මේව ටිකක් කියවපල්ල
සියල්ල පවතින්නේ ය යන්න මෙන් ම සියල්ල නොපවතින්නේ ය යන්න ද අන්ත දෙකක් බව බුදුන් වහන්සේ දේශනා කළහ. මෙය ශාස්වතවාදය හා උච්ඡෙදවාදය සමග පටලවා ගත යුතු නො වේ. ශාස්වතවාදයෙන් කියැවෙන්නේ යමක්, එනම් පවතින්නේ යැයි කියන යමක්, දිගට ම පවතින බව ය. බොහෝ ආගම්වල ඉගැන්වෙන ආත්මය ඒ සඳහා හොඳම උදාහරණයයි. ඒ ආගම්වලට අනුව ආත්මය, එය පවතින බව උපකල්පනය කරමින්, සදාකාලික ය. එය නැසීමට නො හැකි ය. බටහිර විද්‍යාවේ ද ශක්තිය සදාකාලික ය. ශක්තිය නැසීමට නො හැකි ය.
ශක්තිය එක් ප්‍රභේදයකින් තවත් ප්‍රභේදයකට හැරවිය හැකි ය. විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පත්කළ හැකි ය. එහෙත් ශක්තිය විනාශ කිරීමට නො හැකි ය. එසේ ම බටහිර විද්‍යාවට අනුව අපට ශක්තිය නිර්මාණය කිරීමට ද නො හැකි ය. එහෙත් එහි නිර්මාණයක් ඇත. එය මහා පිපිරුම යනුවෙන් හැඳින්වෙයි. ශාස්වතවාදයෙහි නිර්මාණයක් ගැන නො කියැවෙයි. එහෙත් නිර්මාණය වූ හෝ කෙරුණු හෝ යමක් විනාශ නොවී දිගට ම පැවැත්මක් ඉන් කියැවෙයි. මහා පිපිරුමේ දී නිර්මාණය කෙරුණු ශක්තිය දිගට ම විනාශ නොවී පවතින්නේ යැයි කියන බටහිර විද්‍යාව ද එක් අතකින් ගත්කල ශාස්වතවාදී වෙයි. අප එසේ කියන්නේ බටහිර විද්‍යාව අපේ සංස්කෘතියෙහි ඇති සංකල්ප මගින් දකිමිනි.