මේ ජැකා ලා ගැනයි(ජැක් එකක් ගහන්න කලින් +++)

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ ජැකා ලා ගැනයි(ජැක් එකක් ගහන්න කලින් +++)



    4653e069ed7369840191e8bf38ab8dc9_XL.jpg



    සමාජය මේ තරමටම පිරිහෙන්න ඇයි කියලා කතා කළහොත් ඒ සඳහා බලපාන පුළුල් හේතු රැසක් පවතින බව සඳහන් කළ හැකි ය. අතීතයේ පැවති හොඳ සිරිත් එකක්වත් අදවන විට දක්නට නොලැබෙන බව ඍජු ලෙස ම සඳහන් කළ හැකි ය. ඒ සඳහා කදිම නිදර්ශන දෛනික වැඩ කටයුතු කරන ඕනෑම කෙනෙකුට වටහා ගැනීමට පුළුවන. සමාජය විකාශයවීමත් සමග එදාට වැඩිය අද සමාජ රටා බොහෝ සෙයින් වෙනස් වී තිබේ. ඉන් සිදු වී ඇත්තේ මුළුමහත් සමාජයේ ම පරිහානියයි.



    අන් කවරක් දෙස අවධානය යොමු කිරීමට ප්‍රථම පවුල් කුටම්භය දෙස අවධානය යොමු කරමු. දෙමව්පිය දූ දරු සබඳතාවය අදවන විට බිඳී ගොස් තිබේ. දරුවන් දෙමව්පියන් නොසළකා හරින තත්ත්වයකට පත් ව තිබේ. මාධ්‍ය තුළින් පෙන්වන ටෙලි නාට්‍ය මාලා සඳහා ඉහළ ස්ථානයක් ලබා දෙන තරුණ පිරිස ඒවා ඇසුරට ගනිමින් ඔවුන් එම චරිත සිය ජීවිතවලට ආරෝපණය කර ගැනීම තුළින් මේසා විශාල පරිහානියට ගොස් ඇති බව සඳහන් කළ යුතු ය.

    ආහාර පාන, ඇදුම් පැළඳුම් කතා බහ කිරීම ආදී බොහෝ දේවල විශාල ලෙස වෙනස්කම් රැසක් සිදු වී තිබේ. එහෙයින් සංස්කෘතීන්හි විවිධ වෙනස්කම් දැක ගත හැකි අතර ඒවායේ බොහෝ අඩුලුහුඬුකම් රැසක් ඇති බව පෙනේ. සමාජයේ වෙනස්වීමත් සමග ඇසුරු කරන පුද්ගලයින් ද හුවමාරු වී තිබේ. එහි දී ඇසුරු කරන පුද්ගලයින්ට අනුව සමාජ රටාව වෙනස් වෙයි. එහි දී හරි හෝ වැරදි තමාගේ ඇසුර සමගින් තීරණය කරයි.

