පෙට්රල් පෝලිමේ ඉන්නවාට සමහර මිනිස්සු සල්ලි දෙනවා. දවසකට 2000ක් තමා හැම තැනම දෙන්නේ.
ඔය වගේ එකක දවසක් ඉඳපන් එතකොට 2000ක් හම්බෙනවා. සල්ලි දෙන එකගේ වාහනෙත් එක්ක උඹේ වාහනයකුත් දාගනින් පොලීමට.
ඊට පස්සේ උඹේ ටැංකියකට ගහපු ටික වැඩි ගානකට විකුනපන්. සමහර බිසි අය ඉන්නවා. ලීටර් එකට 1000ක් විතර දෙනවා.
එතන ලීටර් 8ක් තිබ්බොත් 8000 යි. දවසේ කුලීයයි ඔක්කොම 10000 යි.
කුලී වැඩ හයර් යන ඩීලිවර් කරන උන්ට ජොබ් එකට යනවාට වඩා ලාබයි.
ඔය හම්බෙන සල්ලි වලින් එළවළු ටිකක් නං වවා ගත්තා නම් උබ ගොඩ.
රාජපක්ෂ පවුලේ නෑයෙක්ද ...............................
"අනේ මහත්තයො මගෙ බබා ඇස් අරින්නෙ නෑ නෙ..."
හරහට බබෙක් වඩාගෙන අඩාගෙන දුවන් ආපු අම්මා කෙනෙක් බබාව අපේ අතට දුන්න. ඒ උදේ 8ට විතර SCBU එකට.
හුස්ම ගන්නෙ නෑ.
හාර්ට් එකත් වැඩ නෑ.
ගත්තු ගමන්ම අපි බබාට CPR දීල resucitate කරන්න පටන් ගත්ත.
තේරුමක් නැති බව දැන දැනත් අපිට resucitation නවත්තන්න හිත දුන්නෙ නෑ. ඒ වෙද්දිත් බබාට Rigor mortis එහෙමත් ඇවිත් තිබ්බෙ.(බබා නැතිවෙලා පැයකින් විතර Rigor mortis එන්න පටන් ගන්නේ )
අපේ ඔලුවෙ තිබුනෙම, බබා නැති උනා කියල අම්මට කියන්නෙ කොහොමද කියන එක.
ඒ අසරන අම්මගෙ ප්රතිචාරය ගැන මම මතක් නොකර ඉන්නම්.
ඒත් අම්ම කියපු කතාව දැනගන්න ඕනි.
"බබාට අදට දවස් 11 යි. කිසිම ප්රශ්නයක් තිබ්බ බබෙක් නෙවේ. ඊයෙ රෑ කිරි බොද්දි, කිරි වමනෙ ගිහින් ටිකක් හිර උනා. රෑ 10 ට විතර. හුස්ම ගන්න බැරුව වගෙත් හිටිය. හුස්ම ගන්න අමාරු වගේ ගතියක් දිගටම තිබුන නිසා, හොස්පිටල් එන්න කියල හිතුව. රෑ 11 වගේ ඉදන් ත්රීවීල් එකක් හෙව්ව. අපි වත්තෙ අැතුලට වෙන්න ඉන්නෙ මහත්තයො. මහ පාරට එන්නත් දුරයි ටිකක්. කතා කරපු හැමෝම කිව්වෙ පෙට්රල් නෑ කියල. උදේ වෙනකල් බබා හරියට කිරි බිව්වෙත් නෑ. බොන්න හැදුවට, බොන්න බෑ එයාට. උදේ යන්තම් මේ මල්ලිගෙ වාහනෙ එන්නම් කිව්ව. ඒත් ඒ වෙද්දි බබා ඇහැරෙන්නෙත් නැතුව වගේ හිටියෙ. පුලුවන් උන ගමන් තමයි මේ එක්ක ආවෙ මහත්තයො..."
උන් අපේ ජීවිත වලින් මොනවද තව උදුරගන්න තියෙන්නෙ...
මේ මැරෙන්නෙ, ජීවත් කරවන්න පුලුවන්කම තියන දරුවො...


2022.05.21
Shehan Saranga
තව මේ වගේ බිලි කියක් ඕනිද ? ඔහොම හම්බකරන් කන්න