අපි හම්බ කරොත් අපි කනවා කිව්ව අයට දැන්, අපි හම්බ කරත් කන්න බෑ නේද?
සමහර අය හිතන් ඉන්නවා, දේශපාලනය ගැන කතා කරොත් එක තමන්ගේ සමාජ තත්ත්වය බාල වෙනවා කියලා.
" අනේ මම politics ගැන interest නෑ. අපි අපේ වැඩක් බලන් පාඩුවේ ඉන්නවා. ඔය කවුරු ආවත් ඔච්චර තමා. මේ රට හදන්න බෑ."
ඕවා තමා එයාලගේ අදහස්. එත් ඔබ වනගත වෙලා නැත්තන්, රටේ සමාජ ආර්ථිකය පරිභෝජනය කරනවා නම්, ඔබ ඉබේම දේශපාලන ජිවියෙක් බවට පත් වෙනවා, මොකද ඔබ අද රෑට කනවද නැද්ද, නැත්තන් හෙට කොහෙවත් නැති රටකින් වෙඩි කාලා මැරෙනවද කියලා තීරණය කරන්නේ දේශපාලනය විසින් නිසා.
අපි කැමති උනත් නැතත් අපි දේශපාලනයේ කොටසක් වෙලා ඉවරයි.
ඒ නිසා තමන්ගේ වගකීම හරියට ඉටු කරන්න.
පුලුවන් හැමවෙලේම හරි දේට හරිත් වැරදි දේට වැරදිත් කියන්න, voice කරන්න පුලුවන් වෙන්න.
සාධාරණය, අසාධාරණය දැක දැක ඇස් කන් පියන් ඉන්න එපා.
ඒම නැත්තන් ඔයාලා අනිත් අය අරගල කරලා ගන්න යහපත් සමාජයේ free riders ලා ටිකක් විතරක් වෙනවා.
අවුලක් නෑ ඒම free riders ලා තියන් හරි යහපත් සමාජයක් දේශපාලනයක් ගොඩ නගා ගත්ත නම්.
එත් දවසක අවාසනාවකට , අපි වෙනුවෙන් ඔයාලා වෙනුවෙන් කරන අරගලයට ඔලු ගෙඩි මදි උනොත්, ඔයාලාට හම්බ කරත් ඔයාලට කන්න බැරි, තමන්ගේ ලමයට වයසක අම්මා තාත්තාට එයාලා කන්න ආස දේවල් කන්න දෙන්න බැරි, යුතුකම් ඉටු කරන්න අමාරු වෙන දවසක් එයි, කොච්චර හොද වාහනයක් තිබ්බත් ඒකට තෙල් ටික නැති වෙයි, තියන තෙල් ටික ගහන්නත් මහ රෑ 12 - 1 වෙනකන් ශෙඩ් එකේ පොලිමේ ඉන්න වෙයි, අද ඊයේ වගේ.
අපි හැමොටම voice එකක් තියනවා , හඩ අඩු, හඩ වැඩි හැම voice එකක්ම වැදගත්.
We all do have a voice , and it does matter.
ඔහු හරි, මේ අර්බුදය ඔහු විසින් නිර්මාණය කල දෙයක් නෙවේ. අපි විසින්ම නිර්මාණය කරගත්ත දෙයක්.
ඒ නිසා, ඔබගේ ඡන්දය / විරෝධය මොලයෙන් කල්පනා කර, හෘද සාක්ෂියට එකගව භාවිතා කරන්න.
- Copied from FB