මචන් මම දන්නවා උඹ මේක ආතල් එකට ගන්නෙ කියලා. මොකද උඹට වැක්සින් ඇලජික් කේස් එකක් තියෙනවා නෙ.. කොහොම වුනත් මම මේක පැහැදිලි කරන්නෙ මේක කියවන අනෙක් අයගෙත් දැණුම පොඩ්ඩක් හරි වැඩිවෙයි මේ වැක්සින් එක ගැන කියලා හිතලා.දැනට පිළිගන්නේ Mordena එක තමයි pfizer එකට වඩා හොඳ කියලා
https://www.webmd.com/vaccines/covi...head-to-head-study-shows-one-shot-has-an-edge
එතකොට mordena එකට වඩා pfizer හොඳ වෙන්න හේතු මොනවාද ?
වැක්සින් එකක් හොදයි කියලා කියන්නෙ ගොඩක් දේවල් බලලා. ඒ කියන්නෙ මූලිකවම බලන්නෙ ක්ශනික ප්රතිචාර දැක්වීම කෙටිකාලීන ප්රතිචාර දැක්වීම සහ දීර්ගකාලීන ප්රතිචාර කියන එක ගැන අද්යනය කරනවා ඊට පස්සෙ බයලොජිකල් / සයන්ස්ටිෆික් ටෙස්ට් කරනවා අන්තිමටම කරන්නෙ ක්ලිනිකල් ටෙස්ට්. ( මේ ඉතා කෙටියෙන් ). ක්ලිනිකල් ටෙස්ට් එකක් කරලා එලියට දාන්නෙ බීටා වැක්සින් එකක් විදියට. ඒ කියන්නෙ තවමත් 100% සාර්ථක එන්නතක් නෙවෙයි කියන එක තමා.
ඔන්න ඔය වැක්සින් වලින් මොඩෙර්නා හොදම එන්නත වෙන්න ඇති ( මම දන්නෑ හොදම එන්නත මොකද්ද කියලා.. ලැබෙන ඕනම එන්නතක් හොදයි කියන ප්රතිපත්තියේ මම ඉන්නවා ) නමුත් වයස අවුරුදු 18ට අඩු අයට සහ අවුරුදු 5 ට වැඩි අයට සුදුසුම එන්නත කියලා දැනට අනුමත කරලා තියෙන්නෙ ෆයිසර් එන්නත. පරික්ශන කරගෙන යනවා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සහ ඇස්ට්රා සෙනෙකා එන්නත් ගැන.
සාමාන්යෙන් අවුරුද්දක් ඇතුලත එන්නතක් එලියට දානවා කියන්නෙ හාස්කමක් වගේ දෙයක්. විශේශයෙන් නිශ්ටචිතවම හදුනා නොගත් ජාන සැලැස්මක් ඇති වෛරස් එකක් වෙනුවෙන්. ලෝකෙ කිසිම් වයිරස් එකකට බෙහෙත් නෑ. තියෙන්නෙ ඇග ඇතුලෙ වෛරස් වලට එරෙහිව ඇති කරන ප්රතිශක්තිය. ඔය ප්රතිශක්තිය කොයි තරම් දුරට සාර්තකව ක්රියාත්මක වෙනව ද කියන එක මත තමයි ඒ ඒ කාන්ඩයේ හොදම එන්නත කියලා හදුන්වන්නෙ. ෆයිසර් එකට වඩා මොඩෙර්නා හොද වෙන්න හේතුව වත් මොඩෙර්නාට වඩා ෆයිසර් හොද වෙන්න හේතුව වත් මම දන්නෙ නෑ. නමුත් මේ වසංගත තත්වයේ මේ හදිසි අවස්ථාවෙ ජීවිතය බේරා ගැනීමට හැකි ඕනෑම එන්නතක් වෛරසයට විරුද්දව 1% හෝ විරුද්දව සටන් කල හැකි එන්නතක් හොදම එන්නතක් වෙනවා. මොකද ඔබේ ජීවිතය රැදිලා තියෙන්නෙ අර 1% මත වෙන්න පුලුවන්