මේ කතා ඇත්තද බං???

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    මේ කතා ඇත්තද බං???

    බ්‍රසීලයේ ඇරිගෝගේ භූතාත්මය ලංකාවට ඇවිත්

    අපට නොපෙනෙන ලෝකයේ ජීවත්වන භූතාත්මවලට ගමන් බිමන් ඉතා පහසුය. සිතූ සැනින් තමන්ට අවශ්‍ය තැනට ගමන් කිරීමේ ශක්තිය භූත ලෝකයේ බොහෝදෙනෙකුට පිහිටා ඇත. මනසට දැඩිව අල්ලාගෙන සිටින පුද්ගලයන් හා වස්තු සම්පත් කෙරෙහි ආදරයෙන් හා ආශාවෙන් ද තරහ මරහ නිසා පළිගැනීමේ උවමනාවෙන් ද උපාදානා කොට ගෙන සිටින පුද්ගලයෝ මෙසේ භූත ලෝකයේ සැරි සරති.

    මේ අතර ඇතැම් භූතාත්මවල ඉපදී සිටින භූතයෝ තමන්ගේ අවශ්‍යතා ඉටුකැර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරන අවස්ථාවන් ද වරින් වර අසන්නට ලැබේ. ලොව සිදුවන සියලු දේ භෞතික ඇසින් ම බලන්නට පුරුදු වී සිටින වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් මෙවැනි සිද්ධීන් පිළිබඳ උඩින් පල්ලෙන් අත ගා උපහාසයෙන් කතා කරති. සමච්චලයට ලක් කරති. එහෙත් දැන් දැන් උගත්තු හා බුද්ධිමත්තු මෙවැනි සිද්ධීන් පිළිබඳ අවධානයෙන් කටයුතු කරයි. ගවේෂණයට යොමු වී සිටිති. සමහර භූතාත්මයෝ තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා බෞද්ධ රටවලට සංක්‍රමණය වන අවස්ථා ද ඇත. මේ එවැනි කතාවකි.

    බ්‍රසීලයේ ජීවත් වූ ඇරිගෝ සාමාන්‍ය ගොවියෙකි. ඔහු අධ්‍යාපනය ලබා තිබුණේ පාසලේ තුන්වැනි පන්තියට පමණි. ඔහු පසුකාලයක ඒ රටේ ඉතා ප්‍රසිද්ධියට පත් වූ පුද්ගලයින් ගේ නාමාවලියට ඇතුළත් විය. ඊට හේතු වූයේ ශරීර ගත ගෙඩිවලට හා ඇස් රෝගවලට කිසිම බෙහෙතක් භාවිත නොකොට ගුප්ත ශල්‍ය චිකිත්සාවකින් රෝග සුවපත් කිරීම නිසාය. මේ ගුප්ත ශල්‍ය චිකිත්සාව කොයිතරම් දුරට සාර්ථක හා ජනප්‍රිය වූයේ ද යත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා පවා ඇරිගෝගෙන් ප්‍රතිකාර ගෙන ඇත. මේ ‘ඇරිගෝ’ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ‘ඇරිගෝ’ නමින් අන්තර්ජාලයෙන් ලබාගැනීමට පුළුවන. ඇරිගෝ 1974 හදිසි අනතුරකින් මිය ගියේය.

    මේ බ්‍රසීල ජාතික ඇරිගෝ ගේ ගුප්තාත්මය පසුගියදා හිටිහැටියේ ම ඇතුල්කෝට්ටේ, අලකේශ්වර පාරේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයේ දී පෙනී සිටියේය. එහි ගුප්ත ගවේෂණයේ යෙදී සිටින යෝගීන් ඉදිරියේ ඇරිගෝ පෙනී සිටියේ සුදු ඇඳුමෙන් සැරසීගෙනය. දේවාභරණ පැලඳ සිටි ඇරිගෝගේ ගුප්තාත්මය විශාල කරාබු කුට්ටමක් දෙකනේ පැළඳ සිටියේය. පළල් මුහුණකින් යුතු ඔහු තළඑළළු පැහැයෙන් යුක්ත විය.

    කසුන් නාගොඩවිතාන මහතා මේ ගුප්තාත්මය සමඟ සාකච්ඡා කරන්නට විය.

    ”මේ හදිසියේ අප ඉදිරියේ පෙනී සිටින ඔබ කව්ද?”

    ”මම ඇරිගෝ”

    ”ඇරිගෝ? ඔබ ලංකාවේද?”

    ”නැහැ මම ජීවත්වුණේ බ්‍රසීලයේ. 1974දී මරණයට පත්වුණා.”

    ”කොහොමද මැරුණේ?”

    ”හදිසි අනතුරකින්”

    ”ඉතින් ඔබේ තියෙන විශේෂත්වය මොකක්ද?”

    ”මම බ්‍රසීලයේ ජීවත්ව සිටියදී රෝගීන් සුවපත් කළා”

    ”ඔබ වෛද්‍යවරයෙක්ද?”

    ”නැහැ මම ගොවියෙක්”

    ”ගොවියකු වශයෙන් සිට වෙදකම් කරන්න ඔබට තියෙන සුදුසුකම මොකක්ද?”

