මේව ටිකක් කියවපල්ල

AnuradhaRa

Well-known member
  • මේව ටිකක් කියවපල්ල

    සියල්ල පවතින්නේ ය යන්න මෙන් ම සියල්ල නොපවතින්නේ ය යන්න ද අන්ත දෙකක් බව බුදුන් වහන්සේ දේශනා කළහ. මෙය ශාස්වතවාදය හා උච්ඡෙදවාදය සමග පටලවා ගත යුතු නො වේ. ශාස්වතවාදයෙන් කියැවෙන්නේ යමක්, එනම් පවතින්නේ යැයි කියන යමක්, දිගට ම පවතින බව ය. බොහෝ ආගම්වල ඉගැන්වෙන ආත්මය ඒ සඳහා හොඳම උදාහරණයයි. ඒ ආගම්වලට අනුව ආත්මය, එය පවතින බව උපකල්පනය කරමින්, සදාකාලික ය. එය නැසීමට නො හැකි ය. බටහිර විද්‍යාවේ ද ශක්තිය සදාකාලික ය. ශක්තිය නැසීමට නො හැකි ය.

    ශක්තිය එක් ප්‍රභේදයකින් තවත් ප්‍රභේදයකට හැරවිය හැකි ය. විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පත්කළ හැකි ය. එහෙත් ශක්තිය විනාශ කිරීමට නො හැකි ය. එසේ ම බටහිර විද්‍යාවට අනුව අපට ශක්තිය නිර්මාණය කිරීමට ද නො හැකි ය. එහෙත් එහි නිර්මාණයක් ඇත. එය මහා පිපිරුම යනුවෙන් හැඳින්වෙයි. ශාස්වතවාදයෙහි නිර්මාණයක් ගැන නො කියැවෙයි. එහෙත් නිර්මාණය වූ හෝ කෙරුණු හෝ යමක් විනාශ නොවී දිගට ම පැවැත්මක් ඉන් කියැවෙයි. මහා පිපිරුමේ දී නිර්මාණය කෙරුණු ශක්තිය දිගට ම විනාශ නොවී පවතින්නේ යැයි කියන බටහිර විද්‍යාව ද එක් අතකින් ගත්කල ශාස්වතවාදී වෙයි. අප එසේ කියන්නේ බටහිර විද්‍යාව අපේ සංස්කෘතියෙහි ඇති සංකල්ප මගින් දකිමිනි.
     

    AnuradhaRa

    Well-known member
  • උච්ඡෙදවාදයෙන් කියැවෙන්නේ පවතින්නේ යැයි කියන යමක් කලකට පසුව විනාශ වීම ය. මරණයත් සමග මම එනම් ආත්මය ද නැතිවන්නේ යැයි ගැනීම උච්ඡෙදවාදී වෙයි. ආත්මය යන්න වෙනුවට මෙහි දී විඥානය, මනස ආදී වෙනත් සංකල්පයක් ආදේශ කළ හැකි ය. සත්ත්වයාගේ මරණයත් සමග මනස නැතිවන්නේ යැයි ගැනීම උච්ඡෙදවාදී වෙයි. බටහිර විද්‍යාව සමස්තය හෙවත් මුළු මහත් ශක්තිය ලෙස ගත්කල ශාස්වතවාදී වුව ද පුටුව ඉලෙක්ට්‍රෝනය ආදී වශයෙන් එක් එක් වස්තුව සැලකීමේ දී උච්ඡෙදවාදී වෙයි.

    පුටුවක් පැවතී දිරාපත් වී විනාශ වීම උච්ඡෙදවාදී වෙයි. ඉලෙක්ට්‍රෝනයක් ශක්තිය අවශෝෂණය කිරීමෙන් හෝ මුදා හැරීමෙන් හෝ පසු වෙනත් ඉලෙක්ට්‍රෝනයක් හෝ වෙනත් අංශුවක් හෝ බවට පත්වෙයි. එසේ පත්වීමේ දී කලින් පැවතියේ යැයි කියන ඉලෙක්ට්‍රෝනය විනාශ වී යයි. දැන් පවතින්නේ කලින් පැවති ඉලෙක්ට්‍රෝනය නො වෙයි. ඒ උච්ඡෙදවාදයට එකඟ ය. මෙය බුදුදහමෙහි පටිච්ඡසමුප්පාදය සමග පටළවා ගත යුතු නො වේ.
     

