මෙහෙම උනොත් කියක් වෙයිද?

මෙහෙම උනොත් කියක් වෙයිද?

කෝ බන් ඉස්සර වෙනස ඉල්ලපු එවුන්, දැන් උබල ඉල්ලපු වෙනස මේක නෙමෙයි නම් ඇවිත් මේවටත් කෑ ගහපන්, පොනිල වගේ පොන්සියෝ විදිහට ඇවිත් නැත්නම් මගේ හෙට දවසට කන්න තියෙන රේප් ටික කපල පලයන්.


වැට් බද්දෙන් මෙතෙක් නිදහස්ව තිබූ විදුලි සංදේශ, පෞද්ගලික අධ්‍යාපනය හා පෞද්ගලික සෞඛ්‍යය යන ක්ෂේත්‍ර නව වැට් බද්දට යටත් කර තිබෙනවා. වත්මන් ආණුඩුවේ මෙම යෝජනාව ඉදිරියේදී පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු වීමට නියමිත අතර, පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණ හොත් එළැඹෙන අප්‍රේල් 01 වැනිදා සිට එය ක්‍රියාත්මක වනවා.

යෝජනා කළ වැට් බදු සංශෝධනය ක්‍රියාත්මක වුවහොත්, ස්ථාවර හා ජංගම දුරකථන පහසුකම් ලබා ඇති මෙරට ජනතාවට තම දුරකථන ගාස්තු වෙනුවෙන් අමතර 15% ක වැට් බද්දකටද යටත් වීමට සිදුවනු ඇත. විදුලි සංදේශ සේවා වැට් බද්දට යටත්වීම තුළ දුරකථන ගාස්තු ඉහළ යෑමට අමතරව, වැට් බද්දෙන් මෙතෙක් නිදහස්ව පැවති පෞද්ගලික සෞඛ්‍යය ක්ෂේත්‍රයද වැට් බද්දට යටත්වීමෙන් පෞද්ගලික අංශයෙන් සෞඛ්‍ය පහසුකම් ලබා ගන්නා පිරිසද අර්බුදකට ලක්වීමට ඉඩ ඇති බව ආර්ථික විශ්ලේෂකයන්පෙන්වා දෙනවා.

source


දැනට ගහන බද්ද නැතුව වැට් ගැහුවොත් සාමාන්‍ය රුපියල් 2 කෝල් එකකට රුපියල් 3කත කිට්ටු ගානක් යාවි. (දැන් කියන්න එපා ගොන්නු වගේ අප්පෝ රුපියල් 2ත සත 30නෙ කියලා. මොකද උබලා මාසෙටම ගන්නේ විනාඩි එකක කෝල් එකක් විතරක් නෙමෙයිනේ)

සාමන්යෙන් මාසෙකට ඩේටා අරව මෙව්වා එක්ක රුපියල් 1000ක් ෆෝන් එකට වියදම් කරන එකෙක්, මාසෙකට අඩුමගආනේ වෙබ් ෆැමිලි යුස් කරන එකෙක්ට අමතරව රුපියල් 350-400ක් වත් වැඩිපුර ගෙවන්න වෙනවා.

මේ අර ෆ්‍රී වයිෆයි දෙනවා කියපු එවුන් නේද?
එතකොට අනිත් කාරණේ ප්‍රයිවට් හොස්පිටල් වලට මේක ගැහුවම කොහොම වෙයිද?
පෞද්ගලික අධ්‍යාපනය????????

කෝ බන් අර ඉස්සර කිව්වේ මරා දවසකට ලක්ෂ 200+ වියදම් කරනවා, අපේ සරල ජනාදිපති එහෙම කරන්නේ නැහැ, පාරවල් වලින් ගසාකනවා, දැන් ගු and පී ආණ්ඩුව පාරවල් හදන්නෙම නැහැ...... කියල ඉතුරු කරපු සල්ලි?

වෙනස සැපයි බන්.....
 
  • Like
Reactions: mudantha and toi

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔය ඔක්කොම වැඩි වෙන ඒවා සම්මත වෙනවා බන් ඔකෙ ඉන්න උන් ඔක්කොම එකයි .
    :angry::angry::angry::angry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    .......................................................

