මේ දිනේ ඔබට මතකද?

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මේ දිනේ ඔබට මතකද?

    2004 දෙසැම්බර් 26 වැනිදා.....

    මේ දිනේ ඔබට මතකද? කවදාවත් කොහොමටවත් අමතකවෙන්නේ නැති දිනයක් තමා මේ දිනේ.. මම මේ ලිපිය දාන්න හිතුනේ හෙටට ලංකාවට සුනාමිය ඇවිල්ලා අවුරුදු 7 ක් ගතවෙනවා... මෙච්චර ඉක්මනට අවුරුදු ගතවෙනවා අපිට දැනෙන්නෙවත් නෑ.....ඒත් එක්කම මම මේක දාන්න හිතුනේ ඔබේ හිත් කම්පා කරන්න නෙවේ...ඔබට අමතක වී තියනවනම් ආයේ පොඩ්ඩක් මතක් කර දෙන්නයි.....






    sri-lanka-tsunami-12-26-04.jpg

    sri-lanka-tsunami-b12-26-04.jpg

    2005-01-23-tsunami.jpg

    SriLankaTsunami298361452_cf6ef999c1_o.jpg

    Sri_Lanka_Tsunami-13-2.jpg

    lk.2004.tsunami.cars.jpg

    pict_grid7.jpg

    tsunami-278x225.jpg

    tsunami_02+Sri+Lanka.jpg

    tsunami-sri-lanka_480x360.jpg


    ඒ සුනාමියෙන් අපේ ශ්‍රීලංකාවේ මිනිස්සුන් කී දෙනෙක්ගේ ජීවිත අහිම කරාද? මෙතනත් ඇති සුනාමියෙන් ජීවිත අහිමි වූ දෙමාපියන් සිටින දරුවන්.. තමන්ගේ දරුවන් අහිමි වුන දෙමාපියන්..... තමන්ගේ නෑදෑයන් අහිමි වූ සහෝදර සහෝදරියන්.....
    මම දීර්ඝ ලිපියක් ලියන්න බලාපොරොත්තුවක් නෑ...මම අන්තිමට කියන්නේ මෙච්චරයි....
    කොයි ආගමේ වුනත් කමක් නෑ.පුලුවන් තරම් ජීවත් වෙලා ඉන්න කාලය ඇතුලත පින් දහම් කරගන්න..එය ඔබට මේ ආත්මයේදීත් ඊලගට ඉපදෙන්න ඉන්න ආත්ම වලටත් බලපානවා.. ඒවගේම මියගිය නෑදෑ හිතවතු වෙනුවෙනුත් පින් දහම් කරන්න... කොයි ආගමේවත් පින් දහම් කරන්න එපා කියලා නෑනේ......

    අපි කවදාවත් මෙවැනි විපතක් බලාපොරොත්තු වුනේ නෑ.. ඒවගේම ඉදිරියට එහෙම විපතක් නොවේවා කියලා අපි සැමගේම එක් ප්‍රාර්ථනාවක් කරගන්න ඔනේ.....


    ඉතින් අද නත්තල් දවස නිසා සතුටින් ඉන්න බලන්න. ඒවගේම මම කියපු දේවලුත් පොඩ්ඩක් හිතලා බලන්න.....

    කොහොමත් මම මේක ඔබට මතක් කරේ ඔබේ හිත කොනක හරි තියාගන්න මෙහෙම දෙයක් අපිට වුනා කියලා..එහෙම නැතුව මේක ගැන හිත හිත හැමදාම දුක් වෙලා වැඩක් නෑ...අපි ඉදිරියට යන්න ඔනේ...

    ~~~~සුනාමි ඛෙදවාචකය නෑවත අපට ඈති නොවෙවා~~~~~





    .....::::: කැප්ටන් ජැක් ස්පැරෝ :::::.....
    FK.png

     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    මචන් මම සුනාමිය වෙලා දවසක් ඇතුලත අරුගම්බේ ගියා
    අරුගම්බේ පරන පාලම 3ට කැඩිලා පානම පැත්තට යන්න බැරි වෙන්න..හැබැයි,
    පාලම අයිනෙම පාලමට වඩා පහල තැනක තිබ්බ ලොකු බුදුපිලිමෙට තියා බුදු පිලිමේ වටේ තිබ්බ එක ලොකු වීදුරුවක වත් ඉරක් වත් ගිහින් තිබ්බේ නෑ මචන්,
    අදහගන්න බෑ බන් ලොකු යකඩ පාලමක් 3ට කැඩෙද්දි එතන්ම තිබ්බ බුදුපිලිමෙට එක දශමෙක හානියක් වෙලා තිබ්බේ නෑ
    මාත් එදා ඉඳන් පුදුම විදිහට මගේ ආගම අදහනවා.අපිට කොච්චර සල්ලි සැප සම්පත් තිබ්බොත් අපි යද්දි අරගෙන යන්නෙ කරන පින්දහම් විතරනේ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ආයේ කවදාවත් මේ වගේ විපතක් සිදු නොවේවා
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මචන් මම සුනාමිය වෙලා දවසක් ඇතුලත අරුගම්බේ ගියා
    අරුගම්බේ පරන පාලම 3ට කැඩිලා පානම පැත්තට යන්න බැරි වෙන්න..හැබැයි,
    පාලම අයිනෙම පාලමට වඩා පහල තැනක තිබ්බ ලොකු බුදුපිලිමෙට තියා බුදු පිලිමේ වටේ තිබ්බ එක ලොකු වීදුරුවක වත් ඉරක් වත් ගිහින් තිබ්බේ නෑ මචන්,
    අදහගන්න බෑ බන් ලොකු යකඩ පාලමක් 3ට කැඩෙද්දි එතන්ම තිබ්බ බුදුපිලිමෙට එක දශමෙක හානියක් වෙලා තිබ්බේ නෑ
    මාත් එදා ඉඳන් පුදුම විදිහට මගේ ආගම අදහනවා.අපිට කොච්චර සල්ලි සැප සම්පත් තිබ්බොත් අපි යද්දි අරගෙන යන්නෙ කරන පින්දහම් විතරනේ
    ඔව් බන්........... :yes: :yes: :yes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    සුනාම් එක වෙලා අවු 7කුත් වුනා..:(:(
    ම්යගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා..!!
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    සුනාමි සිද්ධියට මුහුණ දීපු ඇහැට දැකපු කෙනෙක් හැටියට මැරෙණකම් ඒක අමතක වෙන්නෙ නෑ. ස්තූතියි සහෝ මේ වගේ thread එකක් දැම්මට
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    සුනාමි සිද්ධියට මුහුණ දීපු ඇහැට දැකපු කෙනෙක් හැටියට මැරෙණකම් ඒක අමතක වෙන්නෙ නෑ. ස්තූතියි සහෝ මේ වගේ thread එකක් දැම්මට
    අපිට මෙහෙම දුකනම්, ඒ සිද්දිය ඇහෙන් දැක්ක උඹට දුක කොහොම ඇතිද....
    මේ වගේ විපතක්නම් කවදාවත් ආයේ සිදු වෙන්න එපා කියන එකයි අපි හැමෝගේම ප්‍රාර්ථනය..............