මේ තරම් සියුමැලිද? ගීපද වල තේරුම!

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මේ තරම් සියුමැලිද? ගීපද වල තේරුම!

    hqdefault.jpg


    සුනිල් එදිරිසිංහයන්ගේ මේ තරම් සියුමැලිද ගීතයේ තේරුම දන්න කෙනෙක් ඉන්නවද!

     
    • Like
    Reactions: barath dpriye

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    oka hada ganin ban ,,
    මෙන්න එකක්
    මේ තරම් සියුමැළි ද කළුගල්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස දුන් මිනිසා සොයා..
    ඔබ දන්නා පරිද්දෙන්ම මෙවන් යුගයක අමරණීය ගීත බිහි වූවේනම් සංඛ්‍යාත්මකව ඒ ඉතා සුළු නිර්මාණ කීපයකි. එසේ බිහි වූ ගීත අතර ප්‍රමුඛ ස්ථානයක් දිනා ගන්නා ගීතයකි “මේ තරම් සියුමැලිද කළුගල්” ගීතය. පද අතිශය සරල නිසාවෙන්ම බහුතර රසික ශ්‍රාවක පිරිසකගේ හද වැළඳ ගන්නට සමත් වූ මෙම ගීතයත් සමගම ලාංකේය සුබාවිත ගීත රසිකයින් දැන හඳුනා ගන්නට යෙදුන ප්‍රමුඛ චරිත නම් රජී වසන්ත වෙල්ගමයන් සහ දර්ශන රුවන් දිසානායකයන් ය. සාමාන්‍ය ගීත මාතෘකා වලින් ඔබ්බට ගිය යමක් මෙකී ගීය තුල විමසුමට ලක් කොට ඇත.
    ගීතය තුලින් ඉස්මතු කරන එක තරා චරිතයක් වෙයි. එනම් එකල ශිලා නිර්මාණ තැනීමට දායක වූ කළා කරුවායි. වචනාර්ථ එසේ වුවත් ගීය තුලින් සියුම් ලෙස විමසා බැලෙන්නේ සැබෑ ලෙසම කලාවට ආදරය දක්වන සැබෑ කළා කරුවා පිළිබඳවයි.
    මේ තරම් සියුමැළි ද කළුගල්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස දුන් මිනිසා සොයා…
    ඓතිහාසික ශිලා නිර්මාණ අතර ප්‍රධාන ස්ථානයක් උසුලන අව්කන බුදුන් ඉතා සියුම් ලෙස නිර්මාණය වූවකි. සැබවින්ම ඒ දෙස කලාත්මක ඇසකින් බැලුවහොත් එය කළු ගලෙන් නිර්මාණය කරන ලද්දක්දැයි සැක සිතෙන තරමටම විශ්මය ජනකය. ගීය තුල කරුණු ගෙන හැර දක්වන රචකයා විසින් මවන ලද චරිතය මෙකී අවුකන බුදුන්ට දෑස් දුන් කළා කරුවා කුමන ආකාරයේ අයෙකුයි සොයා යයි.
    කලාවැව ළඟ ඉලුක් හෙවණක
    මැටි පිලක පැදුරක් එලා
    රිදුම් පිරිමදිමින් බලයි ඔහු
    මැරෙන ඉපදෙන රළ දිහා…
    ඔහුගේ දිවිය ඇති සුඛෝපභෝගී නොවූවකි. කළා වැව අසබඩ දිවි ගෙවන ඔහු ඉලුක් හෙවන යට පිලේ පැදුරක් එලා විවේකී සුවෙන් හිඳියි. රළු කළු ගල් සංවේදී නිර්මාණ කරන්නට පොර බදන ඔහුගේ සිරුරේ රිදුම් ඔහුම පිරි මදිමින් කලා වැවේ රල දෙස නෙත් යොමයි. සැබෑ කළා කරුවා සිය නිර්මාණ කෙරෙහි ආදරය දක්වනවා හැරෙන්නට ලව්කික සැප සම්පත් පසුපස හඹා නොයන්නෙකි. සරලව ජීවත් වෙන ඔහු ජීවිතයේ පවතින අනියත බව මනාවට වටහා ගත් අයෙකි.ඒ බව රචක වෙල්ගමයන් ඉතා අපූර්වතම යෙදුමක් බාවිතයෙන් ගෙන හැර දක්වයි. එනම් “මැරෙන ඉපදෙන රල” යන්නයි. සැම ජීවිතයකටම පොදු වූ ධර්මතාව මේ වචන ත්‍රිත්වයෙන් පමණක් වෙල්ගමයන් ප්‍රකාශ කරයි.
    ඉසුරුමුණියේ නුඹ තැනූ
    පෙම්බරිය කොතැනද කියා
    මා ඇසූ විට හිනැහුණා ඔහු
    තාම තනිකඩ යැයි කියා…
    කෙතරම් දක්ෂ අයුරින් ඉසුරුමුණි පෙම් යුවල වන් ශිලා කැටයම් පවා නිර්මාණය කලද. මොහු තවම දිවි ගෙවන්නේද තනිවමය. ඇතැම් විට කළා කරුවා සිය ජීවිතයම කැප කරන්නට ඇත්තේ කලාව සඳහාම විය යුතුය. ඒ හැර සිය ජීවිතයට හෝ මූලිකත්වය දීමට ඔහු තුල උනන්දුවක් නොමැති වන්නට ඇත. එනමුත් ඒ පිලිබඳ පශ්චාත්තාපයක්ද ඔහු තුල නොවෙයි.ඔහු සිනාසෙයි. ජීවත් වීමට ඔහුට අවශ්‍ය වන ධෛර්යය, ශක්තිය ඇත්තේ ඔහුගේම නිර්මාණ තුල වනවාට සැක නැත.ගීතය අවසන් වන්නේ මෙකී කළා කරුවා පිලිබඳ සියුම් ශෝකාන්තයක් ද අප හදවත් තුල තැන්පත් කරමිනි.
    ගීතය ගැන මෙන්ම එහි රචනය, සංගීතය, ගායනය ගැනද වර්ණනාවට ලක් වූ අවස්ථා එමටය. විටෙක රත්න ශ්‍රී විජේසිංහයන් පවා රජී වෙල්ගමයන්ව නිහතමානීව වර්ණනාවට ලක් කරයි. සුනිල් එදිරිසිංහයන්ගේ ගායන කෞශල්‍යය පිලිබඳවද යලි වැනුම් අවශ්‍ය නොවෙයි. ගීතයට සංගීතය එක කල දර්ශන දිසානායකයන්ගෙන් ද ගීතයට අති සාධාරණයක් ඉටු වී ඇති බවද කිව යුතුම වෙයි.
    ගායනය : සුනිල් එදිරිසිංහ
    පද : රජී වසන්ත වෙල්ගම
    සංගීතය : දර්ශන රුවන් දිසානායක
    ගීතයට සවන්දෙන්න