මෙහෙමත් සැත්කම්........... ...

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මෙහෙමත් සැත්කම්........... ...

    1. අක්මා බද්ධ කිරීමකින් පස්සේ ලේ වර්ගය මාරු වෙලා.


    අවුරුදු 15 ඩෙමී ලී බ්‍රයන් රෝහලට ගියේ අක්මා බද්ධ කරන සැත්කමකට. ඒත් සර්ජරි එක ඉවරවුනාම එයාට අලුත් අක්මාවක් විතරක් නෙමෙයි අලුත් ලේ වර්ගයකුත් ලැබුනා. ඩෙමීගේ ලේ වර්ගය “ඕ නෙගටිව්” සිට “ඕ පොසිටිව්” බවට පත් වුනා. මේක වුනේ කොහොමද කියල ඩොකටර්ස්ලට තාම හිතාගන්න බැහැ. ඒත් ඩෙමී ගොඩක් නිරෝගීව දැන් ජීවිතේ ගත කරනවා.
    2. සැත්කමට පාවිච්චි වුන උපකරණ ඇඟ ඇතුලේ තියල වහලා.


    ඩැරුශ් මිසරි කියන පුද්ගලයා සැත්කම කරල අවුරුදු 2ක් ගියත් එයාට තිබ්බ වේදනාව අඩු වුනේ නැහැ. ඉස්සෙල්ලම ඩොක්ටර්ස්ල හිතුවේ එයා මානසිකව මවාගත්ත වේදනාවක් කියලා. ඒත් ස්කෑන් එකක් ගත්තම එයාගේ බඩ ඇතුලේ උපකරණ 10කට වඩා තිබුනා. මේ විදිහටම ජර්මනියේ හිටපු ඩර්ක් ශොර්ඩගේ බඩ ඇතුලෙන් සර්ජරි උපකරණ 16ක් හොයාගත්තා.
    3. දතේ සැත්කමකට පස්සේ අලුත් ඇක්සන්ට් එකක් ලැබිලා.


    දතක සැත්කමක් කරන ගමන් කටේ හරි උගුරේ හරි මොකක් හරි කැපුමක් වුනොත් කෙනෙක් කතාකරන විදිහ වෙනස් වෙන්න පුලුවන්. ඒත් ඒ අයගේ ඇක්සන්ට් එක වෙනස් වෙන එක නම් අමුතුම දෙයක්. කෙරන් බට්ලර් ගොඩක් සරල සර්ජරි එකකින් පස්සේ නැගිට්ටම එයා කතා කලේ වෙනම රටකින් ආපු කෙනෙක් වගේ.
    4. සැත්කමකට පස්සේ සානුකම්පාව වැඩි වෙලා.


    කාන්තාවක් එපිලෙප්සි කියන ලෙඩේ සුව කරන්න සැත්කමක් කලාට පස්සේ එයාට අනෙක් අය වෙනුවෙන් දැනෙන සානුකම්පාව වැඩි වෙලා. එයා කියන්නේ එයා කියවන පොත් සහ බලන චිත්‍රපටි වල ඉන්න චරිත ගැනත් එයාට අසාමාන්‍යය විදිහට දුක හිතෙනවා කියලයි.
    5. වාතය පිට කරන එකට පාලනයක් නැති වෙලා.


    ඒමි හර්බ්ස්ට් කියන්නේ ඔපෙරා ගායිකාවක්. එයාට දරු උපතේදී කරපු සැත්කමක් නිසා පාලනයකින් නැතුව නිතරම වාතය පිටකරන ලෙඩක් හැදිලා. මේ නිසා ඒමිට එයාගේ ගායනයත් අතහරින්න සිදුවෙලා.



    පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...:shocked::angry:
     
    • Like
    Reactions: chathu05

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හතරවෙනි එක තමා බං මරු සානුකම්පාව වැඩි උනයි කීවේ :P