මේ ඉඩමේ ඉහල මායිමේ ප්රධාන පාර ගැන උඹ කියල තියෙන තොරතුරු පැහැදිලි නෑ. කොහොම උනත් එතන අවුලක් තියෙනව කියල පේනවා. ඒ නිසා ඒ ප්රධාන පාර අමතක කරල මේ ඉඩමේ පාර ගැන අදහසක් දෙන්නම්.
උඹ දැනටමත් මේ ඉඩමට එන්න පාරක් දීලා තියෙන නිසාත්, ඒ පාර කාලයක් තිස්සේ ඉඩම අයිති හැමෝම විසින්ම පාවිච්චි කරල තියෙන නිසාත්, උඹේ ඉඩම් කොටසේ දකුණු පැත්තේ පොර කිව්වොත් ඉඩම බෙදුවට පස්සේ මගේ ඉඩමට එන්න පාරක් නෑ කියලා. එතකොට උඹට ඒ ඉඩමට යන්න පාරක් දෙන්නම වෙනවා. උඹ දැන් ඉඩම වෙන් කරන්න හදන විදියට එහෙම පාරක් දෙන්න බැරි නිසා කරන්න තියෙන්නේ හැමෝම එක්ක කතා කරල පහල පින්තූරේ විදියට පාරක් හදාගෙන ඊට පස්සේ ඉඩම බෙදන එක. අර පාර හදන්න ගියපු ඉඩ ප්රමාණය, ඉඩම අයිති තුන් දෙනාගෙම කට්ටි වලින් අඩු කරල තමයි, ඉතුරු ප්රමාණයෙන් ඉඩම බෙදන්නේ. (උදාහරණයක් විදියට මුළු ඉඩම පර්චස් 60 නම්, පාර හදන්න පර්චස් 10 ගියා නම්, ඉතුරු වෙන පර්චස් 50 තමයි තුන් දෙනා අතර සමානව බෙදන්නේ. )
මේ උඹ කියල තියෙන තොරතුරු අනුව මම ඉඩම බෙදන විදිය.
View attachment 133201