    10518003_1350645571619602_6451594500091814541_n.jpg
     
    සොහොන;19890374 said:
    .......................................................

    10518003_1350645571619602_6451594500091814541_n.jpg

    උනුත් එකයි, මුනුත් එකයි බන්....හැමදාම පරාදයි බන් සිංහලයා.....
    හැබැයි මොනවා උනත් මහින්ද සිංහලයවයි, හමුදාවේ කොල්ලොන්වයි පාවල දුන්නේ නැහැ මචන්.....
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔය බදු ගහන්නේ රටේ අය වය පරතරය පියවගන්න කියලා නේද?
    දැන් රුපියලත් පාවෙන්න ඇරලා තියෙනවා. 145
    එක කරන්නේ රටේ විදේශ සංචිත ආරක්ෂා කරන්න කියලා කියනව.
    එතකොට කලින් විදේශ සංචිත වියදම් කර කර dollar rate එක තියාගත්ත.

    අනේ මන්ද කරන දෙයක් ජනතාවට පැහැදිලි කරන්නෙත් නැ.
    උන් හිතෙන හිතෙන විදියට වැඩ කරනවා,

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය බදු ගහන්නේ රටේ අය වය පරතරය පියවගන්න කියලා නේද?
    දැන් රුපියලත් පාවෙන්න ඇරලා තියෙනවා. 145
    එක කරන්නේ රටේ විදේශ සංචිත ආරක්ෂා කරන්න කියලා කියනව.
    එතකොට කලින් විදේශ සංචිත වියදම් කර කර dollar rate එක තියාගත්ත.

    අනේ මන්ද කරන දෙයක් ජනතාවට පැහැදිලි කරන්නෙත් නැ.
    උන් හිතෙන හිතෙන විදියට වැඩ කරනවා,


    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නය සාකච්ඡාවට පෙර ශ‍්‍රී ලංකා රජය බදු ඉහල දැමීම නිවේදනය කරයි

    පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් රටෙහි අයවැය හිඟය අඩු කිරීමට බදු ඉහල දැමීමක් ශ‍්‍රී ලංකාවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ නිවේදනය කලේය. කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන තත්වයන්ට තදබල ලෙස පහර වැදෙන මෙම වැඩපිලිවෙල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) උපදෙස් මත ක‍්‍රියාත්මක කල බව පෙනේ. ගෙවුම් ශේෂ හිඟයේ අර්බුදයක් වලක්වා ගැනීමට ආන්ඩුව විසින් ඉල්ලා ඇති එක්සත් ජනපද (එජ) ඩොලර් බිලියන 1.5 ක නය මුදල ගැන සාකච්ඡා කිරීමට ජාමූඅ කන්ඩායම මේ මාසයේ කොලඹට පැමිනීමට නියමිතය.

    වික‍්‍රමසිංහගේ මූලික යෝජනාව වූයේ අගය මත එකතු කල බද්ද (වැට්) සියයට 11 සිට සියයට 15 දක්වා ඉහල දැමීමය. මෙ මගින් සියලූ භාන්ඩ හා සේවා මිල ගනන් උග‍්‍ර ලෙස ඉහල දැමෙනු ඇත.

    විරෝධය වෙනතක හැරවීමේ උත්සාහයක යෙදෙමින්, මෙම මිල ඉහල දැමීම් අත්‍යාවශ්‍ය භාන්ඩ මත නොයෙදෙන බව අගමැති ප‍්‍රකාශ කලේය. විදුලි සංදේශ හා පුද්ගලික අධ්‍යපන ආයතන හැරුනු කොට, වෙනත් නිදහස් කිරීම් සඳහන් කිරීමට ඔහු අසමත් විය. ශ‍්‍රී ලංකාවේ සමස්ත බදු ආදායමෙන් සියයට 80 ක් ම දැනටමත් ලැබෙන්නේ දුප්පතුන්ට තද බල ලෙස පහර වැදෙන වක‍්‍ර බදු වලිනි.
    අනෙකුත් වැඩපිලිවෙලවල් වන්නේ ජාතිය ගොඩ නැගීමේ බද්ද (එන්බීටී) සියයට 2 හි පවත්වා ගැනීමත් ව්‍යාපාර වැඩි ප‍්‍රමානයක් බදු දැලට ඇතුලත් කර ගැනීමට බදු සීමාව රුපියල් මිලියන 3.75 (එජ ඩො 25,950) සිට රුපියල් මිලියන 3 දක්වා අඩු කිරීමත් ය. එන්බීටී ය ව්‍යාපාර විසින් ගෙවිය යුතු වුවත් ඇත්තටම එය ගෙවන්නේ පාරිභෝගිකයාය.

