මේකට නඩුවක් වැටෙයිද? 😬

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    5,848
    6,866
    113
    බදු ගිවිසුමක් තියෙනවා නම් ගිවිසුමේ කොන්දේසි කඩ කළ එක ගැන බදු ගැනුම්කාරයාට පියවර ගන්න පුළුවන් මචං. ඒකට ගිවිසුම වලංගු කාලය ඇතුලත කොන්දේසි කඩ වෙන්න ඕනේ.

    මුලින්ම පොලීසියට පැමිණිලි කරලා බලන්න පුළුවන්. ඒත් පොලීසියෙන් ඕවා වැඩිය ගණන් ගන්නේ නැහැ සිවිල් කාරණයක් නිසා. දෙපාර්ශවය සමථ කරලා යවනවා. බැරි නම් නඩු දාගන්න කියනවා.

    හරිම ක්‍රමය ගිවිසුම කඩකළ එක ගැන දිසා අධිකරණයේ නඩුවක් දාන්න වෙනවා මචං.
    මම ඇහුවේ බදු ගිවිසුමේ කාලය ඉවර උනාට පස්සේ බදු කාරය යන්නේ නැත්නම් ,
    1. කලින් කිවුවා වගේ දේවල් කරොත් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බදු කාරයට පුළුවන් ද ?
    2. අයිතිකාරයා මේ ගෙදරට ගිහින් පදිංචි වෙලා බදු කාරයට වාතයක් වෙන විදියට හැසිරුනොත් මොකද්ද නීතිමය තත්වය ?
     
    • Like
    Reactions: NRTG

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,151
    1,925
    113
    මාළඹේ

    බදු කාලය ඉවර වුණහම යන්නේ නැත්නම් නීත්‍යානුකූල ක්‍රමය දිසා අධිකරණයේ නඩුවක් දාලා යවා ගන්න එක.

    බදු කාලය ඉවරයි කියන්නේ ගිවිසුමේ කාලය ඉවරයි කියන එක මචං. එතකොට බදු ගැනුම්කරුට බදු දීමනාකරුගේ අවසරය නැතුව බදු දේපළේ රැඳිලා ඉන්න කිසිම අයිතිවාසිකමක් නැහැ.

    වතුර කැපීම, විදුලිය විසන්ධි කිරීම වගේ ඒවා කළා කියලා බදු ගැනුම්කරුට කිසිම දෙයක් කරන්න විදිහක් නැහැ. පොලීසියේ පැමිණිල්ලක් දාන්න පුළුවන්. ඒත් වැඩක් නැහැ. ඒ වගේ කාරණේකට ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග නැහැ. මොකද බදු ගිවිසුම දැන් අවලංගු වෙලානේ තියෙන්නේ. බදු දීමනාකරුට බදු දේපළේ පදිංචි වෙන්නත් පුළුවන්.

    හැබැයි මෙහෙම එකක් තියෙනවා. එතනදි බදු ගැනුම්කරුට පෞද්ගලික හානියක් වෙනවා නම් තත්ත්වය වෙනස් වෙනවා. බදු දේපළෙන් ඉවත් කරන්න බදු ගැනුම්කරුට පහර දීමක් වෙනවා නම් ඒක අපරාධයක් වෙනවා. බදු ගැනුම්කාර පාර්ශවයේ කාන්තාවන්ට හිරිහැරයක් වෙනවා නම් වගේ කාරණා වලදි අපරාධයක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා වලදී බදු ගැනුම්කරුට හරි ඒකට මුහුණ දුන්න අයට තමන්ට වුණ හිරිහැරය ගැන පොලීසියේ පැමිණිල්ලක් දාන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG and hi.dushan

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,733
    1,757
    113
    Adelaide
    lankawe renting walata system ekak nathi nisai okkoma prashna.. wena ratawal wala rent ekata inna eka sellam danne ne, rental history eka awl giyoth, malata geyak ganna wenne nethi nisa.. anika whole rental process ekama yanne 3rd party agent company ekak through. agent thamai, advertise karana thana idan okkoma handle karanne. .owner kawda kiyalawath expose wenne ne unless he wanted. so life is easier. Agent hema 3 months walatama serayk inspection enawa, edata ge hodata as karala thiyanna one.. kathandara godai..
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,642
    1,314
    113
    බදු කාලය ඉවර වුණහම යන්නේ නැත්නම් නීත්‍යානුකූල ක්‍රමය දිසා අධිකරණයේ නඩුවක් දාලා යවා ගන්න එක.

    බදු කාලය ඉවරයි කියන්නේ ගිවිසුමේ කාලය ඉවරයි කියන එක මචං. එතකොට බදු ගැනුම්කරුට බදු දීමනාකරුගේ අවසරය නැතුව බදු දේපළේ රැඳිලා ඉන්න කිසිම අයිතිවාසිකමක් නැහැ.