    AnuradhaRa

    Well-known member
  • පටිචඡසමුප්පාදයෙහි ද ජරා මරණ ගැන කියැවෙයි. ඒ භවයක් ඇති කරගත් සත්ත්වයාට ය. මෙහි දී කිවයුත්තේ භවය නිසා ජාති ජරා මරණ ආදිය ඇති වන බව ය. එහෙත් සත්ත්වයාගේ විනාශයක්, කෙළවරක් ගැන ඉන් නො කියැවෙයි. මිය යන සත්ත්වයාට වෙනත් භවයක් වෙයි. නිවන් අවබෝධ වී නොමැති නම් සත්ත්වයාට තවත් භව ඇති වෙයි. එහි උච්ඡෙදවාදයක් නැත. විනාශ වූ ඉලෙක්ට්‍රෝනයක් වෙනත් අංශුවක් ලෙස නූපදියි. බටහිර විද්‍යාවට අනුව ඉලෙක්ට්‍රෝනය මුළුමනින් ම විනාශ වෙයි. එය විනාශ වීමෙන් පසු ඇතිවන්නේ වෙනත් ම අංශුවකි. එසේ ඇතිවන්නේ ද කලින් පැවති ඉලෙක්ට්‍රෝනයේ කිසියම් වූ අවස්ථාවක් ලෙස නො වේ.
     

    AnuradhaRa

    Well-known member
  • අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදය එවැනි හුදු සාපේක්‍ෂතාවාදී දුර්වල දැනුමකි. එහි ඇති සාපේක්‍ෂතාවාදයක් නැත. එය ඊනියා අවිචලක (invariants) පිළිබඳ දැනුමකි . එහි කියැවෙන්නේ සමුද්දේශ (අවස්ථිති හෝ නොවන හෝ) රාමුවෙන් රාමුවට මාරුවන නිරී්ක්‍ෂකයකුට වෙනස් නොවී විෂය වන රාශි ගැන ය. අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදයට සාපේක්‍ෂතාවාදය යැයි කීම ම වැරදි ව්‍යවහාරයකි. එහි ප්‍රධාන වන්නේ සාපේක්‍ෂ නොවන අවිචලක ය.
     

    AnuradhaRa

    Well-known member
  • අනෙක් අතට අයින්ස්ටයින්ගේ ප්‍රවාදය මුල සිට ම සංකල්පීය වශයෙන් නිවැරදි නො වේ. බටහිර විද්‍යාවේ තවත් පට්ටපල් බොරු නිර්මාණය කළ අයින්ස්ටයින් වැන්නකුට එය එතරම් ප්‍රශ්නයක් වී යැයි මම නො සිතමි. ඔහු තම සාධාරණ සාපේක්‍ෂතා ප්‍රවාදය නිරීක්‍ෂණ සමග සංගත කළ නො හැකි වූව විට ප්‍රවාදයට ඊනියා විශ්වවේදී නියතයක් එකතු කෙළේ ය. පසුව විශ්වය ප්‍රසාරණය වන බව නිරීක්‍ෂකයන් කී විට නියතය අස්කර ගත්තේ ය. ඔහු එක්තරා ආකාරකයකින් කටයුතු කර ඇත්තේ අවස්ථාවාදී දේශපාලනඥයකු ලෙස මිස සම්භාවනීය ප්‍රවාදකරුවකු ලෙස නො වේ. බටහිර විද්‍යාවේ ප්‍රවාද ගොතන්නෝ අවස්ථාවාදීහු ය.
     

    AnuradhaRa

    Well-known member
  • මොළය ඇතුලු සියලු අවයව නිර්මාණ යැයි සැලකුවහොත්, මනස ද මනසෙහි ම නිර්මාණයක් ලෙස සැලකුවහොත්, මොළයේ ව්‍යුහය කුඩාකල සිට වෙනස්වීම පිළිබඳ ප්‍රවාදයක් ද සකසා ගත හැකි ය. මනස විසින් හෝ කුසලාකුසල ධර්ම විසින් මොළය සකස් කෙරෙනු ඇතැයි අපට සිතාගත හැකි ය. නියුරෝන (ස්නායු ‍සෛල) ගැට ගැසෙන, එකතුවන තැන් (උපාගම –synapses) ඉපදෙන විට ම ළදරුවකුගේ මොලයේ නිශ්චිත ව පිහිටා නැත. ඒවා ජෛවීය ව නිර්්ණිත නො වේ. ඒවා සංස්කෘතික ව නිර්ණය වෙයි. එසේ සංස්කෘතිකව නිර්ණය වන කොටස් මොළයේ වෙයි. ඒ අතර කර්ම ශක්තිය අනුව ද මොළය සැකසී ඇතැයි සිතිය හැකි ය. මොළය හුදු ජෛවීය ව නිර්ණීිත වස්තුවක් ලෙස සලකනු ලබන්නේ බටහිර විද්‍යාඥයන් විසිනි. ඒ ඔවුන්ගේ ඒකහේතුවාදය සමග ද ගැලපෙයි. එහෙත් සිංහල බෞද්ධයෝ ඒකහේතුවාදීහු නො වෙති. ඔවුන්ට මොළය ජෛවීය ව (දෙමව්පියන් මගින්), කර්ම ශක්තිය අනුව මෙන් ම සංස්කෘතිකව ද නිර්ණිත වස්තුවකි.

