ඒ වුනාට ඕක ඇතුලේ හෙන අහිංසක සෙට් එකක් ඉන්නවා බන්, ඇත්තටම ඔය වෙනුවෙන් කැපවුණු. කන්න තියෙන සල්ලි පත්තරේ ගන්න සල්ලි දීපු උන් හිටියා ඔය ලාල්ලගේ හඳුන්ලගේ සොමේලාගේ කතා අහපු, පවු ඒ අහිංසක මිනිස්සු. ඒ මිනිස්සුන්ට ඕක පක්ෂයක් දේශපාලනයක් නෙමෙයි, උන් බලාපොරොත්තු උනු ලොකේ, උන්ගේ ළමයි වෙනුවෙන් හරි රටක් හැදෙයි කියලා තියපු බලා පොරොත්තු තමා ඔය හොර හැත්ත දැන් බිදගෙන යන්නේ, මැයි පෙලපාලියට යන්න, විරු සමරු වලට යන්න, කැට තියන් හිටපු උන් හිටියා, වෙන පක්ෂවල බත් පැකට බෝතලේට මිනිස්සු ගෙන්නද්දි, තමන්ගේ අතින් වියදම් කරගෙන, ටිකක් සල්ලි තියෙන කෙනා අනෙක් කෙනාටත් බස් එකේ සල්ලි ගෙවන උන් හිටියේ..
හැබැයි ඕක ඇතුලේ හෙන හොරු රැලකුත් හිටියා.. ජාන වලින්ම ආපු සෙට් එකයි, ආශ්රය නිසා අපු උනුයි..
මැයි පෙලපාලි ගිහින් බස් එක නැවත්තුවාම කඩේක කන්න, හොරු කරේ කලා බිල ගෙවන්නේ නැතිව පැනපු එක, කඩේ තේක බීලා කෝප්පේ බස් එකේ දාගෙන ආපු උන් හිටියා.. ඒකට අනෙක් උන් පොලවා ගත්තු උන් හිටියා.. කිව්වේ කඩේ මිනිහා ධනපති, බලපන් ගනන් ඌ හුරගෙන කනවා.. ඌට පාඩමක් උගන්නන්න කොප්ප ටික උස්සපන් කියලා.. මොනවා උනත් කාර්යාලෙටනේ කියලා.. අන්තිමේ දි කාර්යාලේ තියෙන කොප්ප ටිකත් සති දෙකකින් නැති වෙනවා..
මේ වගේ උන් තමා පිකට් වලදි මිටින් වලදි ඇතුලේ මිටින් වලදි ලොකුවට ටොක්ස් දුන්නේ සහ දෙන්නේ. ඒක නිසා ඇතුලේ උනුත් සද්ද වහන් හිටියා.. අන්තිමේ දි බලය ආවා.. දැන් පිස්සු බල්ලෝ වගේ..
උන් තාමත් හිතන් ඉන්නවා මුං හෙන සුදු මිනිස්සු කියලා...
හැබැයි ඇත්තටම කිසි හිරකිතක් නැති සදාචාරය කියන නාමයක් නැති කළු මිනිස්සු මිනිස්සු මුන්..