    ”එදා ඇරිගෝ නමින් සිටි මගේ ශරීරයට වෛද්‍යවරයකු ගේ ආත්මයක් ආවිශ්ට වුණා. එයයි වෙදකම් කළේ”

    ”ඉතින් ඔබ දැන් ඉන්නේ කොහේද?”

    ”අහසේ”

    ”අද මෙතැනට ආවේ ඇයි?”

    ”පණිවුඩ කීපයක් දෙන්න තියෙනවා. මම පිහිටකුත් බලාපොරොත්තු වෙනවා”

    ”ඉතින් මොනවාද අවශ්‍ය. අපෙන් කෙරෙන්න ඕනෑ මොනවාද?”

    ”බැහැ. මට කෙළින්ම එන්න බැහැ. මම සුදුසු කෙනෙකු මාර්ගයෙන් එන්නම්” යැයි ඇරිගෝ ගේ ගුප්තාත්මය අතුරුදහන් විය.

    ඊට පසු දින ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට සුවිශේෂී පුද්ගලයෙක් පැමිණියේය. ඒ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකි. ඒ මහාචාර්යවරයා පැවසුවේ ඊයේ රාත්‍රි භාවනා කරන විට අපට නොපෙනෙන ලෝකයෙන් ලැබුණු ගුප්ත පණිවුඩයක් නිසා නාගොඩවිතාන මහතා සොයාගෙන පැමිණි බවයි. එහි දී නැවතත් ඇරිගෝගේ පණිවුඩදීම ආරම්භ විය.

    ඒ මහාචාර්යවරයා කඩදාසි කීපයක් මත පෑනකින් විස්තර ලියාගෙන ලියාගෙන ගියේය. ඔහුගේ අතට ආකර්ෂණය වූ ගුප්තාත්මය පෑන කඩදාසියෙන් ඉහළට නොඋස්සාම ලියාගෙන ගියේය. අහන ප්‍රශ්නවලට පිළිතුරු ලීවේය.

    ”මේ ලියන්නේ කව්ද?”

    ”මම බ්‍රසීල ජාතික ඇරිගෝ”

    ”ඇරිගෝ ඔබට වෛද්‍ය ප්‍රතිකාර කරන්නට දැනුම ලැබුණේ කොහෙන්ද?”

    ”දෙවැනි ලෝක යුද්ධයේදී මියගිය එංගලන්තයේ ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයකු වන ජෝන් ස්මිත්ගේ දේවාත්මයෙන්. ජෝන් ස්මිත් ගෙඩිවලට හා ඇස් ලෙඩවලට දක්ෂ වෛද්‍යවරයෙක්. ඔහුට පින් මදිකමක් තිබුණා. ඔහු මා ලවා රෝගීන් සුවපත් කොටැ ඒ පිනෙන් තවත් ඉහළට ගියා.

    ”ඉතින් ඔහු ඔබව සම්බන්ධ කැර ගත්තේ කොහොමද?”

    ”ඩොක්ටර් ස්මිත් මා සොයා ගෙන ආවා. ඔහුගේ ඉල්ලීමට මම කැමැති වුණේ් නෑ. මම බැහැ කීවා. මට අමාරුයි මට හිරිහැරයක් කියලා. පසුව මට ඔහුට අවනත වෙන්න සිදුවුණා. ස්මිත් ඔහුගේ අකුසල විපාක මඟහරවා මේ කුසලය මඟින් ඉහළට ගියා”

    ”හරි, ඇරිගෝ! දැන් ඔබ සිටින තත්ත්වය කොහොමද?”

    ”මම අකුසල විපාක, කුසල විපාක දෙක ම විඳින කෙනෙක්. වෙලාවකට පහත් මට්ටමේ අමනුස්සයෙක්. වෙලාවකට දෙවි කෙනෙක්. ඒ දිව්‍ය අවස්ථාවේදී තමයි මම ඔබ සොයගෙන ආවේ. මට ආශිර්වාද කරන්න. මට උදව් කරන්න. මේ අකුසල විපාක විඳින දුක්සහගත තත්ත්වයෙන් මිදෙන්න උදව් කරන්න.”

    ”ඔබ මේ අපේ ලංකාවට ආවේ කොහොමද? අපට සම්බන්ධ වුණේ කොහොමද?”

    ”මම ආවේ දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ගේ උදව්වෙන්”

    ”හොඳයි ඇරිගෝ! දැන් ඔබේ සිත අතීතයට යවන්න. ඔබ බ්‍රසීලයේ ජීවත්වෙද්දී කළ හොඳ වැඩ සිහිපත් කරන්න. ඔබ මිනිසෙකුව සිටියදී දොස්තර ස්මිත්ගේ ගුප්තාත්මය සමඟ ඔබේ ඔය දෑතින් සුවපත් කළ රෝගීන් ගැන සිතන්න. ඒ කුසල් සිත් ගොඩනඟන්න” යැයි උපදෙස් දෙනවාත් සමඟ ඇරිගෝගේ භූතාත්මය දේවත්වයට උසස් විය. එදා ඇරිගෝ බ්‍රසීලයේ සිටියදී ඔහුගේ නූගත්කම නිසා ඔහු අනුන්ට කරුණාවෙන් උදව් කිරීම කුසලයක් බව දැන සිටියේ නැත. ඔහු රෝගීන් සුවපත් කළේ අවිඥාණවකය. හැඟීමෙන් නොවේ. ඔහු සිතා සිටියේ මේ සංසාරය ඉවර නොවෙන ගමනක් ලෙසය.

