මේ නංගියා කවුද?

obama2

Member
Apr 18, 2012
424
30
0
මේ නංගියා කවුද?

මේ නංගියා කවුද?

Posted on 22 May 2012.
Rating: 0.0/7 (0 votes cast)


අද අප කතා කරන නංගියා ඉපදුනේ කඩුවෙල-කොළඔ මාර්ගයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පහත් බිම් පෙදෙසක ඇති කුඩා නිවසකය. මැය උපන් දා සිටම රූපශ්‍රීයෙන් යුක්ත වූ නිසා ප්‍රදේශයේ කා අතරත් ඇය ජනප්‍රිය විය. ඇගේ ජනප්‍රියත්වයට බලපෑ අනෙක් ප්‍රධාන හේතුව වූයේ ඇගේ මවය.
ඇය ලංකාවේ ජනප්‍රිය නිළියකි. වේදිකාව,සිනමාව සහ ටෙලි නාට්‍ය එකසේ ජයගත් ඈ සිය පවුලේ උරුමයෙන්ම නිලියක් වීමට වරම් ලැබුවාය. කලා ලොවේ තාරකාවක් බවට ඇගේ මව පත්වීමත් සමගම දියණිය ද කළා ලොවේ කා අතරත් ජනප්‍රිය විය. මේ නිසාම පසු කාලීනව මැයට ලංකාවේ ජනප්‍රියතම නිලියක් වන්නට වරම් ලැබුනාය. මැය කුඩා කළ පටන් හැදී වැඩුනේ සංකේතීය පියෙකුගේ රැකවරණය ද නොලබාය. නමුත් ඇය කළා ලොවේ ජනප්‍රියතම තාරකාවක් බවට පත් වන්නට ඇය උපන් පහත් බිම හෝ සංකේතීය පියෙකුගේ රැකවරණය නොලැබීම බාධාවක් නොවුනාය.

තමා ජීවත් වූ පහත් බිමෙන් මහපාරට විත් කළා ලොව ජයගත් මැයට පසු කාලීනව තමන්ට අභිමත ඕනෑම දෙයක් කරන්නට නිදහස ලැබුනාය. කලක් ගතවන විට විවිධ විලාසිතාවන් තම පරවේනි උරුමයෙන් ලද දායාදයන් සේ සලකා කටයුතු කරන්නට තරම් ඇය ධනයෙන්,බලයෙන් පොහොසත් වූවාය. මේ සියල්ල ඇයට ලබා ගන්නට ඇගේ මව විසින් ලබා දුන් දායකත්වය සුළු පටු නොවීය. තරු පංතියේ හෝටල්, ඉහළ පංතියේ සමාජ ඇසුර, විවිධ සාද වලට සහභාගී වීමේ භාග්‍ය ලත් ඇය ජීවත් වූයේ ජීවිතයේ තවත් ලබා ගන්නට කිසිවක් නැතැයි සිතමිනි. සිනමා සම්මාන උත්සව, ටෙලි නාට්‍ය සම්මාන උළෙලවල් වලට වටිනා ඇඳුමින් සහ විවිධ ආභරණ පැලද සුවඳ විලවුන් තවරා පැමිණ සම්මාන අතින් තුරුළු කර මහ හඩින් සිනාසෙන ඇය දෙස බලා සිටි තරුණයන් ඇගේ රූපශ්‍රීයෙන් වශ්‍රීකෘත වූ බව ඇය දන්නා නමුත් නොදනවා සේ හිදින්නට ඇය පරිස්සම් වූවාය. ඇය මෙලෙස කිසිදු පිරිමියෙකු මායිමි නොකලේ ඇය ප්‍රාර්ථනා කළ සැබෑ පිරිමියා ඇයට මුණ ගැසෙන තුරුය.

ඇය හැමදාමත් ප්‍රාර්ථනා කළේ ධනවත්, උගත්, බලවත් පිරිමියෙකු සිය සහකාරයා බවට පත්කර ගන්නටය. ඇය එමගින් බලා පොරොත්තු වූයේ ඇය උපන් පහත් බිම් පංතියෙන් ඉහළ සමාජ පංතියකට මාරු වන්නට හොදම අවස්ථාව මෙය වූ බැවිනි.ඉහළ සමාජ පංතියේ මෙවැනි බලවත් පිරිමියෙකු ඇය අසලට පැමිණ සුරංගනා කතාවක පරිදි ඇය විවාහ කර ගන්නට පොරොන්දුවක් ලබා දෙනතුරු ඇය දිවා රූ සිහින දුටුවාය. නමුත් කාලය කෙමෙන් ගත වී යද්දී ඇය ප්‍රාර්ථනා කළ සිහින කුමරා ඇය සොයා නොපැමිණි බැවින් ඇය සිය සිහිනය පසෙකින් තබා විවාහ වන්නට තීරණය කලාය. එහිදී ඇය කැමති අයෙකුට ඇය සොයා පැමිණිය හැකි පරිදි මඟ හසර විවිර කර දුන්නාය.
අවසානයේ ඇයට ඒ කුමාරය සොයා ගන්නට හැකි විය. මේ ජනප්‍රිය තාරකාව මේ දිනවල විවාහ වන්නට සූදානම් බව මාධ්‍ය මගින් විවිධ වාර්ථා පල විය. ඇය විවාහ වන්නට යන තරුණයා කොට්ටාව ප්‍රදේශයේ ගරාජයක හිමිකරුවකුගේ පුතෙකි. මේ දෙදෙනා මේ දිනවල ලහි ලිහියේ විවාහයට සූදානම් වන බව වාර්ථාවේ.

ලංකාවේ බොහෝ දෙනෙකු සිතා සිටින්නේ ධනයෙන්,බලයෙන්, රූපයෙන් පරිපූර්ණ වූ පසු තමන් උපන් සමාජ පංතිය වෙනස් කර ගත හැකි බවයි. නමුත් පවතින ධනවාදී සමාජය තුල මෙලෙස තමන්ට කැමති කැමති ආකාරයට සිය පංතිය වෙනස් කරන්නට හැකියාවක් නොමැති බව මැය අපට වටහා දෙයි. මේ නිසාම අවසානයේ යළිත් නිදහස් විවිධ සම්බන්ධතා පවත්වමින් මහපාරේ ගමන් ගත් මැය වැනි බොහෝ නංගිලාට නතර වන්නට සිදු වන්නේ තමන්ගේ පංතිය වන පහත් බිමේ බව ලංකාවේ බොහෝ අය දන්නේ නැත. මෙය වඩාත් හොදින් අවබෝධ කර ගන්නටpretty woman නැමති ජුලියා රොබට්ස් රඟන ච්ත්‍රපටිය නරඔන්න යැයි අප ඔබට කියන්නෙමු. තවද මේ ජනප්‍රීය තාරකාවවන් වූ මව සහ දියණිය කවුරුන් ද යන්න අප නොකීවාට පාඨක ඔබට එය සොයා ගැනීම අපහසු නොවෙනු ඇතැයි අප සිතන්නෙමු…




ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය
 

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    හිරු එෆ් එම් එකේ ඩී ජේ අරාව කාලයක් ෆුල් සීරියස් කරපු බදින්නම හිටපු ගීතා කාන්ති ජයකොඩි ගේ ආදරණීය දුවනිය වන පබොදා සන්දීපනී නොවේද ඔබ මේ කියන නOගියා...