මේ කියන ඒවා ගැන ඔබේ මතය කුමක්ද?

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    කිඹුලා බනිස්;8179513 said:
    අල්ල කියන්නේ අර අවුරුදු 6 පොඩි ලමයා දූෂනය කරපු වලත්තයද? ඌ කොහොමද අක්බාර් ට ඇරියේ??

    kathawa hariyata hari ..elakiri eketh lankawe wagema enna ennama hambayo wadi wenawa ..koti nam face to face fight kara ..mun gema denne hangila ...hama waraddakma karala kiyanne allah kiwwa kiyala ..oya allah kiyanne apayata giya dewa datta ...apayata yanakota allahhhhh kiyala tamai kiwwe ...ekane pilimayak wath naththe ....
     
    Aug 3, 2010
    55
    7
    0
    මම මේ වැඩපිළිවෙලේ යෙදුනු විදිය ඉතින් හිතාගන්න පුළුවන් නේ... නේද? හැබැයි ඕක වදයක් කරගන්න ඕනෙත් නැහැ! මටත් සමහරක් දවස්වල මේ වැඩේ miss උන බව කිව්වනේ... එකමදේ හිත ඇදිල යන්නෙම enjoy කරන ඒවාට හන්ද, touch එකේ ඉඳල, 'ඒයි කොහෙද යන්නේ? මෙහෙට... මෙහෙට...' කියල මේකටම යොමු කරගන්න ඕනේ. මමනම් කැමැත්තෙන්ම, උවමනාවෙන්ම, ධර්මකරුණු මතක් කරකර කල්පනා කරකර හිටපු එක නම් නැවත්වුයේ නැහැ කොහොමටවත්. වෙන වැඩ තිබුනාම ඒවා ගැන හිතන්න වෙන හන්ද ධර්මකරුණු ගැන හිතන එක අඩු උනා. ඒත්, ඊළඟට ඉඩක් ලැබුණු ගමන් වැඩිපුර වෙලාවක් ඒකට යොදල අඩුව සම්පූර්ණ කරගත්ත. විශේෂයෙන් වෙන්කරගත්තු වෙලාවේ නම් වෙන වැඩ නැහැ, දේශනා අහගන ඉන්නගමන් නොතේරෙන වචන, තේරුම්, ලියාගන්න එක වගේ දේවල් ඇරෙන්න. මූලිකම වැඩේ පාඩුවේ ඉඳගෙන, ඇස් පියාගෙන, හාමුදුරුවෝ එවෙලේ කියන කරුණු මට සම්බන්ධවෙන තැන්, සම්බන්ධවෙන විදිය වගේ දේවල් ගැන කල්පනා කරකර අහන්හිටපු එක තමයි! ඉතින් ඔය විදියට මාස ගණනක් ගතවුණා...

    දවසක් මම මෙහෙම අහගෙන අහගෙන ඉන්දැද්දී එකපාරටම කවදාවත් නොහිතපු, මට කොයිම ආකාරයක වත් අදහසක් නොතිබිච්ච, හරි අරුම පුදුම දෙයක් උනා! එකපාරට කිසිම හුරුවක්, පුරුද්දක්, නැති තැනක ඉන්නවා වගේ පෙනෙන්න ගත්ත. හැබැයි මාර ලස්සන පරිසරයක්! කියල වැඩක් නැහැ ඒ ගැන නම්!! මම වටපිටත් බැලුව, ලස්සනට වටපිටාව පෙනුන. මිනිස්සු, සත්තු වගේ කවුරුවත් දැක්කේ නැහැ. ගස්කොලන් තිබිච්ච, ඈතට ඈතට පේන තැනක්! scenary එක golden color එකට බර ගතියක් මතකයි! කොහොම හරි, ඇත්තටම මම එතන හිටිය වගේ තමයි! ඉතින් මම පොඩ්ඩක් අන්දමන්ද වෙලා ටිකක් වෙලා බලන් හිටිය... මොකුත් දන්නේ නැති කෙහෙල්මලක් නේ මේ උනේ... ඊළඟට කල්පණා උනා 'යකෝ, මේ මොකද්ද මේ case එක? මම දැන් පුටුවේ වාඩිවෙලා බණ අහ අහ නේ උන්නේ...' කියල. ඒත් ඒවෙලාවේ දැනුන feelings මාර වෙනස්! ඇත්තටම එතන උන්න වගේ! එතකොටම කල්පනාවට ආවේ, බුදුහාමුදුරුවෝ කියල තියෙනවා, 'මොනවා පිළිගත්තත්, හිතනම් පිළිගන්න එපා!' කියල කතාවක්. ඒක කියල තියෙන්නේ සක්ඛාය දිට්ඨිය සම්බන්ධයෙන් තියන දේශනාවක... හැබැයි මට ඒක කල්පණා උනාම, මෙතනින් ගැලවෙන්න ඕනේ කියන හැඟීම හිතට ආව. මොකද මේ පෙනිච්ච එකෙයි, බණයි අතරේ මොකුත්ම සම්බන්ධයකුත් නැහැ! ඉතින් ඇහිපිය ගහල, ඔලුව එහෙට මෙහෙට කරකවකව එහෙමෙහෙ බැලුව... ඒත් මේ seen එක අයින් වෙන්නේ නැහැ! මහ upset case එකක්! දෘෂ්ඨි මායාවල්, මනෝ විකාර ගැන මම ඕනේ තරම් අහල තියනවා. ඒත් මට මාව sure! (ලේසියෙන් ඒවාට අහුවෙන්නේ නැහැ කියල දන්නවා! මොකද අමුතු සද්දයක් ආවත් ආවේ කොහෙන්ද, කොහොමද කියල හොයනවා. ගඳක් සුවඳක් දැනුනත් එහෙමයි. ඇස් වහල, කන්/නහය වහල හිටන් බලනවා! ඒ පුරුදුවෙලා තියන හැටි. ඔය repair වැඩ වලදී පොඩ්ඩක් upset උනොත් කෑලි පිච්චිලා, කුඩුවෙලා යන case වලින් මට්ටුවෙලා, හොඳ sensitive! කොයි වෙලෙත් elert එකේ ඉන්නේ... ඒකයි!) ඒත් මොන සෙල්ලම් දැම්මත්, මේ නිකම් උගුලකට අහුවෙලා වගේ දැනුනම ටිකක් විතර බය හිතුන. ඒ ගමන පුටුවත් තල්ලුකරන් නැගිට්ට... කකුල් දෙකට වැන්ද, දිව්වා! නෑ... දුවන්න ඕනේ උනේ නැහැ... වැඩේ හරිගියා... දේශනාව ඒ වෙනකොටත් යනවා. ඒත් හිත ටිකක් unstable! බණ අහන්න පුළුවන් කමක් තිබුනේ නැහැ, හිතේ අර වෙච්ච දේ හොල්මන් කරන්න ගත්ත හන්ද. ඒ නිසා දේශනාව ඉවරවෙනකම් ඔහේ ඉඳල ගිහින් නිදාගත්තා.

