මෙහෙම යෝජනා ඇවිල්ලද ?




මේ යෝජනා වලට කවුරු එකග වෙයිද ? එකග වෙන යට චන්දෙ දෙනවද ?
1. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම.
2. අවසන් යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම.
3. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.
4. දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.
5. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම.
6. උතුරු - නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.
7. උතුරු - නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.
8. මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු - නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම.
9. මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරිම.
10. පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරිම.
11. උතුරු - නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම.
12. උතුරු - නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම.
13. උතුරු - නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශ ලෙස නම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම.








