මේ ආතල් එක කාටද මතක? (කතා කරන ෆොටෝ : 1) 🤗🚌

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    ඔහොම ඉතින් අමාරුවෙන් පවර් ස්ටිරිනූත් නැතුව කන්ද නැගපු ඩ්‍රයිවර් උන්නැහැයි ගොලයයි කන්ද උඩ තියන ටිකිරි මැණිකාගේ කඩේට සෙට් වෙලා මොනව හරි කාල කහට එකක් බිලා එහෙම තමයි ආයෙත් ගමන පටන් ගන්නෙ :D...සමහර වෙලාවට ඔහොම කඩ වල හවස් වරුවෙම නිදියගන තමයිලු යන්නෙ...
    127.jpg
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    අපි තාමත් යන්නේ මේ ලොරි චැසි වලම තමයිනේ.

    කවද අපේ රටේ පාරවල් වලට බස් එකක් වැටෙයිද මන්ද?
     
    • Like
    Reactions: Lankaputhra16

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ඉස්සර ඔය එලවලු ගෙන්නෙ පරණ බෙඩ්ෆොර්ඩ් / ටාටා ලොරි,ඉතින් ඔය දහ අට වංගුව වගේ එවා සෙට් උනාම ගොලයට එපා වෙනවලු,පිටිපස්සෙන් කොටයක් තියාගන කන්දේ ඇවිදෙන එක ගොලය කරන්නෙ,පස්සට ආවොත් කොටේ තියන්න,හරි විදියට ලොරිය පස්සට ආවොත් නම් කොටේට කරන්න පුලුවන් ලබ්බකුත් නැ....ඔහොම ඉතින් අමාරුවෙන් පවර් ස්ටිරිනූත් නැතුව කන්ද නැගපු ඩ්‍රයිවර් උන්නැහැයි ගොලයයි කන්ද උඩ තියන ටිකිරි මැණිකාගේ කඩේට සෙට් වෙලා මොනව හරි කාල කහට එකක් බිලා එහෙම තමයි ආයෙත් ගමන පටන් ගන්නෙ :D...සමහර වෙලාවට ඔහොම කඩ වල හවස් වරුවෙම නිදියගන තමයිලු යන්නෙ...
    අපේ වයිෆ්ගේ සීයා කොකාකෝලා එකේ ඩ්‍රයිවර් මහියංගනය අරන් යන්නේ බුවාලූ ලොකු ලොරි. ඔය සීන් එක හැමදාම වගේ මාමන්ඩියා කියනවා කොහෙහරි ය්ද්දි. ඉස්සර දැන් ව්ගේ පාර පලල් නෑ. මාර කට්ටක් කාලා තියෙන්නේ බහිනකොට එහෙම 18 වංගුව..පව් ඒ මනුස්සයා දැන් නෑ. 2018 මැරුනා අවුරුදු ගානක් එකතැන හිටියේ. 😥😥
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    අපෝ මතකයි. ඔතන යන්න පොරකනවා ඉස්සර. අද වගේ සින්ක්‍රොමෙෂ් ගියර් තිබ්බේ නැහැ ඔය බස්වල. ගාණට ආර්පීඑම් එක බලලා තමයි ගියර් එක මාරු කරන්න ඔ්නේ. නැත්නම් බස් එක දෙකට කැඩෙන්න වගේ සද්දේ.

    මෙවත් තියෙද්දිම ආවා ඩිමෝ බස් සෙට් එකකතුත්. පැසෙන්ජර් සයිඩ් එකේ දිග සීට් එකකතුත් එක්ක. ඔතන යන්නත් මම ඒ දවස්වල පොරේ. මොකද ඩිමෝ බස් එකේ ඉස්සරහ වීදුරුවට තුන්ලෝකයම පේනවා. :P එච්චර විසාලයි.

    ජපන් ඉසුසු එන්ජින් එකක් හයි කරපු එකක් තිබ්බා අපේ පැත්තේ ඒ දවස්වල. ගියර් කොලම් එක රියදුරු මහත්තයගේ උරහිස ගාවට වෙනකන්ම උසයි. බූස්ට් ගේජ් එකකතු් තිබුණා. මම දැකපු පළවෙනි ලංගම ටර්බෝ චාර්ජ් බස් එක.

    Tata bus wala push button start awe e dawaswala bung.. yathura dala, kalu pata button ekak thibba.. godak bus wala mama dakala tiyenawa speedo eka kadila ekata clipsal switch ekak obala thibba athule lihhts danna..

    View attachment 131057
    TATA 1510 වගේ මට මතක හැටියට. මුලු එන්ජිමම බස් එක ඇතුලෙම වගේ තිබ්බ මොඩල් එකතුත් ආවා.
    ------ Post added on Jun 16, 2021 at 2:41 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    වයර් දෙක ෂෝට් කරල ස්ටාර්ට් කරනකොට එන ආතල් එක දැන් තියෙන වාහන වලින් ගන්න බෑ.
    ඒ වගේද ආයුබෝවන්ඩ ඇතුලේ ඉන්න කොල්ලො ටික බැහැලා බස් එක තල්ලු කරලා සැරදාගෙන ස්ටාට් වෙනකොට එන ගැම්ම.