එළකිරි වැසියන්ට තියෙන දැවෙන ප්‍රශ්නයක් නේ කොලෙස්ටරෝල් හා අක්මාවේ තෙල් තැන්පත් වීම, මේවාට සිංහල වෙදකමෙ කියන්නේ මේදෝ වෘද්ධි කියලයි.
මේක හැදෙන්නෙ ඇඟෙන් දාඩිය පිට නොකරන අයටයි. ප්‍රධාන රෝග ලක්ෂණය තමා අසාමාන්‍ය නිදි මත - පුටුවෙ වාඩි වුණත් නිදි කිරනවා. ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙක්ට රෝගියාගේ ජීවන රටාව සහ රෝග ලක්ෂණ වලින් ඉතාම ඉක්මනින් මොනම රුධිර පරික්ෂණයක් ( ඒ කාලේ තිබ්බෙත් නෑනේ) නැතුව ටක්කෙටම නොවරදින්න කිරි ගහට ඇන්නා වගේ මේ ආබාධය නිර්ණය කොරන්න පුළුවන්.
මෙන්න අත් බේත
කරපිංචා මිටයි
උළුහාල් මිටයි
සුදුළුණු ලොකු ගෙඩියයි
කුරුඳුපොතු මිටයි
ගොරක කෑලි 3 යි
මිටක් කියන්නේ තමන්ගේ අල්ලට පුරවලා මිටි මෙළෙව්වාම අල්ලේ රැඳෙන ද්‍රව්‍ය ප්‍රමාණය.
මේක හදන්න කලින් වෙන වෙනම ගොරකයි උළු හාලුයි වතුරේ පොඟවලා තියනවා ඒවා හොඳට පොඟන කල් .
ඊට පස්සෙ මේ එකින් එක පිරිසිදුව පොතු තියෙනවා නම් පොතු ඇරලා , හෝදලා අරගෙන ගල් වංගෙඩියක හෝ මිරිස් ගලක තියලා හොඳට සිනිඳු වෙන්න අඹරගන්නවා. (තමන්ගේ ඇඟේ හයියෙන් වීර්යයෙන් තමන් මහන්සි වෙලා හදාගන්නවා). ඊට පස්සෙ මේ ඔක්කොම හොඳට මිශ්‍ර කර ගන්නවා. ඊට පස්සෙ මේ මිශ්‍රණය සමාන කොටස් 14කට බෙදනවා.
එක කොටසක් උදේට , එක කොටසක් හවසට කාල උණු වතුර බොනවා.
අධික නිදිමත හිතට දැනෙන අයුරින් නැති වෙලා යනකල් ඕක සතිපතා කරනවා. එච්චරයි.
මේ හේතුවෙන් ඇඟේ තැන්පත් වෙලා තියෙන , ලේ වල වැඩි වෙලා තියෙන මේද හා තෙල් සිරුරෙන් බැහැර වෙලා යනවා.
මේ ආදි සිංහලු ඉස්සර නිතර භාවිතා කළ තැම්බුම් හොදි වට්ටෝරුවේ අඩංගු වුණ ද්‍රව්‍ය 5ක්. ඒ නිසා තමා මේදෝ වෘද්ධි නැත්තම් කොලෙස්ටරෝල් කියන ලෙඩේ ඉස්සර නොතිබ්බේ.
මේක මමත් පෞද්ගලිකව දියවැඩියා රෝගියෙක් ගේ තෙල් අඩු කොරන්න සාර්ථකව යොදනවා දැකලා අත් දුටු දෙයක්. මොනම සංකූලතාවක් වත් එන්නෙ නෑ.
මේක තහවුරු වෙන තවත් කාරණයක් තමා මේ විඩියෝ එකේ 16:25 ඉඳලා කියන්නෙත් මේ බේතම තමා - කියන්නෙත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි - සිරෝසිස් ලංකාවේ හොඳ කොරන සුපිරිම වැඩ්ඩන්ගෙන් එක්කෙනෙක්.
හැබැයි එකක් කියන්න ඕනා - මේකෙන් ඇඟේ වැඩිපුර හැදෙන මේදය ඉවත් වෙනවා පමණයි - ඒ කියන්නේ වැඩිපුර මේදය ඇති වීම එනම් මේදෝ ධාතුව මේදෝග්නිය කියන ක්‍රියාවලියෙන් අට්ඨී ධාතුව (අස්ථි) බවට පරිවර්තනය නොවීම කියන මේදෝ වෘද්ධි (කොලෙස්ටරෝල්) රෝගයේ රෝග නිධානය නැති වෙන්නෙ නෑ.
ඒක නිවැරදි කරගන්න නම් ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙක් ගෙන් ප්‍රතිකාර ගන්නම ඕන.

Last edited: