මේනකා ප‍්‍රනාන්දු

Mar 16, 2014
58
12
0
inside of a Neuron
මේනකා ප‍්‍රනාන්දු

මේනකා ප‍්‍රනාන්දු



ගුවන් යානයක් පැදවීම කෙසේ වෙතත් සමහරු ගුවන් යානයක නැඟී ගමනක් යාමට පවා දක්වන්නේ බියකි. එහිදීත් වැඩිපුරම බියක් දක්වන්නේ කාන්තා පාර්ශ්වයේ අය බව සඳහන් කළ හැකිය. එනිසාම ගුවන් යානයක් පැදවීම සඳහා කාන්තා අංශයේ නියෝජනයද ඉතා අල්පය. එසේ තිබියදී කාන්තාවක් ගුවන් නියමු අංශයට පිවිසෙන්නේ නම්, එය එක්තරා විදියක දුර්ලභ මෙන්ම ධෛර්ය සම්පන්න අවස්ථාවක් ලෙස ගෙනහැර දැක්විය හැකිය.
එය එසේ නම් මේ කාන්තාව යනු අතිශයින්ම ධෛර්ය සම්පන්නවූත්, අභීතවූත් කාන්තාවක්ම යැයි හැෙඟන්නේය. ශ්‍රී ලංකාවේ ප‍්‍රථම ගුවන් නියමුවරිය ඇයවීම ඊට එක් හේතුවක් පමණි. නමුදු ඇය ශ්‍රී ලංකාවේ පළමු ගුවන් නියමුවරිය පමණක් නොව එම අංශයේ මෙන්ම තවත් අංශ කීපයකටම සම්බන්ධව සේවය සහ දැනුම ලබාදෙන අපූරු කාන්තාවකි. එනිසාම ඇය ගැන ඔබ දැන ගත යුතුයැයි අපි හඟිමු. මේ කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ ප‍්‍රථම ගුවන් නියමුවරිය වන මේනකා ප‍්‍රනාන්දු නමැති ඇය ගැන වූ කතාවයි.
මේනකා ප‍්‍රනාන්දු උපත ලබා ඇත්තේ මහනුවරට නොදුරු පිළිමතලාවේදීය. මාතලේ බාලිකා විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකාවෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇත. මව පියාට අමතරව ඇයගේ පවුලේ සිටින්නේ නැගණිය සහ මළණුවන්ය. ඉගෙනුමට සහ නැටුමට මෙන්ම ගැයුමට ආදී කලා අංශයේ කටයුතුවලටද දක්ෂ වූ ඇය ගුවන් නියමුවරියක වුණේ කොහොමද? මේනකාගේ හඬින් ඒ ගැන දැන ගනිමු.
අපේ ගම් පළාතේ ගුවන් යානා හෝ හෙළිකොප්ටර පවා දකින්න ලැබෙන්නෙ කලාතුරකින්. පාසල් යන කාලයේදී මම කී‍්‍රඩා කටයුතුවලට සම්බන්ධව හිටියා. මහනුවර පොලිස් කී‍්‍රඩා පිටියේ පුහුණුවීම්වල යෙදී සිටියදී හෙලිකොප්ටරයක් ඇවිත් එහි නතර කළා. මේ දර්ශනය නිසා මම හරියට ප‍්‍රබෝධමත් වුණා. ලොකු සතුටක් ලැබුවෙ. දන්නෙම නැතිව එදා ඉඳලාම ඒ ගැන ඇතිවුණේ ලොකු උනන්දුවක්. මොන දේ කළත් හිත ඇතුළේ වැඩ කළේ මේ අදහසයි. කොළඹ ආ දවසක මගේ යෙහෙළියකගේ තාත්තා නිසා රත්මලාන ගුවන් තොටුපොළ දැක ගන්න පුළුවන් වුණා. එතැනදි කපිතාන් සුසන්ත ජයසේකර මහතාගෙන් මේ අදහස ගැන ඇසුවාම පාසල් අධ්‍යාපනය ඉවර කරලා ඇවිත් හමුවන්න කීවා. මේ විදියට කාලය ගෙවී ගියා. පාසල් අධ්‍යාපනයට සමුදුන්නට පස්සෙ කොළඹ ඇවිත් මගේ අභිප‍්‍රාය වෙනුවෙන් කටයුතු කරන්න පටන් ගත්තා. මුලින්ම මට යන්න වුණේ රත්මලාන ගුවන් තොටුපොළට. නමුත් ගුවන් නියමු අංශය සඳහා බලපත‍්‍රය ලබාදෙන්නේ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවෙන්. එදා එය පිහිටා තිබුනේ කොළඹ කොටුවෙ. කි‍්‍රස්ටි රත්නායක කියන මහත්මයා තමයි ලයිසන් එක ලබාදීමට කටයුතු කළේ. 1983 අවුරුද්දෙ ඒ දවස මට අද වගේ මතකයි.
