මේක රනිල්ගේ ගේම් එකක් බැරිද?

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මැයි 9 වෙනිදා කේස් එකෙන් පස්සේ ගෝටා රනිල්ව දානවා අගමැති විදියට. ඊට පස්සේ උන දෙයක්ම මුගේ ප්ලෑන් එකක් වෙන්න බැරිද? :confused:

    රනිලා ගිය පාර ආපු ගමන් අරගලේ නිවුටල් වෙනවා. තිබ්බා නොතිබ්බ ගානයි. හැබැයි මූ ප්‍රශ්න විසඳන්න පොඩි ට්‍රයි එකක් වත් දෙන්නේ නැහැ. ඒ වෙනුවට සති දෙකෙන් දෙකට මිනිස්සු කුලප්පු කරා දැන් අමාරුයි, ඉස්සරහට හොඳම එකෙන් කෙල වෙනවා බ්ලා බ්ලා කියලා.

    ඒකෙන් ආපහු අරගලේ පන ගහල ආව. 9 වෙනිදා රැස් වෙන එක ඇත්තටම උඹල හිතනවද මිනිස්සුම හිතල ආව කියල ?
    කවුරු හරි හොඳට සංවිධානාත්මකව නොකර නම්, 9 වෙනිදා සෙට් වෙමු කියලා මුලින්ම කිව්වේ කවුද කියල කවුරුත් දන්නේ නැහැනේ. හැමෝම යන නිසා අපිත් ගියා. (ඔව් මාත් ගියා)

    ජනාධිපති මන්දිරේ ඇල්ලුවා, කාර්යාලය ඇල්ලුවා, හැබැයි අග්‍රාමාත්‍ය කාර්යාලය අල්ලන්න ගිය ගමන් අරගලේට බැක් කරපු BASL එකෙන් කේස් දැම්ම.

    එතකොට ගෝටා පැනල ගිහිල්ලා, පාර්ලිමන්ට් එකට යන්න යද්දී අරගලේ උන් ලයිව් ඇවිත් කිව්වේ,

    පාර්ලිමන්ට් එකට යන්න එපා, (මේක හරි, ගැහුවා නම් අමු ගොන් වැඩක්)
    මේවා රනිල්ගේ ප්ලෑන්, LTTE එක දෙකට කඩල විනාස කරේ රනිල්, ලේසි මිනිහෙක් නෙවෙයි, අරගලේ කඩන එක මිනිහට සුළු දෙයක් බ්ලා බ්ල... (කතාව හරි ඇති, එත් මේකෙන් ඌව පට්ට විදියට පුම්බලා දෙනවනේ. හරියට යුද්දේ ඉවර කරෙත් මූ වගේ)

    අනිත් එක පහුගිය කාලේ හැම එකාම කියන්න ගත්තා, ගෝටා ගියාට රනිල් නම් යන්නේ නෑ කවදාවත් කියල. ඒකත් මිනිස්සුන්ගේ ඔලුවට යනවනේ.

    මට මේ ආතල් එකට හිතුන දෙයක්. මේ හැම දේම මයින්ඩ් ගේම් එකක් වෙලා, රනිල්ගේ ජනපති සිහිනේ අපි ඉත්තෝ විතරක් උනොත් කොහොමද. :no:

    -----------------------
    දැන් ලේබල් ගහන්න එපා. ආතල් එකට දැම්මේ.
    දේශපාලනේට කැමැත්තක් නෑ. 30+ උනත් මේ වෙනකම් චන්දෙ දීල නෑ (ඉන්න හොරුන්ගෙන් ලොකුම හොරා තෝරන්න දායක වෙන්න කැමති නැති නිසා සහ කොළඹ ඉඳන් නිවාඩු දාල වියදම් කරන ගමේ ගිහින් චන්දෙ දීලා එන්න තරම් කැහිල්ලක් නැති නිසා.)
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Raniya dinnoth anurata invite karanna ida thiyanawa agamathi wenna.
    අනුර එන්නේ නැති වෙයි, හැබැයි ඒකෙන් රනිල්ට ලකුණු වැටෙනවා. පස්සේ අනුරට මිනිස්සු බනීවි මේ වෙලාවේ පක්ෂේ බදන් හිටියා කියල (ඌ කොහොමත් බැනුම් අහනවා, හොඳක් කරත්, නිකන් හිටියත්)
     
    • Like
    Reactions: Die-hard

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කාට වුනත් කමක් නැහැ ඡන්දය දාන්න. මොළේ ඇති මිනිස්සු ඡන්දය නොදා ඉන්නවා කියන්නේ තක්කඩි ටික ලේසියෙන් දිනනවා කියන එක.
     
