මේ ප්‍රෝඩාකාරී යුධ අධිකරණය....
මේක ප්‍රෝඩාකාරී යුධ අධිකරණයත් බව ඔප්පු වුණා - අනුර දිසානායක
ප්‍රධාන පුවත 2010 මාර්තු 17 වෙනි බදාදා, 17:54
මේක ප්‍රෝඩාකාරී යුධ අධිකරණයක්. ඒක ඊයේත් අදත් සිදුවූ සිදුවීම්වලින් පැහැදිලි වුණා යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක, ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද (17) කොළඹ රාජකීය මාවතේ පිහිටි ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා මෙසේ ද පැවසීය.
"ප්‍රෝඩාකාරී යුධ අධිකරණය ඊයේත් අදත් රැස්වුණා. ඒ දින දෙක තුළදිම මෙ යුධාධිකරණය රැස්වූවාට පසු සිදුවූ සිදුවීම්වලින් පෙන්නුම් කරමින් තිබෙනවා මෙය කිසිදු නීතිමය පදනමක් නැති ප්‍රෝඩාකාරී යුධ අධිකරණයක් බව.
ජනරාල් සරත් ෆොන්සේකා මහතාට චෝදනා පත්‍ර දෙකක් ඉදිරිපත් කළා. මේ චෝදනා පත්‍ර දෙකේ චෝදනා 7 ක් තිබුණා. මේ චෝදනා විභාග කිරීම සඳහා මේ රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විනිශ්චය මණ්ඩලයක් නම් කරල තිබුණා. ඒකෙ සභාපතිවරයා මේජර් ජනරාල් එච්.එල්.වීරතුංග වත්මන් යුධ හමුදාපතිවරයාගේ මස්සිනා. එහෙමත් නැතිනම් හමුදාපතිවරයාගේ බිරිඳගේ සොහොයුරා. තවත් දෙදෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක්. පළමු චෝදනා පත්‍රයටත් මේ පිරිසමයි. දෙවන චෝදනා පත්‍රයටත් මේ පිරිසමයි.
මේ යුද්ධාධිකරණයට අදල චෝදනා පත්‍රය සකස් කළේ යුධ හමුදාපති ජගත් ජයසූරිය. හමාදාපතිවරයා මේ චෝදනා පත්‍රය සකස් කරල ජනාධිපතිවරයාට ඉදිරිපත් කළාම ජනාධිපතිවරයා මේ චෝදනා විභාග කරන්න යුධ හමුදාපතිවරයාගේ මස්සිනාට භාර දුන්නා. මේ විනිසුරුවරුන් ජනරාල් සරත් ෆොන්සේකා මහතාට වඩා නිලයෙන් පමණක් නොවෙන් සේවයෙනුත් පහළත්.
මේ යුධාධිකරණය රැස්වූ අවස්ථාවේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටපු නීතිඥවරු සිය විරෝධය දැක්වූවා මෙම විනිසුරුවරුන් පිළිබඳව. මේකෙ තිබුණි විශේෂත්වය තමයි මේ විනිසුරුවරුන් එකිනෙකා එකිනෙකාව සාධාරණීකරණය කරපු එක. හමුදාපතිවරයාගේ මස්සිනා විනිසුරු මඩුල්ලේ සභාපති ලෙස පත්වීම පිළිබඳව විරෝධය පළ කළාම අනික් විනිසුරුවරුන් ඒක ගැටළුවක් නොවන බව පැවසුවා. නමුත් නීතිඥවරුන් සිය විරෝධය දැක්වුවත් ඒ විරෝධ නොසලකා නඩුව විභාග කළා.
මේ විභාග කිරීමේදී විනිසුරුවරුන් ඇහුවා ජනරාල් සරත් ෆොන්සේකා මහතා වරදකරුද, නිවැරදිකරුද කියා. ඒ අවස්ථාවේදී සරත් ෆොන්සේකා මහතා පැවසුවේ ඉහත විරෝධතාවයන්ට යටත්ව නිවැරදිකරු කියා.
පසුව අද උදේ නියමිත වේලාවට පසුවී දෙවන වතාවට යුධාධිකරණය කැඳවුවා. ඒ අවස්ථාවේදී මේ වෙනුවෙන් පෙනී සිටින විනිසුරුවරුන් පැවසුවා තමන් වෙනත් යුධාධිකරණයට පෙනී සිටින බැවින් මේ යුධාධිකරණයට පෙනී සිටින් බෑ කියල. පසුව ඔවුන් දින නියමයක් නොමැතිව නඩුව අවසන් කළා.
අපි පැහැදිලිවම කියන්නේ මෙක ඊයේ රෑ නම් කරපු යුද්ධාධිකරණයක් නෙමෙයි. මේක ජනාධිපතිවරයා විසින් මීට දින ගණනාවකට පෙර නම් කරපු යුද්ධාධිකරණයක්. නමුත් මේ විනිසුරුවරුන් යුද්ධාධිකරණ දෙකක පෙනී සිටින බව දන්නේ දැන් නෙමෙයි. මේක නීති විරෝධි නම් ඒ බව ඔවුන් මීට පෙරම ඔවුන්ව පත් කරු ජනාධීපතිවරයාට දන්වන්න ඕනෙ.
මේ කාරණාවෙන්ම පැහැදිලියි මේක ප්‍රෝඩාකාරී යුද්ධාධිකරණයක් කියා. ඒ විතරක් නෙමෙයි ලංකා ඉතිහාසයේ පළමු වතාවට තමයි පත්කරපු විනිසුරුවරුන් විසින්ම මේ නඩුවෙන් ඉල්ලා අස්වීම. මීට කලින් සිදු වුණේ එක්කෝ පැමිණිලි පාර්ශවය නැතිනම් විත්තිකාර පාර්ශවය නඩුව ඉල්ලා අස් කර ගන්නව. නමුත් ඉතිහාසයේ පළමු වතාවට යුද්ධාධිකරණයට පත් කළ විනිසුරුවරුන් ඉල්ලා අස්වී තිබෙනවා.
අපි මේ රටේ ජනතාවට කියන්නේ මේ ප්‍රෝඩාවට හසුවෙන්න එපා. මේ වෙනුවෙන් නැගී සිටින්න කියා."
මෙම අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ, ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ජයන්ත කැටගොඩ යන මහත්වරුන්ද සහභාගී වී සිටියහ.