විනෝදාංශයට සමහර කාන්තාවන් ගුවන් යානා පදවා තිබුණට ශ්‍රී ලංකාවේ ගුවන් නියමුවරියක ලෙස බලපත‍්‍රය ලබාගත් පළමු කාන්තාව මම කියලා එතුමා කීවාම මට එය අදහා ගන්න බැරි දෙයක් වුණා. ඒ වගේම පුංචි පහේ ආඩම්බරකමකුත් ඇතිවුණා.
ඒ ආඩම්බරකම ඇයට ගෙන දුන්නේ පුහු මාන්නයක් නොව වඩා නිහතමානිකමක් යැයි සඳහන් කරන ඇය ඊළඟට පැවැසුවේ පුහුණුවීම් කටයුතු කළ විදිය ගැන සහ පියාසර කරද්දී මුහුණ දුන් අත්දැකීම් ගැනය.
එදා පුහුණුවීම් කළේ සෙස්නා ක125 කියන ආසන දෙකේ ගුවන් යානයකින්. මම හිතන්නෙ අදටත් සමහරවිට පුහුණුවීම් සඳහා යොදා ගන්නෙ ඒ ගුවන් යානායි. නමුත් පසුව පුහුණුවීම් සඳහා යොදා ගන්නා සියලූම පාහේ යානාවලින් පුහුණුව ලැබුවා. මේ විදියට ගුවන් නියමුවරියක ලෙස වෘත්තීයමය පුහුණුවක් ලැබුවත් එක් ආයතනයකට සේවය ලබා නොදී සිවිල් ගුවන් සේවා ආයතනයේ සියලූම අංශවලට සේවය ලබාදීම අදහස වුණා. ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයට හෝ වෙනත් ආයතනයකට බැඳී කටයුතු කළේ නැහැ. මගේ පළවෙනිම ගුවන් ගමන වුණේ සීගිරියට යාමයි. සංචාරක යුවළක් රැගෙන සීගිරියට ගිය ඒ පළමු ගමනේදීම අමතක නොවන අත්දැකීමකට මුහුණ දුන්නා. ගුවන් යානය පැදවීමේදී මගේ අඩු අත්දැකීම් නිසා සීගිරි පර්වතයේ හිටපු දෙබරු ඇවිස්සී එදා ලොකු අපහසුතාවයකට මුහුණ දුන්නෙ. මේ විදියට රට ඇතුළෙ පියාසර කරන ගුවන් යානා පදවන නියමුවරියක ලෙස කටයුතු කළ මම ටික කාලයකට ඇමරිකාවට ගියේ වැඩිදුර අධ්‍යාපනය ලබන්නයි. එහිදී සරසවි අධ්‍යාපනය ලබන අතරේ එරට ගුවන් සේවයකට එක්වී නියමුවරියක ලෙස කටයුතු කරන්න පටන් ගත්තා. එහිදී ගුවන් යානය ප‍්‍රථම වතාවට පියාසර කරන විට නම් මට දැනුණෙ බියක් වගේම චකිතයක්. ඒත් පසුව එය අත්දැකීම් සමග හරි ගියා. පළමු වතාවට ඩුබායි සිට ශ්‍රී ලංකාවට ගුවන් යානයක් පදවාගෙන ආ කාන්තා නියමුවරියත් මම කියලා පසුව දැන ගත්තා.
ශ්‍රී ලංකාවේ ප‍්‍රථම කාන්තා ගුවන් නියමුවරිය ලෙස මේනකා ඉතිහාසගත වුවද එකම ගුවන් ආයතනයකට පමණක් බැඳී කටයුතු කළ කාන්තාවක නොවේ. ආයතන කීපයකටම සම්බන්ධව කටයුතුකර ඇති අතර ඊට අමතරව ඇති විශේෂත්වය වන්නේ උපදේශකවරියක සහ කථිකාචාර්යවරියක මෙන්ම මෙම අංශයට අදාළ විවිධ විෂයයන් ඔස්සේ ඇය සේවය ලබාදීමය. එලෙසින් සිවිල් ගුවන් සේවා අංශයට සම්බන්ධව විවිධ අංශ වෙතින් සේවය ලබාදෙන තවත් කාන්තාවක් නැති ගානය. ඇයගේ දින චරියාව දෙස බලනවිට පෙනී යන ඊළඟ විශේෂිත දේ වන්නේ දවසේ වැඩි කොටසක් රාජකාරිය සඳහා කැප කිරීමය.