    ගිය වසරේ අයවැයෙහිදී සියයට 15 ට අඩුකරන බවට පොරොන්දු වූ ආයතනික නොවන හා ආයතනික ආදායම් බදු තව වසරක් සඳහා සියයට 17.5 හිම තබනු ඇත. "ධනපතියන්” මත බද්දක් පනවන බවට පරිහාසාත්මකව ප‍්‍රකාශ කරමින්, ප‍්‍රාග්ධන ඉපැයීම් බද්දක් ගැන අගමැති පාර්ලිමේන්තුවේදී පැවසුවේය. කෙසේවෙතත්, එය කවර ප‍්‍රතිශතයක්දැයි ඔහු කීවේ නැත.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බදු වැඩපිලිවෙල මගින් අයවැය හිඟය දල දේශිය නිෂ්පාදනයෙන් (දදේනි) සියයට 5.9 සිට සියයට 5.4 දක්වා අඩු කරන බව වික‍්‍රමසිංහ පැවසීය. සත්‍යය නම් හිඟය සියයට 0.5 කින් අඩු කිරීමට, ආන්ඩුව රාජ්‍ය වියදම් වල දැවැන්ත කප්පාදු ක‍්‍රියාත්මක කල යුතුය. තවදුරටත්, 2020 වනවිට හිඟය සියයට 3.5 තෙක් අඩු කිරීමට ජාමූඅ ට අවශ්‍ය වී තිබේ. 2017 දී බදු ක‍්‍රමයේ වැඩිදුර වෙනස්කම් සඳහා ජාමූඅ සමග තව දුරටත් සාකච්ඡා කෙරෙන බව වික‍්‍රමසිංහ පැවසීය.
    විශේෂ ආර්ථික ප‍්‍රකාශය සම්පාදනය හා ඉදිරිපත්කිරීම කරනු ලැබූ අන්දම ජාමූඅ හි මැදිහත්වීම පෙන්නුම් කෙරනවා පමනක් නොව මෙම සත්‍යය වසන් කිරීමට ආන්ඩුව ගන්නා අශිෂ්ට උත්සාහය ද පෙන්වා දුනි.
    ආන්ඩුවේ ප‍්‍රකාශනයට පදනම් වුන ලියවිල්ලක් මුදල් ඇමති රවි කරුනානායක විසින් මාර්තු 2 දා කැබිනට් රැස්වීමට ඉදිරිපත් කලේය. කෙසේවුවද, එහි අඩංගු දේ ජාමූඅ ට සමාන කමක් දක්වන බවත් විරුද්ධවාදීන් ආන්ඩුව ජාමූඅ හි පදයට නටන බවට චෝදනා කරනු ඇති බවත් කියමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන එම කැබිනට් පත‍්‍රය විවේචනය කලේය.

