අපේ ගෙදර ඒ කාලෙ තිබුනා හෙනම දිග ඇන්ටනාවක් VHF වලට විතරක් වැඩ කරන, ITN/රූපවාහිනී සහ පස්සෙ Channel eye එක ඔය ඇන්ටනාවෙන් සුපිරියටම පේනවා. එක ඩොට් එකක් වත් නැහැ
තව අඩි 5ක විතර dipole එකක් තිබුනා TNL බලන්න. ඒක නං ඩොට් හැබැයි බලන්න පුලුවන් තරමට පේනවා, ඒ කාලෙ always breakdown අර මපට් ශෝ එක අපි බලනවා මතකයි
චැනල් එක මාරු කරලා ටීවී එකට ගහල තියන ඇන්ටනා ජැක් එකත් මාරු කරන්න ඕන
UHF චැනල් වුනු ස්වර්ණවාහිනී සහ සිරස මොන මගුලෙන්වත් අපේ ගෙදරට පේන්නෙ නැහැ, මුලු වත්ත වටේම ඇන්ටනා කරකවලා බැලුවා එකකින්වත් ඒ දෙක හදාගන්න බැරි උනා
අපේ තාත්තා ලඟ ඔරිජිනල් kobe බූස්ටර් සෙට් තුනක්ද කහොද තියනවා ඒ කාලෙ එක එක ඇන්ටනා වලට හයි කරපුවා. තාත්තා ටීවි රේඩියෝ වලට හරි ආසයි මම ජොබ් එක කරනන ගනිපු ගමන් පත LCD ටීවි එකකුයි ඩයලොග් ටීවි එකකුයි අරන් දුන්නා(මම බිල ගෙවන්නෙ) දැන් ඇන්ටෙනා සේරම ගලවලා දාල බලනවා.
සාමන්යෙන් බටපොල අන්ටෙනාව එන්න කලින් තිබුන හොඳ අන්ටෙන්නා වල dipole තුනක් තිබුනා
- VHF
- UHF
- VLF
වලට වෙන වෙනම.
මට මතක විදියට 2005 ට වගේ කලින් TNL එකේ VL Transmission එකක් තිබුනා, දැන්නම් නැතුවැති ඕවා. ඒකට තමයි ඔය wide dipole එක තිබුනේ. වැස්ස දවසට Dooradharshan එහෙමත් කලර් අහුවෙනවා VL frequency වලින්.
ITN එකනම් නිකන් coaxial cable එකක් ඇමුනුවත් හොඳට අහුවෙනවා. අපේ ගෙදර ඉස්සර VHF විතරක් තියන ඇන්ටනා එකක් තිබුනේ 2000 වගේ වෙනකන්. ඉතින් අහුවුනේ ජාතික එකයි රූපවාහිනී එකයි විතරයි. 1999 විතර රූපවාහිනී 2 (දැන් Channel Eye) පටන්ගත්තම ඒකේ නිතරම Discovery channel ප්රෝග්රෑම් යනව කියලා තාත්තට අඬලා අඬලා UHF ඇන්ටනාවක් ගත්තේ.
1999 වල්ඩ් කප් එක දුන්නෙත් ස්වර්නවාහිණියෙනේ, ඒක බලන්නත් බැරුව ගියා ඔය කරුමේ නිසා.
දැන් බටපොල ගන්න යන්න එපා, ගොඩක් රටවල Analog transmission ලඟදීම නවත්තන්න ඉඩ තියනවා. එහෙම උනොත් ආපහු decoder එකකට යට කරන සල්ලි අපරාදේ. අනික picture quality එක අන්තිමයි නේ, වයසක මිනිස්සු උනත් පවුනේ. රු 500කට වගේ ලෝකල් channel පැකේජ් එකක් අරගෙන ඕක තියාගනින්.