    ඊළඟ දවසේ උදේ office ඇවිත් ඔය seen එක මම යාලුවත් එක්ක කිව්වා. එයා ගත්තු කටටම කිවේ, 'ඔය ඉතින් කතන්දරේ තමයි...' වගේ දෙයක්. දැන් කිව්වදේ හරියටම මතක නැහැ. කොහොම උනත් මේ විදිය කතන්දර ගොඩක් අහන්න ලැබුණ අපේ හාමුදුරුවෝ කියපු ඒවායින්. සමහර උපාසකම්මල කියනවලු ඔය භාවනවලදී එහෙම, එයාල අරහේ ගියා, මෙහෙ ගියා, අහවල් අහවල් අයත් එතනට ඇවිල්ල හිටිය! වගේ එක එක පිස්සු කතන්දර. එක්කෙනෙක් කියල තිබුනලු, බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලත්, ඔහොම භාවනා කර කර ගිහින්! ඒ ඉතින් ඔය එක එක්කෙනාට, කැපිල පේන්න එහෙම හිත යටින් තියන හැඟීම හන්ද දකින මනෝ විකාර නේ... මට ඔය මොන ලෙඩක් වත් තිබුනේ නැහැ! මම භාවනාවලට තිය, අසපු පැත්ත පලාතක ගිහිල්ල වත් නැහැනේ. මේකත් මේ තනියෙම කාමරේ අස්සේ ඉඳන්, තිබුණු උවමනාවටම දාපු try එකක් මිසක්, මේවා කාටවත් කියන්න, ප්‍රසිද්ධ කරන්න මොනම විදියකවත් අදහසක් තිබුනේ නැහැ!! මම ඉතින් කල්පණා කලා මොකද්ද ඇත්තටම මේ උනේ කියල. මේ වෙච්ච එකයි, අහපු ධර්මකරුනුයි අතරෙත් කිසිම සම්බන්ධයක් පේන්න තිබුනේ නැහැ! අන්තිමේ, ඕව කල්පණා කරලා 'හිත ටිකක් out ගිය බව විතරක්' තේරිච්ච හන්ද මම ඒ ගමන තීරණය කලා ඒක එතැනින්ම shut down කරන්න ඕනේ! ආයේ ඒ සම්බන්ධයෙන් මොකවත් හිතට එන්න බැහැ!! කියල, බොහොම strict decision එකක්! එතනින් ඒ කතාව ඉවර උනා.
    මට මතක විදියට ඔය සිදුවීමෙන් පස්සේ දවසක් දෙකක් ගෙදරදී බණ අහන එක නැවතුනද කොහෙද. මොකද මම සාමාන්‍යයෙන් එහෙමයි! අවුලක් උනොත් completely reset වෙලා, ආයේ වැඩේට fit මානසිකත්වයක් එනකම් අතගහන්නේ නැහැ කිසි serious වැඩකට. හිත වැඩේට fit නැතුව, උවමනාවටම ඇදගෙන යන වැඩවල results අඩුයි, හරි වෙහෙසකරයි, එපා වෙනවා නේ... හැබැයි ඔහොම උනාම මම සම්පූර්ණයෙන් මානසිකත්වය වෙනස් වෙන මොකවත් කරන්නෙත් නැහැ! නවත්වනවා කියන්නේ ඔක්කොම නවත්වනවා! කරන්නේ සින්දු අහනවා, ඔය කලින් බලපු කතා එහෙම තියන ඒවා ආයේ දාගෙන බලනවා වගේ දේවල් විතරයි. අලුතෙන් මොකවත් අහන්න, බලන්න, කල්පණා කරන්නවත් යන්නේ නැහැ! එතකොට යෙදිලා හිටිය වැඩේ ගැන තිබුණු touch එක නැතුව යනවා... ඊළඟට, ආයේ ඒ වැඩේ කරන්න මුල ඉඳන්ම දඟලන්න ඕනේ... නැති ලෙඩක් දාගත්ත වෙනවා! මේ සේරම හැබැයි ඉතින් ඔය problematic repairs වල යෙදිලම ලබපු අත්දැකීම් තමයි! ඔයාලට එහෙම නැහැ කියල අවුලක් නැහැ! මේ කියපු දේවල් guide lines හැටියට තියාගන්න. හිතේ fit එකෙන්ම මේ වැඩේට යොමුවෙන්න, out ගිය වෙලාවට ඔය අමුතුම, අලුත්ම කතන්දර වලට යන්නේ නැතුව පොඩ්ඩක් සින්දුවක් වගේ අහල relax කරන්න. ඒ model එකට (විදියට) කරගෙන යනකොට ටිකෙන් ටික target එකට යැවෙනවා

    :lol::lol::lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=762781&page=60
     

    ela-buwa123

    Banned
    Dec 14, 2010
    39
    7
    0
    කරන එකා කියන් නෑ කියන එකා කරන් නෑ බුද්ධාගම බිස්නස් එකක් කරගත්ත උන්ට හරියන්නෙත් නෑ
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කරන එකා කියන් නෑ කියන එකා කරන් නෑ බුද්ධාගම බිස්නස් එකක් කරගත්ත උන්ට හරියන්නෙත් නෑ

    subscription eka thiyana handa mata mail elert ekak awith! baluwama me 'gramasewakaya' rassaawa paththakin thiyala wena wena wada! mu me daala thiyenne mama karan yana thread eke kaallak ne baluwama... eth ithin mu upangeyi modayek handa mona malailawwak wath therenne nathi ekek. uuta puluwan one deyak joke ekata gannayi, mada gahannayi, olokkuwata hinawennayi wage dewal witharayi!! kattiyata mage thread eka baluwoth muge ganath danaganna puluwan weyi. thawa (mole thiyana ayata nam) wadagath karunuth godak athi!! balala, nuwanin kalpanaa karala therum ganna puluwan hakiyawak thiyana pinwathek nam, sweep ekak aduna wage thiyeyi:)
     
