ඒ අගය නැති කෙස් එකත් ඇත්ත එත් බන්, එහෙම පැනලා ගිය තුන් දෙනෙක් එක්ක මම කතා කරලා තියෙනවා, එයාලා කියන්නේ සල්ලි කියන්නේ සතුට නෙමෙයි, කාලා ඇදලා ඉන්න තිබුනම ඇති. ගෙදර හිටියට වඩා සතුටකින් තමයි ඉන්නේ, වගේ දෙවල් තමයි, එක කෙල්ලෙක්ගේ ගෙදරින් උන් දෙන්නවම ගන්න කැමති උනා, එත් එකි කියලා තිබුනා, මේ ජිවිතේ තමයි මගේ සතුට තියෙන්නේ අපහු මට ඒ සතුට නැති කරගන්න බැහැ කියලා. තව කෙනෙකුට ගෙයකුයි, වාහනයකුයිත් දුන්නා තව සල්ලි ලක්ෂ 50ක්ද කොහෙද උගේ එකවුන්ට් එකට ට්රාන්සර් කරලත් තිබ්බා, එත් ඌ ඒ එකක්වත් භාර ගත්තේ නැහැ, සල්ලි ටික අපහු ගෙදරට ගිහින් දිලා තිබා යලුවෙක් අතේ බෑග් එකක දලා, ඌ ජොබ් එකක් කරනවා, බයික් එකක් තියෙනවා දරු පැටව් දෙන්නෙකුත් ඉන්නවා, හරිම සතුටින් ඉන්නේ, හවසට වැඩ ඇරිලා එනකන් ගෑනියි ලමයි දෙන්නයි බලාගෙන ඉන්නවා ගෙට් එක ලඟ. ඊට පස්සෙ හතර දෙනම බයික් එකේ ටික දුරක් ගිහින් අපහු ගෙදරට එනවා, ඉරිසියා හිතෙන සතුරක් බන් උන් අතර තියෙන්නේ. තාමත් උන්ට ගෙදරින් කතා කරනවා, එත් උන් කවදාවත් එන්නේ නැහැ.