”මම නිදා ගන්නෙ සමහර වෙලාවට පැය හතරක් හෝ තුනක් විතරයි. ඒත් මට ඒ පැය ගාණට වඩා වැදගත් වන්නේ මගෙන් රටට වන සේවයයි.” මේනකා විටෙක එලෙස පවසන්නීය. ඇය මෙන් ඇයගේ සැමියාද ගුවන් නියමුවරයෙක් වන අතර මේ දෙදෙනා සතුව පුහුණු කිරීමේ ආයතනයක්ද තිබේ. ඊටත් අමතරව මේ දෙදෙනා විදේශීය රටවල අය සඳහා පුහුණුව සහ උපදේශකත්වය ලබාදීම සඳහා නිරන්තරයෙන් රට රටවල සංචාරය කරති.
කාන්තාවක් ලෙස ගුවන් යානයක් පදවාගෙන යාමට ඔබට කිසිදාක බියක් ඇතිවුණේ නැද්ද? අපි ඒ ගැනත් මේනකාගෙන් විමසීමු.
”හරි පුදුමෙ කියන්නෙ මට කවදාවත් බියක් ඇති වුණේ නැහැ. සමහර වෙලාවට පොළවට වඩා ගුවන ආරක්ෂාකාරියි කියලා මට හිතෙනවා. මම කොහොමටත් වැඩිපුර හුදෙකලාවට පි‍්‍රය කළ කෙනෙක්. මගේ මුළු ආත්මයම බැඳී තිබෙන්නේ ගුවන් යානය හා සම්බන්ධවයි. එතැනින් එහා ජීවිතයත් ගැන මට හිතා ගන්නවත් බැහැ. අද මම ගොඩාක් වින්ඳනය ලබන්නේ පුහුණුව ලබාදෙන නිලධාරිනියක සහ කථිකාචාර්යවරියක ලෙසයි.”
මේනකා ප‍්‍රනාන්දු යනු එක් අතකට ගුවන් නියමු ක්ෂේත‍්‍රයේ අත්දැකීම් සම්භාරයක් සතු කාන්තාවකි. එදා අඩු පහසුකම් යටතේ තිබූ ගුවන් යානා වගේම අද ඇති සුපිරි ගුවන් යානා සියල්ලක් ගැන දැනුම ඇය සතුය. එනිසා ඇය වෙතින් පුහුණුව ලබන අයට උකහා ගත හැකි දැනුම බොහෝය. මෙකී කටයුතු සියල්ලට අමතරව එක්තරා අවස්ථාවක චිත‍්‍රපට රූගත කිරීමේ දර්ශන සඳහාද ඇය සහ සැමියා දායකවී ඇත. සාමාන්‍ය ගුවන් ගමනකට වඩා ඒ කටයුත්ත ඉතා අසීරු වූ බව ඇය සඳහන් කරන්නීය. ශ්‍රී ලංකාවට සේවය ලබාදීමට අමතරව ඕස්ටේ‍්‍රලියාව, බෲනායි, මැලේසියාව, සිංගප්පූරුව යන රටවලටද සේවය ලබාදෙන මේනකා ඒ අතිශය කාර්ය බහුල ජීවිතයේ තව දුරටත් අධ්‍යාපන කටයුතුවලද නිරත වන්නීය.
ඒ අනුව මීළඟට ඇයගේ ප‍්‍රයත්නය වන්නේ ආචාර්ය උපාධිය ලබා ගැනීමටය. ඒ සඳහා මේ වනවිට අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින ඇයගේ විෂය දහරාව වන්නේ සිවිල් ගුවන් අංශයේ යෙදී සිටියදී වැළඳෙන සහ ඇතිවන ලෙඩ රෝගවලට ප‍්‍රතිකාර කිරීමේ අංශය ගැන දැනුවත්වීමය. මේ සියල්ල සැබැවින්ම කාන්තාවකට කළ හැකිද? යන්න අසනවාට වඩා බොහෝ දේ කළ හැකිය යන්න ඇය කි‍්‍රයාවෙන්ම ඔප්පු කර තිබේ.
රාජකාරියට එලෙසින් කැපවූ මේනකා පවුලකට කාන්තාවකගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස ඉටු කරන්නේද? යන්න විමසීම ඇයගෙන් කළ යුතු නොවන්නේ, ”ඔව් එයත් හරියටම වටහාගෙන කරන කාන්තාවක් බව කීමට ඇති සාධක බොහෝ නිසාය.” විටෙක ඇය පිරිමින්ද අභිබවා ගිය තරමටම ජීවිතයේ කටයුතු කරන්නීය. නමුත් එහි සැබෑ අරුත වන්නේ කාන්තා ගුණය රැකගෙන ඇය ඒ සියල්ලෙහි නිරත වීමය.
ඇයගෙන් බොහෝ දෙනාට ගත හැකි ඉහළම ගුණාංගය වන්නේ එයයි. ඒ ගුණාංග සහිතව දිවි ගෙවන මේ අපූරු ගුවන් නියමු කත මෙකී සියල්ල කිරීම සඳහා පිටුපසින් සිටින සිවිල් ගුවන් සේවා ආයතනය සහ අධිකාරිය ලබාදෙන දායකත්වය ස්තුති පූර්වකව සඳහන් කළාය.