    එම ලියවිල්ලේ සියලූ පිටපත් එකතු කරන ලෙසත් කැබිනට් සාමාජිකයන්ට එහි අන්තර්ගතය හෙලි නොකරන ලෙසත් සිරිසේන විධාන කල බව කොලඹ පලකරන සන්ඬේ ටයිම්ස් පත‍්‍රය වාර්තා කලේය. "ගෝලීය ආර්ථික පසුබැස්ම ශ‍්‍රී ලංකා ආර්ථිකය මත ඇතිකරන බලපෑම අවමකිරීම” මැයෙන් පිටු නවයක ලියවිල්ලක් ලෙස මාර්තු 4 දා වික‍්‍රමසිංහ එම යෝජනාම ඉදිරිපත් කලේය.
    පාර්ලිමේන්තුවේ තම ප‍්‍රකාශය තුලදී, වික‍්‍රමසිංහ ශ‍්‍රී ලංකාවේ නය ගැටලූවට පසුගිය රාජපක්ෂ ආන්ඩුවට හා ගෝලීය ආර්ථික අර්බුදයට දෝෂාරෝපනය කලේය. රාජපක්ෂ ශ‍්‍රී ලංකාව "නය උගුලක” හිර කර ඇති බව ඔහු පැවසීය.

    2015 අවසන් වන විට සමස්ථ රාජ්‍ය නය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන විසින් ගන්නා ලද නයද ඇතුලත්ව, රුපියල් ටි‍්‍රලියන 9.5 ක් (ඩො බිලියන 65.6) හෝ දදේනි යෙන් සියයට 75 ක් පමන බව වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කලේය. 2016 සඳහා ශ‍්‍රී ලංකාවේ නය සේවා ගෙවීම් රුපියල් බිලියන 1,209 ට ඉහල ගොස් තිබෙන බව ඔහු පැවසීය.

    චීනයේ හා රුසියාවේ ආර්ථික පසුබැස්ම හා උත්සන්න වන මැද පෙරදිග භූ-දේශපාලන අර්බුදය තේ අපනයනයට, සංචාරක කර්මාන්තයට හා පිටරට රැකියා කරන්නන්ගේ මුදල් එවීම් මත බලපෑම් ඇති කරන බව අගමැති පැවසීය. එක්සත් ජනපදයේ පොලී අනුපාත ඉහල යෑම හා යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍යය ඉවත්වීමේ හැකියාව ආර්ථිකය මත බලපෑ හැකි අතර ලාබ පොලී අනුපාත මත නය ලබා ගැනීම අපහසු කරවනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.
    වැඩෙන නය බර සම්බන්ධව වික‍්‍රමසිංහගේ අදහස් කුහකය. නය අර්බුදය හුදෙක් රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රථිපලයක් නොවේ. එය ගෝලීය ක‍්‍රියාවලියකින් දිවෙන අතර බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව ගෙන ගිය 30 අවුරුදු යුද්ධයට දිගටම පැවති ශ‍්‍රී ලංකා ආන්ඩු විසින් වැය කල ඉහල ගිය යුද වියදම් අයත්වේ.

    රජයේ නව බදු හා වියදම් කප්පාදු වැඩපිලිවෙල ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ සෘජු විධානයන් මතින් වර්ධනය කරන ලද තීරනයන්ය.
    "අපි මෙම අර්බුද වාතාවරනය ජාමූඅ කලමනාකරන අධ්‍යක්ෂ ක‍්‍රිස්ටීන් ලගාඞ්, ආර්ථික විශේෂඥයන් වන ජෝර්ජ් සෝරොස්, ජෝෂප් ස්ටිග්ලිට්ස්, හා රිකාඩෝ හවුස්මන් සමග සාකච්ඡා කල අතර ඔවුන්ගේ උපදෙස්වලට කන් දුන්නෙමු. ලෝක ආර්ථික තත්වය ගැන අනාවැකි පලකිරීම ඉතා අසීරු බව ඔවුන්ගේ මතය වූ අතර වියදම් ගැන උපරිම සැලකිල්ලක් දක්වමින් ජාතික ආදායම ඉහල නැංවීම සඳහා වැඩි බරක් යොදවන ලෙස අපට අවවාද කලහ” යි වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පිලිගත්තේය.

    යුරෝපීය බැංකු හා ජාමූඅ ග‍්‍රීසියේදී ඉල්ලා සිටි අන්දමටම, රැකියා, වැටුප් හා සියලූ සමාජ ජයග‍්‍රහන කප්පාදු කරමින් කම්කරු පන්තිය හා පීඩිත මහ ජනතාව දුගී බවට හෙලීම මෙම "උපදෙසේ” ද තේරුමයි.