    ගවේෂණ මධ්‍යස්ථානයේ දී මේ අමනුෂ්‍යාත්මයට කරුණු පැහැදිලි කර දුන් විට එය අවබෝධ වී කුසල් සිත් පහළ වී උසස් තැනකට ගියේය.

    දැන් ඇරිගෝ දේව සභාවට පණිවුඩ ගෙන යන දේව දූතයෙකි. ආවතේව කරුවෙකි. දැන් ඇරිගෝ ගවේෂණ මධ්‍යස්ථානයට එන රෝගීන් සුවපත් කරන්නට ද උදව් කරයි. දෙවියන් වෙත පණිවුඩ ගෙන ගොස් කුසල් සිදු කැර ගනී.

    ලෝකයේ දැන් දැන් ලෙඩ දුක් විපත්, හා වෙනත් විවිධ විපත්, විනාශ ඉහළ යමින් පවතී. ලංකාවේ ද එසේ ම ය. මේ කලියුග කාලයයි. කලියුගයේ දී මිනිසාට විපත් සිදුවන ක්‍රම තුනකි. 1. සොබාවික විපත්, 2. යුද කෝලාහල ඬසා සිදුවන විපත්, 3. අමනුෂ්‍ය විපත් යනුවෙනි. ලංකාවේ යුද කෝලාහල ලේ වැගිරීම් සමඟ අමනුෂ්‍ය විපත් වැඩි විය.

    එසේ ම මිනිසා අධර්මරාගී වන විට දෙවියෝ ඉවත්ව යති. අල්ලස, දූෂණය, ජාතික දේපොළ සූරාකෑම, මත්ද්‍රව්‍ය, මත්පැන්, හොර මැරකම්, ඉහළ යන විට දෙවියෝ ඉවත්ව යති. යක්ෂ සේනාධිපතිවරු සිය පිරිවර මුදා හරිති.

    මේ අමනුෂ්‍ය විපත් හා මාධ්‍ය මඟින් භූත ලෝකය පිළිබඳ අනාවරණය කරන විට බුද්ධිමතුන් දැන් ඒ ගැන විමසති. පසුගිය මැයි 21 වැනි දින එවැනි උගතුන්ගේ, ආචාර්ය මහාචාර්ය වරුන්ගේ සාකච්ඡාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨයේදී පැවැත්වුණි. ආචාර්ය මහාචාර්ය වරුන් හා ගිහි පැවිදි උගත්තු 100 – 120ක් පමණ මේ සාකච්ඡාවට සහභාගි වූහ.

    නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ උපදේශක උපුල් ගමගේ සහ ඇතුල්කෝට්ටේ, ගුප්ත ගවේෂක කසුන් නාගොඩවිතාන මහත්වරු ද ඊට සහභාගි වූහ. මේ සාකච්ඡා සභාව පැවතියේ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අංශයේ හිටපු ප්‍රධානී, මහාචාර්ය පී.ඩී.ප්‍රේමසිරි මහතාගේ ප්‍රධානත්වයෙනි.

    දැන් ශ්‍රී ලංකාවේ සිදුවන අධර්මරාගී අපරාධ, දූෂණ නිසා සොබාදහම පවා කෝප වී සිටී. ඉදිරියේදී තව තවත් විපාක දැක ගන්නට ලැබෙනු ඇත. ප්‍රතිකාර සොයාගත නොහැකි, නිට්ටාවට සුව කළ නොහැකි, රෝග භය පැතිර ඇත. අධර්මරාගී පාපී සිතුවිලි සෑම ක්‍ෂේත්‍රයකම පාහේ ක්‍රියාත්මකවීම නිසා අමනුෂ්‍ය භය ඉහළ යමින් පවතී. ගං වතුර හා කුඹුරු අස්වනු විනාශවීමත්, දේපළ විනාශයත් නිසා දුර්භික්ෂ භය ද හිස ඔසවමින් පවතී.

    මේ තුන් බියෙන් රට බේරා ගැනීම වගකිවයුත්තන්ට බාර කාර්යයකි. අපරාධ, දූෂණ, වංචා හොරමැර, මත්ද්‍රව්‍ය, මත්පැන්, මර්ධනය කරන තුරු පිරිතෙන් පමණක් මේවා පාලනය කළ නොහැකිය. පිරිත් කියන්නෝ ද, අසන්නෝද, සංවිධාන කරන්නෝ ද දැහැමි අවංක සද්භාවී විය යුතුය.

