මේ ගානට KFC කාපු උන්ට දැන් අඩුම ලමයි 2, 3 වත් ඉන්න ඕනෙ.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,270
    113
    Gotham City
    ළමයි නම් නැහැ එත් ඔය ගාණටත් වඩා අඩුවෙන් කෑවා ඉස්කොලෙ යන කාලෙ
    සොයා අයිස්ක්‍රීම් එක රුපියල් නවයයි .
    අර සයිඩ් එකෙන් තියෙන කෙ එෆ් සී එකෙන් හැබැයි .
    එතකොට ලංකාවෙ කෙ එෆ් සී තිබ්බෙ දෙකයි
    එකක් ඔතන අනික නුවර
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,470
    47,544
    113
    සුද්දෝ සුද්දියොන්ගේවත් නැති ලයින් නේ ලංකාවේ කළුවොන්ගේ තියෙන්නේ..මේවා උන් දැක්කොත් ෆුකෙනුත් හිනා වෙයි.:rofl:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,270
    113
    Gotham City
    සුද්දෝ සුද්දියොන්ගේවත් නැති ලයින් නේ ලංකාවේ කළුවොන්ගේ තියෙන්නේ..මේවා උන් දැක්කොත් ෆුකෙනුත් හිනා වෙයි.:rofl:
    මන් කලින් කිව්වා නේද සොයා අයිස්ක්‍රීම් කෑවා කියලා.සොයා අයිස්ක්‍රීම් බෙදන ස්ටැන්ඩ් එක තිබ්බෙ කෙ එෆ් සි එකට ඇතුලුවන දොර ගාව .
    ඇතුලෙ තනිකරම හිටියෙ සුද්දො .
     
    • Like
    Reactions: Cypress and Sen-lu

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    678
    990
    93
    Amsterdam
    මම වයිෆ් වන හම්බවුන පලවෙනි දවසෙ (අපි මාසයක් SMS වලින් ලව් කරා, හම්බුවෙන්න කලින් එයා මට ෆොටෝ 2ක් ඊ මේල් කරා.) ගංගාරාම පාක් එකට ගිහින් හවස KFC ගියා. මට 400ක් ගියා ,2006, දී චිකන් කෑවෙ. ඒ ෆොටෝ එක තාම තියෙනවා. Nokia 7610 එකක් යාළුවෙක්ගෙන් ඉල්ලගෙන ගියෙ. කලිසම දුන්නෙ රොෂාන් කියලා යාළුවෙක්, ශර්ට් එක දෙවෙනි අයියගෙ. රුපියල් 1000ක් දුන්නා සෙලාන් එකෙ වැඩ කරන යාළුවෙක්, තව 1000ක් දුන්නා Elcardo එකෙ වැඩ කරන යාළුවෙක්. වයිෆ් ගාව එදා ආපු සුවද තාම මතකයි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,470
    47,544
    113
    මන් කලින් කිව්වා නේද සොයා අයිස්ක්‍රීම් කෑවා කියලා.සොයා අයිස්ක්‍රීම් බෙදන ස්ටැන්ඩ් එක තිබ්බෙ කෙ එෆ් සි එකට ඇතුලුවන දොර ගාව .
    ඇතුලෙ තනිකරම හිටියෙ සුද්දො .
    සුද්දෝ හිටියා ගොඩක්..ඒ කාලේ Liberty Plaza එකට පස්සේ තිබ්බ එකම ෂොපින් මෝල් එකනේ..:yes:
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    ළමයි නම් නැහැ එත් ඔය ගාණටත් වඩා අඩුවෙන් කෑවා ඉස්කොලෙ යන කාලෙ
    සොයා අයිස්ක්‍රීම් එක රුපියල් නවයයි .
    අර සයිඩ් එකෙන් තියෙන කෙ එෆ් සී එකෙන් හැබැයි .
    එතකොට ලංකාවෙ කෙ එෆ් සී තිබ්බෙ දෙකයි
    එකක් ඔතන අනික නුවර
    මට මතක මැක්ඩොනල්ඩ් නුගේගොඩ එකේ රුපියල් 25 අයිස් ක්‍රීම් එක.

    චොකලට් උඩින් දාලා දෙන්නෙ.

    ඕකේ සුද්දොත් වැඩ කලා.😂 බයයි ඉතිං ගිහිල්ලා ඉල්ලන්න.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    ළමයි නම් නැහැ එත් ඔය ගාණටත් වඩා අඩුවෙන් කෑවා ඉස්කොලෙ යන කාලෙ
    සොයා අයිස්ක්‍රීම් එක රුපියල් නවයයි .
    අර සයිඩ් එකෙන් තියෙන කෙ එෆ් සී එකෙන් හැබැයි .
    එතකොට ලංකාවෙ කෙ එෆ් සී තිබ්බෙ දෙකයි
    එකක් ඔතන අනික නුවර
    Man කෑවා soya eka 8i
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113


    2008 අවුරුද්දෙ නිවාඩු මාසවලයි, වෙලාවකට long weekend වැටුණමයි hostel එකේ හිටියොත් සෙනසුරාදා හවසට වගේ බම්බා පැත්තෙම අපි සෙට් එක රවුමක් ගහල එනවා. MC එකටත් අනිවා යනවා හැබැයි KFC එකෙන් නම් කෑවෙ කලාතුරකින්. ඔය බත් මගුල වැඩි ගතියක් නෑ.