    ජාමූඅ ඇප නය මුදල ලබාගැනීමට කොලඹ ආන්ඩුව බොහෝ උනන්දුය. පසුගිය වසර මුලදී සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට පැමිනි විගසම ඔවුහු ජාමූ අරමුදලෙන් මුදල් ඉල්ලා සිටියහ. කොලඹ ආන්ඩුව අයවැය ඉලක්ක සපුරා නොමැති බවත් රාජ්‍ය අංශය ප‍්‍රතිව්‍යුහගත කිරීමට හා පුද්ගලීකරනයට අපොහොසත් වී ඇති බවත් කියමින් ජාමූඅ විසින් එම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරන ලදී.
    කෙසේවෙතත්, ශ‍්‍රී ලංකා රුපියලෙහි විනිමය අනුපාතය තීරනය කිරීමේ මහ බැංකු මැදිහත්වීම අත්හැරීම ඇතුලත්, ජාමූඅ හි සමහර ඉල්ලීම්, ඉටු කර තිබුනි. මේ හේතුවෙන්, සිරිසේන ආන්ඩුව බලය ගැනීමේ සිට, රුපියලෙහි අගය සියයට 10 කට වැඩියෙන් අවප‍්‍රමාන වී තිබේ.

    2015 දෙසැම්බරයෙන් අවසන් වූ මාස 10 තුල අපනයන ආදායම සියයට 18.7 ක නාටකාකාරී අගයකින් පහල ගියේය. රටෙහි සමස්ත අපනයනයෙන් සියයට 50 කට ආසන්න වන රෙදිපිලි හා නිමි ඇඳුම් අපනයන, පිලිවෙලින් තුන්වන මාසික ඇදවැටීම සනිටුහන් කරමින්, දෙසැම්බරයේදී සියයට 12.8 කින් පහල ගියේය. දෙවන විශාලතම අපනයනය වන තේ, ගිය වසරේ දෙසැම්බර් හා සැසඳීමේදී, මුලූමනින්ම සියයට 25 කින් ඇදවැටුනි. ඛනිජ තෙල් ආනයනයේ දැවැන්ත පහලයාම තිබියදීත්, 2014 හා 2015 සඳහා රටෙහි වෙලඳ හිඟය තවමත් ඩො. බිලියන 8 කට වැඩිය.

    ප‍්‍රධාන වශයෙන්ම මැද පෙරදිගින් එන, කම්කරුවන්ගේ ඉතිරිකිරීම්වල කඩා වැටීම ආර්ථිකයට එල්ල කෙරුනු තවත් පහරක් විය. ගිය වසරේ ඩො බිලියන 7 ක් පැවති මෙම ඉතිරිකිරීම්, 2015 දී ඩො බිලියන 6.9 කට අඩු වු අතර, එම අඩුවීම සියයට 0.5 ක් විය.

    ෆිච් රේටින්ස්, පෙබරවාරි 29 දා, ශ‍්‍රී ලංකාව ඊඊ- සිට ඊ+ දක්වා තත්වයෙන් පහත හෙලූ අතර එය ආයෝජන තත්වයේ සිට මට්ටම් තුනක පහලයාමකි. තවදුරටත් එය පහල යා හැකි බවට යෝජනා කරමින් බිහිදැක්ම (outlook) පහල මට්ටමට එනම් "සෘනාත්මක” තත්වයට මාරු කර තිබේ. ඉදිරියේදී එලඹීමට නියමිත දැවැන්ත නය ආපසු ගෙවීම් හා දේශීය රාජ්‍ය බැඳුම්කර මිලදී ගැනීමට ආයෝජකයන්ගේ කැමැත්තේ පහල යාමත් සැලකිල්ලට ගෙන ඉහලයන ප‍්‍රති-මූල්‍යකරනයේ අවදානම ද ඇතුලත් වූ තම තීරනය සඳහා වූ හේතු කිහිපයක් ෆිච් පෙන්නා දුන්නේය. ශ‍්‍රී ලංකාවේ වර්තමාන විදේශ විනිමය සංචිත මාස 2.9 ක බාහිර ගෙවීම් සඳහා පමනක් සෑහෙන බවට ෆිච් ඇස්තමේන්තු කලේය.
    මෙය හුදෙක් එක් ආයතනයක අදහස යැයි පවසමින්, මුදල් ඇමති රවි කරුනානායක හා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ෆිච්ගේ මෙම පහල දැමීම කෝපසහගතව ප‍්‍රතික්ෂේප කලහ. කෙසේවුවද, ශ‍්‍රී ලංකාව ඊ1 ස්ථායී අනුපාතයක රඳවා ගෙන සිටින, මූඞීස් වර්ගීකරන ආයතනය, ජාමූඅ න් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් නය ලබාගැනීමේ ආන්ඩුවේ උත්සාහය හෙලිකරන්නේ "බාහිර සිද්ධි අවදානමකට ශ‍්‍රී ලංකාවේ නය-ඍනාත්මක” බව යැයි පැවසීය.

