ඔව් බ්‍රෝ. ස්ක්‍රීන් සයිස් එක නිසා කැතට පෙව්නොත් වැඩක් නැ. 43 ඉන්ච් එකක් ගන්න එකද හොද ? එකෙන් මීට වඩ කොලිටි එකට පේයි නෙද?
මෙහෙමයි මචන්
සාමාන්‍යෙන් 4K වගේ වෙනකොට ටීවී එකේ වෙන හොඳ ෆීචර්ස් එනවා, කලර්ස් හොදයි, Upscaling /image processing හොඳයි, පැනල් එක හොදයි. මේව 4K නිසා වෙන දේවල් නෙමයි එව ටිකක් ගනන් ටීවී නිසා ඇඩිශනලි හම්බෙන ඒව. ඒවයෙ වැදගත් කමක් තියනවා
අනෙක ෆිල්ම් එකක් බලද්දි, netflix වගේ බලනවා නම්, යුටියුබ් බලනවා නම් වගේ 4K එකක් තියන එක හොඳයි
මගේ ලග FHD එකකුත් තියනවා, එකම ෆිල්ම් එක ටීවී දෙකේම දාල බැලුවොත් මම උඩින් කියපු සීන් වල වෙනස 4K. එකේ පේනවා.
පොඩි ටීවී එකේ පික්සල් පොඩි නිසා ටිකක් ලගින් හිටියත් පික්සලේට් වෙන ගතිය පේන්නෙ නැහැ. උඹ ඕන නම් ඔය ශෝරූම් එකකට ගිහින් උඹල බලන දුරින් බලපන් කොහොමද කියලා
බලන්න බැරි තරම් අවුලක් නැහැ බන්, අනික ටික දවසක් ගියාම ඕක හරියනවා
අපෙත් ගෙදර පරන sony 21inch එකක් තිවුනෙ, අලුත් ටීවී එක ගනිපු දවස් වල තාත්ත එහෙම කිවුවා අලුත් එක බොඳ වෙලා වගේ කලර්ස් හරි නෑ එහෙම කියලා(පරණ sony trinitron crt tv වල කලර්ස් එහෙම පට්ටම සිරා, අලුත් LCD වල ඒ කලර්ස් නැහැ), දැන් පුරුදු වෙලා ගානක් නැතුව බලනවා