මේකේ තේරුම ගැන හිතුවද?

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේකේ තේරුම ගැන හිතුවද?

    ලක්ෂ්මන් හිල්මි ගායනා කරන මේ සින්දුව අහනකොට කවුරුවත් මේකේ තේරුම ගැන හිතුවද?

    රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
    නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
    සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
    යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

    විඳින වේදනා මදි මට නගයි චෝදනා
    උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
    පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
    බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා

    නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
    ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
    එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති
    සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..!!


    මේ ගීතයට පාදක වුන සිදුවීම මේකයි►
    කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමින් සෙමින් ඉදිරියට යන්නට විය... බස් රථය වේගයෙන් ඉදිරියට යමින් පවතී. හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්රෙමාණයක් බැස ගිය අතර තවත් සෙනග නගින්නට විය. ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනි. සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත්තේය. බස් රථය ඉදිරියට ඇදෙන්නට විය.

    ටික වේලාවකින් තරුණිය ගස්සා තරුණයාට රැවුවාය. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !!

    ''තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ. ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං''

    බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය. තරුණයා කෙතරම් හැඩි දැ‍ඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි විය. ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා වැටෙන්නට විට. ඔහු තම හඩ අවදි කලේය.

    ''ම‍ගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි. මම යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා. මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආය පාරක් මට සමාවෙන්න''

    තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියේය. එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියේය. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ඉතා වේගයෙන් අඩන්නට විය.


    අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.


    heros1.jpg

    :):):):):):)



    මේක ගොඩක් කට්ටිය දන්නවා ඇති..රිපොස්ට් වෙන්නත් ඇති..කොහොම උනත් මේක දැක්කම මගේ හිතේ ඇති උන දේවල්,මේක අහල නැති අයගේ හිතෙත් ඇති වෙයි කියල හිතලයි පොස්ට් එකක් විදිහට දැම්මේ..

    ඔයාලගේ හිතේ ඇති උන දේවල් කියල යන්න අමතක කරන්න එපා...

     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඇඩෙනවා බන්.. සිර කතාව..
    තැන්කු...... අපිටත් බලන්න දැම්මට..


    You must spread some Reputation around before giving it to DJU9 again.
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Captain ජැක් ස්පැරෝ;11949275 said:
    මේක මම කොහෙන් හරි අහලා තියනවා......:eek:
    හොද පෝස්ට් එකක්....
    තැන්ක්ස් මචන්.......

    WE SALUTE OUR HEROES :cool:

    You must spread some Reputation around before giving it to DJU9 again.


    :)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මම සින්දුව නම් තාම ඇහුවේ නෑ,එත් මේකේ තියෙන තේරුම කියවල බැලුවම හිතට දුකයි මචන්.මේ වගේ දේවල් වලට මුණ දීපු ආර්මි එකේ කොල්ලෝ කොච්චර ඇතිද!
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම සින්දුව නම් තාම ඇහුවේ නෑ,එත් මේකේ තියෙන තේරුම කියවල බැලුවම හිතට දුකයි මචන්.මේ වගේ දේවල් වලට මුණ දීපු ආර්මි එකේ කොල්ලෝ කොච්චර ඇතිද!

    අනිවාර්යෙන් මචං, මේ එක්කෙනෙක් විතරයි..තව ඕන තරම් ඉන්නවා...:yes:
     
    • Like
    Reactions: sameerasadaru

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    Captain ජැක් ස්පැරෝ;11949275 said:
    මේක මම කොහෙන් හරි අහලා තියනවා......:eek:
    හොද පෝස්ට් එකක්....
    තැන්ක්ස් මචන්.......

    WE SALUTE OUR HEROES :cool:

    You must spread some Reputation around before giving it to DJU9 again.


    :yes::yes::yes::yes::yes::yes:man oka ahala tyenawa ban,,fattaiii ahh,,
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    රීස්පොට් තමා ඒත් දැකපු නැති අය ගොඩක් ඉන්නවා නැවත බැලුවත් වටින පෝස්ට් එකක් මචං