    වතුර කැපීම, විදුලිය විසන්ධි කිරීම වගේ ඒවා කළා කියලා බදු ගැනුම්කරුට කිසිම දෙයක් කරන්න විදිහක් නැහැ. පොලීසියේ පැමිණිල්ලක් දාන්න පුළුවන්. ඒත් වැඩක් නැහැ. ඒ වගේ කාරණේකට ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග නැහැ. මොකද බදු ගිවිසුම දැන් අවලංගු වෙලානේ තියෙන්නේ. බදු දීමනාකරුට බදු දේපළේ පදිංචි වෙන්නත් පුළුවන්.

    හැබැයි මෙහෙම එකක් තියෙනවා. එතනදි බදු ගැනුම්කරුට පෞද්ගලික හානියක් වෙනවා නම් තත්ත්වය වෙනස් වෙනවා. බදු දේපළෙන් ඉවත් කරන්න බදු ගැනුම්කරුට පහර දීමක් වෙනවා නම් ඒක අපරාධයක් වෙනවා. බදු ගැනුම්කාර පාර්ශවයේ කාන්තාවන්ට හිරිහැරයක් වෙනවා නම් වගේ කාරණා වලදි අපරාධයක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා වලදී බදු ගැනුම්කරුට හරි ඒකට මුහුණ දුන්න අයට තමන්ට වුණ හිරිහැරය ගැන පොලීසියේ පැමිණිල්ලක් දාන්න පුළුවන්.
    මෙතනදි වැඩේ වෙන විදියනම්, ජල /විදුලි එකෙක් වත් අපි බදු හිමිකරු විදියට ඉල්ලීම් කලාට ගෙදර පදිංචි වෙලා හිටියොත් කපන්න ගියවෙලාවට බදු ගිවිසුම /ඔප්පුව පෙන්නලා කපන්න එපා කිව්වොත් උන් යනව හැරිලා
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    3,178
    6,090
    113
    අලුත් බදුකුලි නිති වෙනස් උනා. දැන් මාස 3ක ඇතුලත එලියට දාන්න පුලුවන්. කෙලින්⁣ම පොලිසි යන්න.

    Correct, deposit eken adu karapan wadipura hitiya kale
     
    ibmdinosaur

    Active member
  • May 2, 2022
    156
    211
    43
    1. මානව හිමිකම් කඩ වුණා කියලා කොහේටවත් පැමිණිලි කරන්න බැහැ මචං. මොකද මෙතන පාර්ශව දෙකම සිවිල් පුද්ගලයන්නේ. ඒ කාරණේ ගැන නම් බය වෙන්න එපා.

    උදා:
    මානව හිමිකම් කඩ වුණා කියලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන්න පුළුවන්. ඒත් මානව හිමිකම් කඩ වෙන්න නම් ඒ ක්‍රියාව විධායක හෝ පරිපාලන ක්‍රියාවක් වෙන්න ඕනේ.
    සාමාන්‍ය පුද්ගලයෙක් මට පහර දෙනවා. එතනදි සිද්ද වෙන්නේ අපරාධයක්.
    පොලිස් නිලධාරියෙක් පහර දුන්නා නම් එතනදි අපරාධයක් වගේම මානව හිමිකම් කඩවීමකුත් සිද්ද වෙනවා.
    පෞද්ගලික ආයතනයකට මොකක් හරි වැඩක් කරගන්න යනවා. එතනදි අපේ වැඩේ වෙන්නේ නැහැ. ඒ ගැන අදාළ පෞද්ගලික ආයතනයටම පැමිණිලි කරන්න පුළුවන්.
    රජයේ ආයතනයකට මොකක් හරි වැඩක් කරගන්න යනවා. අපේ වැඩේ වෙන්නේ නැහැ. ඒ ගැන ඉහළ නිලධාරීන්ට පැමිණිලි කරන්න පුළුවන්. ඒ වගේම ඒ නොකරහැරීම මානව හිමිකම් කඩවීමක්.

    2. 2023 අංක 01 දරණ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ දිසා අධිකරණයේ නඩුවක් දාන්න පුළුවන්. එතනදි අලාභ අය කරගන්න පුළුවන්. ඒත් නඩු දාන්න නම් නිකන් බදු ගිවිසුමක් තිබ්බට වැඩක් නැහැ.
    ඒ බදු ගිවිසුමට යථා පරිදි මුද්දර ගාස්තු ගෙවලා තියෙන්න ඕනේ. වංචා වැළැක්වීමේ ආඥා පනත යටතේ ලියලා තියෙන්න ඕනේ.

