ඕක හොඳටම තියනවනේ
මුලින් වැලි කොලේකින් කපපන්, ඔය පේන්ට් වගේ ඒව යනකන් 80න් වගේ කපල ඊට පස්සෙ 120න් වගේ කපල තව ස්මූත් වෙන්න ඕන නං 180න් වගේ කපන්න පුලුවන්
ඊට පස්සෙ වෝට බේස් එකක් ගෑව නං එලටම එයි
ඔය හිඩැස් වහන එකේ සීන් එකක් තියනවා, වැස්ස කාලෙදි ලීවලට ජලවාශ්ප උරාගෙන ඔය හිඩැස් පොඩි වෙනවා, පායන කාලෙදි ලී වේලිලා ඕව ඈත් වෙනවා, වැස්ස කාලෙක ඕක ලී පොටි වලින් වැහුවොතින් පායන කාලෙදි ලී වේලිලා ඈත් වෙනකොට ආයෙ හිඩැස් මතුවෙනවා, පායන කාලෙකද කරොත් ගොඩක් දුරට හොඳට තියෙයි, සමහර වෙලාවට ලී පොඩ්ඩක් ඇද ගහන්න බලනවා ජලවාශ්ප උරාගෙන ලීය මහත් වෙද්දි, ලොකු හිඩැසක් නෙමෙයි නිසා ගොඩක් දුරට හොඳටම තියෙයි හොඳට පායන කාලෙකදි කරොත්
මට පේන්නෙ මේසෙ හද්දි පොඩ්ඩක් සයිස් කරපු එකේ අවුලක් වගේ, ඔහොම ලී ජොයින්ට් කරනවා නම් කරන්නෙ ලී හොඳටම වේලුනාම සයිස් කරලා අලවන්න ඕන, එතකොට ඔහොම මැදින් හිඩැස් පහු වෙලා එන්නෙ නැහැ
පායන කාලෙකදි ඕක ලී පොටි දාල හිඩැස් ටික වහලා දාල අර උඩින් කියපු විදියට කපලා, වෝට බේස් ටොප් කෝට් එකක් ඇප්ලයි කරගන්න පුලුවන් නං සිරාවටම එයි, ලීයෙ පාට අවුලක් නැහැ වගේ මට පේන්නෙ ඒක නිසා ස්ටේන්/ඩයි එකක් ගාන්න ඕන වෙන එකක් නැහැ