අද කාලෙ නිවන් දැකලා බණ කියන හාමුදුරුවරු කීප නමක් ඉන්නවා..
හැබැයි එක්කෙනෙක් වත් මම නිවන් දැක්කා මම රහත් මම සෝවාන් කියලා පොර ටෝක් දෙන්නේ නෑ..
මොකද සෝවාන් වෙන කොටම මමත්වය හෙවත් සක්කාය දිට්ඨිය ප්රහාණය වෙන නිසා.
ඒක ඇත්ත මචං..
මමත් පුද්ගලිකව බණ අහල තේරුම් අරං තියන කීප නමක්ම ඉන්නව..
මට ගොඩක් විශ්වාසයි උන්වහන්සේලා මාර්ගඵල ලාභීන් කියල
හැබැයි ඒ එක ස්වාමීන් වහන්සේ නමක්වත් තමන් එහෙමයි කියල කියන්නෙ නෑ..
කව්රුහරි එහෙමද කියල ඇහුවොත් උඹ ඔය කියල තියන දේ දේශනා කරනව
ඒත් උන්වහන්සේල කව්ද කියල මේකෙ දාන්න බෑ එහෙම උනොත් මේකෙ සිංහළු හිනාවෙලා පව් පුරෝගන්නව
තව දෙයක් කියන්නම්
බුදුහාමුදුරුවො දේශනා කරල නෑ අපිට මාර්ගඵල ලාභී භික්ෂූන්වහන්සේලා හොයාගෙන බණ අහන්න කියල..
සංඝ රත්නය කිව්වම අද මහණ උන සාමණේර භික්ෂූන්වහන්සේත් ඇතුළත්
හොඳම දේ තමයි කව්රුවත් කියන දේවල් අහල රැල්ලට බණ අහන්නෙ නැතුව තමන්ට ආස හිතෙන තමන්ට තේරෙන්න බණ දේශනා කරන ස්වාමීන්වහන්සේලගෙන් බණ අහන එක.. ටික කාලයක් එහෙම ඇහුවම තමන්ටම මේ දේවල් තේරෙන්න ගන්නව..
හැබැයි බණ කියන කෙනා කෙසේ වෙතත් අහන කෙනා මරි මෝඩයෙක් නම් ඉතිං බොරුකාරයෙක්ට රැවටිලා තියෙයි
මේකෙ කලින් කව්ද හිනාවෙල තියෙනව දැක්ක නළු නිළියො මැරිල අපායෙ යනව කියන ඒක බොරුවක් කියල හිතන්..
ඒක වෙන්නෙ මෙහෙමයි..
යම් කෙනෙක් නළුවෙක් හෝ මෝස්තර නිරූපණ ශිල්පියෙක්නම් මැරිල අපාගත වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩියි
ඒක තීරණය වෙන්නෙ ඒ කෙනාගෙ චේතනාවත් ඒ රඟදක්වන චරිතයත් දෙකම මත..
නිකන් හිතන්න අද කාලෙ කොටට ඇඳල මිනිස්සු පිස්සු වට්ටන්න උත්සාහ කරන නිළියො කොච්චර ඉන්නවද
කීදෙනෙක් ඒ වගේ නිළියෙක්ගෙ photos බලල වින්දනයක් ලබනවද
ඒ හැම දේකින්ම ඒ නිළියට පව් සිද්ධ වෙනව
මොකද ඒ නිළියට ඕන උනෙත් ප්‍රේක්ෂකයින්ගේ කාමය/රාගය අවුස්සන විදියට ඉන්නනෙ
ඒ වගේම ටෙලි නාට්‍යයක නළුවෙක් ඉන්න පුළුවන් මිනී මරල මිනිස්සුන්ව කපල කොටල ප්‍රේක්ෂකයින්ගේ හිතේ ද්වේෂය ඇතිකරන
ඒ කෙනත් ගොඩක් පව් රැස්කරගන්නව..
හැබැයි හිතන්න ගම්බද කතාවක ගොවි මහත්තයෙක්ගෙ චරිතය රඟපාන නළුවෙක් ඉන්න පුළුවන් පවක් සිද්ධ නොකරගෙන ප්‍රේක්ෂකයින්ගේ හිත දිනාගන්න
මම කියපු දේවල් වලට එකඟ නැත්නම් උඹලම හිතල බලන්න..
ඒත් කිසිම ස්වාමීන් වහන්සේ නමකට අපහාසයට හිනාවෙන්න එපා
එකෙන් අප්‍රමාණ පව් පුරවගන්නෙ අපිමයි
මොකද එහෙම කලොත් උඹල හිනාවෙන්නෙ එක හාමුදුරු නමකට නෙමෙයි.. මුළු සංඝ රත්නයටමයි
ස්වාමීන් වහන්සේලාගේ වැරදි හදන්න ඕනෙ අපිවගේ ගිහියෝ නෙමෙයි.. මහා සංඝ රත්නය විසින්මයි
බුද්ධ ශාසනය පිරිහෙන විදියට ඒ වැරදි හදයි කියල හිතන්නත් එපා
