මේවා දැනගත්තට පාඩු නෑ

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    මේවා දැනගත්තට පාඩු නෑ

    1 .උපත් ලියා පදිංචි කිරීම

    ප්‍ර :-දරුවකුගේ උප්පැන්නය ලියා පදිංචි කිරීම අනිවාර්යද?
    උ:-ඔව්.තවද එම සහහ්තිකයේ පිටපතක් ළඟ තබා ගැනීම ඉතා වැදගත් වේ.
    ප්‍ර :-උප්පැන්න සහතිකය අවශ්යළ වන්නේ කුමක් සඳහාද?
    උ:-දරුවාගේ සුජාතභාවය ඔප්පුකිරීමට ,පුරවැසි භාවය ඔප්පුකිරීමට ,දරුවකු පාසලට ඇතුලත් කිරීමට ආදී ජ්විතයේ වැදගත් අවස්ථාවලදී
    ප්‍ර :-උපත ලියා පදිංචි කරන්නේ කෙසේද?
    උ :-පියා හෝ මව හෝ දෙදෙනාම හෝ එක් අයෙකු මිය ගොස් ඇත්නම් හෝ අසනීපයකින් පෙළෙන්නේ නම් හෝ රටින් බැහැරව ඇත්නම් හෝ උපත සිදුවන අවස්ථාවේ නුසුදුසු කමකින් පෙළන්නේ නම් දරුවා උපත ලැබූ ස්ථානයේ පදිංචි එකී උපත සිදුවූ අවස්ථාවේ හෝ දරුවා භාරව සිටින තැනැත්තා විසින් කළ යුතුය.දරුවා උපත ලද කොට්ඨාශයේ රෙජිස්ට්‍රාර්යෙකු වෙත කරන ලද නිසි ඉල්ලීමක් මත උපත ලියා පදිංචි කළ හැක.
    ප්‍ර :-දරුවාගේ උපත ලියා පදිංචි කිරීමට පියෙකු අනිවාර්යෙන්ම සිටිය යුතුද?
    උ :-නැත.පියා දරුවාගේ පියා විසින් පිතෘ භාවය ප්‍රතික්ෂේප කළ අවස්ථාවකදී වුවද දරුවාගේ උපත ලියා පදිංචි කළ හැක.නමුත් පියාගේ නම යන තීරුව හිස්ව උප්පැන්න සහතිකය නිකුත් කරයි.
    ප්රා :-නීතියානුකුල විවාහයක් නොමැති යුවලකට ලැබෙන දරුවකුගේ උපත ලියා පදිංචි කළ හැකිද?
    උ :-පුළුවන.නමුත් උප්පැන්නයේ “දෙමව්පියන් විවහකද” යන තීරුවේ “නැත” යනුවෙන් සටහන් වේ.
    ප්‍ර :-කුඩා කළ උපත ලියා පදිංචි නොකර පසුව වැඩි හිටියෙකු වූ පසු උපත ලියා පදිංචි කළ හැකිද?
    උ :-තරමක් අසීරු නමුත් ලියා පදිංචි කළ හැක.
    ප්‍ර :-ලියා පදිංචි වූ උප්පැන්න සහතිකයේ ඇති වැරදි ලෙස ඇතුලත් වූ තොරතුරු සහ නම ,වාසගම ආදිය වෙනස් කර ගැනීමට නඩු පැවරිය යුතුද?
    උ :-නැත.ජාතිය හැර අනෙක් සියලු කරුණු සංශෝධනය කළ හැක.එකී සංශෝධනයන් ප්රාමදේශීය ලේකම් කාර්යාලයේ අතිරේඛ දිස්ත්රියක් රෙජිස්ට්රාසර් වරයන් මාර්ගයෙන් නියමිත ආකෘති පත්රා පුරවා භාරදීමෙන් කළ හැක.
    ප්‍ර :-දරුවාගේ පිතෘත්වය ප්‍රතික්ෂේප කරන සහ දරුවාගේ පියාගේ නම උප්පැන්න සහතිකයේ ඇතුලත් නොවූ අවස්ථාවක එකී දරුවාට නඩත්තු නඩුවකින් මාසික නඩත්තු මුදලක් ලබා ගත හැකිද?
    උ :-හැක.ඩි.එන්.ඒ පරීක්ෂණයක් මගින් දරුවාගේ පිතෘත්වය තහවුරු කර ගැනීමෙන් පසු නඩත්තු මුදල් අයකර ගැනීමේ නියෝගයක් ලබා ගත හැක.
    ප්‍ර:- පියාගේ නම දරුවාගේ උප්පැන්නයේ ඇතුලත් නොවූ අවස්ථාවක සහ පියා තමන්ගේ දරුවෙකු ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් පියාගේ නම දරුවාගේ උප්පැන්නයට ඇතුලත් කර ගැනීමට නඩු පවරා අධිකරණ නියෝගයක් ලබා ගත හැකිද?
    උ:-පුළුවන.දිසා අධිකරණයේ පියාට විරුද්ධව නඩු පවරා නියෝගයක් ලබා ගත හැකිය.ඩි .එන් .ඒ පරීක්ෂණයක වාර්තා ආදී සාක්ෂි පිතෘත්වය ඔප්පු කිරීමට අවශ්‍ය වේ.
    දරුවෙකුගේ උප්පැන්නයේ සුළු හෝ අකුරක වරදක් තිබේ නම් එය වහාම නිවැරදි කිරීමට පියවර ගැනීම දෙමවුපියන්ගේ වගකීමකි.පසුකාලීනව නමේ හෝ වාසගමේ ඇති ඇලපිල්ලක හෝ වරදක් නීතිය ඉදිරියේ ගැටළු මතු විය හැක.