    උපුටාගැනීම සිළුමිණ
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    මේකෙ කියලා තියන මහාචාර්යවරයා ප්‍රොෆෙසර් නලින්ද සිල්වා වෙන්න ඇති බං මට මතකයි ප්‍රොෆෙසර් "දැන් මිනිස්සු පිරිහිලා හින්දා දෙවියො මිනිස්සුන්ගෙන් ඈත් වෙලා යක්ෂයො බලවත් වෙලා" වගේ කතාවක් කියලා තිබ්බා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113

    මං දුර්වලයි මනුෂ්‍ය ලෝකේදි පින් කළේ නෑ

    සතර මහා භූත කොටස්වලින් සකස් වූ, සංසාර ගමනේ දිගින් දිගට ගෙන යන්නා වූ කර්ම ශක්තිය නිසා ඊට ගැළපෙන පරිදි නිර්මාණය කළා වූ ශරීරය අතහැර දමා මරණයේ දී ඉවත් ව යන චිත්ත සන්තානය හෙවත් නාම ස්කන්ධය ඊළඟ භවයේදීත් එසේ ම බොහෝ විට දකින්නට ලැබේ. එය තවදුරටත් පැහැදිලි කරනවා නම් භූතාත්මයක් ලබා සිටින බොහෝ දෙනකු තමන් හඳුන්වනු ලබන්නේ කලින් මිනිස් ආත්මයේ සිටි නමින් ම ය.

    එසේ ම ඉපැරැණි සෘෂිවරුන් විසින් සොයා ගනු ලැබූ, අක්ෂර ශක්තියෙන් නිර්මාණය කරන ලද මන්ත්‍ර ශාස්ත්‍රය මේ භූතාත්ම මෙහෙයවන්නට යොදා ගත් උපක්‍රමයක් විය. පැරැන්නෝ මේ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් බොහෝ විස්කම් පෑහ. ලංකාවේ ද කොණ්ඩදෙනියේ හාමුදුරුවන් වැනි ශාස්ත්‍රඥයන් කළ විස්කම් අදද තවමත් සමාජ ව්‍යවහාරයේ පවතී.

    කෙනෙක් මන්ත්‍ර ශාස්ත්‍රයෙන් තව කෙනෙකුගේ ලෙඩ දුක් සුවපත් කළහ. තවත් පාපී කෙනෙක් ඒ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් ම තව කෙනෙකුට ලෙඩ දුක් කරදර ඇති කළහ.

    තව කෙනෙක් මන්ත්‍ර ශාස්ත්‍රය උපයෝගී කොට ගෙන කෙනෙකුගේ ශරීරයට, නිවසට හෝ ඉඩමට ඇල්ම ඇති කැර ගෙන සිටින භූතයෙකු පලවා හැරියහ. එසේ ම තව කෙනෙක් භූතයෙකු මන්ත්‍ර බලයෙන් අල්ලා ගෙන ඔහු ලවා වෙනත් කෙනෙකුට ලෙඩ දුක් හානි සිදු කළහ.

    මේ අතර එවැනි මන්ත්‍රයක බලපෑමක් නැතිව භූතයෙක් ස්වකීය සිතේ පවතින ඇල්ම නිසා ද, පළි ගැනීමේ අදහසින් තරහ වෛර නිසා ද මිනිසුන්ගේ ශරීරවලට රිංගා ගෙන ද පිටතින් සිට ද හිරිහැර පීඩා පමුණුවති.

    මේ ඇතුල්කෝට්ටේ, අලකේශ්වර මාවතේ ආධ්‍යාත්මීය ගවේෂණ මධ්‍යස්ථානයේ දී අනාවරණය වූ සිද්ධියකි.

    හෙන්රි ලලිත් ගේ මාමා ය. හෙන්රි මිය ගියේ මුහුණේ වම් පස හටගත් පිළිකාවකිනි. ඔහු දැන් සිය බෑණා වන ලලිත් ගේ සිරුරට ආවිශ්ටවෙමින් වරින් වර කටයුතු කරයි. අපි හෙන්රි සමඟ ම සාකච්ඡා කරමු.

    “මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ කව්ද?” මම ඇසීමි.

    “මම හෙන්රි” ලලිත් ගේ මුවින් පිට වෙයි.

    “ඇයි හෙන්රි මේ ලලිත්ට හිරිහැර කරන්නේ?”

    “මම හිරිහැර කරන්නේ නෑ. මේ ළමයා හොඳින් ඉගෙන ගෙන දියුණු වෙනවාට ඊර්ෂ්‍යාවෙන්, මේ ළමයගෙ ගෙදරට ඉස්සරහ ගෙදර කෙනෙක් මේ ළමයට විනයක් කළා. මම මේක දැක්කා. වෙනත් භූ®තයෙක් මේ ශරීරයට රිංගා ගෙන හිරිහැර කරයි කියා මට හිතුණා. ඒ නිසා වෙනත් ප්‍රේතයෙක් රිංගා ගන්න කලින් මම මේ ළමයගෙ ශරීරයට රිංගා ගත්තා. මම තරහකට ඊර්ෂ්‍යාවකට නොවෙයි ආදරේටයි රිංගා ගත්තේ.”