    සමාජ පිරිහීම් නිතර සිදුවන පාරාදීසයක් බවට බස් රථය පත් ව ඇති බව ඔබ පිළි ගන්නවා ද? බඩදරු මවක්, වයෝවෘධ මහල්ලෙක්, කුඩා දරුවෙක් ඇකයේ හොවාගත් මවක් බස් රථයට ගොඩ වූ විට ඔවුන්ට ආසනයක් පිරිනැමිය යුතුය යන චේතනාව දැන් ඔබට සිතට නොනැගෙන්නේ මන් ද? බසයේ කොන්දොස්තර මහතාගේ දැඩි කෑ ගැසීමට තිගැස්සී ආසනක් පරිත්‍යාග කිරීමට වඩා ඔවුන්ටම සිතී එය පරිත්‍යාග කිරීමට නොසිතෙන්නේ මන් ද? ඒ තරමට ම ඔවුන් පහත් මානසිකත්වයට වැටී සිටින්නේ කුමක් නිසාවෙන් ද? පොදුවේ ගතවිට ඊට බලපාන ආසන්නත ම හේතු මොනවා ද? කොන්දොස්තර මහත්තයා ගිරිය පුප්පාගෙන කෑ මොර දෙන තුරු බස් රථයේ අසුනක් පිරී නැමීමට තරම් සිතක් පහළ නොවන තත්ත්වයේ මිනිස් සමාජයක් ගොඩ නැගී තිබීම මුළු මහත් සමාජයේ පරිහානියට හේතු වූ ප්‍රභල සාධකයක් ලෙස ගිණිය හැකි ය. මිනිසා දියුණුවීමට නම් තමා ගැන මෙන් ම අනෙක් පුද්ගලා ගැන ද සිතා කටයුතු කළ යුතු ය. එසේම හොඳ පුරුදු ප්‍රගුණ කළ යුතු ය. ඉන් අන් කවරකටත් වඩා ආත්ම තෘප්තියක් ඇතිවන බැවින් එය අවසන් හුස්ම හෙළන අවස්ථාවේ දී හෝ සිතට සැනසීමක් ගෙන දෙන්නක් වෙයි.

    ඉහත සඳහන් කළ ආකාරයට බොහෝ විට වර්තමානයේ බස් රථය යනු සමාජ පිරිහීම් සිදුවන ප්‍රධාන ස්ථානයක් බවට පත් ව තිබේ. දිග නිවාඩුවක් ලද අවස්ථාවක දී නම් දුර බසයක ගමන් කරනවා බොරු. එසේ ම රාජකාරී අවසන්වන වේලාවට කෙටිදුර ධාවනයවන බස් රථවල ද ගැහුණු ළමුන් ගමන් කර හමාර ය. සෙනග අතරේ සිරවීමට සිදුවීම සාමාන්‍ය දෙයක්. එහෙත් එවැනි අවස්ථාවක දී පහත් පෙළේ මානසික සහනයක් ලබා ගැනීමට උත්සාහ කරන පිරිමි පුද්ගලයින්ගේ ගොදුරක් බවට පත් විය හැකි ද? එලෙස ක්‍රියා කරන පිරිමි පරපුර සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය කවරක් ද? තරුණ හෝ වේවා මහළු හෝ වේවා සෙනග අතරේ ගමන් කරන කාන්තාවන්ට සිර වී ගමන් කිරීමට පමණක් නොව, තම ඇඟ හෙවත් ශරීර අවයව බේරාගෙන ගමන් කිරීමට සිදු වී ඇති බවක් පෙනී යයි.

    අතීතයේ නම් බස්වල යනවිට ආරක්ෂා කර ගත්තේ වටිනා දේ නොඑසේ නම් මුදල් පසුම්බි ය. එහෙත් වර්තමානයේ තමන්ගේ ශරීර අවයව ආරක්ෂා කරගෙන අදාල ගමන ගොස් පැමිණීමට සිදුවීම අරුමයක් නොවේ ද?


    බස් රථයක් තුළ දී කාන්තාවකට අතවරයක් වූ විට බොහෝ විට ඒ සම්බන්ධයෙන් අදහසක් දැක්වීමට හෝ ඒ සම්බන්ධයෙන් පෙනී සිටීමට කිසිවෙකු ඉදිරිපත් නොවෙයි. මෙය පිරිමි පුද්ගලයින් සියයට සීයක්ම නිවැරදිය යන කාරණය ඒත්තු ගැන්වීමට දරණ ප්‍රයත්නයක් නොවන බවත් ඇතැම් කාන්තාවන්ගේ හැසිරීම රටාවල ද ඇති විවිධ අඩුපාඩුකම් හේතුවෙන් විවිධ අවහිරතාවලට මුහුණදීමට සිදුවන බව ද සඳහන් කළ යුතු ය.

    කාන්තාවන්ට අතවරයක් කිරීමම ඔවුන්ගේ ඒකායන අරමුණ නොවිය හැකි ය. එහෙත් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුය යන සිතිවිල්ල මුදුන්පත් කරගත් පිරිමි පුද්ගලයින් කාන්තාවකගේ ශරීයේ හැප්පීමෙන් හෝ පහසක් ලැබිය හැකි යැයි යන පහත් පෙළේ මානසික සිතිවිල්ලක් පෙරදැරි ව ඔවුන් ඒ සඳහා නොපැකිළි ව කටයුතු කරයි. එවන් පිරිමි අපමණ හමු වෙයි. ඔවුන් දිනපතා ගමන් කරන පුද්ගලයින් නම් අදාල ක්‍රියාවලිය ද දෛනික ව සිදු කරනවා විය හැකි ය. බස් රථයේ දැඩි ලෙස සිර වී එක් දිනක් හෝ ගමන් කර ඇති පුද්ගලයෙකුට මෙය ඒ තරම් පැහැදිලි කළ යුතු කාරණයක් නොවේ.

    ඇතැම් විටෙක පහත් සිතිවිල්ලකින් ඔවුන් හැසිරෙනවා නොවිය හැකි ය. එහෙත් එවැනි සිතිවිල්ලක් නොමැති පුද්ගලයෙක් නම් කෙදිනක හෝ කාන්තාවකට අවහිරයක් බාධකයක් ඇතිවන සේ ක්‍රියා නොකරයි. ඈත අතීත සමාජය දෙස අවධානය යොමු කිරීමේ දී වත්මන් සමාජයට උරුම වී තිබෙන සමාජ රටාව සංස්කෘති පිළිබඳ කිසිසේත් සතුටට පත්විය නොහැකි ය. අතීතයේ කාන්තාව යනු පිරිමි පුද්ගලයින් විසින් ආරක්ෂා කරන ලද පිරිසකි. එක් අංශයකින් කාන්තාවන් විසින් මේ වනවිට ඔවුගේ තත්ත්වය ඔවුන් විසින් ම නැති කරගෙන ඇත බව ද පෙනී යයි.

    අද වනවිට මිනිසුන්ට තවත් මිනිසෙකුගේ හැඟීමක් වටහා ගැනීමේ සංවේදිතාවක් නොමැති තත්ත්වයකට පත් ව තිබේ. අසාධාරණය දුට විට එය නොදැක්කා සේ හිඳිමින් ඉන් මිදී ඇඟ බේරා ගන්නා පිරිසක් බවට ඔවුහු පත් වී සිටිති.

    අසාධාරණය වෙනුවෙන් හිතට එකඟ ව අවංක ව හඬ නගන්නේ නම්, ඒ වෙනුවෙන් ක්‍රියා කන්නේ නම් සමාජය පිරිහීම වෙත යොමුවීම වළකා ගැනීමට හැකියාවක් තිබේ. එහෙත් තරුණ පරම්පාවේ මූලික අංගයක් බවට පත් ව තිබෙන facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි තුළ වීරයෝ සෑහෙන පිරිසක් සිටී. ඒවා දෙස නිසි අවධානයක් යොමු කර බැලීමේ දී බුදු දහම වෙනුවෙන්, කාන්තා හිංසනය වෙනුවෙන්, ජාතික සමගිය, පොදු දේපල රැකි ගැනීම, ස්වභාවික සම්පත් රැක ගැනීම වෙනුවෙන් බොහෝ උනන්දුවෙන් ක්‍රියා කරන බව දැකගත හැකි ය. එහෙත් එය ක්‍රියාකාරී ලෙස ක්‍රියාත්මකවන බවට සහභාගීවන ලෙස සියල්ල සූදානම් කර යම් රැස්වීමක්, පා ගමනක් වැනි දේ සැළසුම් කළ විට ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය කොපමණ ද යන්න වටහාගත හැකි ය, ඊට සහභාගීවන පිරිස අනුව එය තීරණය කළ හැකි ය.
     
    Last edited: