මේ කපේට දියුණු වෙයි ද ?

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    මේ කපේට දියුණු වෙයි ද ?

    පොල් ගෙඩිය බිදින කොට පෙරළෙන පැත්ත අනුව
    අළුත බැදපු කසාද ජෝඩුවගේ පවුල් ජීවිතේ
    තීරණය කරන මිනිස්සු ඉන්න රටක්,

    පෝරුවෙදි මනමාලිට ඔළුව කැක්කුමක් ආවොත්
    ඒකෙන් ඒ කෙල්ලගේ පතිවත ගැන
    තීරණය කරන මිනිස්සු ඉන්න රටක්,

    මදුසමය දවසේ ඇද රෙද්ද ලේ වලින් රතු පාට වෙනකන්
    බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක්,

    කුළය බලලා ශාසනේට ඇතුල් කර ගන්න
    ශ්‍රාවකයෝ ඉන්න රටක්,

    මහ ජාතියේ එකෙක්ට ඇරෙන්න වෙන එක්කෙක්ට රටේ
    නායකයා වෙන්න බෑ
    කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,

    තමන්ගේ රට ඇතුලේදිත් මවු භාෂාවෙන් කථා කරන එක
    මදි පුංචි කමක්
    කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,

    චන්දෙට අපේක්ෂකයෝ තෝරද්දි කුලේ අනුව ලිස්ට්
    එක හදන උන් ඉන්න රටක්,

    පාර අතු ගාන මනුස්සයා පොඩි මිනිහෙක් විදියටත්
    දොස්තර මහත්තයා මහා ලොකු මිනිහෙක් විදියටත්
    දකින මිනිස්සු ඉන්න රටක්,

    හිතලා තීරණයක් ගන්නවා වෙනුවට
    කාගේ හරි වචෙනෙකට තීරණ ගන්න
    මිනිස්සු ඉන්න රටක්,

    හොරකමට බය නැති හොරකමත් සාධාරණීකරනය කරන
    මිනිස්සු ඉන්න රටක්,

    නීතියක් තිබ්බට ඒක ක්‍රියාත්මක
    කරන් නැති රටක්,

    රට වෙනුවෙන් තමන්ට වගකීමක්
    තියෙනවා කියලා පිළිනොගන්න
    මිනිස්සු ඉන්න රටක්,

    කුණු දාන එක අපේ වැඩක්
    කුණු අයින් කරන එක ආණ්ඩුවේ වැඩක්
    කියල හිතන මිනිස්සු ඉන්න රටක්,

    තමන් වැඩ කරන කොම්පැණියට
    කඩේ යන මාධ්‍යයවේදීන්
    ඉන්න රටක්,

    වැරැද්දට විරුද්ධ වෙන එක
    කොහේවත් යන ලෙඩක් ඇගේ දා ගන්නවා කියලා
    හිතන මිනිස්සු ඉන්න රටක්,

    හැම දේකම තියෙන්නේ
    හොදක් නරකක් නෙමෙයි
    පවක් පිනක් කියලා
    හිතන මිනිස්සු ඉන්න රටක්,

    උත්සාහ කරලා වරදින එකාට
    හිනාවෙන්න බලාගෙන ඉන්න
    මිනිස්සු ඉන්න රටක්,

    අතීතේ ගැන පුරසාරම් දෙඩෙවුවට
    වරථමානේ හිස් වෙච්ච
    මිනිස්සු ඉන්න රටක්,

    ලෝකෙන් ණයට අරන් හරි
    කන කෑම වල ගනන් අඩු කරන්න
    ඕන කියලා
    හිතන මිනිස්සු ඉන්න රටක්,

    උඹලා හිතුවද,
    මේ කපේට දියුණු වෙයි ද ?
    මේ කපේට වෙනස් වෙයිද ?:(:(:(

    උපුටාගැනිමක්...
     

    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    තමන්ට ඉටුවියයුතු දේ ගැන ඉල්ලමින් කෑ මොර දුන්නත්
    තමන් ගේන් ඉටුවියයුතු දේ ගැන අවබෝදයක්,වගක් හෝ කතාවක් නැති මිනිස්සු ඉන්න රටක්
    :(
     
    • Like
    Reactions: hmv

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මහ ජාතියේ එකෙක්ට ඇරෙන්න වෙන එක්කෙක්ට රටේ
    නායකයා වෙන්න බෑ
    කියලා හිතන මිනිස්සු ඉන්න රටක්

    මේකනම් හරි.මොකද දැන් එහෙම නොවී මෙහෙම නම් එහෙම උනාම කොහොමට හිටීද
     
    • Like
    Reactions: $Gangster$ and hmv

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    කුළය බලලා ශාසනේට ඇතුල් කර ගන්න
    ශ්‍රාවකයෝ ඉන්න රටක්
    මේක වැරදියි එහෙම කරන්නෙ නැහැ.

