මතකද දෙවනි නගෝර්නෝ කරබැක් යුද්ධය..අසර්බයිජාන නානලා ,එර්ඩොගන්ගේ ඩ්‍රෝන් හමුදාවත් එක්ක එකතු වෙලා ආර්මේනියන් හමුදාව අන්ත අසරණ කරපු යුද්ධය.මේ යුද්ධයත් එක්ක හුඟක් ඈයෝ කියන්නේ පටන් ගත්තා ඇටෑක් ඩ්‍රෝන් කියන්නේ ගේම් චේන්ජින් වෙපන් එකක් කියලා.
එර්ඩොගන්ගේ බෑනාගේ බයිරක්ටර් ඩ්‍රෝන් හමුදාවට සෑහෙන්න ඉල්ලුමක් ආවා මේ යුද්ධෙන් පස්සේ.ඊට කලිනුත් මේ ඩ්‍රෝන් ආමි එක සිරියාවේ සහ ලිබියාවේ වැඩ දාලා තිබ්බා.ඉතින් බැලූ බැල්මට හුගක් අයට පෙනුනේ යුද්ධයක් වෙනස් කරන්න පුලුවන් වෙපන් එකක් වගේ.ඒ අයගේ දැක්ම පැත්තෙන් ඒකේ වරදකුත් නෑ.දෙයක් දිහා උඩින් පල්ලෙන් බලලා ඇනලයිස් කලාම එහෙම හිතෙනවා.
යුක්‍රේන යුද්ධයේදී රුසියන් ආමි එක බිම දැම්ම බයිරක්ටර් ඩ්‍රෝන් එකක සුන්බුන්
අඩුගානේ ෆ්‍රන්ට් ලයින් එකට අඩිය තියන්න කලින් ආර්මේනියන් හමුදාවේ සෙබලුන් සෑහෙන්න ගානකට අවසන් ගමන් යන්න වුනා.ඒ අහසින් ආපු යක්ෂයෙක් නිසා.සෙබලුන් රොතු පිටින් සමූල ඝාතනය වෙන්න පටන් ගත්තේ සතුරා එක්ක සටන් කරන්න තියා සතුරා දකින්නවත් කලින්.කිසිම වැඩක් ගන්න කලින් ආර්මේනියන් යුද ටැංකි පවා විනාශ වුනා.
බයිරක්ටර් ඩ්‍රෝන් ප්‍රහාරයකට ලක්වූ ආර්මේනියන් යුද ටැංකියක්
රුසියන් ආමි එක මේ අවුරුද්දේ පෙබරවාරිවල යුක්‍රේනයට ඇතුල් වුන එක දිශාවක් තමයි යුක්‍රේන් උතුරු දේශ සීමාව.යුක්‍රේනයෙන් අවම රෙසිස්ටන් එකක් බලාපොරොත්තුවෙන් ආපු රුසියන් හමුදාවට හිතපු තරම් ලේසි වුනේ නෑ කියලා දැන් ඕන කෙනෙක් දන්නවා.ඒක ඉතින් උන්ගේ හමුදා නායකත්වයේ වැරදි තමයි.වැඩි දවසක් යන්න කලින් රුසියන් යුද ටැංකි එකින් එක ගිනි ජාලා බවට පත් වෙන වීඩියෝ ක්ලිප් බටහිර මාධ්‍යවල මහ ඉහලින් පෙන්නන්න පටන් ගත්තා.ඔන්න එතකොට අර උඩින් පල්ලෙන් ඇනලයිස් කරන එක්පර්ට්ලා ටික කියන්න ගත්තා "යුද ටැංකි කියන්නේ මොඩර්න් වෝ එකට යල්පැන ගිය වෙපන් එකක්" කියලා.21 වෙනි සියවසේ යුද්ධ වලට යුද ටැංකි ගැලපෙන්නේ නෑ.බලන්න ඒවා හරියට ඇවිදින මිනී පෙට්ටි වගේ..ඔන්න ඔහොම කිව්වා...