    2. විවාහය ලියා පදිංචි කිරීම

    ප්‍ර :-ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව විවාහ විය හැකි වයස කීයද ?
    උ :-පාර්ශවයන් වයස අවුරුදු 18 සම්පුර්ණ විය යුතුය.
    ප්‍ර :-ව්‍යාජ වයසක් ඇතුලත් කොට නියමිත වයස සම්පුර්ණ නොවූ යුවලකගේ ලියා පදිංචි විවාහයක් නීතිය ඉදිරියේ වලංගුද ?
    උ :- නැත.
    ප්‍ර :-යුග දිවියක් ගෙවන මුත් මෙතෙක් ලියා පදිංචි නොවූ විවාහයක් පසුව ලියා පදිංචි කළ හැකිද?
    උ :-පුළුවන.වයස අවු 18 සම්පුර්ණ වූ පසුව ඕනෑම අවස්ථාවකදී කළ හැකිය.
    ප්රි :-විවාහය ලියා පදිංචි කිරීමේ වැදගත්කම කුමක්ද?
    උ :-දරුවන් සුජාත දරුවන් ලෙස සැලකීම,විවාහක පාර්ශවයන්ගේ අයිතවාසිකම් ආරක්ෂා කර ගැනීමට,දේපල අයිතිවාසිකම් ලබා ගැනීමේදී වැදගත් වේ.
    ප්‍ර :-විවාහ සහතිකයේ ඇති දෝෂයක් නිවැරදි කර ගන්නේ කෙසේද?
    උ :-එකී දෝෂය විවාහ වූ පාර්ශවයන්ගේ නොවන විවාහ රෙජිස්ට්‍රාර්වරයාගේ අත්වැරදීමක් නම්ර එය දිසා අධිකරණයේ නඩු පවරා නිවැරදි කර ගතයුතුය.නමුත් එම වරද විවාහ වූ පාර්ශවයන්ගේ අත්හැරීමක් හෝ දෝෂයක් මත හෝ පසුව අලුතින් ඇතුළු කරන වෙනස් කිරීමක් නම් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වරයා හරහා ඉල්ලීමක් කොට නිවැරදි කර ගත යුතුය.