    “ඒ වුණාට මේ හැසිරීම හිරිහැරයක්නෙ”

    “මට කරන්න දෙයක් නෑ. මේ අපේ ස්වභාවය”

    “හෙන්රිගේ ස්වභාවය, හෙන්රි ගේ තත්ත්වය මොකක්ද?”

    “මට තේරෙන්නේ නෑ”

    “ප්‍රේතයෙක් නේද?”

    ‘මට තේරෙන්නේ නෑ”

    “ඇයි? නොතේරෙන්නේ?”

    “මම දුර්වලයි, මනුස්ස ලෝකෙ ඉන්දැද්දි පින් දහම් කළේ නෑ”

    “ඇයි එහෙම වුණේ?”

    “මහත්තයා! මම කටයුතු කළේ එදා වාමාංශික නායකයොත් එක්ක. එදා මගේ ළඟ තිබුණෙ කොමියුනිස්ට් ධර්මය. බුද්ධ ධර්මය නොවෙයි. අපේ ධර්මයෙන් එදා අපි කිව්වෙ ධනවතුන් භංග වේවා කියලා. අපි එදා යමක් කමක් තියෙන අයට වෛර කළා. ඊර්ෂ්‍යා කළා. ඔවුන් භංගවේවා කීවා. බුද්ධ ධර්මයට අනුව දාන - ශීල - භාවනා කළේ නෑ.”

    “කව්ද? ඔබ ආශ්‍රය කළ වාමාංශික නායකයෝ?” මම හෙන්රිගේ භූතාත්මයෙන් ඇසීමි. ඔහු මිය ගිය පැරැණි වාමාංශික නායකයන් කීප දෙනෙකුගේ නම් සඳහන් කළේ ය.

    “දැන් ඔවුන් ඉන්නේ කොහේද?”

    “දන්නේ නෑ. මම දුර්වලයි. මට ඒ අය ගැන දැන ගන්න තරම් ශක්තියක් නෑ.”

    “හෙන්රි! ධනවතුන් බොහෝ දෙනෙක් ඔය වගේ ම ධර්මානුකූ®ල නොවී සේවකයින්ගේ ශ්‍රමය සූරා කමින්, ඊටත් වඩා බලවතුන් අල්ලා ගෙන රාජ්‍ය දේපළවලින් අසාධාරණ විදිහට ප්‍රයෝජන ගන්නවා. දූෂිත විදිහට අයුතු ලාභ ලබනවා. උන් ලෞකිකව සැප විඳිනවා. ඒක ඇත්ත. ඒ උන් ඉස්සර පින්වලට. මෝහය නිසා සාධාරණ නොවී අසාධාරණකම් කර ඊළඟට අපා ගත වෙනවා. අපේ අයත් උන්ට ඊර්ෂ්‍යා කර, වෛර කර, ඒ ද්වේෂ සහගත සිතුවිලි වලින් මැරී අපාගත වෙනවා. දැන් හෙන්රිටත් සිද්ධ වෙලා තියෙන්නේ ඒකයි. ඒ නිසා අන්න ඒ යථාර්ථය තේරුම් අරගෙන දැන්වත් හිතේ තරහ මරහ තියාගන්න එපා. දැන් හිත පින් දහම්වලට යොමු කරන්න.” මම ඔහුට උපදෙස් දුනිමි.

    “ඒක තමයි මම උත්සාහ කරන්නේ, මේ ළමයාගේ ඇඟට වෙලා එහෙම පිනකට දහමකට උදව් වෙන්න ඕනෑ. ඒත් මේ ගොල්ලො මාව ඉවත් කරන්න හදනවා.”

    “ඒ කව්ද?”

    “අර මහත්තයා” යැයි තිසර නාගොඩවිතාන මහතා පෙන්වයි.

    “හෙන්රි! අපි හදන්නේ ඔයාව කළු දේවතාබණ්ඩාර දෙවියන් ලවා ජය ශ්‍රී බෝධීන් වහන්සේ ළ¼ඟට යවන්න. එතකොට පුළුවන් හෙන්රිට පිනට දහමට යොමු වෙන්න.

    අනුන් කරන පින්කම් දැකලාවත් සතුටුවෙන්න. එතැන දෙවියන් ගේ ආවතේව කටයුතුවලට සම්බන්ධ වෙලා කටයුතු කරන්නැ’යි තිසර නාගොඩවිතාන මහතා විස්තර කළේ ය.

    “ඔව්! මම කැමැතියි, ඒත් මේ ළමයව ආරක්ෂා කර ගන්නත් ඕනෑ.”

    “දැන් හෙන්රි ළඟ, හෙන්රිගෙ ආශ්‍රයේ වෙන කවුද ඉන්නේ?” යි මම ඇසීමි.

    “මම දන්නේ නෑ. මම දුර්වලයි”

    “වෙන කවුරුන් ගැනවත් දන්නේ නැද්ද?”

    “තාත්තා ගැන දන්නවා”

    “මොකක්ද තාත්තාගෙ නම?”

    “කරෝලිස්”

    “දැන් කරෝලිස් මෙතැන ඉන්නවාද?”

    “නෑ එයා මැරිලා... තාත්තා ඉන්නේ සිරීපාද අඩවියේ”

    “තාත්තා සිරීපාද අඩවියේ මොනවාද කරන්නේ?”

    “දන්නේ නෑ. තාත්තා ඉන්නේ සුමන සමන් දේවතාවුන් වහන්සේ ළඟ.”

    “තාත්තා ඒ තත්ත්වයට ගියේ කොහොමද?”

    “තාත්තා අපි වගේ නොවෙයි. පන්සල් ගියා. පින් දහම් කළා. සිල් සමාදන් වුණා. දුප්පත් අයට උදව් කළා. ඒ නිසා තමයි එයා ඒ තත්ත්වයට ගියෙ. මම දේශපාලන අදහස් නිසා නිතරම සිතේ ගොඩ නැඟුවේ වෛරී සිතුවිලි. ඒ නිසා දැන් දුක් විඳිනවා. මේ ළමයා පින් දහම් කරන නිසා මෙයා මාර්ගයෙන්වත් මේ අපා දුකෙන් මිදෙන්න හිතා ඉන්නවා.”

    “හොඳයි, හොඳයි, දැන් හිත හදාගන්න. පාපී සිතුවිලි අත හරින්න. ලලිත් දානයක් දී පින් අනුමෝදන් කරාවි. ඒ පින් ලබාගෙන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යන්නැ’යි නාගොඩවිතාන මහතා පැවසීය.

    මෙයින් අපට පැහැදිලිවන්නේ තම තමන් දෘෂ්ටි ගතවන ආකාරය අනුව සිතේ පැල පදියම් වන අල්ලා ගැනීම්, සංසාර ගමනට ඉවහල් වන ආකාරයයි. මාක්ස්වාදයේ ආරම්භකයින්ටත් ආරම්භක ළමා තරුණ වයස්වල බුදු දහමේ ආභාෂය ලැබුණා නම් ඔවුන් ද දස රාජධර්මයට අනුව සාර්ථක වැඩපිළිවෙළකට පට වඩා වෙනස්ව ක්‍රියාත්මක වෙන්නට තිබුණි.

    ඉන් පසුව බිහිවූ දෙවැනි තුන්වැනි පෙළ නායකයෝ දුප්පත් වූ දරිද්‍රතාවයෙන් පීඩාවට පත් වූ මිනිසුනට ඉගැන්වූයේ ද්වේෂය මිශ්‍ර වූ ක්‍රමයකි. එයින් ධනවත්හු බලවත්හු තව තවත් ස්ථාවර වූහ. දැනුදු එසේ ම ය.

    වර්තමානයේ ද තමන්ගේ ගොඩ වැඩි කැර ගැනීම එම අධිෂ්ඨානය කොට ගත් ප්‍රධානීහු දුප්පතුන් රවටමින් උපායශීලීව කටයුතු කරති. එහෙත් අවසානයේ අපා ගත වෙති.

    හෙන්රිගේ පියා සාමාන්‍ය සිංහල බෞද්ධ පරිසරයක හැදී වැඩී ගමේ පන්සල ආශ්‍රය කරමින් පින් දහම් හි යෙදෙමින් හොඳ නරක තෝරා බේරාගෙන ලෝකය දෙස උපේක්ෂාවෙන් බලා දැහැමිව ජීවත්ව මරණයට පත් වූයේ ය.

    හේ ශ්‍රී පාද අඩවියේ දේවතාවෙකු වී ඉපැදුණේය. ඔහුගේ පුතා හෙන්රි දියුණු යැයි කියා ගන්නා සමාජ පරිසරයක් තුළ වැඩ කරන ජනතාව ඇසුරු කරමින් සමාජ අසාධාරණය ජය ගැනීම සඳහා ඇති නැති අයට වෛර කරමින් කටයුතු කළේය.

    ඒ පිරිසක් සමඟ සංවිධාන වූ අදහස්වලින් දවස පුරා චිත්ත සන්තාපය කිලිටු කැර ගැනීමේ ආදීනවත්වයෙන් අද ප්‍රේතාත්මයක් ලබා දුක් විඳී.

    වර්තමානයේ ද එසේම ය. පක්ෂ දේශපාලන ක්‍රමය නිසා එකම බඩවැල කඩා ගෙන උපන් තමන් ගේ ම සහෝදරයා සමඟ ද ගැටෙති. බලය හා තනතුරු සඳහා එක ම පක්ෂයේ අය ද ඇන කොට ගනිති. ගහ මරා ගනිති. මෙයින් වැඩි දෙනෙක් මරණයෙන් මතු ප්‍රේතාත්මවල ඉපිද අනන්ත දුක් විඳිති. නයි පොළගුන් වී උපදිති.

    කසල ගොඩවල කුණකටුවන් වී උපදිති. මෑත ඉතිහාසයේ එසේ මිය ගිය දේශපාලනඥයකු ගේ ආත්මය අද දුක් විඳින ආකාරය “මන්ත්‍රී ප්‍රේතයා හා භූතයෝ’ නමින් අප ලියූ පර්යේෂණ ග්‍රන්ථයෙහි සවිස්තරව දත්වා ඇත.

    උපුටාගැනීම සිළුමිණ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    මචංලා මේවගේ උබලා දන්න සිද්ධි තියනවද??මමත් ඔය යක්ෂ ප්‍රේත කතා විශ්වාස කරපු එකෙක් නෙවෙයි ඒත් මේවගෙත් ඇත්තක් තියනවා කියලා දැන් හිතෙනවා....උබල මේ වගේ මිනිස්සුන්ට ආත්ම වැහුන කතා හරි මේ ඇතුල් කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය ගැන හරි දන්නවනං කියහන්කො ලොකු උදව්වක් මචං මගෙ ලගම නෑයෙක්ට.....රෙප් දෙනු ලැබේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    mukuth hithanda epa kiuwata owa liyana unta manaskia leda thiynne :yes::yes:

    මාත් කලින් ඔය ප්‍රේත භූත සීන් එච්චර විශ්වාස කරපු එකෙක් නෙවෙයි මචං ඒත් දැන් හිතෙනවා ඒවගෙත් ඇත්තක් තියනවා කියලා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාත් කලින් ඔය ප්‍රේත භූත සීන් එච්චර විශ්වාස කරපු එකෙක් නෙවෙයි මචං ඒත් දැන් හිතෙනවා ඒවගෙත් ඇත්තක් තියනවා කියලා

    ඇයි තොට බූතයෙක් පෙනුනද?:P
     
    • Haha
    Reactions: Cypress

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මන් හිතන්නෙ බුදු හාමුදුරුවොත් කොසොල් රජතුමාගෙ හීන විග්‍රහ කරනකොට දේශනා කරලා තියනවා (ෂුවර් නෑ) කාලයකදී අවිද්‍යාව රජ කරනවා කියල.
    @UNKNOWN : උඹලත් දැන් ඉන්න මාද්‍ය කාරයො වගේ මිනිස්සු නොමග යවන්න එපා බන්ලා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    මන් හිතන්නෙ බුදු හාමුදුරුවොත් කොසොල් රජතුමාගෙ හීන විග්‍රහ කරනකොට දේශනා කරලා තියනවා (ෂුවර් නෑ) කාලයකදී අවිද්‍යාව රජ කරනවා කියල.
    @UNKNOWN : උඹලත් දැන් ඉන්න මාද්‍ය කාරයො වගේ මිනිස්සු නොමග යවන්න එපා බන්ලා.

    මචං මම මේ කතා ඇත්තද කියලා දන්නෑ ඒකයි ත්‍රෙඩ් එකේ ටොපික් එකටම "මේ කතා ඇත්තද බං " කියලා දැම්මෙ??

    ඇත්තම කේස් එක මේකයි මචං ලොකු ඇක්සිඩන්ට් එකක් අපේ ලගම නෑයෙකුට උණා..බයික් ඇක්සිඩන්ට් එකක් ඔලුවෙ පැත්තක් නෑ ඔලුවෙ අගින් 1/4 ක් කපල අයින් කරා වගේ...ඩොක්ටල ඔක්කොම කියුවෙ අනිව මැරෙනව බේරන්න බෑ කියල..එත් පණ තිබ්බ හින්ද කොළඹ ජාතික රෝහලට යැව්ව...ඔපරේෂන් එකක් කරා..හරි ගියා බේරුණා...මාස ගානකට පස්සෙ සිහිය ආව ඕක උනේ 2009 ...ඒත් ඊටපස්සෙ එයාගෙ චරිත ලක්ෂණ සම්පූර්ණයෙන් වෙනස්...කලින් පට්ට හොද පොරක්...පොඩ්ඩක්වත් ලෝබ නෑ ඒත් ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ පට්ටම ලෝබයි...හැම ලක්ෂණයක්ම ඔහොමයි ඉස්සර හිටපු චරිතෙ සම්පූර්ණ අනික් පැත්ත හරියට ජෙකිල් සහ හයිඩ් එකේ වගේ..ඩොක්ටල කියන්නෙ ස්නායු වලට ඩැමේජ් උන හින්ද කියල ඒත් මචං ඒ ගෙදර අය දැන් හිතනවා එක්කො එයා ඇක්සිඩන්ට් එකෙන් මැරිල වෙන එකෙක් ඇගට ගිහින් කියල එක්කො එයා ඇග ඇතුලෙ ඉද්දි දුර්වල උන හින්දා වෙන ආත්මයක් එයාව පාලනය කරනව කියල (මෙහෙම හිතෙන්න මේ වගේ ලිපි කියවපු එකත් හේතු වෙන්න ඇති සමහරවිට) එයාලා ඔය ඇතුල් කෝට්ටෙ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානෙ ගැන සෑහෙන්න විශ්වාස කරනවා එතෙන්ට ලෙඩාව අරං යන්න තමා හදන්නෙ.... මෙහෙම කතා මේකාලෙ ඇහුවම විකාර වගේ තමා මමත් සෑහෙන්න තර්ක කරා එයාල එක්ක පිස්සුද මෙච්චර දියුණු කාලෙ ඔය වගේ විකාර කියවන්න කියලා ඒ ගෙදර කට්ටියත් නූගත් මිනිස්සු නෙවෙයි මචං නැන්දා අධ්‍යාපන අධ්‍යක්ෂ කෙනෙක් අයියා බෑන්ක් එකක වැඩ එයාල තමා මට මේ පත්තර වල තිබ්බ ලිපි පෙන්නුවෙ කතා හෙන තොගයක් එකතුකරලා තියනවා එයාල ගාව......කෝකටත් කියලා ලෙඩා එක්කං යන්න කලින් මේක එලකිරියෙ දාල බැලුවෙ මේ ඇතුල් කෝට්ටෙ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය ගැන දන්න එවුන්/ මේවගේ සීන් වලට මූණ දීපු ඉන් ඉන්නවද කියලා දැනගන්න.....
     