    3. බදු ගිවිසුමක් නැත්නම් පොලීසියට පැමිණිලි කරන්න තමයි වෙන්නේ. පොලීසිය තග දාලා යවයි.
    Lawyer kenek nemeinam meh wage dewal gana igena ganna/awabodyak ganna mokak hari mehe website ekak thiyenawada bn? Wena ratawal wala laws hoyaganna puluwan eth samahara welawata mehe thiyena laws gana danaganna/hoyaganna amarui mata.
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,642
    1,733
    113
    Ja-ela

    මම වෙන එකක් දැනගන්න. 81 වන වගන්තිය යටතේ සදහන් වෙන්නේ සාමය කඩවීම පිළිබඳව නේද? එම වගන්තිය යටතේ නඩුවකට පැටලුනොත් තියන බැරෑරුම්කම මොකක්ද ?
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    227
    137
    43
    අලුත් බදුකුලි නිති වෙනස් උනා. දැන් මාස 3ක ඇතුලත එලියට දාන්න පුලුවන්. කෙලින්⁣ම පොලිසි යන්න.
    ඔව් ..බය නැතුව නඩු දාන්න පුලුවන්
    එහෙම නැන්දට ඕන ඕන දේවල් කරන්න නං බෑ. යන්නේ නැත්තං නීත්‍යානුකූලව යවන්න ඕන.
    උඹ මානව හිමිකම් බයිලා කියනවා ..ඕක උන කෙනෙක්ටයි ඕකෙ වේදනාව දන්නේ ..බදු ඔප්පු ලියල නැත්නම් සෙට් එකක් දාලා බලෙන් හරි එලවපන්..මේ රටේ නිතිය තියෙන්නේ වැරදිකාරයො රකින්න ..

    එතකොට බදු ගැනුම්කරුට බදු දීමනාකරුගේ අවසරය නැතුව බදු දේපළේ රැඳිලා ඉන්න කිසිම අයිතිවාසිකමක් නැහැ.
    දැන් law එක වෙනස් උන නිසා මචන් ..කලින් එහෙම කතන්දර නැහැ
    ------ Post added on Jun 29, 2023 at 2:30 PM
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,151
    1,925
    113
    මාළඹේ
    Lawyer kenek nemeinam meh wage dewal gana igena ganna/awabodyak ganna mokak hari mehe website ekak thiyenawada bn? Wena ratawal wala laws hoyaganna puluwan eth samahara welawata mehe thiyena laws gana danaganna/hoyaganna amarui mata.

    වෙබ් සයිට් එකක් ගැන නම් දන්නේ නැහැ මචං. FB pages සෑහෙන තියෙනවා නේද.

    මම වෙන එකක් දැනගන්න. 81 වන වගන්තිය යටතේ සදහන් වෙන්නේ සාමය කඩවීම පිළිබඳව නේද? එම වගන්තිය යටතේ නඩුවකට පැටලුනොත් තියන බැරෑරුම්කම මොකක්ද ?

    අපරාධ නඩු විධාන සංග්‍රහයේ 81 වන වගන්තිය යටතේ යම් පුද්ගලයෙකුගෙන් අධිකරණ බල ප්‍රදේශයක හරි ඒ බලසීමාවෙන් පිටත හරි සාමය කඩ වෙන්න, වැරදි ක්‍රියාවක් වෙන්න ඉඩ තියෙනවා කියලා මහෙස්ත්‍රාත්ට ප්‍රමාණවත් තොරතුරු ලැබුණොත් ඒ පුද්ගලයාව සාමය ආරක්ෂා කරනවා කියලා බැඳුම්කරයකට යටත් කරන්න අධිකරණයට පුළුවන්. ඒ වගේම එහෙම බැඳුම්කරයකට යටත් නොකරන්න අදාළ පුද්ගලයාට අධිකරණයට හේතු දක්වන්නත් පුළුවන්.
    එහෙම බැඳුම්කරයකට යටත් කළොත් ඇපයක් සහිතව හෝ රහිතව බැඳුම්කරයකට යටත් කරනවා. ඇප තියන්න කිව්වොත් ඇප තියන්න ඕනේ. සාමය කඩ කළොත් චෝදනා වලට නඩු අහලා බන්ධනාගාරගත කරන්න පුළුවන්.
    ------ Post added on Jun 29, 2023 at 3:40 PM
     
    • Like
    Reactions: vindi19

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,712
    5,727
    113
    කට්ටිය දාල වහලෙ ශිට් ටික ගලවල එතනදිම විකුනපම්!
    පවුලෙ එකෙක්ම එවා ගනින්!

    එත් බැරිනම් කියාපම්,මන් එන්නම් ඩොසර් එකක් අරන්!