පළවෙනි ලෝක යුද්ධයේදී ලෝකේ පලවෙනි යුද ටැංකිය බැටල්ෆීල්ඩ් එකට ඇවිත් අනා ගත්තම,අපෝ මේ මොකක්ද..මේවා යුද්ධයකට ගැලපෙන්නේ නෑ කියපු හාදයෝ ඕන තරම් ඉන්න ඇති.හැබැයි දෙවනි ලෝක යුද්දයට එද්දී ඒ හාදයන්ගේ අදහස වෙනස් වෙන්න ඇති.ජර්මන් හමුදාව යුද ටැංකි බස්සද්දී,උන්ට විරුද්ධව අශ්වාරෝහක හමුදා යවලා තේරුමක් නෑ කියලා වැටහෙන්න ඇති.
ලිට්ල් විලී හෙවත් ලොව ප්‍රථම ඔපරේෂනල් බැට්ල් ටෑන්ක් එක
1973 අවුරුද්දේ සිය ගානක් ඊශ්‍රායල් යුද ටැංකි ඊජිප්තු හමුදාවේ ඇන්ටි ටෑන්ක් මිසයිලවලට ගොදුරු වෙලා ගින්නෙන් දැවෙද්දී,සමහරු ඔය දේම කිව්වා.පොඩි මිසයිලයකින් විනාශ කරන්න පුලුවන් යකඩ ගොඩකට ඇති ඔය තරම් මුදල් වියදම් කරන්නේ? එහෙම අහපු අය ඉන්න ඇති.එදත් කිව්වා යුද ටැංකි කියන්නේ යල්පැන ගිය වෙපන් එකක් කියලා,අදත් කියනවා..හෙටත් කියයි.එහෙම කිව්වා කියලා හැම රටකම හමුදා තමන්ගේ යුද ටැංකි ටික විශ්‍රාම යවයිද? නෑ කොහෙත්ම නෑ...
1973 ඔක්තෝම්බර් යුද්ධයේදී සෝවියට් ඇන්ටි ටෑන්ක් මිසයිලවලට(AT-3 Sagger) ලක් වූ ඊශ්‍රායල යුද ටැංකියක්
යුද ටැංකි සහ යුද ටැංකි නාශක මිසයිල අතර තරඟය එදා ..අද .. වගේම හෙටත් තියේවි.හොඳම උදාහරණය තමයි ඊශ්‍රායලයේ මර්කාවා යුද ටැංකි සීරීස් එක..ඒකේ අලුත්ම වර්ෂන් එකට පුලුවන්,යුද ටැංකිය ඉලක්ක කරගෙන එන මිසයිල,රොකට් හෝ වෙනත් උණ්ඩ අතරමගදී විනාශ කරන්න.දැනට ට්‍රෝර්පි කියන ඇක්ටිව් ප්‍රොටෙක්ෂන් සිස්ටම් එක ඊශ්‍රායල හමුදාවේ මර්කාවා 4 කියන අලුත්ම වර්ෂන් එකේ පාවිච්චි කරනවා.මේක රියල් බැටල්ෆීල්ඩ් එකක ටෙස්ට් කරලා පෘව් කරපු ප්‍රොටෙක්ෂන් සිස්ටම් එකක්..මොකද පලස්තීන නානලා ඉන්න හින්දා මේ වගේ වෙපන් සිස්ටම් ටෙස්ට් කරන්න වෙන රටක් එක්ක යුද්ධ කරන්න ඕනෙම නෑ.
රියල් ලයිෆ් ටෙස්ටින් වලට නානලා උදව් කරපු විදිය මේ වීඩියෝ එකේ 0:43 ඉදලා බලන්න.මුලින්ම ගහන්නේ ආර්පීජී-29 රොකට් එකක්..2006 ලෙබනන් යුද්ධයේදී හිස්බුල්ලා සංවිධානයේ ත්‍රස්තවාදීන් සාර්ථකව මර්කාවා යුද ටැංකිවලට ගහන්න මේ වෙපන් එක පාවිච්චි කරපු නිසා පලස්තීන නානලත් ආර්පීජී-29 ගහනවා.මොකද වෙන්නේ? මර්කාවා දිනනවා.ඉන්පස්සේ බලාගන්න පුලුවන් Kornet-E මිසයිලයත් ට්‍රෝර්පි සිස්ටම් එක ඉස්සරහ පරදිනවා.
ට්‍රෝර්පි සිස්ටම් එක කොච්චර හොඳට යුද ටැංකියක් ආරක්ෂා කරනවද කියනවා නම්,ඇමෙරිකන් හමුදාව ඔවුන්ගේ ඒබ්‍රම්ස් යුද ටැංකියටත් මේ සිස්ටම් එක දැන් පාවිච්චි කරන්න පටන් අරන් තියෙන්නේ.ඊට අමතරව ජර්මනිය,බ්‍රිතාන්‍ය වගේ රටවල හමුදාත් තමන්ගේ ලෙපර්ඩ් 2 ,චැලෙන්ජර් 3 වගේ යුද ටැංකියවල ඇක්ටිව් ප්‍රොටෙක්ෂන් සිස්ටම් එක විදියත් තෝරගෙන තියෙන්නේ මේ ඊශ්‍රායල ප්‍රොඩක්ට් එක කියලා ආරංචියි.
ඇමෙරිකන් ඒබ්‍රම්ස් යුද ටැංකියක් - දකුණු පැත්තේ තද කොළපාටින් තියෙන්නේ ට්‍රෝර්පි සිස්ටම් එක.
ඇත්තටම යුද ටැංකි සහ යුද ටැංකි නාශක මිසයිලවල තරඟය මේ වගේ ජේදයකින් දෙකකින් කතා කරන්න බෑ.ඒ හින්දා මග ඇරුණු දේවල් අල්ලගෙන කවුරුත් මෙතන බොරුවට වාද කරන්න එපා ඔන්න.මොකද මේ ත්‍රෙඩ් එක දාන්නේ ඔය තරඟය ගැනවත්,ඇක්ටිව් ප්‍රොටෙක්ෂන් සිස්ටම් ගැනවත් කියන්න නෙමෙයි.පොඩි වීඩියෝ ක්ලිප් කිහිපයක් තමයි අදත් අරන් ආවේ.යමු එහෙනම් ඒ වැඩේට..
ඇත්තම කිව්වොත් ඉතින් නූතන රුසියාව පාවිච්චි කරන යුද ටැංකිවලින් 99% වගේ සෝවියට් ඩිසයින් කිව්වොත් වැරදි නෑ.සෝවියට් දේශය වැටුනට පස්සේ රුසියාවෙන් එලියට ආපු එකම යුද ටැංකිය තමයි,මම කියන්නේ අලුත් ඩිසයින් එකක් විදියට ගත්තොත් ,අර්මාටා යුද ටැංකිය.හැබැයිකෙනෙකුට කියන්න පුලුවන් අර්මාටා එකේත් තියෙන්නේ සෝවියට් ප්‍රොටෝටයිප් වලින් ණය ගත්තු අංග කියලා.පරණ දේවල්වලින් ඉගෙන ගන්නේ නැතුව යුද ටැංකියක් නෙමෙයි කිසිම දෙයක් හදන්න බෑනේ.ඒකනේ ඇත්ත.
"රුසියන් යුද ටැංකි කියන්නේ ඵලකට නැති යල් පැනපු යකඩ ගොඩවල් නේ..ඒකට ඇමෙරිකන් බඩු නියම බඩු..සුපිරි තමයි."
ඔය උඩ කමෙන්ට් එක මේ ෆෝරම් එකේ වුනත් ඕන තරම් දැකලා ඇති.
"අනේ උඹ දන්න මගුල..බලපන් පළවෙනි ඉරාක යුද්ධය.සදාම්ගේ හමුදාව සෝවියට් යකඩ ගොඩවලින් ගහන්න ගිහින් ඇමෙරිකන් සුපිරි බඩුවලින් කෑවා නේද හොදි බහින්න..හූ හූ.."