    බටහිර විද්‍යාඥයන්ට අවශ්‍ය නම් මිනිසුන්ට ඇතිවන හැඟීම් ඉතා සුළු කාලයකට පසුව මොළයට දන්වන බවට මොළයේ ඔබ්බවන ඉලෙක්ට්‍රෝඩ ඇසුරෙන් දැක ගැනීමට හැකිවනු ඇත. ඒ සඳහා ඔවුන්ට තමන්ට ආවේණික අන්දමට පර්යේෂණ කළ හැකි ය.
     
    Last edited:

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඔක්කොම ටික ගෙඩි පිටින් කොපි පේස්ට් කළේ නෑ..
    වැදගත් කියල හිතෙන තැන් ටිකක් තමා මෙහෙම කොපි කරල දාන්නෙ..

    කොපි කරන්නේ කොතනින්ද කියල කිව්වේ නෑනේ?
     

    AnuradhaRa

    Well-known member
  • “පැවැත්ම (existence) ගැන බුදුන් දැක්‌වූ අදහස්‌ කච්චායන-ගොත්ත සුත්ර්යෙහි පහදා දී ඇත. එහි පැවසෙන්නේ සැම දෙයක්‌ ම පවතී යන්න එක්‌ අන්තවාදයක්‌ බව ය. එය අන්තවාදයක්‌ වන්නේ කෙසේ ද? සැම දෙයක්‌ ම නියත ව වෙනස්‌ නො වී සැම දා පවතී යන්න ඉන් අදහස්‌ වන්නේ නම් එය අන්තවාදයක්‌ වන්නේ ය. සැම දෙයක්‌ ම නො පවතී යන්න අනෙක්‌ අන්තවාදය බව පැවසීමෙන් බුදුහු තම අදහස පැහැදිලි කරති.
     

    AnuradhaRa

    Well-known member
  • මේ අන්තවාද දෙක එකල දාර්ශනිකයන් අතර පැවැති බව පෙන්වා දිය හැකි ය. උපනිෂද් පැවසුවේ නිත්යක වූ ආත්මයක්‌ පවතින බව ය. එය ශාශ්වතවාදය විය. කාර්වක (එකල පැවැති ධර්මයක්‌) මතය වූයේ කිසිවක්‌ නො පවතින බව ය. එය උච්ඡේදවාදය ලෙස හැඳින්වේ. මේ නයින් බලන කල යථාර්ථයක්‌ බුදුන් නො පිළිගත් බව කිව නොහැකි ය. මක්‌ නිසා ද සැම දෙයක්‌ ම නො පවතී යන්න අන්තවාදයක්‌ බව උන්වහන්සේ පැවසූ හෙයිනි. තව ද ලෝකයේ යථාර්ථයක්‌ නැතැයි බුදුන් පවසා නැත.”
     

    AnuradhaRa

    Well-known member
  • සෑම දෙයක් ම නොපවතී යන්න අන්තවාදයක් බව බුදුන් වහන්සේ දේශනා කර ඇත. එය යම් සන්දර්භයක් තුළ දේශනා කරන ලද්දක් බව අප මින් ඉහත දී සඳහන් කර ඇත. එහෙත් සෑම දෙයක් ම ශූන්‍ය බව ද උන්වහන්සේ දේශනා කර ඇත. අපේ ප්‍රශ්නය වන්නේ මේ ශූන්‍ය යනු කුමක් ද යන්න ය. සියල්ල නොපවතී යැයි දේශනා නොකර උන්වහන්සේ සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හා ශූන්‍ය යැයි දේශනා කළහ.
     

    AnuradhaRa

    Well-known member
  • සියල්ල අනාත්ම නම් පවතින්නේ කුමක් ද? ලෝකයේ අප දකින්නේ වෙනස් වීමකි. එය ද සම්මුතියකි. වෙනස්වීම පංචෙන්ද්‍රිය ගෝචර ය. එහෙත් අනෙක් අතට අප කලින් ද කියා ඇති පරිදි සෑම දෙයක් ම වෙනස් වෙමින් පවතී යනුවෙන් අදහසක් බුදුන් වහන්සේ දේශනා කර නැත. කලින් ද කියා ඇති පරිදි කිසිවක් නොපවතී යන්න උච්ඡෙදවාදය නොව නාස්තිකවාදය ය. යමක් පැවතී නැතිවීම උච්ඡෙදවාදය ලෙස හැඳීන්විය හැකි ය. වෙනස්වෙමින් දිගට ම පැවතීම ද ශාස්වතවාදයකි. වෙනස්වන දෙයක් සදාකාලික ව ඇතැයි ගැනීම ශාස්වතවාදයකි. වෙනස්වන දෙයක් ටික කාලයකට පමණක් පවතින්නේ යැයි ගැනීම උච්ඡෙදවාදයකි.
     