    3.ඉඩම් ඔප්පුවලට අදාල නීතිය

    ප්‍ර:-ලියා අත්සන්කළ කුවිතාන්ස මත ඉඩම් මිලදී ගැනීම /විකිණීම නීතියනුකුලද ?
    උ :-කිසිසේත්ම නීතියානුකුල නොවේ.
    ප්‍ර:-නීතියානුකුලව ඉඩම් ඔප්පුවක් සකස් කර ගන්නේ කෙසේද?
    උ :-සින්නකර ඉඩමක් මිලදී ගැනීම ඇතුළු ඕනෑම වර්ගයේ හුවමාරු කිරීමක් සම්බන්ධයෙන් නොතාරිස් වරයෙකු සහතික කල ඔප්පුවකින් කල යුතු අතර රජයේ ඉඩමක් නම් ප්‍රාදේශීය ලේකම් වරයාගේ අනුමැතිය මත නොතාරිස් ඔප්පුවකින් හෝ බලපත්‍රයක් ලබා ගත යුතුය.
    ප්‍ර :-නැති වූ ඔප්පුවක /ප්ලෑනක පිටපතක් ලබා ගන්නේ කෙසේද ?
    උ :-නැති වූ ඔප්පුවේ අංකය සහ ලියා සහතික කල නොතාරිස් වරයාගේ නම දන්නේ නම් ඔහුගෙන් හෝ අදාල ඉඩම් කාර්යාලය මගින් රුපියල් 500 ක රජයේ මුද්දර ගාස්තුවක් ගෙවීමෙන් සින්නකර ඔප්පුවක පිටපතක් ලබා ගත හැක. එකී ඔප්පුවේ කිසිදු තොරතුරක් නොදන්නේ නම් ඉඩම් කාර්යාලයේ පත ඉරු පරීක්ෂාවක් කිරීමෙන් පසු ඔප්පුවක පිටපතක් ලබා ගත හැක. අදාල පිඹුර රජයේ ටී.පි හෝ පි.පි.ඒ ප්ලෑනක් නම් නාරාහේන්පිට පිහිටි මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් හෝ දිස්ත්රිතක්‌ මිනින්දෝරු කාර්යාලයෙන් ලබා ගත හැක. පුද්ගලික මිනින්දෝරු වරයෙකුගේ ප්ලෑනක් නම් එකී මිනින්දෝරු වරයාගෙන් හෝ එම ඉඩමට ඉඩම් /බෙදුම් නඩුවක් පැවතියේ නම් එකී අධිකරණයෙන් ලබා ගත හැක.
    ප්‍ර :-ඔප්පුවක් නැති ඉඩමකට ඔප්පුවක් සකස් කල හැකිද?
    උ :-සින්නකර ඉඩමක් න හැක.රජයේ ඉඩමක්‌ නම් ප්‍රාදේශීය ලේකම් වරයාගෙන් බලපට්‍රයක් ඉල්ලා සිටින්න.
    ප්‍ර :-ඉඩම් ඔප්පුවක් ලිවීමේදී අදාල ගාස්තු මොනවද ?
    උ :-සින්නකර ඉඩමක් මිලි ගැනීමේදී මිලදී ගන්නා ඉඩමේ වටිනාකම අනුව මුද්දර ගාස්තු ගෙවිය යුතුය.එනම් පළමු රුපියල් ලක්ෂයට 3% ක්ද (රු 3000/=) ඊළඟ වැඩිවන සෑම රුපියලක්‌ සඳහාම 4% ක මුද්දර ගාස්තුවක් සහ නොතාරිස් ගාස්තු ගෙවිය යුතුය. ත්යාවග ඔප්පුවක් නම් පළමු රුපියල් 50000/= සඳහා 3% ද (රු.1500/=) ඉන් පසුවන වැඩිවන සෑම රුපියලක් සඳහාම 2%ක මුද්දනර ගාස්තුවක් සහ නොතාරිස් ගාස්තු ගෙවිය යුතු වේ.
    ප්‍ර:- ඉඩම් ඔප්පුවක් තබා ණය මුදලක් ලබා ගත ලබාගෙන ගෙවා පියවීමට නොහැකි වුවහොත් නීතියේ සහනයක් තිබේද ?
    උ :- සහන කිහිපයක් ඇත.වඩාත්ම වාසි සහගත සහනය ණය සහන මණ්ඩලයට නියමිත කාලය තුල ඉල්ලිමක්‌ කිරීමයි.


    4 . මහජනතාව සහ පොලීසිය


    ප්‍ර:-පොලිසියට පැමිණිල්ලක් කරන්නේ ක්සෙඅ?
    උ :-පොලිස් ස්ථානයට ගොස් හෝ නිවසේ සිට ලිඛිතව පැමිණිල්ල සකස්කොට තැපෑලෙන් හෝ දුරකථන ඇමතුමක් මගින් කළ හැක.
    ප්‍ර :-අයිතිවාසකම් කඩවූ අවස්තාවක පොලිස් පැමිණිල්ලක ඇති වාසිය කුමක්ද ?
    උ :-අධිකරණයට තමාගේ ස්ථාවරය සනාථ කිරීම සඳහා භාවිතා කළ හැක.
    ප්‍ර :-තමන් කරන ලද පොලිස් පැමිණිල්ලක සහතික පිටපතක්‌ ලබාගත හැකිද ?
    උ :-පාර්ශවයන් අතර අපරාධ නඩුවක් නොපවතින්නේ නම් ලබා ගත හැක.
    ප්‍ර :-කරන ලද පැමිණිල්ලකට පොලීසිය කටයුතු නොකරන්නේ නම් කළ යුත්තේ කුමක්ද ?
    උ :-ප්ර්දේශයේ සහකාර පොලිස් අධිකාරි වරයාට ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට හෝ නියෝජ්යල පොලිස් පතිතුමාට හෝ පොලිස් මුලස්ථානයට පැමිණිලි කළ හැක.
    ප්‍ර:- කරන ලද පොලිස් පැමිණිල්ලට අනුව එය තමන්ට සිදුවූ අපරාධයක්‌ නම් කලයුත්තේ කුමක්ද ?
    උ :-පුද්ගලිකව නීතිඥ වරයෙකු මාර්ගයෙන් අපරාධ නඩුවක් අරම්භ කළ හැක.