16-page7-S2-3.jpg


16-page7-S2-2.jpg
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි නේ......
    දැං ඔය සම තැනටත් වඩා තැනක් උපයගෙන තියෙන්නේ..........

    තැන උපයා ගත යුතුයි. නිකං පිනට ලැබෙන්නේ නෑත.
    මේනකා කාන්තාවන්ට දෙන පණිවුඩය එයයි.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හරි නේ......
    දැං ඔය සම තැනටත් වඩා තැනක් උපයගෙන තියෙන්නේ..........

    තැන උපයා ගත යුතුයි. නිකං පිනට ලැබෙන්නේ නෑත.
    මේනකා කාන්තාවන්ට දෙන පණිවුඩය එයයි.
    මදිනි කොහොමද ඔය තැන ගත්තේ??? ඒකත් කිව්වනම්? ස්විස්ටර්ලන්තේ ගිහින් බල්ලො ගෙනාවේ තකහනියා..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මදිනි කොහොමද ඔය තැන ගත්තේ??? ඒකත් කිව්වනම්? ස්විස්ටර්ලන්තේ ගිහින් බල්ලො ගෙනාවේ තකහනියා..
    මොකක්?
    වචන පැහැදිලියි අදහස අපැහැදිලියි පුතා..........:dull::dull::dull::dull:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    හානේ ඉන්දු පැටි උයාව දැක්ක කල්. මේ එක එක ගෑනු ගැන thread නොදා දාමුද ඔයා ගැන thread එකක්. ඔයා කොහොමද අවංක නිහතමානි අභිමානවත් රටට වැඩදායි දියණියක් උනේ කියල :)
     
    Mar 16, 2014
    58
    12
    0
    inside of a Neuron
    හරි නේ......
    දැං ඔය සම තැනටත් වඩා තැනක් උපයගෙන තියෙන්නේ..........