    මහ ජාතියේ එකෙක්ට ඇරෙන්න වෙන එක්කෙක්ට රටේ
    නායකයා වෙන්න බෑ කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,
    එහෙම නැහැ

    තමන්ගේ රට ඇතුලේදිත් මවු භාෂාවෙන් කථා කරන එක
    මදි පුංචි කමක් කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,
    එහෙම නැහැ ගම් වල නම්

    චන්දෙට අපේක්ෂකයෝ තෝරද්දි කුලේ අනුව ලිස්ට්
    එක හදන උන් ඉන්න රටක්,
    කල් පැනපු අදහසක්. ඉස්සර තියෙන්න ඇති දැන්. එහෙම නැහැ
    උදා:ප්‍රේමදාස ජනාධිපති


    පාර අතු ගාන මනුස්සයා පොඩි මිනිහෙක් විදියටත්
    දොස්තර මහත්තයා මහා ලොකු මිනිහෙක් විදියටත්
    දකින මිනිස්සු ඉන්න රටක්,
    ඔව් ඒක ඇත්ත ඔය දේ වෙනස් වෙන්න ඕනි.

    හිතලා තීරණයක් ගන්නවා වෙනුවට
    කාගේ හරි වචෙනෙකට තීරණ ගන්න
    මිනිස්සු ඉන්න රටක්,
    එහෙම කරන්නෙ නැහැ.ඒත් සමහර උදවිිය එහෙම තමයි.විවේචනය වැරදි දෙයක් හරි ගස්සන්නනම් එහෙම
    තීරණ ගන්න ඕනි

    හොරකමට බය නැති හොරකමත් සාධාරණීකරනය කරන
    මිනිස්සු ඉන්න රටක්,
    100%හරි

    නීතියක් තිබ්බට ඒක ක්‍රියාත්මක
    කරන් නැති රටක්,
    100%හරි

    රට වෙනුවෙන් තමන්ට වගකීමක්
    තියෙනවා කියලා පිළිනොගන්න
    මිනිස්සු ඉන්න රටක්,
    100%හරි

    කුණු දාන එක අපේ වැඩක්
    කුණු අයින් කරන එක ආණ්ඩුවේ වැඩක්
    කියල හිතන මිනිස්සු ඉන්න රටක්,
    ගම් වල නම් ඔහොම නැහැ

    තමන් වැඩ කරන කොම්පැණියට
    කඩේ යන මාධ්‍යයවේදීන්
    ඉන්න රටක්,
    එහෙමමත්ම නැහැ.ස්වාධීන වැඩ කරන අය ඉන්නවා

    වැරැද්දට විරුද්ධ වෙන එක
    කොහේවත් යන ලෙඩක් ඇගේ දා ගන්නවා කියලා
    හිතන මිනිස්සු ඉන්න රටක්,
    එහෙමමත්ම නැහැ. අසාධාරණය පෙන්නන්න බැරි අවංක අය ඉන්නවා


    හැම දේකම තියෙන්නේ
    හොදක් නරකක් නෙමෙයි
    පවක් පිනක් කියලා
    හිතන මිනිස්සු ඉන්න රටක්,
    පවක් පින කියන්නෙත් (හොද ක්‍රියා නරක ක්‍රියා කිරීම)

    උත්සාහ කරලා වරදින එකාට
    හිනාවෙන්න බලාගෙන ඉන්න
    මිනිස්සු ඉන්න රටක්,
    එහෙම නොකරන,උදව් කරන අයත් ඉන්නවා

    අතීතේ ගැන පුරසාරම් දෙඩෙවුවට
    වරථමානේ හිස් වෙච්ච
    මිනිස්සු ඉන්න රටක්,
    දේශපාලනයේ වැරදි

    ලෝකෙන් ණයට අරන් හරි
    කන කෑම වල ගනන් අඩු කරන්න
    ඕන කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,
    එහෙම හිතන්නෙ නැහැ.එදා වේල හම්බකරගන්නෙ කොහොමද කියල මිනිස්සු බලන්නෙ

    උඹලා හිතුවද,
    මේ කපේට දියුණු වෙයි ද ?
    මේ කපේට වෙනස් වෙයිද ?:(:(:(

    තමන්ට අදාල රැකියාව,ව්‍යාපාරය ගැන,හා ඉදිරියට කරන්න තියෙන දේ ගැන හිතන්න.තමන්ට ආපු අදහස ගැන අන්තර්ජාලයෙන් හොයල බලන්න.එහෙම දේවල් වෙනත් අය කරල තියෙනවද කියල
     

    Gipsy Danger

    Active member
  • Dec 23, 2013
    159
    26
    28
    මහ ජාතියේ එකෙක්ට ඇරෙන්න වෙන එක්කෙක්ට රටේ
    නායකයා වෙන්න බෑ
    කියලා හිතන මිනිස්සු ඉන්න රටක්

    මේකනම් හරි.මොකද දැන් එහෙම නොවී මෙහෙම නම් එහෙම උනාම කොහොමට හිටීද

    100% Agreed :yes: