ඇඳුම් කට්ටලයකින් සැරසීගෙනයි.

මේ තිරිංග පරීක්ෂාව ඇඟකිලිපොලා යන දසුනක් යැයි පැවසුවේ ඇයිදැයි ඔබ සිතන්න පුළුවන්, එසේ පැවසුවේ කිලෝමීටරයක පමණ දුරක සිට වැලි පාරක් දිගේ වේගයෙන් පැමිණෙන යුද ටැංකියට පිටුපස හැරෙමින්, සම්පූර්ණ ඇඳුම් කට්ටලයෙන් සැරසී ඉදිරියම බලා සිටි ඒ හමුදා සාමාජික සාමාජිකාවන්ගේ පසුපසින් ගෑවී නොගැවී මේ සද්ධන්ත යුද ටැංකිය ක්ෂණිකව නතර කළ යුතු වූ නිසයි.ඇත්තෙන්ම ඒ හමුදා සාමාජික සාමාජිකාවන්ගේ ජීවිත යුද ටැංකිය පැදවූ හමුදා රියදුරාටත්, මේ සද්ධන්ත යුද ටැංකියටත් භාරවුණා.

අවසානයේ සූදානම් වූ ආකාරයෙන්ම පරීක්ෂණය ඇරඹුණා. හමුදා සාමාජික සාමාජිකාවන් පේළි දෙකකට වැලි පාර අවහිර කරමින් ඉදිරිය බලාගෙන සිටගත්තා. ඇක්සලරේටරය ලෑල්ලටම පෑගූ යුද ටැංකි රියදුරා දූවිලි නංවාගෙන වේගයෙන් පැමිණෙන විට සියලුම හමුදා සාමාජික සාමාජිකාවන් නොසෙල්වී ඉදිරියම බලාගෙන සිටිය යුතු වුණා. ඒත් ඒ කඨෝර හඬ සමග දූවිලි නංවමින් පැයට සැතපුම් 42 ක පමණ වේගයකින් තමන් වෙත පැමිණෙන යකඩගොඩ දෙස පසුපස හැරී නොබලන්නට අවසන් මොහොත දක්වාම සෑම හමුදා සාමාජිකයෙකුම පාහේ කටයුතු කළත්, අවසන් මොහොතට තත්ත්පර කිහිපයක් තිබියදී එක් සෙබලෙකු තැතිගැන්මකින් පසුපස බලද්දී තවත් දෙදෙනෙකු යන්තමින් ඒ දෙස බැලීමට උත්සාහ කළා.

නමුත් අවසානයේ ඔවුන් සියල්ලන්ගේම හදවත්වල ඇවිලුණු ගින්න සිසිල් කරමින් හදිසි තිරිංග පරීක්ෂාවේ නිරවද්‍යතාව තහවුරු කළේ ඔවුන්ගේ ඇඟේ ගෑවී නොගැවී සද්ධන්ත යුද ටැංකිය නතර කරමිනුයි. සියලුම හමුදා සාමාජිකයන් ඒ මොහොතේ පිටුපස හැරුණේ සිතේ ඇතිවූ චකිතය පහව ගොස් මහා අස්වැසිල්ලක් ලැබූ අයුරින් අත්පොලසන් දෙමින් හා ප්‍රීති ඝෝෂා කරමිනුයි.

ටොන් 63 ක් පමණ බර ලෙපර්ඩ් 2 යනුවෙන් හැඳින්වෙන මේ යුද ටැංකිය 1979 වසරේදී ජර්මනියේදී නිෂ්පාදනය කර තිබුණා. මෙය ඔස්ට්‍රියාව, කැනඩාව, නෝර්වේ, පෘතුගාලය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, පෝලන්තය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ග්‍රීසිය, තුර්කිය සහ චිලිය යන රටවල හමුදාවන් විසින් බහුලව භාවිත කළ යුද ටැංකියක් වුණා. රාජකීය නෙදර්ලන්ත හමුදාව සතුව ලෙපර්ඩ් යුද ටැංකි 445 ක් පමණ පැවති අතර, එරට යුද ටැංකි බලෑණිය විසින් 2011 වසරේදී එම යුද ටැංකි අධිකාරීත්වයෙන් ඉවත් කළා.

උපුටාගැනීම අද පුවත්පතින්



 

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    bump

    1374312995.gif
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මොකක් හරි ලොකු පවක් කරලා තියෙන්නේ ඕන බන් ඔහොම ඉස්සරහ හිටගෙන ඉන්න