මෙහෙම එකකුත් දැන් ඇහෙනවා

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මෙහෙම එකකුත් දැන් ඇහෙනවා

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මේ අවස්ථාවේදී සුදුසු නෑ’
    (එෆ්.අස්ලම්)

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සුදුසු අවස්ථාව මෙය නොවන බවත් ඒ පිළිබද මීළඟ මැතිවරණයෙන් පසු සාකච්ඡා කර තීරණය කිරීම සුදුසු බවත් දෙමළ ප්‍රගතශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය‍.

    වත්මන් තත්වය හමුවේ විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පැවතිය යුතුය යන්න දෙමළ ප්‍රගතශීලී සන්ධානයේ ස්ථාවරය බවද අමාත්‍යවරයා පැවසීය.

    විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ උත්සහාය පිළිබඳ දෙමළ ප්‍රගතශීලී සන්ධානයේ ස්ථාවරය ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් මනෝ ගනේෂන් මහතා මේ බව කියා සිටියේය.

    විධායක ජනාධිපතිධූර ක්‍රමය අහෝසි කිරීමට අදාල කෙටුම්පතක් මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් ඊට තුනෙන් දෙකක බහුතර කැමැත්තක් කිසිවිටක නොලැබෙන බවද හෙතෙම කියා සිටියේය.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    තුනෙන් දෙක ගන්න පුලුවන්.මොකද ශ්‍රී ලංකා කාරයන්ට ගෝඨාව පොහොට්‍ටුව දිනවලා හම්බ වෙන පකක් නෑ.ඇමතිකම් ජනාධිපතිට වඩා අගමැති කෙනෙක් යටතේ බලගතු තනතුරක්.සිරාට ජනාධිපති අපේක්ෂක කම දෙනවා කියපු පොහොට්‍ටුව මරා ගෝටාගෙන් ආපහු අරක දෙනවා මේක දෙනවා කියලා සත පහක විශ්වාසයක් නෑ.ඒක නිසා ඌටත් ගෝටා දිනවලා වැඩක් නෑ.රනිල්ට කොහොමත් වැඩක් නෑ.මංත්‍රීලා 142ක් හොයා ගන්න පුලුවන්.පොහොට්‍ටුවෙත් සෙට් එකක් ඉන්නවා රාජපක්ෂ පවුල්වාදය ගැන එපා උන.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තමන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාවට සහභාගි වූයේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත බව ඇමැති රවි කරුණානායක මහතා සඳහන් කරයි.

    ජනාධිපතිවරයා විසින් කළ ඉල්ලීමක් අනුව ඇමති මණ්ඩල රැස්වීමෙන් පසුව තමන් හා අගමැතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්චාව පැවැත්වූ බවද ඔහු පැවසීය.

    විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහාය දක්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කළේය.

    නමුත් ඒ සඳහා නම් මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ අනුමැතිය අනිවාර්ය බව අගමැතිවරයා සඳහන් කළේ යැයිද කරුණානායක මහතා කියා සිටියේය.

    ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බව සත්‍ය බවත් නමුත් එම හමුව සිදුවූයේ ජනාධිපතිවරයාගේ ආරාධනාවක් මත බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල් හාමුට ගන්න බැරි විධායක ජනාදිපතිකම අපට ඕනම නෑ.... කොහොම හරි ඕක ගෝට ගන්න කලින් නැති කරල දාන එක තමයි හොද
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අගමැතිවෙනකොට ජනාධිපති බලතල කොටසක් දෙන්න ඕන.
    ජනාධිපති වරනය දිනාගන්න බැරිවෙනකොට ජනාධිපතිකම අහෝසි කරන්න ඕන.
    අර එකෙක් කිව්වෙ දිනන එක කජ්ජක්ද, බිජ්ජක්ද කියල... ඉතිං දිනල බහුතරය අරගෙන ඕන එකක් කරගන්න එකනේ තියෙන්නෙ.... කොණ්ද කෙලින් තියාගෙන...
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    වසර හතර හමාරක් ආණ්ඩුවේ සිටි පිරිස ජනාධිපතිධූරය අහෝසි කරනවා කියා උතුරේ ජනතාව රවටා දකුණේ ජනතාව රට බෙදනවා කියා වෛරයට ලක්කරගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පැවසීය.