    ශ‍්‍රී ලංකාවේ රේට්ටුව පහල යාම හා බදු නිවේදනය මේ සතියේ කොලඹ කොටස් වෙලඳපාලෙහි තවදුරටත් නාය යාමක් පෙන්නුම් කලේය. මාස 27 කදී පහලම අගය පෙන්නුම් කරමින් කොටස් මිල ගනන් බදාදා සියයට 2 කින් ඇද වැටුනේය.
    "රජය විසින් කරන ලද මෑතකාලීන බදු පැනවීමත් සමග වෙලඳපොල පහල යනු ඇති අතර එමගින් පෙන්නුම් කෙරෙන්නේ ආර්ථිකය හැකිලී යනු ඇති බවත් ප‍්‍රධාන සමාගම්වල වර්ධන වේගය අඩුවන අතර කොටස් මිලගනන් මත යටිකුරු පීඩනයක් එල්ල වනු ඇති බවත්යැ”යි ඒෂියා සෙක්‍යුරිටීස් ස්ටොක්බ්‍රෝකර්ස් ආයතනයේ ජ්‍යෙෂ්ට උපදේශක මිෆ්ලාල් ෆාරුක් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කලේය.
    වික‍්‍රමසිංහගේ ආර්ථික ප‍්‍රකාශනය පෙන්නුම් කරන්නේ ආර්ථිකය ප‍්‍රපාතයක් මත පවතින අතර ආන්ඩුව කම්කරු පන්තියේ හා දුගීන්ගේ රැකියා, වැටුප් හා අනෙකුත් සමාජ අයිතීන් මතට වඩා රුදුරු ප‍්‍රහාරයන් සූදානම් කරන බවයි.

    https://www.wsws.org/sinhala/2016/2016mar/imfl-19m.html

    logo.png
     
    Last edited:
    ඔය බදු ගහන්නේ රටේ අය වය පරතරය පියවගන්න කියලා නේද?
    දැන් රුපියලත් පාවෙන්න ඇරලා තියෙනවා. 145
    එක කරන්නේ රටේ විදේශ සංචිත ආරක්ෂා කරන්න කියලා කියනව.
    එතකොට කලින් විදේශ සංචිත වියදම් කර කර dollar rate එක තියාගත්ත.

    අනේ මන්ද කරන දෙයක් ජනතාවට පැහැදිලි කරන්නෙත් නැ.
    උන් හිතෙන හිතෙන විදියට වැඩ කරනවා,


    මම නම් මහලොකුවට finance ගැන දන්නේ නැහැ මචන්. එත් ඔක්කොම බදු එකපාරම ගහල අවුරුද්දෙන් දෙකෙන් ඔය හිගේ පියවන්න හැදුවොත් එතන ලොකු අවුලක් තියෙනවා. උබ කිව්වා වගේ පැහැදිලි දැක්මක් එක්ක පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ.
    අනික අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩි රටකට ඩොලර් එකේ බලපෑම සෑහෙන්න දනේන්වනේ මචන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම බදු ගහන්ඩ ඔනෙ එතකොට තමා යහපාලනේ හරියටම උදවෙලා කියල හොදටම බොක්කටම දැනෙන්නෙ, පිනට කන්ඩ බලන චන්දෙ දුන්න උන්ප් ගොබ්බයන්ට හොද වැඩේ,
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සොහොන;19890572 said:
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නය සාකච්ඡාවට පෙර ශ‍්‍රී ලංකා රජය බදු ඉහල දැමීම නිවේදනය කරයි


