මගෙ යාලුවෙක්ට පොඩිකාලෙදි එයාගෙ සීයා කියලා තියෙනවා දේපල ඔක්කොම එයාට දෙනවා කියලා. ඒත් සීයා දේපල ඔක්කොම මෙයාගෙ තාත්තා වෙච්ච සීයගෙ පුතාට ලියලා. දැන් සීයත් නෑ ,තාත්තා මෙයාටයි අයියටයි දෙන්නටම දේපල සමසේ බෙදලා ලියලා දෙන්න හදන්නෙ, ඒත් මගෙ යාලුවා කැමති නෑ ඒ වැඩේට. මූ දැන් ඉන්නෙත් මහගෙදර, මූ දැන් දේපල ඔක්කොම හොරට ලියාගෙන දෙමව්පියන්වත් ගෙදරින් එලවලා දාන්න හදන්නෙ. මහ සක්කිලි වැඩක් මම දකින විදියට. මට තියන ප්රෂ්නෙ, එහෙම හොර ඔප්පු හදන්න පුලුවන්ද අහුවෙන්නෙ නැතිවෙන්න?