මේක ඇත්තද ...අනුර....!

Stein

Member
Jul 29, 2016
67
30
0
මේක ඇත්තද ...අනුර....!

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගිය දිනෙක අයර්ලන්ත සංචාරයක නිරතවූ අතර ඔහුගේ සංචාරයේ අරමුණ කුමක්ද යන්න පවා ජවිපෙට හෙළි කරීමට නොහැකිව අසරණ වූ හැටිත් “දිවයින” විසින් යම් යම් සාධක සහිතව යම් යම් කරුණු හෙළි කල හැටිත් ඔබට මතක ඇති.

නමුත් අප අද හෙළි කරන්නේ අනුර කුමාර දිසානායකගේ අයර්ලන්ත සබඳතා සඳහා වූ සාක්ෂියකි. ඒ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර බ්ලැක්රොක් හි සිඩ්නි පෙදෙසේ අනුර කුමාර දිසානායකගේ නමින් තිබෙන නිශ්චල දේපලක් පිළිබඳවය. මේ සමග තිබෙන්නේ එම දේපළට අදාල බදු ගෙවන ලෙස දන්වා බදු එකතු කිරීමේ ජනරාල් විසින් ඔහු වෙත එවූ ලිපියයි.

112.jpg

අනුර කුමාරගේ අයර්ලන්තයේ නිවස

මේ නිවාස මිලදී ගත්තේ කවදාද? මෙහි ජීවත්ව සිටින්නේ කවුද?

2010 වසරේ සරත් ෆොන්සේකාව ජනපති කිරීමේ වෑයමෙදී ජවිපෙට ලැබුනු මුදල් කන්දරාව අනුර තම ගිණුම් වලට බැර කරගත් බවත් 2013 වසරේදී මිලට ගෙන ඇති මෙම නිවස එම මුදල්වල ප්‍රතිපලයක් බවත් අපගේ විශේෂ ඔත්තුකරු අඅපට දැන්වීය. වසරින් වැඩි කාලයක් වසා තැබෙන මෙම නිවස මසක් පමණ කාලයක් විවෘතව තබැන්නේ එක්සත් රාජධානියේ වෙසෙන අනුර කුමාරගේ කලින් පෙම්වතිය සහ ඇයගේ දරුවන්ගේ වාර්ෂික නිවාඩුව සඳහා බවත් අපගේ ආරංචි මාර්ග සනාථ කරයි.

පසුගිය රජය සමයේ රාජපක්ෂ වරුන්ට විදෙස් වත්කම් තිබෙන බවට ප්‍රභල හඬක් නැගූ අනුර කුමාර ඒ කිසිවක් අද වනතුරුත් ඔප්පු කරගත නොහැකිව ගලේ පැහැරූ බළලෙක් මෙන් හැසිරෙද්දී, ඔහු ගැසූ ඩීල් වල ප්‍රතිපලයක් ලෙස මිළදී ගත් මෙම නිවස පිළිබඳ වහා පරීක්ෂණ අරඹන ලෙසට අපි වග කිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමු.

http://www.abrighterfuture.lk/anura-kumara-home-240117/

:no::no::no::no::angry::angry::angry::angry::angry::baffled::baffled::baffled::baffled:
 
Last edited:

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඉලක්ක කරගනිමින් වෙබ් අඩවි කිහිපයක් විසින් සාවද්‍ය කරුණක් පදනම්කරගනිමින් සිදු කරනු ලබන අභූත මඩ අවලාදවලට එරෙහිව අනුර දිසානායක මහතා විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කිරීමට නියමිත බව වාර්තා වේ.

    ඒ බව සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ එම පක්ෂයේ නිල ෆේස්බුක් පිටුවෙහි නිවේදනයක් පල කර ඇති අතර එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පළ වේ.

    "ජවිපෙ ජයග්‍රහණ දැක අවලාදකරුවන් වියරු වැටිලා…

    අවලාදවලට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්. (ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා)

    අපේ රටේ පැවැති දේශපාලන ගමන වෙනස් කර නව දේශපාලන ගමනකට රට හැරවීම සඳහා අප පක්ෂය ජනතාව එකතු කරගනිමින්, විවිධ බලවේග එක්කර ගනිමින් ජයග්‍රාහී ගමනක් යමින් තිබෙනවා. ජවිපෙ ජයග්‍රහණයන් දැක කළබල වුණු, වියරු වැටුණු මේ රටේ සතුරු පිරිස් විශේෂයෙන්ම පසුගිය පාලනයේ රට විනාශ කොට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ අය ජවිපෙට හා එහි නායකයින්ට අවලාද නැගීම යළි ආරම්භ කොට තිබෙනවා.

    මේ දිනවල මෙවැනි එක් සාහසික අවලාදයක් සමහර වෙබ් අඩවි හරහා පතුරමින් තිබෙනවා. ඉන් ඉලක්ක කර තිබෙන්නේ අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයායි.

    ඔහුට අයර්ලන්තයේ නිවසක් තිබෙන බවට හැඟවෙන බොරු ලියවිල්ලක් සමඟ ඉතාම අශික්ෂිත මඩ අවලාද රැසක් මේ බංකොළොත් අවලාදකරුවන් විසින් පතුරුවමින් තිබෙනවා. ඔවුන්ගේ අරමුණ ජවිපෙ පිළිබඳ එහි නායකයා පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳීම බව පැහැදිලිය.

    කෝටි ගණන් මහජන මුදල් හොරකම් කර මන්දිර හදාගත් ඥාතීන්ට ගෙවල් ලබාදුන් හොරකම් නිසාම සිරගතවීමට පවා සිදුව සිටින මොවුන් තම කෝපය පළකිරීමට ජවිපෙ නායකත්වයට අවලාද නඟන බව පැහැදිලිය. මෙම අසත්‍ය ප්‍රවෘත්තිය මුළුමනින්ම අපි ප්‍රතික්ෂේප කරනවා. මෙම ප්‍රවෘත්තියට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා.

    පක්ෂයෙන් මෙයට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපි තීරණය කළා. ඒ අනුව පක්ෂ නායක අනුර දිසානායක සහෝදරයා මේ පිළිබඳව පොලිස්පති තුමාට පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

    මෙවැනි අශික්ෂිත මඩ අවලාදත් එම අවලාද ගහන බංකොළොත් හොර නඩයත් ප්‍රතික්ෂේප කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා."

    http://www.lankatruth.com/site/inde...විපෙන්-අවලාදවලට-එරෙහිව-පොලිස්පතිට-පැමිණිල්ලක්
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    hහරකෙක් වගේ කොහේහරි තියන එකක් කොපි කරල දාන්න එපා බොල.පොඩ්ඩක් හොයල බලල දාපන්.