මේ ගීතය සෑහෙන්නට පැරණියි.

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    මේ ගීතය සෑහෙන්නට පැරණියි.




    මේ ගීතය සෑහෙන්නට පැරණියි. මගේ මතකයේ හැටියට මහාචාර්ය සනත් නන්දසිරිගේ මුල්ම ගීත අතුරින් එකක්. මේ ගීතයේ රචකයාගේ නම් නම් මා දන්නේ නැහැ. සංගීත නිර්මාණයත් බොහෝම විට සනත් නන්දසිරි මහතාගේම විය යුතු බව මා හිතනවා. ඒ කෙසේ වෙතත් හැඟීමෙන් යුතුව මේ ගීතය ගයන්නේ නම් ඔහුයි.

    මා වගේම වියපත් කෙනෙකුට හැර මේ ගීතය මතක තියෙන්නට බැහැ.
    ඔබ මේ ගීතය සන්සුන් මනසින් යුතුව කියවන්න.
    ඔබටම හිතේවි ගීතය නම් වූ අතිශය ජනප්‍රිය මාධ්‍යය හරහා මේ ගීතයේ නිර්මාණකරුවන් ජීවිතය කියවා ඇති අපූරුවේ චමත්කාරය කෙබඳුද කියා.

    කවදාක හෝ පිටත්වී - යා යුතුයි යන තැනැත්තා
    කනගාටුවෙන් හඬන්නේ - මේ දහම ගැන නොදත්තා

    අම්බලමක රෑ ඉඳලා - අප එකම මඟ ඇවිල්ලා
    යන්නෙම් කියා නොදන්වා - උදයේම ඔබ ගිහිල්ලා

    මඟ නික්මි ඔබ වගේ මම් - යන මාවත දුර නේදෝ
    අප වැන්නවුන් කෙසේ නම් කොතැනකදි හමු නොවේදෝ

    මගේ සෙවුම් බැලුම් වල හැටියට නම් මේ ගීතය අන්තර්ජාලයේ සොයා ගන්නට නැතිදෝ කියා හිතෙනවා. එහෙම වුනත් පුදුම විය යුතු නැහැ. ඇත්තටම මේ ගීතය සෑහෙන්නට පැරණියි.

    ගීතය ඔබේ සිත් ගත්තා නම් එපමණයි. හැකි නම් සොයා ගෙන අසන්නට උත්සාහ කරන්න.

    ස්තුතියි. නැවත හමුවෙමු.