    කැරි අඩුකුලෙ හැත්ත. ගෙවල් දෙන්න කලින් කුලෙ බලලා, උගත්කම පවුල් පසුබිම බලලදිපල්ලා!
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,642
    1,733
    113
    Ja-ela

    අපරාධ නඩු විධාන සංග්‍රහයේ 81 වන වගන්තිය යටතේ යම් පුද්ගලයෙකුගෙන් අධිකරණ බල ප්‍රදේශයක හරි ඒ බලසීමාවෙන් පිටත හරි සාමය කඩ වෙන්න, වැරදි ක්‍රියාවක් වෙන්න ඉඩ තියෙනවා කියලා මහෙස්ත්‍රාත්ට ප්‍රමාණවත් තොරතුරු ලැබුණොත් ඒ පුද්ගලයාව සාමය ආරක්ෂා කරනවා කියලා බැඳුම්කරයකට යටත් කරන්න අධිකරණයට පුළුවන්. ඒ වගේම එහෙම බැඳුම්කරයකට යටත් නොකරන්න අදාළ පුද්ගලයාට අධිකරණයට හේතු දක්වන්නත් පුළුවන්.
    එහෙම බැඳුම්කරයකට යටත් කළොත් ඇපයක් සහිතව හෝ රහිතව බැඳුම්කරයකට යටත් කරනවා. ඇප තියන්න කිව්වොත් ඇප තියන්න ඕනේ. සාමය කඩ කළොත් චෝදනා වලට නඩු අහලා බන්ධනාගාරගත කරන්න පුළුවන්.
    ------ Post added on Jun 29, 2023 at 3:40 PM
    බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට....
     
    • Like
    Reactions: Bunji Kuraki

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    7,407
    13,271
    113
    අපේ නැන්දගේ තාවකාලිකව කුලියට දීපු නිවසක rent එක ඉවර උනාටත් පස්සේ කට්ටියක් ඉන්නවලු රෙන්ට් එක දිදී අද යන්නම් හෙට යන්නම් කියලා.
    මේකේ කට්ටිය යවා ගන්න ඕනේ හින්දා මෙයාලා වතුර supply එක කපන්න හදන්නේ. එහෙම කැපුවොත් rent එකට හිටපු සෙට් එකට ලයිට් /වතුර කපපු එකට විරුද්ධව මානව හිමිකම් එකෙන් case එකක් දාන්න පුලුවන්ද?
    මගේ යාලුවෙක් කිව්වා ඔහොම case එකක දී වතුර කපලා, මානව හිමිකම් කඩ උනා කියලා අන්තිමට ගෙදර අයිතිකාරයට වන්දියක් ගෙවන්නත් උනා කියලා.
    එහෙම නීතියේ කේස් එකක් තියෙනවද ගෙදරක ලයිට් /වතුර කැපුවොත් ?

    අඩේ, එක දන්නේ නෑ, පොඩ්ඩක් හොයල බලල කියන්න ඕනේ. මේකේ කේස් එක නැන්දලට මෙයාලව මාසෙන් වගේ ගෙදරින් යවා ගන්න හදිස්සිලු. මන් ඒත් එයාලට කිව්වා හදිස්සි වෙන්න එපා , පොලිසියට යන්න කියලා , කොහෙද කියන එකක් අහන්නේ නෑනේ.
    මේකේ කෙස් එක, මුන් හදිස්සි හින්දා වතුර කැපුවද කියලා sure නැ.
    එහෙම උනොත් කේස් වෙයිද?

    එක නම් දන්නේ නෑ බන්. එච්ච්රලා law ගැන දැනුමක් නෑ එයාලට. Normal විදිහට ඔය මුද්දරයක් උද sign කරලා agreement එකක් ගහනවා වගේ කරල ඇත්තේ.

    Confused Joe Biden GIF by CBS News
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,260
    2,584
    113
    අපෝ නැ බං. ඉස්සරත් ඔප්පු ගැහුවට 1972 පනතයි 1980 ගනන් වල පනතයි නිසා එලවන්න ඉජෙක්ෂන් ඕඩර්ස් ගන්න අවුරුදු 3ක් වත් යනවා උසාවියෙන්. මාරම කට්ටක් කන්න ඕනා.

    ඒ නිසා 2023 අංක 1 දරණ බද්දට දි ඇති පරිශ්‍ර ගැනිමේ සශෝධනය නිසා මාස කිහිපයක් තුල අයින් කරන්න පුලුවන්. මේක කලින් තත්ත්වය එක්ක ගත්තාම අහසට පොලව වගේ. ගෙවල් අයිතිකරන්ට නිදහසේ ඉදතැහැකි.
    Injection orders.Aluthma expert ge soyganeema😛😛😛😂😂😂