මේ ගැන දන්නවාද??

Angel_Senuri

Member
Nov 12, 2008
1,908
88
0
~Heaven~
මේ ගැන දන්නවාද??

අපි පුංචි කාලෙ ඉඳන් කොච්චර හීන මවලා තියෙනවද? ලොකු සෙල්ලම් බඩු කඩයක් දාලා ලොකූ ගණන්වල සෙල්ලම් බඩු සල්ලි හුඟක් නැති පොඩි ළමයින්ට නොමිලේ දෙන්න මමත් පොඩි කාලෙ හීන මැව්වා. ඒත් ජීවිතේ එක එක කාලෙට කොයි තරම් අපේ හීන වෙනස් වෙනවද? පොඩි කාලෙ අම්මලා තාත්තලා හැමවෙලේම කියපු නිසාද මන්දා හුඟක් ළමයි හීන මවනවා ලොකු දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්,හරි වෙන්න. ඒත් ලොකු වෙනකොට මේ හීන සේරම වගේ හුඟක් වෙලාවට වෙනස් වෙනවා. ඉස්කෝලෙ යන කාලෙ 11වසරෙදි විතර යන්තමට මවන හීනයක් නම් සමහරවිට හැබෑ වෙන්නත් ඉඩ තියෙනවා. ඒත් බොහෝ වෙලාවට බොහෝ දෙනාට වෙන්නෙ තමන් මවන හීන සේරම තමන්ගෙ ඉදිරිපිටම නැතිවෙලා යන එක. එතකොට ඇතිවෙන්නෙ ලොකු දුකක්, ජීවිතය ගැන මහා කළකිරීමක්. ඒත් එහෙම වෙන්න හේතුව අපි සමහර විට මැරෙන තාක් කල්ම නොදන්නවා වෙන්න පුළුවන්. කියමන් නම් හුඟක් තියෙනවා හීන ගැන.

dream-big-brunette.jpeg


"The future belongs to those who believe the beauty of their dreams"-Eleanor Roosevelt
"අනාගතය හිමිවන්නේ තමා මවන සිහිනයන්හි ලස්සන වටහා ගන්නා තැනැත්තාටයි"

“Go confidently in the direction of your dreams. Live the life you’ve imagined.” – Henry David Thoreau
තමාගේ සිහිනයේ මාවතෙහි අධිෂ්ඨානයෙන් යුතුව ගමන් ගන්න.ඔබ සිහින මැවූ ජීවිතය අත්විඳින්න.

“If you can dream it, you can do it.” – Walt Disney
ඔබට එය සිහිනයක් සේ දකින්නට හැකිවේද,ඔබට එය කිරීමටද හැකිය.



මම මෙතන සඳහන් නොකල තව බොහෝ කියමන් තියෙනවා.වැඩිපුරම මේ දේවල් කියලා තියෙන්නෙ ලෝකෙ ඉන්න ප්‍රසිද්ධම චරිත.මේ සේරම දෙනා මේ දේවල් කියලා තියෙන්නෙ නිකමට නෙමෙයි. ඒ අය ජීවිතේ බොහෝ දේවල් විඳලා තියෙනවා. ඒ අයට තමන්ගෙම ජීවිතෙන් ලැබුණු අත්දැකීම් නිසයි මෙහෙම දේවල් කියල තියෙන්නෙ.ලෝකෙ වෙනස් කරපු මිනිස්සු හැමෝම අපි වගේ සාමාන්‍ය අය.ඒත් ඒ අයත් අපිත් අතරෙ එක වෙනස්කමක් තියෙනවා. ඒක තමයි ඒ අය හීන දැකපු විදියයි අපි හීන මවන විදියයි කියන වෙනස. ඒ අයත් කාලයක් අපි වගේ පුංචි මිනිස්සු වෙලා හිටියට කවදාකවත් තමන්ගෙ හීනෙ යටවෙලා දෙන්න ගියේ නෑ.ලොකු හීන මවන අයට තමයි නිතරම ලොකු ලොකු කරදරවලට මූණ දෙන්න වෙන්නෙ. ඒක තමයි කවදත් සොබාදහමෙ හැටි. සොබාදහමට අනුව නියම විදියට බාධක
හමුවේ නොසැලෙන කෙනාටයි දිනුම ලැබෙන්නෙ.මේ දේවල් හැම කාලෙටම පොදුයි. හොඳම උදාහරණය අපේ බුදුහාමුදුරුවො.

ඒ නිසා තමන් ලොකු හීනයක් දකිනවා නම් කවදාවත් මොන බාධකය ආවත්, හීනෙ කොයි තරම් තමන් දැන් ඉන්න තැන ඉඳන් ඈතක තිබුණත්, අතහරින්න,නැතිකරලා පොඩි කරලා දාලා,වීසිකරන්න එපා.දවසේ පොඩි වෙලාවකට ඒ හීනෙ නිතරම දකින්න.ඒ වෙනුවෙන් දවසකට පොඩ්ඩක්වත් මහන්සියක් ගන්න.ලොකූ දේවල් කරන්න ඕන වෙන්නෙ නැහැ.
අඩුම තරමේ තමන්ගෙ හීනෙට අද දවසේ තමන් ඉන්න තැන ඉඳලා ලඟාවෙන හැටියක් ප්ලෑන් කරන්න.

මනෝ විද්‍යාවට අනුව කෙනෙක් නින්දට යාමත් සමඟම(ඒ කියන්නෙ නිදිමත හැදිලා ඉබේම නින්ද එන වෙලාවේදී) යමක් හීනයෙන් දකිනවා නම්, ඒ දකින දේ බොහෝවිට සාර්ථක වීමේ ඉඩකඩ තියෙනවා. ඒ නිසයි හුඟක් වෙලාවට නින්දට යන්න එපා කියන්නෙ දුකින්, අඬලා එහෙම. සාමාන්‍යයෙන් අපි හිතන හුඟක් ඒවා තැන්පත් වෙන්නෙ අපේ උඩු සිතේ.ඒත් මං කලින් කිව්ව මොහොතේදී අපි හිතන දේවල් අපේ යටි සිතේ තැන්පත් වෙනවා.

සාමාන්‍යයෙන් උඩු සිතේ තැන්පත් වෙන මතකය තාවකාලික වුණාට, යටි සිතේ තැන්පත් වෙන මතකය අපේ ජීවිතයට බොහෝ බලපෑම් කරනවා. අද, මේ මොහොත වෙනකොට ඔයාට මොකක්හරි අනිත් අයට වගේ බැරිනම් හෝ මොකෙක්හරි සතෙක්ට හරි බයනම්, හුඟක් වෙලාවට ඒක යටි හිතේ බලපෑම නිසා ඇතිවෙන බයක්.

දැන් පැහැදිලියිනෙ යටි සිතට යමක් දැම්මොත් මොකද වෙන්නෙ කියල? ඒ නිසා අපිට කරන්න පුළුවන් හොඳම දේ හැමදාම නිදාගන්න යද්දි "හෙට දවස අම්මෝ එපා වෙනවා වැඩ වැඩියි" වෙනුවට තමන්ගෙ හීනෙ ගැන පොඩ්ඩක් හිතන්න.ඒ හීනෙ තමන් මොහොතකටවත් ජීවත් වෙන්න. සමහරවිට තමන්ගෙ හීනෙට යන්න තියා හිතන්නවත් දැන් ඔයා ලඟ සල්ලි හෝ වෙනත් ඕන ඒවා නැතිවෙන්න පුළුවත්.මේ දේ හරි විදියට කරන්න පුළුවන් නම් වැඩිකල් නොයාම මොනයම් හෝ විදියකින්, දැනට සල්ලි නැතත්,
මොනම විදියකින් හරි ඔයාගෙ හීනෙ හැබෑ වෙයි.

හීනයක් දැක්කාට පමණක් මදි ඒ වෙනුවෙන් මං කලිනුත් කිව්වා වගේ මහන්සි වෙන්න.

මේක කියෙව්වාට හුඟක් ස්තූතියි.
මං දන්න දේවල් සේරම තමයි මේ දාලා කිව්වෙ.


“Do not follow where the path may lead. Go instead where there is no path and leave a trail"
ඉදිරියක් කරා ඔබව යොමු කරන මඟෙහි නොයන්න.නිසි මාවතක් නොපෙනෙන මඟෙහි ගොස් අන් අය වෙනුවෙන් මාර්ගයක් විවර කරන්න.


“A journey of a thousand miles must begin with a single step.” – Lao Tzu
ගව් දහස් ගණනක ගමනක් ආරම්භ වන්නේ එක් කුඩා පියවරකිනි.


6a00d8345205a569e20168e77aab3f970c-800wi



උපුටා ගැනීමක් නොවේ..
සිහින මවන්නන් සියල්ලටම ජයක්ම වේවා!!


සෙනුරිගේ සිතුවිලි එකතුවකි.
උපුටා ගැනීමක් නොවේ.