මේ චැනල් එකේ කියන හාමුදුරුවො කවුද?

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කවුරුහරි මේ චැනල් එක ෆලෝ කරන කෙනෙක් මේ චැනල් එකේ කතා කරන හාමුදුරුවෝ ගැන විස්තරයක් කියන්න දන්නවද?

    වීඩියෝ මහ ගොඩක් තියනවා. ඒ උනාට කිසිම තැනක නමක් ගමක් කියන්නෙ නැතිලු (මම වීඩියෝ බලලා නැති නිසා හරියටම කියන්න දන්නෙ නෑ). හැම තැනම කියන්නෙ "උන්වහන්සේ" කියල විතරලු.

    ඒකෙ කියන විදිහට හිමාල වනයේ භාවනා කරලා රහත් වෙච්ච හාමුදුරු කෙනෙක්ලු. මම ඔය දේවල් වල ඇත්ත නැත්ත දන්නෙ නෑ... මම වෙන කෙනෙකුට උදවුවක් විදිහට මේ විස්තර හොයලා දෙන්න පුලුවන්ද කියලා බැලුවේ.

    මේ තියෙන්නෙ චැනල් එක Niwan Dakimu https://www.youtube.com/c/NiwanDakimu/featured (සබ්ස් තියනවා 66,000)

    දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් හොයලා දෙන්න.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    කවුද බන් පතිරණ කියන්නෙ ?
    නම පොඩ්ඩක් වැරදුනා වගේ පතිරණ කෑල්ල තිබ්බ. මට දැන් මතක නෑ ඉතුරු ටික. රාවණා රජතුමාගෙ කාලෙ සෙල්ලිපි ගැන එහෙම පොතක් ලියපු කෙනා
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    AKedOLSY4d-l5j-21CFzI_to6-u5-40ZfZP4FZ8AIdNo=s900-c-k-c0x00ffffff-no-rj

    ජයරත්න පතිර ආරච්චි . වීඩියො එකෙක් කතා කරන්නෙ නම් මෙයා නෙමෙයි.

    ඉකමනට රහත් කියල තීරනේකට එන්න එපා හොද සිහියෙන් වීඩියෝ එක අහපන් උබටම තෙරෙයි
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    AKedOLSY4d-l5j-21CFzI_to6-u5-40ZfZP4FZ8AIdNo=s900-c-k-c0x00ffffff-no-rj

    ජයරත්න පතිර ආරච්චි . වීඩියො එකෙක් කතා කරන්නෙ නම් මෙයා නෙමෙයි.

    ඉකමනට රහත් කියල තීරනේකට එන්න එපා හොද සිහියෙන් වීඩියෝ එක අහපන් උබටම තෙරෙයි
    දන්නවනම් තව විස්තර ටිකක් කියපන්. මේකෙ දාන්න කැමති නැත්නම් PM එකක් හරි දාපන්. මට ඕනවට නෙමේ හොයන්නෙ, වෙන කෙනෙකුට උදවුවක් කරන්න හොයන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    ඒ උනාට කිසිම තැනක නමක් ගමක් කියන්නෙ නැතිලු
    මේක හොද මාකටින් උපායක්.. මේ විදියටම "නමක් ගමක් අහන්න එපා" කියල, වනන්තරේ භාවනායෝගීව වැඩ ඉන්න ගමන් දැනට අවුරුදු 7-8කට කලින් radio එකට වැඩිය නම් හෙළි නොකරපු රහසිගත චරිතයක් අද ගොඩක් ප්‍රසිද්ධ ධර්ම දේශනා කරන හාමුදුරු කෙනක් විදියට.
    හිමාලේ කියන්නෙත් තව හොද අපේ උන් අන්දන්න පුලුවන් තැනක් තමයි. ;)
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    පිස්සුද බන්. මම මේ බිලීව් කරන කෙනෙකුට උදවුවක් කරන්න හදන්නෙ
    Lankwe eun owagen galawaganna hari amarui machn. unta podi kale idalama owa oluwata dapu nisa un ona labbak believe karanawa.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    අද කාලෙ නිවන් දැකලා බණ කියන හාමුදුරුවරු කීප නමක් ඉන්නවා..
    හැබැයි එක්කෙනෙක් වත් මම නිවන් දැක්කා මම රහත් මම සෝවාන් කියලා පොර ටෝක් දෙන්නේ නෑ..
    මොකද සෝවාන් වෙන කොටම මමත්වය හෙවත් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන නිසා.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230

    who?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    සමහරවිටක නම "ධම්මසූරිය" වෙන්න පුලුවන්. මම දැනං හිටපු දෙයක් නෙමෙයි, ඉන්ටර්වෙබ්ස් වල සර්ච් කලාම ආපු දේවල් එක්ක කරපු අනුමානයක්.

    මගෙ තියරිය නම් , කෙනෙක් මම නිවන් දැකල ඉන්නෙ කියපු ගමන් අහන්න දෙපාරක් හිතනව

    ඒ වගේ අය බොහොම ප්‍රවේසමෙන් ආශ්‍රය කරන්න ඕනෙ. මොකද අද සමාජෙ ඔවැනි ගොඩක් අය ලාභ ප්‍රයෝජන බලාගෙන නැති ගුණ ප්‍රකාශ කරනවා. මම දැකපු අයගෙන් නම් 100% ක්ම වගේ එක්කෝ බොරුවක් කරනවා, නැතිනම් තමනුත් රැවටිලා අනුන්ටත් රවටන ජාතියෙ.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    සමහරවිටක නම "ධම්මසූරිය" වෙන්න පුලුවන්. මම දැනං හිටපු දෙයක් නෙමෙයි, ඉන්ටර්වෙබ්ස් වල සර්ච් කලාම ආපු දේවල් එක්ක කරපු අනුමානයක්.

    ඒ වගේ අය බොහොම ප්‍රවේසමෙන් ආශ්‍රය කරන්න ඕනෙ. මොකද අද සමාජෙ ඔවැනි ගොඩක් අය ලාභ ප්‍රයෝජන බලාගෙන නැති ගුණ ප්‍රකාශ කරනවා. මම දැකපු අයගෙන් නම් 100% ක්ම වගේ එක්කෝ බොරුවක් කරනවා, නැතිනම් තමනුත් රැවටිලා අනුන්ටත් රවටන ජාතියෙ.
    අද තියන තත්වෙත් එක්ක බැලුවම මුලා වෙන්න තියන අවස්ථා බොහොම වැඩී බන්. හොඳමදේ තමයි ත්‍රිපිටකය එක්ක ගලපන බලන එක...
    "ඔය අභය ලොක්ක වගේ අය පන පිහිටුවල කියනව ත්‍රිපිටකෙන් ගත්තෙ කියල, හරියට බැලුවම මිනිහත් පැටලිලා තවත් ගොඩක් අය මුලාවෙ දාල"
     
    • Like
    Reactions: greenthunder

    Blink182

    Active member
  • Sep 18, 2021
    55
    141
    33
    අද තියන තත්වෙත් එක්ක බැලුවම මුලා වෙන්න තියන අවස්ථා බොහොම වැඩී බන්. හොඳමදේ තමයි ත්‍රිපිටකය එක්ක ගලපන බලන එක...
    "ඔය අභය ලොක්ක වගේ අය පන පිහිටුවල කියනව ත්‍රිපිටකෙන් ගත්තෙ කියල, හරියට බැලුවම මිනිහත් පැටලිලා තවත් ගොඩක් අය මුලාවෙ දාල"
    ඊටත් වඩා වටිනව ප්‍රතිපදාව වඩන කෙනෙක් හමුවෙලා ඉගෙන ගන්න එක. එහෙම කෙනෙක් හොයාගන්න එක තමා අමාරුම.

    ලේසියට ගමේ නගරෙ පන්සලකනම් එහෙම උත්තමයො වැඩ ඉන්නව කියල නම් හිතන්න අමාරුයි...

    කැලේ නම් ඉන්නෙ ඕන අනිවාර්‍යෙන්ම...
     
    • Like
    Reactions: bokaRaj

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දවසකට මැරෙන ප්‍රමානේ හැටියට දිග ලිස්ට් එකක් ඇති.පොත් පෙරලා පෙරලා බලන්නත් එපැයි.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    සින්ඝල්ලු කියන්නේ ජාන ගතවම මරිමොඩ ජාතියක් (මම කියන්නේ උගත් කම ගැන නෙමේ ) ඔයවගේ බුද්දාගම සම්බන්ද කරලා ඉතිහාසය සම්බන්ද කරල පච ටිකක් වපුරනවානම් ..සමාජයේ උගත් යැයි සම්මත ඉන්ජිනෙරුවන් වෛද්‍ය වරුන්ව පවා රවට්ටන්න පුලුහන් අවශ්‍ය වෙන්නේ කථිකත්වය විතරයි ..
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    මාත් අහනව මේ චැනල් එක හිටපු ගමන්.
    වීඩියෝ 15-20ක් විතර අහල ඇති.
    මම රහත් උනා කියලනම් කියල නෑ මන් අහපු ඒවගෙ.

    "අපි හාමුදුරුවෝ විදිහට මොකද කරන්නෙ? පිං බත් ගිල ගිල ඉන්නව. එක සෝවාන් ඵලයක්වත් ලබා ගන්නෙ නැතුවද මැරිල යන්න ඉන්නෙ?" මේ වගේ දේවල් තමා කියල තියෙන්නෙ ගොඩක් තැන් වල.

    කියන දේවල් ලොජිකල්. හැබැයි සමන්ත බඩ්‍ර, තිත්තගල්ලේ ආනන්දසිරි වගේ හාමුදුරුවරුත් ලොජිකල්.
    හරියටම ධර්මය දන්නෙ නැත්තං අහු වෙනව.

    මාත් හරියටම දන්න කෙනෙක් නෙවෙයි.
    එක එක හාමුදුරුවරුන් කියන ඒව අහනව කාලෙන් කාලෙට.
    යූටියුබ් බලලනම් හරි අමාරුයි හරි දේ හොයාගන්න.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඊටත් වඩා වටිනව ප්‍රතිපදාව වඩන කෙනෙක් හමුවෙලා ඉගෙන ගන්න එක. එහෙම කෙනෙක් හොයාගන්න එක තමා අමාරුම.

    ලේසියට ගමේ නගරෙ පන්සලකනම් එහෙම උත්තමයො වැඩ ඉන්නව කියල නම් හිතන්න අමාරුයි...

    කැලේ නම් ඉන්නෙ ඕන අනිවාර්‍යෙන්ම...
    කැලේට වෙච්ච පමණින් ඉන්නවා කියන්න බැහැ නේද. ඕක මිශ්‍රයි. කැලෙත් ඇති නගරෙත් ඇති කියලායි මම හිතන්නෙ. කයින් හුදෙකලා උනත් හිතින් හුදෙකලා වෙන්න බැහැ හැමෝටම. බුදුන් අගයන්නෙ හිතින් හුදෙකලා වෙන අයව. බුදුන් මේ "උත්තරීතර හුදෙකලාව" භද්දේකරත්ත සූත්‍රයෙදි පැහැදිලි කරනවා.