"මේ බලපන් සිරියන් යුද්දේ..ඒකාධිපති අසාද්ගේ හමුදාවේ සෝවියට් ටැංකි කන කෑම..කොහොමද ඇමෙරිකන් ඇන්ටි ටෑන්ක් වෙපන්.."
මේ ත්‍රෙඩ් එක දාලා අන්තිමට මේකේ ඉන්න ප්‍රෝ-වෙස්ටර්න් ෆ්‍රෑන්ස්ලා ටික කුලප්පු වෙයිද මන්දා.
යූටියුබ් බැලුවත්,නිවුස් චැනල් බැලුවත් හැම වෙලාවෙම අපිට ඇහෙන්නේ රුසියන් යුද ටැංකි ගිනිගෙන විනාශ වෙන නිවුස්නේ..රුසියන් යුද ටැංකි ගැන කිසිම ධනාත්මක දෙයක් නිවුස්වල යන්නේ නැති තරම්.. නේද.. ප්‍රෝ-රුසියන් මූලාශ්‍ර ගත්තත් තියෙන්නේ යුද ටැංකි විනාශ කරන වීඩියෝවිතරමයි.වැඩකට නැති යුද ටැංකි? එහෙම හිතුනා නේද..ඇත්තටම එහෙමද?යුද ටැංකි කියන්නේ වැඩකට නැති යකඩ ගොඩවල්ද දැන්?
යුද්ධයක් යද්දී මේ ප්‍රශ්නය නිතරම ඇහෙන එකක්..ඇයි ඒ..රුසියන් යුද ටැංකිම විනාශ වෙන්නේ ඇයි? විනාශ වෙන්නේ හැම තැනම ඒවා තියෙන නිසානේ..
ඔබ දකින දේ පදනම් වෙන්නේ,ඔබ බලන දිහාව අනුව තමයි.
මේ යුද්ධයේදී රුසියාව යුද ටැංකි බර ගානක් සටන් බිමට එවලා තියෙන්නේ,ඒවා ඵලදායි නොවන හින්දා නෙමෙයි,රුසියාවේ හමුදා උපක්‍රමවල එක අංගයක් විදියට තමයි යුද ටැංකි සටන් බිමට එන්නේ.යුද ටැංකි නැති රටක් ඇරෙන්න වෙන ඕනම රටක් ආක්‍රමණයක් කරද්දී,ඔවුන්ට ඕනේ නම් භූමිය අල්ල ගන්න,යුද ටැංකි ඒ ආක්‍රමණයේ අනිවාර්යය අංගයක් වෙනවාම තමයි ඉතින්.පාබල හමුදා විතරක් දම්මලා භූමිය අත්පත් කරගත්ත කාලයන් තිබ්බා ඉස්සර..දැන් එහෙම බෑනේ.
යුද ටැංකියක් සටන් බිමකට යවන්නේ ඇයි? මොකක්ද ඒකට පැවරෙන ප්‍රධානතම කාර්යය.කෙනෙක්ගේ පිළිතුර වෙන්න පුලුවන් "සතුරු යුද ටැංකි විනාශ කිරීම" කියන එක.ඔව් යුද ටැංකියකට සතුරු යුද ටැංකි විනාශ කරන්න පුලුවන්.නමුත් ඒක ප්‍රධාන අරමුණ වෙන්නේ නෑ.
දෙවන ලෝක යුද්ධ කාලේ ඉදලා යුද ටැංකි ද්වන්ධ සටන්,එහෙම නැත්නම් මුහුණට මුහුණ සටන් සිද්ධ වෙලා තියෙනවා.යුක්‍රේන-රුසියා යුද්ධයෙත් ඔහොම ද්වන්ධ සටන් නැතුවම නෙමෙයි.ඒත් මේ වීඩියෝ එකේ ඔබ දකින විදියේ සටනක් නම් මීට කලින් වෙලා ඇති කියන්න බෑ.ඇයි එහෙම කිව්වේ?
වීඩියෝ එක බලලා කතා කරමු.