    මේක කියවල බලපන්. ඔය ත්‍රෙඩ් එකේ තියෙන්නෙ දැනට හොයාගත්ත දෙයක් විතරයි. තව හොයා ගත්ත නැති දේවල් කොච්චර ඇතිද!

    වාසනාවන්ත බ්‍රේන් ඩැමේජ් - ඇක්වයර්ඩ් සැවන්ට් සින්ඩ්‍රෝම් (Acquired savant syndrome) http://www.elakiri.com/forum/showthread.php?t=1790477
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මචං මම මේ කතා ඇත්තද කියලා දන්නෑ ඒකයි ත්‍රෙඩ් එකේ ටොපික් එකටම "මේ කතා ඇත්තද බං " කියලා දැම්මෙ??

    ඇත්තම කේස් එක මේකයි මචං ලොකු ඇක්සිඩන්ට් එකක් අපේ ලගම නෑයෙකුට උණා..බයික් ඇක්සිඩන්ට් එකක් ඔලුවෙ පැත්තක් නෑ ඔලුවෙ අගින් 1/4 ක් කපල අයින් කරා වගේ...ඩොක්ටල ඔක්කොම කියුවෙ අනිව මැරෙනව බේරන්න බෑ කියල..එත් පණ තිබ්බ හින්ද කොළඹ ජාතික රෝහලට යැව්ව...ඔපරේෂන් එකක් කරා..හරි ගියා බේරුණා...මාස ගානකට පස්සෙ සිහිය ආව ඕක උනේ 2009 ...ඒත් ඊටපස්සෙ එයාගෙ චරිත ලක්ෂණ සම්පූර්ණයෙන් වෙනස්...කලින් පට්ට හොද පොරක්...පොඩ්ඩක්වත් ලෝබ නෑ ඒත් ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ පට්ටම ලෝබයි...හැම ලක්ෂණයක්ම ඔහොමයි ඉස්සර හිටපු චරිතෙ සම්පූර්ණ අනික් පැත්ත හරියට ජෙකිල් සහ හයිඩ් එකේ වගේ..ඩොක්ටල කියන්නෙ ස්නායු වලට ඩැමේජ් උන හින්ද කියල ඒත් මචං ඒ ගෙදර අය දැන් හිතනවා එක්කො එයා ඇක්සිඩන්ට් එකෙන් මැරිල වෙන එකෙක් ඇගට ගිහින් කියල එක්කො එයා ඇග ඇතුලෙ ඉද්දි දුර්වල උන හින්දා වෙන ආත්මයක් එයාව පාලනය කරනව කියල (මෙහෙම හිතෙන්න මේ වගේ ලිපි කියවපු එකත් හේතු වෙන්න ඇති සමහරවිට) එයාලා ඔය ඇතුල් කෝට්ටෙ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානෙ ගැන සෑහෙන්න විශ්වාස කරනවා එතෙන්ට ලෙඩාව අරං යන්න තමා හදන්නෙ.... මෙහෙම කතා මේකාලෙ ඇහුවම විකාර වගේ තමා මමත් සෑහෙන්න තර්ක කරා එයාල එක්ක පිස්සුද මෙච්චර දියුණු කාලෙ ඔය වගේ විකාර කියවන්න කියලා ඒ ගෙදර කට්ටියත් නූගත් මිනිස්සු නෙවෙයි මචං නැන්දා අධ්‍යාපන අධ්‍යක්ෂ කෙනෙක් අයියා බෑන්ක් එකක වැඩ එයාල තමා මට මේ පත්තර වල තිබ්බ ලිපි පෙන්නුවෙ කතා හෙන තොගයක් එකතුකරලා තියනවා එයාල ගාව......කෝකටත් කියලා ලෙඩා එක්කං යන්න කලින් මේක එලකිරියෙ දාල බැලුවෙ මේ ඇතුල් කෝට්ටෙ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය ගැන දන්න එවුන්/ මේවගේ සීන් වලට මූණ දීපු ඉන් ඉන්නවද කියලා දැනගන්න.....

    මචං ඔය ඔලුවට වෙච්ච ඩැමේජ් එකක් නේ..මම අහල තියෙන විදියට අපේ හොද නරක චරිත දෙකක් තියනව ඒත් එලියට එන්නෙ එක්කෙනයි...සමහර විට වෙච්ච ඇක්සිඩන්ට් එක නිසා එයාගෙ චරිත ලක්ෂණ වෙනස් වෙන්න ඇති