මේ අසරණ දරුපැටව් වෙනුවෙන් ඔබටත් යමක් කල හ&#353

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
මේ අසරණ දරුපැටව් වෙනුවෙන් ඔබටත් යමක් කල හ&#353




54.jpg


ඇවිද ගැනීමට නොහැකි වයස අවුරුදු හයක සහ අවුරුදු දෙකක දරුවන් දෙදෙනකු මව නොමැතිව ජීවත් කරවන 28 හැවිරිදි පියෙක් පල්ලේපොළ පහලගම රුසිගම සිටී. ඔහු බී.ජී. නිස්සංක ප්‍රේමසිරි මහතාය. දරුවන් දෙදෙනා ජීවත්කරවීමට ඇති ආර්ථික දුෂ්කරතා නිසා ඔහුගේ බිරිද කේ.ජී.රසිකා ශ්‍රියාණි (23)සෞදි අරාබියාවේ ගෘහ සේවයට ගොස් සිටින්නීය.
සිය පියාගේ නිවසෙහි කුඩා කාමරයක පදිංචි වී සිටින ප්‍රේමසිරි දරු දෙදෙනා වෙනුවෙන් සිදු කරනා කැප කීරීම අදහා ගැනීමට නොහැකිය.
ඔවුන්ගේ කැදැල්ලට පැමිණි පළමු දියණිය තරුෂි නිසංසලා (06) අවුරුදු දෙක තුනක් යන තුරු කෙළිදෙලෙන් දුව පැන ඇවිද්දාය.එකවරම දෙපාපණ නැති වු ඇය කතාකිරීමටද නොහැකිව සිරුර අප්‍රාණිකව සිටින්නීය.
ඔවුන්ගේ දෙවැනි දරු වූ දේශාන් කාවින්ද පුතාද යන්තමින් වසර දෙකට පා තබයි. එතෙක් හොදින් සිටි එම දරුවාද සිය වැඩිමහල් දියණියට වැළදුණ රෝගයට ගොදුරු වෙමින් සිටී.
ඔවුන් දෙදෙනා සමග ජීවත්වන නිස්සංක තම පවුලටසිදු වු විපත ගැන මෙසේ කීය.
‘‘අපි හිතුවේ නැති දෙයක් සිද්ධ වුනේ දරු දෙන්නම එක් තැන් වුණා.මේ දෙන්නා සුව කරගන්න අපි හරියට මහන්සි ගත්තා.ඒත් වෛද්‍යවරුන් කියන්නේ ලෙඩේ සොයාගන්න බෑ කියලා.මේ දෙන්නට පිටි කිරි ගන්නවත් විදියක් නෑ.දරුවෝ දෙන්නම මගේ බිරියට විතරක් බලා ගන්නට බෑ පුළුවන් විදියට දරු දෙන්නා ජීවත් කරවන්නයි බිරිය රට ගියේ.මම දැන් මේ දෙන්නාගේ සියලු වැඩපල කරලා කන්න දීලා බලාගන්නවා.
නංගි හරි අම්මා හරි දරු දෙන්නා ළග නවත්තලා දවසක් කුලියට යනවා.ඒ මුදලින් දවස් දෙක තුනක් ජීවත් කරවනවා.මේ දෙන්නා හෝදලා, නාවලා, කවලා පෙවලා බලාගෙන ඉන්නවා.අපිට කියලා ඉන්න ගෙයක් නෑ. ගේ හදන්න අඩිතාලම දැම්මා බිරිය රට යනකොට දීපු සල්ලි ටිකකින් දැන් එයාටත් හරියට පඩියක් ලැබෙන්නේ නැහැ.මගේ දරු දෙන්නාට හොද කරලා දෙන්න කවුරුහරි ඉදිරිපත් වෙනවානම් බුදු බව අත්වේවි.මේ දෙන්නට දෙන්න කියලා තියෙන කරි වර්ගය හරි මිලයි. මම කන්නේ බොන්නේ නැතිව මේ දෙන්නට සලකනවා.මගේ රත්තරං දරුවන් නැගිටුවා ගන්න එක තමයි මගේ එකම බලාපොරොත්තුව.‘‘

ඔහුගේ ලිපිනය -බී.ජී.නිස්සංක ප්‍රේමසිරි,රුසිගම,පහළ ගම,පල්ලේපොල.දුරකථන අංකය 071-59 73 078, ලංකා බැංකුව – පල්ලේපොළ,ගිණුම් අංකය 8490042 එම්.ජී.කුසුමලතා යන නමට ගිණුම ඇත



54.jpg
55.jpg
56.jpg



වැඩි දුර විස්තර සහ වීඩ්යෝ සදහා පහත සදහන් ලින්ක් එකට යන්න..
http://www.srifb.com/youth


 

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
මේ පොඩි පැටව් දෙන්නා වෙනුවෙන් බම්ප් එකක් හරි දාලා යන්න..