මේ කතාව පටන් ගන්නේ 1976 අවුරුද්දේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,374
    100,268
    113
    මේ කතාව පටන් ගන්නේ 1976 අවුරුද්දේ.. පැසිෆික් සාගරයේ පොඩි දූපතක් වෙන සටාවල් (Satawal) කියන දූපතේ හිටියා, මාඕ පියයිලුග් (Mau Piailug) කියලා දක්ෂ නාවිකයෙක්. එයාගේ විශේෂත්වය වුණේ, මාලිමා යන්ත්‍රයක්, සිතියම්, නැත්නම් වෙන කිසිම නවීන උපකරණයක් නැතුව කිලෝමීටර් 4000කට ආසන්න දුරක් වුනත් කිසිම ගාණක් නැතුව විවෘත සාගරයේ යාත්‍රා කරන්න පුළුවන් වීම!
    'මේ මහ මුහුදේ ?'
    ඔව්, මේක අපට හිතාගන්නත් අමාරු දෙයක්. අද කාලේ අපිට මාලිමා යන්ත්‍රයක් නැතුව කැලෑවක පොඩි දුරක් යන්න කිව්වත් අපි බය වෙනවා නේද?
    ඒ කාලේ හවායි ඉඳන් ටහීටි (Tahiti) වලට "හෝකූලේයා" (Hōkūleʻa) කියලා, පැරණි ක්‍රමයට හදපු ඔරු දෙකක් යාත්‍රා කරන්න සූදානම් වුණා. එහි අරමුණ වුණේ, පොලිනීසියානු ජනතාව කොහොමද මේ තරම් විශාල පැසිෆික් සාගරය හරහා ගිහින්, විවිධ දූපත් වල ජනාවාස ඇති කරගත්තේ කියන එක ඔප්පු කරන්න.
    මොකද ඒ වෙනකම් ලෝකයේ හිටපු ගොඩක් "විශේෂඥයෝ" කිව්වේ ඒ ගමන් බිමන් අහම්බෙන් වෙච්ච "ලකී ඩ්‍රිෆ්ට්" lucky drifts විතරයි කියලා. ඒ කියන්නේ හුළඟට, දියවැල් වලට ගහගෙන ගියපු ගමන් විතරයි කියලා. නවීන උපකරණ නැතුව මේ වගේ ගමන් යන්න බැහැ කියලා තමයි ඔවුන් තර්ක කළේ. හැබැයි මේ ගමනට අත්‍යවශ්‍ය වුණේ, නවීන තාක්ෂණය නෙමෙයි, පරම්පරාවෙන් පරම්පරාවට ආපු පැරණි දැනුම. ඒ දැනුම තිබුණේ මාඕ පියයිලුග් ළඟ.
    "ඈත ක්ෂිතිජය රත් පැහැ ගැන්වෙමින් තිබුණේය. සාතවාල් දූපතේ වැලි තීරයේ සිට, මහ මුහුදේ රළ පෙළ දෙස බලා සිටි මාඋ පියයිලුග්ගේ දෑස්වල තිබුණේ ගුප්තබවකි. නූතන ලෝකය වේගයෙන් ඉදිරියට ඇදෙද්දී, මාඋගේ ලෝකය තවමත් රැඳී තිබුණේ තරු පිරුණු අහසත්, මුහුදේ රිද්මයත් මතය. මික්‍රොනීසියානු මුතුන් මිත්තන්ගෙන් ඔහුට උරුම වූ ඒ දැනුම, ඔහුට වඩා බලවත් විය.
    "මාඋ මාමේ මේක නියම චාන්ස් එකක්. අපේ මුතුන් මිත්තන්ගේ ශ්‍රේෂ්ඨත්වය ලෝකෙට පෙන්වන්න පුළුවන් අවස්ථාවක්," හවායි සිට පැමිණි තරුණ පුරාවිද්‍යාඥයා උද්යෝගයෙන් කීවේය.