    • Like
    Reactions: kevin_levin

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනුර එන්නේ නැති වෙයි, හැබැයි ඒකෙන් රනිල්ට ලකුණු වැටෙනවා. පස්සේ අනුරට මිනිස්සු බනීවි මේ වෙලාවේ පක්ෂේ බදන් හිටියා කියල (ඌ කොහොමත් බැනුම් අහනවා, හොඳක් කරත්, නිකන් හිටියත්)
    Ranil gema gahai. habai sahenna kalabala athi wei. Ranil yanakota enne Patalie.
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    කාට වුනත් කමක් නැහැ ඡන්දය දාන්න. මොළේ ඇති මිනිස්සු ඡන්දය නොදා ඉන්නවා කියන්නේ තක්කඩි ටික ලේසියෙන් දිනනවා කියන එක.
    මට චන්දෙ තියෙන්නේ මාතර. අවුරුදු 9 ක් තිස්සේ ඉන්නේ කොළඹ. නිවාඩු දෙන්නේ දවසයිනේ. උදේම ගිහිං ඕක දාල එකම දවසේ ආපහු එනවා කියන්නේ ඉතින් පට්ට ලොකු ඉත්තෑවෙක් ඉන්න එපයි.
    හොඳ මිනිහා වෙන්න නෙවෙයි කිව්වේ. චන්දෙ නොදුන්නා කියන්නේ මෝඩ වැඩක් තමා. ගිය පාර නම් ඉතින් දුන්නත් දෙන්නේ ගොන්ටා ට තමයි.
     
    • Like
    Reactions: kevin_levin

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඕනවට වඩා හිතන්න එපා බන්..සමහර විට කූබියෝ බැලුවේ නැත්තං මේ පල් හෑලි වලින් භාගෙකට වඩා නෑ.
    ඔව් ඔව් ඒක බැලුව ඉවර වෙනකම්. ඒ හිංද වෙන්නත් ඇති. :D
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    නෑ 9 වෙනිදා සිද්දි අහම්බෙන් වුණා කියලා මං හිතන්නේ
    social media වලින් ලොකුවට organize කරා, මොනවද කරන්නේ කියලවත් දන්නේ නැතුව president house එක ඇල්ලුවා

    හැබැයි 13 වුණ ඒවා නම් ටිකක් සැකයි
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    සමහර විට මේ මම, උඹ, අපි™ දකින හීනයක් වෙන්නත් පුළුවන්.
    තාම ජනාධිපති මහින්ද වෙන්නත් පුළුවන්.
    @2osama තාම ජෙප්පෙක් වෙන්නත් පුළුවන්.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඕනවට වඩා හිතන්න එපා බන්..සමහර විට කූබියෝ බැලුවේ නැත්තං මේ පල් හෑලි වලින් භාගෙකට වඩා නෑ.
    මොන කූඹියා ද කඩි නං ඉන්නවා මෙහෙ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    අනිව රනිලාගේ ගේම්. රනිලා දිවුරුම් දුන්නේ ගොල්ෆේස් එක එහා පැත්තේ...අනිත් ඔක්කොම වටලපු උන්ට රනිල් ගොල්ෆෙස් එක එහාපැත්තේ දිවුරුම් දෙනව කියල දන්නෙත් නෑ​

     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela

    අනිව රනිලාගේ ගේම්. රනිලා දිවුරුම් දුන්නේ ගොල්ෆේස් එක එහා පැත්තේ...අනිත් ඔක්කොම වටලපු උන්ට රනිල් ගොල්ෆෙස් එක එහාපැත්තේ දිවුරුම් දෙනව කියල දන්නෙත් නෑ​

    ehmd-normal-2.gif