    Aug 3, 2010
    55
    7
    0
    ඊළඟට ආයේ ඔය පුරුදු වැඩේට යොමුවෙලා ඉන්නකොට (අහවල් දවසේ කියල කියන්න මොකුත්ම මතකයක් නැහැ! හැබැයි අර කලින් case එක වෙලා dawas 3-4 කට වඩා ගියෙත් නැතිබව නම් හොඳටම sure!), එකපාරට ඔක්කොම කළුවර වෙලා, නිකම් ඇකිලිල ඇකිලිලා වගේ ගියා!! කිසිදෙයක් හිතාගන්නවත් ලැබුණේ නැහැ, අඩු ගන්නේ බය වෙන්න වත් time නෑ... මොකුත් නැතුව ගියා!! ඒක පටන්ගතේ කොයි වෙලේද, ඉවර උනේ කොයි වෙලේද මොකවත් දන්නෑ!! මොනවා උනාද දන්නෙත් නෑ!! total blackout එකක්!! blackout කියන්නේ විනාඩි කිහිපයක් යනකම් මොකුත්ම නැහැ!! මළාම තමයි!! කවද කාපු ටකරන් ද? කලින් දැනගෙන හිටිය එකකුත් නෙවෙයි නේ... එකපාරට පොල්ලෙන් ගැහුවා වගේ උනේ... ටික වෙලාවකට පස්සේ ආයේ recover වෙනවා තේරුණා... ඒත් එක්කම මතක් උනේ 'ආ... දැන් නිදහස් නේද?' කියලයි!!! මතක නේ... ඉපදී ඉපදී මැරි මැරී යන සත්වයෝ හැමෝටම අයිතිකාරයෙක් ඉන්නවා නේ... එයා කාටවත් මෙතනින් ගැලවිලා යන්න දෙන්නේ නැහැනේ ලේසියෙන්! ඒත්, 'දැන් අල්ලයි මගේ නැට්ට!' කියල තේරුණාම, දැනුණාම, කොහොමද kick එක? kick නැද්ද?? kick නේ... නේද??? නිකම් ඉඳල ලැබුණත් නෙවෙයිනේ... මාස ගනනක try එකක ප්‍රතිඵලයක් නේ... ඒක හන්ද වෙන්න ඇති, පුදුම සැහැල්ලුවක් දැනුන. හැබැයි හරි අමුතුයි!! නිකම් film එකක් බැලුව, සංගීතයක් ඇහුව වගේ එකක් නෙවෙයි... අමුතුම දෙයක් උනේ! මේක කීයටවත් වෙන කෙනෙකුට explain කරන්න බැහැ! කෙනෙකුගෙන් තව කෙනෙකුට අහල දැනගන්නත් බැහැ!! ඒකයි බුදුහාමුදුරුවෝ 'පච්චත්තන් වේදිතබ්බෝ විඥ්ඤූහි' කියල කිව්වේ. ඔයාලත් try කරන්න! ඉස්සර ඉඳලම මේ වැඩෙන් කෙනෙක් දිනුවානම් try කරලම තමයි!!! ඉතින් එදා ඔය සිදුවීමෙන් පස්සේ හරි මොකද්ද මොකද්ද වගේ... මම ගිහින් නිදා ගත්ත! ටික දවසක් යනකොට තමයි ටික ටික වෙනස්කම් තේරෙන්න ගත්තේ. nonstick කියන්නේ කියල වැඩක් නැහැ!! නිකම්, කාන්දමක් demagnetize කරලා දැම්ම වගේ... බුදුහාමුදුරුවෝ කියපු ඒවා අකුරක් නෑර ඒ විදියටම තේරෙන්නත් ගත්තා... වැඩිය ඕනේ නැහැ, සමහර ධර්ම දේශනා අහද්දී, හාමුදුරුවරු එක එක ඒවා explain කරනකොට 'ඩෝං ගාල' click වෙනවා. 'අඩේ වැරදියිනේ! ඕක ඔහොම නෙවෙයි නේ... මෙහෙමනේ බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ' කියලත්! ඒත් අපේ හමුදුරුවොන්ගේ එහෙම වැරදි, අඩුපාඩු නැහැ!!! මම අපේ හාමුදුරුවෝ කවුද කියල හොඳටම තේරුම් ගත්තෙත් පස්සේ පස්සේ තමයි!! ...පේන්න ගත්ත!!! දැන් නම් උන්වහන්සේ ගැන තියන පැහැදීම, ආදර ගෞරවය හොල්ලන්න ලැබෙන්නේ නැහැ මාව මැරුවත්!!!

    අපේ හාමුදුරුවෝ දේශනා පවත්වපු තැන්වලදී සහභාගී වෙච්ච උදවිය අහපු දේවල් අනුව, හාමුදුරුවෝ මේ සංසාරේ භයානක කම, අනතුර ගැන පොඩ්ඩක් සැර බාල කරලා කියනවා මම ගොඩක් වෙලාවට දැකල තියනවා. 'මේක හදිස්සියෙන් කරන්න බැහැ, අනුපිළිවෙලින්, හෙමින් හෙමින් කරන් යන්න ඕනෙ'ය කියල! හමුදුරුවොන්ට කෙනෙකුගේ හිතරිද්දන්න බැරි කමට එහෙම කියනවා ඇති!! ඒත් මට ඒක කරන්නම බැහැ නේ... බුදුහාමුදුරුවොත්, දාන කතා, සීල කතා, ශ්‍රද්ධා කතා කියන අනුපිළිවෙලින් ධර්ම දේශනා කරපු තැන් තියනවා!! ඒත් ඒ බුදුරජාණන්වහන්සේ!!! උන්වහන්සේට පේනවා යමෙකුට ධර්මය කිව්වොත් අල්ලාවිද? අල්ලන එකක් නැද්ද? එයා කවද කොහේදී ධර්මාවබෝධය සම්පූර්ණ කරලා සංසාර ගමනෙන් නිදහසේ වෙනවද කියන සේරම!!! ඒත් මට නම් එහෙම සුදුසුකම්, හැකියාවල් මොකුත්ම නැහැ!! ඒ හන්ද මම හරි බයයි කෙනෙකුට 'පින් කරකර යන්න' කියන කතාවටත්!!! ආයි අපි තව කොහේ කියල යන්නද??? දිව්‍යලෝක, මනුස්ස ලෝකවල අනන්ත වාර ගණනක් ඉපදිලා ඉඳල, මහනවෙලා ධර්ම මාර්ගයටත් යොමුවෙලා ඉඳල, අපි තාමත් ප්‍රමාදයි! බුදුහාමුදුරුවෝ කිව්වේ, "මම ඇසිපිය හෙලන මොහොතකටවත් මේ සංසාරය නම් වර්ණනා කරන්නේ නැහැ!" කියලයි. ඒවගේම "ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලයට බෙහෙත් කරනවට වඩා හදිස්සියකින්, හිස ගිනිගත්තු කෙනෙක් ඒ ගින්දර නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින්, සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න"ය කියලයි!!! අන්න ඒක හරි point එකක්! සෝතාපන්න මාර්ගයට පැමිණීම! එතකොට බුදුහාමුදුරුවෝ අපිට guarantee එකක් දීල තියෙනවා, සෝතාපන්න වෙනකම් ජීවිතයට අනතුරක් වෙන්නේ නැහැ! සෝතාපන්න උනායින් පස්සේ ආත්ම 7 කට වඩා දුක් විඳින්න වෙන්නේ නැහැ!! කියල. අපිට ඔය ටික කොයිම වෙලාවකවත් අමතක වෙන්න බැහැ!!! ඔය බව තමන්ගේ 'නමට' වඩා හොඳට මතක තියෙන්න ඕනේ!! ඒ හන්ද මම නම් කියන්නේ මේ ආත්මෙදිම මේක ඉවරයක් කරන්න! ඉවරයක් කරගන්න! කියල විතරමයි!! එතන තියෙනවා කෙලින්ම මාර්ග දෙකක ස්වභාවයක්, vector representation එකක් වගේ. ඉස්සරහට ඉස්සරහට යන පාරයි, නිදහස්වීමේ පාරයි! නිදහස් වීමේ පාරටම එන්න!! අඩුම ගන්නේ සෝතාපන්න තත්වයට වත් එන්න!! බෑ කියල එකක් නෑ!