    "පොලිනීසියානු යාත්‍රා සමාජය 'හෝකූලේ' කියන පැරණි බඳ දෙකේ ඔරුව හදලා තියෙනවා. අපට ඕනෙ එකෙන් හවායි ඉඳන් ටහීටිවලට යන්න, නූතන උපකරණ නැතුව. ඒක ඔප්පු කරයි පුරාණ පොලිනීසියානුවන්ට හිතාමතාම මේ විශාල සාගරය තරණය කරන්න පුළුවන් වුණා කියලා. ඒත්... අපට මග පෙන්වන්න මාමා වගේ කෙනෙක් නැතිව බැහැ..."
    මාඋ නිහඬව සිටියේය. ඔහුගේ සිතෙහි දිව ගියේ ඔහුගේ පියා, සීයා සහ ඊට පෙර සිටි සියලු මුතුන්මිත්තන් මුහුද සමඟ කළ අරගලයයි. ඔවුන් ගමන් ගත්තේ තරුවලින්, රළවලින්, සුළඟින් පමණි. බොහෝ විද්‍යාඥයන් සිතුවේ එය වාසනාව මත සිදුවූ අහඹු ගමන් බවයි.
    "නෑ," මාඋගේ සිත කොඳුරා කීවේය.
    "ඒක දැනුම. කැපවීම හා මුහුදට සවන් දීම."
    "ඒක ලේසි වෙන්නේ නෑ මාඋ මාමේ" තරුණයා තවදුරටත් කීවේය.
    "දවස් ගණන් මුහුදේ ඉන්න වෙයි. සමහර විට කුණාටු එයි. ඒත්, මේක ඔප්පු කරන්න ඕනෙ. අපේ සංස්කෘතියට අලුත් ජීවයක් දෙන්න."
    මාඋ හෙමිහිට හිස එසෙව්වේය. ඔහුගේ දෑස්වල තිබූ නිහඬ බව පහව ගොස්, ඒ වෙනුවට අධිෂ්ඨානයක් දිස්විය.
    "මම ඒක කරන්නම්," ඔහු ගැඹුරු හඬකින් කීවේය.
    "මගේ මුතුන් මිත්තන් මට දුන්නු දේ මම ඔප්පු කරනවා."
    මාඕ තරු 150කට වැඩි ගණනක ගමන් මාර්ග කටපාඩම් කරගෙන හිටියා. රාත්‍රියට, අහස වලාකුළින් වැහිලා තිබුණත්, එයාට තරු පිහිටීම අනුව තමන්ගේ ගමන් මාර්ගය තීරණය කරන්න පුළුවන් වුණා. මුහුදේ රළ රටා සහ ඒවායේ වෙනස්වීම් කියවන්නත් එයාට පුළුවන් වුණා. මේක හරියට පොතක් කියවනවා වගේ දෙයක්. රළ ගමන් කරන දිශාව, ඒවායේ හැඩය අනුව එයාට තමන්ගේ පිහිටීම සහ ගමන් කළ යුතු දිශාව තේරුම් ගන්න පුළුවන් වුණා. තව සුළඟේ හැසිරීම් සහ කුරුල්ලන්ගේ පියාසැරි රටා නිරීක්ෂණය කරලා, ළඟ ගොඩබිමක් ද කියලා එයාට දැනගන්න පුළුවන් වුණා. මේක අපි කැලේ යනකොට සත්තුන්ගේ හැසිරීම් බලලා ගම්මාන ළඟද කියලා තේරුම් ගන්නවා වගේ දෙයක්. ඒත් අමතක කරන්න එපා මේ විවෘත සාගරයේ! ඉතින් හෝකූලේයා යාත්‍රාවට මේ ගමන සාර්ථකව යන්න නම්, මාඕගේ උදව් අත්‍යවශ්‍ය වුණා...
    "දින කිහිපයකට පසු, මාඋ "හෝකූලේ" ඔරුව දෙස බලා සිටියේය. එය ඔහුගේ ජීවිතයේ කවදාවත් දැක නැති තරම් විශාල, අලංකාර නිර්මාණයකි. නූතන උපකරණ නොමැතිව, මාලිමා යන්ත්‍රයක් හෝ සිතියමක් නොමැතිව ඔහුට භාර දී තිබුණේ එහි සුක්කානමයි.
    ගමන ඇරඹිණි. "හෝකූලේ" සෙමින් මුහුදට පිවිසියේය. මුලදී, කාර්ය මණ්ඩලය මාඋ දෙස බැලුවේ සැකයෙනි. මන්ද ඔවුන් නූතන යාත්‍රා ක්‍රමවලට පුරුදු වී සිටි අයයි.
    මාඋ, කිසිවක් නොදොඩා, අහසත්, මුහුදත් දෙස බලා සිටියේය. ඔහුගේ දෑස් තරු සමඟ කතා කරනවා සේය. රාත්‍රියේදී, අහස වලාකුළින් වැසී ගිය විට, ඔහු මුහුදේ රළ රටා කියවීය. එක් එක් රළ පහරේ රිද්මය, ශක්තිය, සහ දිශාව ඔහුට මග පෙන්වීය. එය නූතන විද්‍යාවට අභියෝගයක් විය.
    දින ගණන් ගත විය. මුහුදේ තනිවීම, පවුලෙන් ඈත්වීම, සහ අනාගතය පිළිබඳ බිය කාර්ය මණ්ඩලය වෙහෙසට පත් කළේය.
    මේ අතර එක් රාත්‍රියක, දැඩි කුණාටුවක් ඇති විය. රළ යෝධ කඳු මෙන් නැගී ආවේය.
    "මාඋ! මාමේ අපට මග වැරදිලාද?" එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙක් බියෙන් කෑගැසුවේය. මාඋ සන්සුන්ව සිටියේය. ඔහු සුළඟට පිටුපා, රළ දෙස බැලුවේය. ඔහුගේ සිතේ තිබුණේ ඔහුගේ පියා ඔහුට ඉගැන්වූ පාඩම්ය.
    "පුතේ, මුහුදට බය වෙන්න එපා. මුහුදට සවන් දෙන්න. එය නිතරම ඔබට මග පෙන්වාවි." ඔහු දෑස් පියා ගත්තේය.
    ඔහුගේ හදවත මුහුදේ හදවත සමඟ ගැටෙන්නට විය. ඔහුට දැනුනේ මුහුදේ ගැඹුරේ සැඟවී ඇති ධාරා සහ රටායි.
    "නැහැ," ඔහු නිහඬව කීවේය. "අපි නිවැරදි මාර්ගයේ යනවා."
    මෙසේ දින 31ක් ගත විය. වෙහෙසට පත් වූ කාර්ය මණ්ඩලය බලාපොරොත්තු රහිතව සිටියහ.
    මාඋ දිගින් දිගටම කුරුල්ලන්ගේ පියාසැරි රටා නිරීක්ෂණය කළේය. හදිසියේම, ඔහු කුරුල්ලන් විශාල රංචුවක් දැක, උන් ගොඩබිම දෙසට පියාසර කරන ආකාරය දුටුවේය.
    "ගොඩබිම!" ඔහු මෘදු හඬකින් කීවේය.
    කාර්ය මණ්ඩලය සැකයෙන් බලා සිටියහ. ඔවුන්ගේ සිතට සැනසුමක් දැනුනද, එය විශ්වාස කිරීමට අපහසු විය. "කොහෙද මාඋ මාමේ ?" එක් අයෙක් ඇසුවේය.
    මාඋ ක්ෂිතිජය දෙසට ඇඟිල්ල දිගු කළේය. ඈතින්, නොපැහැදිලි ලෙස ගොඩබිමක් දිස්විය. එය ටහීටියයි!
    එදා "හෝකූලේ" ටහීටි වෙරළට ළඟා වූ විට, දහස් ගණනක් ජනයා ඔවුනට ආචාර කිරීමට රැස්ව සිටියහ. ඔවුන්ගේ මුහුණු මත වූයේ ප්‍රීතිය සහ ගෞරවයයි.
    මාඋ පියයිලුග් නම් මේ නිහඬ මිනිසා, සිය මුතුන් මිත්තන්ගේ දැනුමෙන්, ලෝකයට කළ නොහැකි දෙයක් කළේය. ඔහුගේ දෑස්වල කඳුළු පිරී තිබුණි. ඒ සාගරය තරණය කිරීමේ ජයග්‍රහණයේ කඳුළු නොව, සිය මුතුන් මිත්තන්ගේ උරුමය නැවත ස්ථාපිත කිරීමේ තෘප්තියේ කඳුළු විය.