    එල බූක් mark කරගත්තා පස්සේ කියවන්න:)

    කෑප්ටන් Jack Sparrow;19890590 said:
    මම නම් මහලොකුවට finance ගැන දන්නේ නැහැ මචන්. එත් ඔක්කොම බදු එකපාරම ගහල අවුරුද්දෙන් දෙකෙන් ඔය හිගේ පියවන්න හැදුවොත් එතන ලොකු අවුලක් තියෙනවා. උබ කිව්වා වගේ පැහැදිලි දැක්මක් එක්ක පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ.
    අනික අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩි රටකට ඩොලර් එකේ බලපෑම සෑහෙන්න දනේන්වනේ මචන්.

    ඔව් බන් අපි මොනවාහරි ගෙන්නගන්න ගියාම තම එපාවෙන්නේ.
    ඔය ebay එකෙන් චයිනීස් ෂොප් වලින් බඩු ගෙන්නලා දෙන එවුන් අනාතයි.

    අනික දැන් මිනිස්සු වියදම් කරන්නෙත් අඩුවෙන්.අත්‍යවශ්‍ය දේවල් හැරුණු කොට.

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කෑප්ටන් Jack Sparrow;19890411 said:
    උනුත් එකයි, මුනුත් එකයි බන්....හැමදාම පරාදයි බන් සිංහලයා.....
    හැබැයි මොනවා උනත් මහින්ද සිංහලයවයි, හමුදාවේ කොල්ලොන්වයි පාවල දුන්නේ නැහැ මචන්.....
    :).........................
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    Naked Truth Well represented

    its not a naked truth its a imaginary of some of yours ... but HE The MR is a great leader you also can see in near future... now your country is going to hell ...

    read this to realize little about HE THE MR

    2015 අවසන් වන විට සමස්ථ රාජ්‍ය නය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන විසින් ගන්නා ලද නයද ඇතුලත්ව, රුපියල් ටි‍්‍රලියන 9.5 ක් (ඩො බිලියන 65.6) හෝ දදේනි යෙන් සියයට 75 ක් පමන බව වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කලේය. 2016 සඳහා ශ‍්‍රී ලංකාවේ නය සේවා ගෙවීම් රුපියල් බිලියන 1,209 ට ඉහල ගොස් තිබෙන බව ඔහු පැවසීය.

    චීනයේ හා රුසියාවේ ආර්ථික පසුබැස්ම හා උත්සන්න වන මැද පෙරදිග භූ-දේශපාලන අර්බුදය තේ අපනයනයට, සංචාරක කර්මාන්තයට හා පිටරට රැකියා කරන්නන්ගේ මුදල් එවීම් මත බලපෑම් ඇති කරන බව අගමැති පැවසීය. එක්සත් ජනපදයේ පොලී අනුපාත ඉහල යෑම හා යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍යය ඉවත්වීමේ හැකියාව ආර්ථිකය මත බලපෑ හැකි අතර ලාබ පොලී අනුපාත මත නය ලබා ගැනීම අපහසු කරවනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.
    වැඩෙන නය බර සම්බන්ධව වික‍්‍රමසිංහගේ අදහස් කුහකය. නය අර්බුදය හුදෙක් රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රථිපලයක් නොවේ. එය ගෝලීය ක‍්‍රියාවලියකින් දිවෙන අතර බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව ගෙන ගිය 30 අවුරුදු යුද්ධයට දිගටම පැවති ශ‍්‍රී ලංකා ආන්ඩු විසින් වැය කල ඉහල ගිය යුද වියදම් අයත්වේ.