    එ‍් දවස්වල 999 ට තිබ්බා කුකුළෙක්ම ඉන්න චිකන් බකට් එක. සෙට් එකම සල්ලි දැම්මොත් අන්න එ‍්ක තමයි කන්නෙ. තව 99 ට තිබ්බා ලීටර් එක හමාරෙ coke එහෙම. ඔය පැත්තෙ යද්දි විශේෂ තැනකින් කියල වැඩිපුරම කරේ McDonald's ගිහින් රු. 30 ට තිබ්බ ලොකු Ice Cream එක කාපු එක.

    2007 දි 11 වසරෙ හිටපු අපිත් එක්ක වලියක් දාගෙන prefect ලා සෙට් එකම අස් කරල දැම්මා. ඉතින් 2008 අවුරුද්දට hostel prefect ලා 12 ක්ම ගත්තා විතරක් නෙවෙයි, අපිට උඩින් මොකෙක්වත් හිටියෙ නෑ. පට්ටම freedom එකක් තිබ්බෙ. Prefect සෙට් එකටම මැෂින් කට්ටක් තිබ්බා P3 එකක්ද කොහෙද. එ‍්කට internet cafe වලින් බාන වැල්, pen වලට අ‍ැවිත් දාගෙන බලනවා. අපේ කීප දෙනෙක් media unit හිටපු නිසා projector එකකුත් තිබ්බෙ අපේ භාරෙ වගේ. කට්ටිය අඩු දවස්වලට main room එකේ බිත්තියට ගහල film CD බලනවා. නිවාඩු කාලවල හවසට රෑට ඉතින් මුළු Royal එකම අපේ වගේ තමයි. අ‍ාතල් කාලෙ. 🤣🤣

    කෑම නම් ඔය ගණන් තමයි කොහොමත්. රෑට එළියට කන්ඩ යනවා නම් සාමාන්‍යයෙන් 100 ක් වගේ තමයි එක්කෙනෙක් දාන්නෙ. Normal කඩවල ඕන තරම් 100-150 ට සුපිරි කොත්තු තිබුණා. බම්බලපිටියට යන පාරෙ තිබ්බා තව Elite කියල කඩයක්. (දැන් එ‍්ක තමයි අර හෙන තඩි indian restaurant එකක් කරල තියෙන්නෙ.) එ‍්ක vegetarian වුණාට සුපිරි කෑම වර්ග තිබ්බා. ගොඩක් Vegetarian කෑම වර්ග එකක් 10,20 තමයි. කාලා 5 ට plain tea හරි එළකිරි එකක් 20 ට හරි බොන්න පුළුවන්. රුපියල් 100 ට අඩුවෙන් කොහොමත් කෑම shape.

    අ‍ා තව පෝය දවසට පොඩි උන් සෙට් එකම එක්කගෙන ගංගාරාමෙ යනවා. ගිහින් ඉස්සො වඩේ කනවා රුපියල් 10 ට. පොඩි වඩේ එකක් රුපියල් 2 යි. කඩල තිබ්බා 10 ට 20 ට දාගෙන කන්න පුළුවන්. තව අඹ, පේර, අන්නාසි බෑග් 10 ට 20 ට.

    කැරිම අ‍ාතල් එක ඉරිදට pool බහින එක තමයි. Scouting කරන අයට 12 - 3 අතර Pool entrance free. පූල් එකේ පිස්සු නටල අ‍ැවිත් කන්ඩ Pool කැන්ටිමේ කෑම ලාබයි විතරක් නෙවෙයි, 50 ට fried rice එකක් එහෙම එකක් අරගෙන පිඟන් 3 කට දා ගන්න පුළුවන්. ඉන්න බුවා අපිත් එක්ක fit නිසා පිඟන් 3 ටම සාමාන්‍ය rice එකක් විතරම බත් දානවා. කාල අ‍ැවිල්ලා නිදා ගන්නවා හවස් වෙනකල්.

    අ‍ා තව හොඳ movie එකක් එහෙම අ‍ාවාම අ‍ැවිදලා Savoy ගිහින් බලල එනවා. Rab ne banadi jodi දෙපාරක්ම බැලුවා. ටිකට් එකත් 150 ද කොහෙද. 😍 එ‍් කාලෙ හැමෝටම තිබ්බෙ hutch sim දාපු phone. Hutch එකේ outgoing තත්පර 3 ක් කතා කරනකල් සල්ලි කැපෙන් නෑ. ඉතින් call එකක් අරන් වචන දෙක තුනක් කෑ ගහල කියන්ඩ පුළුවන් free ම. 😁 ඕකෙන් සෑහෙන communication පාරක් කරගත්තා.

    2008 අන්තිම වෙද්දි ඉස්කෝලෙත් පටන් ගත්තා, එ‍් මදිවට යුද්ධ පකක් අ‍ැවිත් class වලට අ‍ැරෙන්න එළියට යන්න දුන්නෙම නෑ. 6.30 න්‍ පස්සෙ කොහොමත් එළියට යන්ඩ බෑ. එ‍් නිසා අර අ‍ාතල් night life එක නිකන්ම මග අ‍ැරිලා ගියා. 2009 අග වෙද්දි එ‍් සීන් අඩු වුණාට exam වැඩයි, කෑලියි, වෙන වෙන වගකීම් මගුල් නිසා අර තරම් fit එකක් තිබ්බෙ නෑ. ඉතින් කට්ටියම යන්න සෙට් වුණේ මාර කලාතුරකින්. ගොඩක් වෙලාවට තුන හතරක් විතරයි. එහෙම වුණාම ලොකු අ‍ාතල් එකක් නෑනෙ.
     
    Last edited:

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ado ubalat mathak issara KFC eke dinner buns. coleslaw ehem thibba, ewa patta rahai dan na ne :(