    මම මේ අවසාන අත්දැකීම ලබන කොට තිතටම තේරුම් අරන් උන්නේ, මේ සකස්වෙච්ච ශරීරය බිඳිලා යනකොට මේ කතන්දර සේරමත් එතැනින්ම ඉවරවෙලා යනවා කියන එක විතරයි! ඉතින් වෙච්චදේ කාටවත් කියන්නත් බය උන! ඒකෙන් අවැඩක් වෙයිද කියල! පස්සේ කාලෙක මට අපේ හාමුදුරුවෝ නිබ්බාන සුත්‍රය තෝරලා දෙන දේශනාව අහන්න ලැබුන. මම මෙතන කලින් ලිව්වේ... අන්න ඒක! ඒකෙදි බුදුහාමුදුරුවෝ නිවණ තෝරන්න පටන්ගත්තේ... එතන හිරු සඳු නැහැ! කියලයි. ඒ කියන්නේ මේ හැදිච්ච, දකින්න තියන ලෝකයට අදාළ කතාවක් නෙවෙයි නිවණ. ඊළඟට පිහිටියෙත් නැති, නොපිහිටියෙත් නැති, යාමකුත් නැති, ඒමකුත් නැති... කියන කරුණුත් එක්ක බැලුවම, මං මේ දැකල තියෙන්නේ ඒක නේ!! ඉතින් ආයේ වෙන කාගෙන්වත් අහල සැකහැරගන්න, කවුරුවත් ලවා සහතික කරගන්න මොකුත් නැහැ නේ!! බුදුහාමුදුරුවෝ මේ සේරම කියලදීල තියෙන්නේ මීට අවුරුදු 2600 කට විතර කලින්! ඇත්තටම මේකේ ආඩම්බර වෙන්න කියල මොකුත් නැහැ! අපි විපස්සී බුදුරජාණන්වහන්සේයි, උන්වහන්සේගෙන් ධර්මය ලබා සසර ගමනින් නිදහස් වෙච්ච පිරිසටයි වඩා කල්ප 91 ක් ප්‍රමාදයි!! සිකී, වෙස්සභු බුදු සසුන් වල උදවියට වඩා කල්ප 30 ගණනක් ප්‍රමාදයි!! අපේ බුදුහාමුදුරුවෝ, සාරිපුත්ත, මොග්ගල්ලාන, ආනන්ද මහරහතුන්ට වඩා අවුරුදු 2600 ගණනක් ප්‍රමාදයි!! ඉතින් තව මොනවද බල බල ඉන්නේ?? මට නම් තියෙන්නේ 'යන්තම් බේරුණා' කියල ලොකු සැනසිල්ලක්! ඊළඟට අඩුම ගනනේ මේ ජීවිතේට සම්බන්ධ වෙච්ච පිරිසටවත් මෙතනින් නිදහස්වෙන්න උනන්දු කරන්න, උපකාර කරන්න ලොකු උවමනාවක්!! ශ්‍රී සද්ධර්මයටයි, ධර්ම මාර්ගයටයි පටහැනි ගල්පැලෙන බොරුබේගල් neutralize කරන්න උවමනාවක්!!! එච්චරයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    "මේක කීයටවත් වෙන කෙනෙකුට explain කරන්න බැහැ! කෙනෙකුගෙන් තව කෙනෙකුට අහල දැනගන්නත් බැහැ!! ඒකයි බුදුහාමුදුරුවෝ 'පච්චත්තන් වේදිතබ්බෝ විඥ්ඤූහි' කියල කිව්වේ. ඔයාලත් try කරන්න! ඉස්සර ඉඳලම මේ වැඩෙන් කෙනෙක් දිනුවානම් try කරලම තමයි!!!"

    "මට නම් තියෙන්නේ 'යන්තම් බේරුණා' කියල ලොකු සැනසිල්ලක්! ඊළඟට අඩුම ගනනේ මේ ජීවිතේට සම්බන්ධ වෙච්ච පිරිසටවත් මෙතනින් නිදහස්වෙන්න උනන්දු කරන්න, උපකාර කරන්න ලොකු උවමනාවක්!! ශ්‍රී සද්ධර්මයටයි, ධර්ම මාර්ගයටයි පටහැනි ගල්පැලෙන බොරුබේගල් neutralize කරන්න උවමනාවක්!!!"