    තැන උපයා ගත යුතුයි. නිකං පිනට ලැබෙන්නේ නෑත.
    මේනකා කාන්තාවන්ට දෙන පණිවුඩය එයයි.

    සොයුර ඔයාට මොලේ කළදක්වත් තියනවනම් මේ වෘත්තීය සහ කාන්තාවට ලැබිය යුතු සමතැනෙයි වෙනස වැටහෙනවා. ඔයා මේ දේවල් පටලවාගෙන.
     
    Mar 16, 2014
    58
    12
    0
    inside of a Neuron
    ජනාදිපති රාජපක්ශගේ නැගනියගේ දියනිය..
    11-012-e1341660091887.jpg


    eb9dc9e758401ae364af6344fe4de605.wix_mp_256

    දේශපාලනයෙන් රුකුලක් ලැබෙන්න ඇති. නමුත් ගුවන්යානා නියමුවරියක් වීමට නියමිත ක්‍රමවේදයක් තියනවා. මේ සියල්ල ඇය පසුකරගෙන පැමිණ තියනවා. මම එක හොදට දන්නවා මොකද මගේ එකම සහෝදරයා ගුවන් නියමුවෙක් වන නිසා.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ට්‍රාන්ස් ජෙන්ඩර් පචාචාර්‍ය කොපි-පේස්ට් මහාචාර්‍ය ඔට්ටුපාලයා ඉස් බැක්. :D අයිඩී මාරු කරාට ටයිප් කරන ඉස්ටයිල් එක වෙනස් වෙන්නේ නෑ :lol::lol::lol:

    පී ඇස් - මේ පිම්පියොන්ට මාව අල්ලලා ටැග් දාපු රෝස බල්ලෝ කොටියම කාපිය :dull::dull::oo::oo:
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    කාන්තාවන්ට, පිරිමින් හා සම තැන නොව, නිසි තැන ලැබිය යුතුය.ලිංග බේදයක් නැත, සුදුස්සාට, සුදුසු තැන ලැබිය යුතුය. :dull::dull:
    :)
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බින්දු;16566579 said:
    ට්‍රාන්ස් ජෙන්ඩර් පචාචාර්‍ය කොපි-පේස්ට් මහාචාර්‍ය ඔට්ටුපාලයා ඉස් බැක්. :D අයිඩී මාරු කරාට ටයිප් කරන ඉස්ටයිල් එක වෙනස් වෙන්නේ නෑ :lol::lol::lol:

    පී ඇස් - මේ පිම්පියොන්ට මාව අල්ලලා ටැග් දාපු රෝස බල්ලෝ කොටියම කාපිය :dull::dull::oo::oo:

    :lol::lol::lol: ඔකේ tag දෙකක් මගේ :lol::lol::lol:
     
    ඉන්දු;16566574 said:
    දේශපාලනයෙන් රුකුලක් ලැබෙන්න ඇති. නමුත් ගුවන්යානා නියමුවරියක් වීමට නියමිත ක්‍රමවේදයක් තියනවා. මේ සියල්ල ඇය පසුකරගෙන පැමිණ තියනවා. මම එක හොදට දන්නවා මොකද මගේ එකම සහෝදරයා ගුවන් නියමුවෙක් වන නිසා.

    රුකුලක්? අපොයි ඒ ගැන මොනවට කියනවද. ඔය රුකුල ලැබෙනවා නම් ඔයිට වැඩිය ගොඩක් දේවල් කරන්න පුළුවන් ළමයි ඕන තරම් ඉන්නවා. රුකුල තියෙන්නේ ලොක්කොන්ගේ නෑයින්ට විතරයි. එහෙම අරන් වහගෙන ඉන්නේ නැතුව තව පුරාජෙරුවත් කියවනවා.:rofl::rofl::rofl:
     

    Similar threads