    5.ඉඩමක් ඇපයට තබා ණය මුදලක් ලබා ගන්නේ කෙසේද ?

    ප්‍ර :-ඉඩමක් ඇපයට තැබිය හැකි ඉඩම කවර ස්වභාවයේ ඉඩමක් විය යුතුද?
    උ :-නිරවුල් ඉඩමක් විය යුතුය.
    ප්‍ර :-නිරවුල් ඉඩමක් යනු කවර ස්වාභයේ ඉඩමක්ද ?
    උ :-අවම වශයෙන් වසර 25 ක කාලයක් වත් ණය මුදලක් ඉල්ලා සිටින්නාට පමණක් ඉඩමේ අයිතිය හා භුක්තිය තිබිය යුතුය.ඉඩම නොබෙදූ ඉඩමක් නොවිය යුතුය.
    ප්‍ර :-නොබෙදු ඉඩමක් නම් එය බෙදා ගන්නේ කෙසේද ?
    උ :-සරලම සහ පහසු සහ ඉක්මන්ම ප්‍රතිකර්මය ය හවුල් අයිතිය ඇති සෑම පාර්ශවයක්ම එකතු වී ඉඩම මැන ඉඩම කොටස් කර සමගි බෙදුම් ඔප්පුවක් සකස් කර ගැනීමෙනි.එය නීතිය ඉදිරියේ පිළිගනී. එහිදී සෑම හවුල්කරුවකුම තමනට ලැබෙන කොටස පිලිබඳ සැහීමකට පත්වී ඔප්පුවට අත්සන් කල යුතුය.එක හවුල් කරවෙකු හෝ විරුද්ධ වුවහොත් බෙදුම් නඩුවක් පවරා බෙදාගැනීමට සිදුවේ.
    ප්‍ර :-නොබෙදූ ඉඩමක් බෙදා ගත් පසු තවත් ඉඩමෙහි ඇති අපැහැදිලිකම් නිරවුල් කර ගත හැක්කේ කෙසේද ?
    උ :-බොහෝවිට නොතාරිස් වරයෙකුට අවස්ථානුකුලව මෙම ගැටළුවලට නීතියානුකුල ප්‍රතිතිකර්ම ඇත.
    ප්‍ර :-ඉඩම නිරවුල් කරගත් පසු තවදුරටත් ණය මුදලක් සඳහා අවශ්‍ය ලේඛණ මොනවාද?
    උ :- (1).පැරණි ඔප්පුවල සහ ප්ලෑන්වල පිටපත් ,
    (2).ඉඩමට අදාල පත්ඉරු සියල්ල දිරා පත් නම් ඒ පිලිබඳ සහතිකයක් ,(ඉඩම් රෙජිස්ට්රාේර් කාර්යාලයෙන් ලබාගත හැක)
    (3).හිමිකම් වාර්තාවක් :- ණය ඉල්ලා සිටින බැංකුවේ ලියා පදිංචි නීතිඥ වරයෙකුගෙන් ලබා ගත හැක.
    (4).පළාත් පාලන ආයතනයෙන් ලබා ගතයුතු ලේඛන (නොපවරා ගැනීමේ සහ වීතිරේඛා සහතිකය )
    (5).අවශ්‍ය වුවහොත් හිමිකම් රක්ෂණ සහතිකයක්



    වැදගත් උනා කියල හිතෙනවනම් රෙප් දීලා අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාල යන්න.

    සිංහල ජාතියට ජය වේවා !!!
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිරාවටම ගොඩක් වැදගත් දෙවක් ටිකක් මචං . තැන්කු රේප් +++
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,748
    113
    Gampaha
    සිරාවටම ගොඩක් වැදගත් දෙවක් ටිකක් මචං . තැන්කු රේප් +++
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    attachment.php
    rep+
     

    Attachments

    • Photo Comments (93).jpg
      Photo Comments (93).jpg
      10.5 KB · Views: 1,583