මෙහෙමයි BOC එකේ current account හදන්නේ

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    මුලින්ම හැමෝටම නි දුක් නිරෝගි අලුත් අවුරුද්දක් වේවා!

    Startup Business කරන current account එකක් හදාගන්න ඕන කෙනෙක්ට උවමනාවෙයි කියලා හිතනවා

    මෙන්න මේ document ටික ඕන වෙනවා
    • Business registration එක (මම නම් කලේ ඒක පුද්ගල ව්‍යාපාරයක්)
    • Refer කරන්න දන්න current account holder කෙනෙක් ( එයාට කියලා form එකක් fill කරගන්න ඕන, එන්න ඕන නෑ)
    • Initial Deposit එකක් ( මම Urban Area එකක branch එකක හැදුවේ ,Initial / Minimum Deposite එක රු 15,000ක් )
    • තමන්ගෙයි , business name එකෙයි Crib එක චෙක් කරනවා , ඒ චාජ්ස් ගෙවන්න ඕන (1500ක් /2000ක් මගේ account එකෙන් කපාගන්නවා කිව්වා , තාම කැපුවේ නෑ, ඒ නිසා දන්නේ නෑ)
    • Cheque පොතක් ඉස්සරලා අනිවාර්‍යයෙන්ම ගන්න ඕන , ඒකට රු 325ක් ( cheque කොල 25ක පොතක් දෙනවා)
    • Rubber stamp එකක් තියනවා නම් ඒක ඕන වෙනවා
    • NIC එක ඕන වෙනවා

    ඔය කිව්ව Documents ටික දුන්නාම , පැයක් වගේ යනකොට වැඩේ කරගන්න පුලුවන්, චෙක් පොත එන්නේ ඊලග දවසේ. ( අපිට කැමති නම් චෙක් එකේ BR එකේ නම print කරගන්න පුලුවන්) අපි rubber stamp එකක් register වෙනකොට documents වල ගැහුවොත් අනිවා චෙක් sign කරනකොට rubber stamp එකත් ගහන්න ඕන.

    Charges and Rates
    • minimum balance එක maintain කරන්න බැරි උනොත් රු1000ක් add වෙන්වා
    • Internet Banking වලට රු 1500යි
    • චෙක් පොතකට රු 325යි (කොල 25ක්)
    • වෙන චාජස් මෙකේ බලන්න

    වෙනත්
    • ටික දවසක් පාවිච්චි කරන්න , Card එකක් කොලබින් Special request එකක් දාලා හදලා දෙන්නම් කිව්වා, උවමනාවක් නැති නිසා ඒක හරියට අහගන්න බැරි උනා
    • Internet Banking එක මගේ personal account එකටම join කරලා දෙන්නම් කිව්වා , දැනට current account එක විතරයි පෙන්නේ, payments වලට විතරක් personal account පෙන්නනේ. ඕක හදාගන්න Customer care කතා කරා, උන් කිසි දෙයක් කරන්න බෑ කිව්වා, branch යන්නම කිව්වා. ඒකට වෙලාවක් set උනේ නෑ
    • Sampath එකට වඩා BOC එකේ customer care එකේ improvement එකක් දැක්කා.

    ස්තුතියි!
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,280
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    Businesses එකක ට currant account එකක තියෙන වැදගත් කම මොකක් ද මචෝ. ඕක ගැන මොකුත් ම දන්නේ නැහැ.

    තනි පුද්ගල ව්‍යාපාරයක් කියමු. මොනවද තියෙන වාසි ඔහොම එකක් හදන එකෙන්.?
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Businesses එකක ට currant account එකක තියෙන වැදගත් කම මොකක් ද මචෝ. ඕක ගැන මොකුත් ම දන්නේ නැහැ.

    තනි පුද්ගල ව්‍යාපාරයක් කියමු. මොනවද තියෙන වාසි ඔහොම එකක් හදන එකෙන්.?
    current account ekakin cheques issue karanna puluwan , Business eke namata ganna cheques depostie krnna puluwan . thawa Overdraft ekak ganna puluwan ( After showing liabilities)

    Normally business eke daily trasactions gdak wenwane , eka manage krnna ehema lesi current account ekakin.
     
    • Like
    Reactions: -333-