මේවා දකිනකොට තනි ඇහැට ඇඩෙනවා...

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මේවා දකිනකොට තනි ඇහැට ඇඩෙනවා...

    ඇස් ඇම් ඇස් යන්නෙහි හෙළ වදන කෙටි පණිවුඩ වේ. ශ්‍රී රාවණ රජ දවස හෙළයන් භාවිතා කළ ජංගම තෙලබණුව් අතර ලිඛිත පණිවුඩ හුවමාරු කළ ක්‍රමය පැරණි පුස්කොළ පොතකින් සොරා ගත් Matti Makkonen නම් පර සුද්දා එය උගේ සොයා ගැනීමක් ලෙස ප්‍රසිද්ධ කරන ලදි. ඒ අනුව ඇස් ඇම් ඇස් යනු හෙළ තාක්ශණයකි.

    අතීත හෙළයෝ අතේ ගෙන යා හැකි නූතන පරිගණකයකට සමාන බහුකාර්ය උපකරණයක් භාවිතා කළහ. එය අත්ල මත තබාගෙන වැඩ කළ නිසා "තබලා අත" යන නමින් හැඳින්විණි. වර්තමානයේ ටැබ්ලට් (ටැබ්ල+අට්=තබලා+අත) නිපදවීමට යොදා ගන්නේ පර සුද්දන් විසින් සොරා ගත් හෙළයන්ගේ තබලා අත් තාක්ශණයයි.

    තබලා අතෙහි අඩංගු වූ එක් තාක්ශණයක් වූයේ සජීවී ලෙස සංවාදයෙහි යෙදීමේ හැකියාවයි. අතීත හෙළයෝ මෙය වැඩිපුරම භාවිතා කළේ චාටු කතා කියා හෙළ කතුන් දැලේ දමා ගැනීමට බැවින් එම සංවාද "චාටු" ලෙස හැඳින්විණි. පර සුද්දන් ඔවුන්ගේ ටැබ්ලට් වල මෙන්ම පරිගණක වලද "චාටු" තාක්ශණය අඩංගු කර එය ඔවුන්ගේ උච්ඡාරණයට ගැලපෙන ලෙස "චැට්" යැයි නම් කරන ලදි.

    LOL Scene:
    අපගේ අවාසනාවට ඒ පුස්කොල පොත සුද්දා පිටපත් කරගත් පසු බමුනෙකු විසින් සුපුරුදු පරිදි ගිනි තබා ඇත. එනිසා අපට පේටන්ට් ගැනීමට නොහැකිව ඇත.

    Source:http://vargapurnikava.blogspot.com
     
    • Like
    Reactions: lalin rulz