මේක රුසියන් ඩ්‍රෝන් එකකින් රෙකෝඩ් කරපු වීඩියෝ එකක්.දකුණු පැත්තේ ඉන්නේ යුක්‍රේන හමුදාවේ සෙට් එකක්.ඒ පැත්තේ තියෙන්නේ කියන T-64BV යුද ටැංකියක්.වම්පැත්තෙන් අපිට බලා ගන්න පුලුවන් රුසියන් ආමි එකේ සෙට් එකක්..රුසියන් සයිඩ් එකේ තියෙන්නේ T-80BV යුද ටැංකියක්..මූ කොහොම මේවා හරියටම කියන්නේ.වීඩියෝ එක ඇනලයිස් කරපු ටෑන්ක් එක්ස්පර්ට් කෙනෙක් කියපු දෙයක් මම කිව්වේ.ලින්ක් එක මෙන්න.මේ සිදුවිම විශේෂ එකක් වෙන්නේ මෙතරම් සමීපව යුද ටැංකි දෙකක් එකිනෙකාට විරුද්ධ සටන් කිරීම නිසා.උණ්ඩ,මේන් ගන්,ටාගට් ට්‍රැකින්,ෆයර් කන්ට්‍රෝල් සිස්ටම්වල දියුණුවත් එක්ක හුගක් අය හිතුවේ යුද ටැංකි අතර සමීප සටනුත් ෆයිටර් ජෙට් යානා අතර ගුවන් සටන් වගේම අභාවයට යයි කියලා.මොකද පියවි ඇසට නොපෙනෙන මානයේ තියෙන ඉලක්ක වලට පවා පහර දෙන්න පුලුවන් මිසයිල ෆයිටර් ජෙට් යානාවලට ලැබෙද්දී දෙවන ලෝක යුද්ධයේදී වගේ ගුවන් සටන් අපිට දැන් දකින්න ලැබෙන්නේ නැති තරම්.මේ යුද ටැංකි ද්වන්ධ සටනෙන් නම් දිනන්නේ රුසියන් සයිඩ් එක.
ආයේ අපේ මාතෘකාවට දිහාවට හැරෙමු.
යුද ටැංකියක ප්‍රධානම සහ වැදගත්ම අරමුණ තමයි පාබල හමුදාවට වෙඩි බලය ලබා දීම.වෙන ආර්මර්ඩ් වෙහිකල් එකකට ඉන්න බැරි,අනතුරුදායක තැනක ඉදන් ,ඉතා නිවැරදිව,දිගු දුර ඉලක්ක වලට පහරදෙන එක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. යුද්ධයක එක පැත්තක් විතරක් අපි ෆලෝ කරනවා නම් මේ දේවල් දැක ගන්න ,දැන ගන්න ලැබෙන්නේ නෑ.හරියට,රුසියාව තමන්ගේ මැරුණු සෙබලුන්ගේ පොටෝස්,විනාශ වුන යුද ටැංකිවල පොටෝස් ප්‍රසිද්ධ නොකරනවා වගේම,රුසියන් යුද ටැංකි වල සාර්ථක ප්‍රහාර හෝ යුක්‍රේන ඇන්ටිටෑන්ක් වෙපන් අසාර්ථක වෙන අවස්ථාවල වීඩියෝ යුක්‍රේනය විසින් ප්‍රසිද්ධ නොකරනවා වගේ...එහෙම පොටෝ හෝ වීඩියෝ එලියට ආවොත් ඒ අත්වැරදීමකින්.අපිට පිළිගන්න වෙනයථාර්තය තමයි(සමබර වෙන්න කියලා දිනන ඒවායි පරදින ඒවා ඔක්කොම දැම්මොත් හරියට වියට්නාම යුද්ධේ රිපෝට් කලා වගේ වෙයි.ඕවා ඉතින් දන්නෝ දනිති.),සමහර වෙලාවට රුසියන් යුද ටැංකි දිනනවා,සමහර වෙලාවට ඔවුන් පරදිනවා.එහෙම තමයි යුද්ධයකදී වෙන්නේ.සමහර විට ඔබලා මේ වගෙ වීඩියෝ ක්ලිප් දැකලානැතුව ඇති..මේක බලලා ඉමු.