    19 වැනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ බලය ජනාධිපතිට,අගමැතිට හා කථානායකට බලය බෙදී තිබීමෙන් ඔවුන් සමඟ වැඩකරන විට රට අවුල් සහගත තත්වයකට පත්වන බවද ජනාධිපතිවරයා පැවසීය.

    රට ගොඩගැනීමට නම් 19 වැනි සංශෝධනය අහෝසි කළ යුතු බවත් ගැටළුව නම් 19 වැනි සංශෝධනය අහෝසි කරන්න කවුද පාර්ලිමේන්තුවේ කැමති වන අගමැතිවරයා කියන එක බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එලෙස පැවසූයේ යාපනය නගර සභා ක්‍රීඩාංගණයේ පැවති රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ සමාප්ති උත්සවයට සහභාගී වෙමිනි.



    එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පැවසීය.



    මගේ අවුරුදු පහකට ආසන්න කාලය තුල ලොකුම ජයග්‍රහණය තමයි මේ රටේ කිසිදු ජනාධිපතිවරයෙක් නොකරපු දෙයක් මම කරලා තිබෙනවා. ඒ තමයි ආණ්ඩුවේ තුවක්කුවක් දේශපාලන හේතු මත කිසිදු කෙනෙකුට පත්තුකරලා නැහැ. ඒක මම පැහැදිලිව කියන්නට ඕනෑ. අනෙක් හිටපු සියලු ජනාධිපතිවරුන්ට චෝදනා රාශියක් තිබෙනවා. ආණ්ඩුවේ තුවක්කු පත්තුකළ හැටි ආණ්ඩුවේ මැදිහත්කම මත දේශපාලන වශයෙන් හිරිහැර කරපු ඒවාල ශාරිරික වද හිංසා දුන්න ඒවාල ගෙවල් දොරවල් ගිනිතියපුවා, මාධ්‍ය ආයතන ගිනිතියපුවා, මාධ්‍යවේදීන්ට කළ හිරිහැර පීඩා. මා ප්‍රජාතන්ත්‍රවාදය, සාමය ශක්තිමත් කරලා තිබෙන්නේ ඒ නිසා කිසිදු චෝදනාවක් මට නැහැ. ඒ නිසා විවේචන කොච්චර තිබුණත් නිදහස, සාමය හා සමානාත්මතාවය මට කළ හැකි උපරිම ලෙස ඉෂ්ඨ කරලා තිබෙනවා.

    ඒ වගේම කියන්නට ඕනෑ පසුගිය අවුරුදු හතර හමාරෙන් අවුරුදු හතරක්ම පාර්ලිමේන්තුවේ ඉන්න මහත්වරු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදුවා. ඒකට කෝටි ගණනක් වියදම් කළා. අපේ මැති ඇමැතිවරු ආණ්ඩුක්‍රම විශේෂඥයෝ කෝටි ගණන් වියදම් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධ්‍යනය කරන්න ලෝකයේ රටවල්වල ගියා. මා කියා තිබුණා ඡන්දෙට ඉස්සල්ලාත් පස්සේත් පසුගිය වසර හතරේදීත් ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලා. නමුත් අවුරුදු හතරහමාරක් පාර්ලිමේන්තුවේ හිටපු මහත්වරු කරපු දෙයක් නැහැ. ඒක මගේ වැරුද්දක් නොවෙයි.

    අප ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ගැන කතාකරන විට විශේෂයෙන්ම රට සංවර්ධනය කරන්න රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. දේශපාන බේද අමතක කර ආණ්ඩුව හා විපක්ෂය මෙය ඉටුකළ යුතුයි රට වෙනුවෙන්. එහෙම කළේ නැතිනම් රටේ යහපත් රාජ්‍යයක පාලනයක් ඇති කරන්න බැරිවයනවා. ජනාධිපතිවරණය ළඟ එන අතර ආණ්ඩුවට තවමත් මෙය නිවැරදි කරන්නට කාලය තිබෙනවා බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.