    AnuradhaRa

    Well-known member
  • දහනවවැනි සියවසේ ප්‍රධාන වශයෙන් වියනාව මුල් කරගෙන ජීවත් වූ අර්නස්ට් මාක් යථානුභූතවාදයෙක් (positivist) විය. ඔහු සුප්‍රසිද්ධ වියනා කවයෙහි සාමාජිකයෙක් විය. එමෙන් ම ඇතැමුන්ට අනුව ඔහු තර්කානුසාරී යථානුභූතවාදයෙහි (logical positivism) පියා විය. ඔහු භෞතික විද්‍යාඥයෙක් ද විය. ශබ්දයෙහි වේගය හා සම්බන්ධ මාක් සංඛ්‍යාව (Mach Number) පිළිබඳ ව මෙන් ම ලුඩ්විග් බෝල්ට්ස්මාන් සමග ඇති කරගත් විවාද සම්බන්ධයෙන් ද ඔහු ප්‍රසිද්ධ ය. මාක් යථාර්ථය ලෙස සැලකුවේ පංචෙන්ද්‍රිය ගෝචර දේ (වස්තු) පමණ ය. ඔහු පරමාණුවල පැවැත්ම ප්‍රතික්‍ෂෙප කෙළේ ය. එමෙන් ම අවස්ථිති සමුද්දේශ රාමුවල පැවැත්ම ද ඔහු ප්‍රතික්‍ෂෙප කෙළේ ය. තරුණ අයින්ස්ටයින්ට සාධාරණ සාපේක්‍ෂතාවාදය නිර්මාණය කිරීමේ දී මාක්ගේ මේ අදහස් බලපෑවේ ය. සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි නිව්ටෝනීය අවස්ථිති රාමු නැත. එබැවින් එහි ඊනියා ගුරුත්වාකර්ෂණය ද නැත. නිව්ටන්ට අනුව ගුරුත්වය යටතේ චලනන වන වස්තු අයින්ස්ටයින්ට අනුව නිදැල්ලේ චලනය වෙයි. යා දෙක නොරත රත සමග පෑහීමක් නැතැයි කීවාක් මෙන් අයින්ස්ටයින්ගේ සාධාරණ සපේක්‍ෂතාවාදයේ නැති ගුරුත්වාකර්ෂණය හා ක්වොන්ටම් භෞතිකය එක් කළ නො හැකි ය. අද බටහිර භෞතික විද්‍යාඥයන් උත්සාහ කරන්නේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය හා ක්වොන්ටම් භෞතිකය එක් කිරීමට ය.
     

    AnuradhaRa

    Well-known member
  • අපට ප්‍රත්‍යක්‍ෂ වන්නේ පොල් වැටීම ය. පොල් වැටෙන්නේ ඇයි ද යන්නට නිව්ටන් හා අයින්ස්ටයින් පිළිතුරු දෙකක් දුන්හ. නිව්ටන්ට අනුව එයට හේතුව ගුරුත්වාකර්ෂණය ය. එහෙත් ඔහු ගුරුත්වාකර්ෂණය ඇතිවන්නේ කෙසේ දැයි නො කීවේ ය. ඔහුට අනුව ගුරුත්වාකර්ෂණය ක්‍ෂණිකව එක් අංශුවක් නිසා අනෙක් අංශුව මත ඇති වෙයි. මෙය අයින්ස්ටයින් පසුව ක්වොන්ටම් භෞතික විද්‍යාව අරභයා යොදාගත් වචන අනුව හොල්මන් ක්‍රියාවකි.
     

    AnuradhaRa

    Well-known member
  • නිව්ටන්ට අනුව ද්‍රව්‍ය හා විකිරණ ඇත්තේ නිරපේක්‍ෂ අවකාශයෙහි ය. ඔහුට අනුව නිරපේක්‍ෂ අවකාශය දී ඇත, එහි වස්තු හා විකිරණ වෙයි. මෙම රාමුවෙහි කාලය ද නිරපේක්‍ෂ වන අතර ඒකාකාරීව ගලා යයි. කාලය ඒකාකාරීව ගලා යන්නේ සුපිරි කාලයකට සාපේක්‍ෂව ද ආදී ප්‍රශ්න නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි පැන නො නැගිණි.