    මුතුන්මිත්තන්ගේ ප්‍රඥාව
    අවසානයේ, මේ ගමන විශාල සාර්ථකත්වයක් ලැබුවා. දින 31ක් පුරා මුහුදේ යාත්‍රා කරලා, හෝකූලේයා යාත්‍රාව ටහීටි වලට ළඟා වුණා.
    මේකෙන් පැරණි නාවිකයෝ කොච්චර දක්ෂ ශිල්පීන් ද කියලා ඔප්පු වුණා. මේක පොලිනීසියානු ජනතාවට විතරක් නෙමෙයි, මුළු පැසිෆික් කලාපයේම ආදිවාසී සංස්කෘතියට අලුත් ජීවයක් ලබා දුන්නා. ඒ ගමන, එය නැතිවී ගියා යැයි සිතූ සම්ප්‍රදායක් නැවත මතුපිටට ගෙනාවා. මාඋ පියයිලුග් නම් වූ ඒ නාවිකයා, මුහුදේ හදවත කියවූ මිනිසා, සිය ජීවිතය කැප කළේ අනාගත පරපුරට තමන් කවුදැයි මතක් කර දීමටය. ඔහුගේ කතාව, අපට උගන්වන්නේ මුල් බැසගත් දැනුමේ වටිනාකම, අධිෂ්ඨානයේ බලය, සහ අපගේ උරුමය ආරක්ෂා කර ගැනීමෙන් ලැබෙන ආත්ම ගෞරවයයි.
    "අපි සයුරට බැඳී සිටිමු. අප නැවත මුහුදට යන විට, එය යාත්‍රා කිරීමට හෝ නැරඹීමට වේවා,අප අපි පැමිණි තැනටම නැවත යන්නෙමු."
    - John F. Kennedy
    ඉතින් නැවත මුහුදු වෙරළට ගිය විට, විසල් සයුරේ කිලෝමීටර් දහස්ගණනක් දුර තරු වලින් මග දකිමින්.. සුළඟ මුමුණන රහස් අසමින් හරිම තැනට යාත්‍රා කළ වීර මිනිසුන් සිටිය බව, ඔබේ මතකයට නැගේවි...
    © සාගර දියගම
    [email protected]
    If this message resonated with you, follow my page, Sagara Diyagama, for more reflections and encouragement.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,085
    1
    28,593
    113
    TFS. නෝර්වීජියානු ගවේෂකයෙක් වෙන තෝ(ර්) හෙයිඩාල් විසිනුත් මේක ඔප්පු කලා. තවත් කන්ඩායමක් එක්ක සාම්ප්‍රදායික පොලිනීසියානු Kon Tiki කියන පහුරෙන් සාර්ථකව පැසිෆික් සාගරය තරණය කලා. මේ චාරිකාව ගැන පොතක් සහ චිත්‍රපටයක් තියනවා Kon Tiki නමින්
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,639
    2,143

    සුපිරි😍
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    TFS. නෝර්වීජියානු ගවේෂකයෙක් වෙන තෝ(ර්) හෙයිඩාල් විසිනුත් මේක ඔප්පු කලා. තවත් කන්ඩායමක් එක්ක සාම්ප්‍රදායික පොලිනීසියානු Kon Tiki කියන පහුරෙන් සාර්ථකව පැසිෆික් සාගරය තරණය කලා. මේ චාරිකාව ගැන පොතක් සහ චිත්‍රපටයක් තියනවා Kon Tiki නමින්
    ඔව බන් මටත් මේක කියව්ව ගමන් එක තමයි මතක් උනේ...

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,268
    113
    TFS. නෝර්වීජියානු ගවේෂකයෙක් වෙන තෝ(ර්) හෙයිඩාල් විසිනුත් මේක ඔප්පු කලා. තවත් කන්ඩායමක් එක්ක සාම්ප්‍රදායික පොලිනීසියානු Kon Tiki කියන පහුරෙන් සාර්ථකව පැසිෆික් සාගරය තරණය කලා. මේ චාරිකාව ගැන පොතක් සහ චිත්‍රපටයක් තියනවා Kon Tiki නමින්
    ඔව බන් මටත් මේක කියව්ව ගමන් එක තමයි මතක් උනේ...

    මම මේකේ පොත කියවලා තියෙනවා